IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පන්සීයක් අතට දී තාත්තා එළියට දමලා

පානදුර  රෝහලේ ප්‍රතිකාර ලබන 80 හැවිරිදි වැඩිහිටියකුගේ දරු පස් දෙනාට ලබන 25 වැනි දා පානදුර මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.

රුපියල් පන්සියක් අතට දී පසුගිය 26 වැනි දා කෑගල්ලෙන් ඔහුගේ පුතකු ඔහු බසයට නංවා ඇතැයි පොලිසිය කියයි.

ඔහු නැඟ ඇත්තේ පානදුර බසයට බවත් පානදුරයේ දී අසනිප වු නිසා බස් මගියකු ඔහු රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි.

තම පියා රෝහල් ගත කර සිටින දන්වා දරුවන් පස් දෙනාට දෙවතාවක් දැනුම් දුන්නද ඔවුන් නොපැමිණි බවත් එක් පුතකු පොලිසියේ සේවය කරන බවත් පානදුර පොලිසිය අධිකරණයට  දැන්වීය.

පොලිසියේ පැමිණිල්ල පිළිගත් මහේස්ත්‍රාත්වරිය ඩබ්ලිව් . එම් . රත්නාවති, ඉන්ද්‍රාණි මුණසිංහ, ශ්‍රියානි මුණසිංහ,ගාමිණි මුණසිංහ, දයාසිරි මුණසිංහ උසාවි කැඳවන ලෙස නියෝග කළාය.

එක් අයකු රුපියල් 500 ක් අතට දී බසයට නංවා  ඖනෑ නැතන යන්නැයි කියු බව එම පියා පොලිසියට  කියා  ඇත.

DSC05883[1] vlcsnap-2016-07-15-14h07m16s1

 



අදහස් (0)

පන්සීයක් අතට දී තාත්තා එළියට දමලා

චන්දන Friday, 15 July 2016 05:10 PM

මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. එ්ත් සමහර තාත්තලා ඉන්නවා ජීවිත කාලෙම බීලා, දේපල විකුණලා සූදු කෙළලා, දරුවන්ටත් අවනම්බු කරලා අවසානයේ බැරි වෙනකොට දරුවන්ට ළංවෙනවා. එහෙම තාත්තලට මොනවද කරන්නේ. (නි)

:       0       0

මහින්ද ආර්.කිතුල්ගොඩ Friday, 15 July 2016 07:09 PM

ඒ දෙමවුපියන්ට එයාලගේ දරුවෝ කරන්නෙත් ඕකම තමයි (නි)

:       0       0

කමල් Saturday, 16 July 2016 10:52 AM

චන්දන සහ ඉන්දික හරියට හරි. අනිත් ගොඩක් අය ඡන්දදායකයෝ වගේ රැල්ලට යනවා. දරුවෝ පස්දෙනාම නොසළකන්න හොඳ හේතුවක් ඇති. අවු 80 ක් වෙලත් දරුවන්ට විරුද්ධව කතාකරනවා කියන්නේ එ්කනේ. ඔයවගේ අයට ආණ්ඩුවෙන් මහලු නිවාස හදලා තියනවා. නැත්නම් ඔය අදහස් දාන පින්වතුන් ඉන්නවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 July 2016 11:52 AM

හොඳයි නිම්මි, ඔබට නොසළකපු ඔබේ පියා පසුකලෙක ඔබව සොයාගෙන පිහිට පතා අාවොත් ඔබ මොකද කරන්නේ. පන්නා දමනවද? නැතුව මොනවා කළත් මේ මගේ තාත්තනේ කියා සළකනවද? අපි කාටත් බලාගන්න පිළිතුරු දෙනවද? (නි)

:       0       0

පද්මිණි Saturday, 16 July 2016 12:02 PM

ලංකාවටත් දැන් දියුණු රටවල වගේ වයස 60න් පසු අඩුගානේ මසකට රු.5000ක දීමනාවක් දීමට රජයේ අවධානය යොමු වේවා. දැන් ඔය දුෂිතයන්ගෙන් රටට ලැබියයුතු ප්‍රකෝටි ගණන් මුදල් යොදවන්න පුලුවන්නේ. (නි)

:       0       0

ලලිත් Friday, 15 July 2016 09:47 AM

දරුවො හදනවා අවසාන කාලේ වතුර ටිකක්වත් වත්කරයිනේ කියලා හිතාගෙන. අන්තිමට වයසට ගියාම වෙනදේ මේක තමයි. (ර)

:       0       0

නන්ද Saturday, 16 July 2016 01:52 PM

අනේ මෙහෙමත් දරුවන්! ඔබට විශ්ව ශක්තියෙන් කවදාහරි මෙය පළදෙනවා (නි)

:       0       0

අරුණ Saturday, 16 July 2016 02:46 PM

සෑම සිදුවීමකම දෙපැත්තක් ඇත (නි)

:       0       0

නිම්මි Saturday, 16 July 2016 02:46 PM

ඉන්දික, ඔබට බොහොම ස්තුතියි. මාගේ පිය නරක පුද්ගලයෙක් නොවේ. නමුත් මා එහෙම පියවරුන් ඕනෑතරම් මේ සමාජයේ දැක ඇත. හැමෝම දරුවන්ටම බැනලා තියන නිසයි ඒ අදහස දැම්මේ. (නි)

:       0       0

ගුණේ Friday, 15 July 2016 10:18 AM

මේ උදේ සවස පැය විසිහතරම බන කියන රට, මාතා, පිතු උපාට්ඨානන් කියන මේ මංගල කාරණාව නොඇසුණු ගානයි. මේ ගමන කොයිබටද? (ර)

:       0       0

අප්සරා Friday, 15 July 2016 10:33 AM

අනේ පවු.! මේ අහිංසක තාත්තගේ මුණ දැක්කම කොච්චර ආදරේ හිතෙනවද ? පුදුම දරුවෝ. (ර)

:       0       0

විරාජ් ඒකනායක Friday, 15 July 2016 11:00 AM

මම මෙය ලියන්නේ හැමෝටම දැනගන්න මගේ පියාගේ මව මියගියේ 2015 නොවැම්බර් මාසයේ අපේ මිත්තනියට දරුවෝ 12 ඉන්නවා ඇයට මියයනවිට වයස අවුරුදු 105 අපේ මිත්තනියට තරම් දරුවෝ මේ ලංකාවේ කිසිම මවකට සැලකුවද දන්නේ නෑ... (ර)

:       0       0

කමල් Sunday, 17 July 2016 01:37 AM

බුදු බණේ තියෙන්නේ දෙපැත්තටම කෙරෙන්න ඕනෑ යුතුකම්. එහෙම නැතුව අනුකම්පාව සහ වෛරය නොවෙයි (නි)

:       0       0

උපුල් Friday, 15 July 2016 11:13 AM

කියන බණ හිල් කලේට වතුර දානවා වගේ. ධර්මය ඇසුවට මදි අනුගමනය කිරීමයි කලයුත්තේ. (ර)

:       0       0

අමිල Friday, 15 July 2016 11:22 AM

මෙහෙම ළමයින්ගෙන් ඇති වැඩේ මොකක්ද.? (ර)

:       0       0

හසිනි Friday, 15 July 2016 11:24 AM

ගැහැණු දරුවොම 3 ක්. අනේ මෙහෙම අනුකම්පාවක් නැති ගැහැණූ. (ර)

:       0       0

රුවන් Friday, 15 July 2016 11:29 PM

බණ කියනවා පැය 24ම. ඒත් වැඩක් නැහැ (නි)

:       0       0

කුසුම් Friday, 15 July 2016 11:30 AM

බණ අහන දන් දෙන සමහර කාන්තාවෝ තමන්ගේ වයසක අම්මට තාතත්ට සළකන හැටි අපි දන්නවා. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ. (ර)

:       0       0

චාමර Friday, 15 July 2016 11:28 AM

බණ අහන අයනම් ඕනතරම්. පිළිපදින අය නම් කළුනික හොයනවා වගේ තමයි. ඒකයි මෙහෙමෙ වෙන්නේ. (ර)

:       0       0

කෝනාර Friday, 15 July 2016 11:31 AM

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිවි... පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි... කුසයේ නොදරුවත් දිවිබර මට දැනුනි... (ර)

:       0       0

ඇලෙක්සිස් Saturday, 16 July 2016 12:21 AM

නැති බැරි මොහොතට පිහිටට එන්නේ මව්පියන් පමණි. “අම්මා සඳකි මම ඒ ලොව හිරුය දිලි“ “පියාණනි මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ... ඔබේම පුතු වේවා...“ (නි)

:       0       0

අබය Saturday, 16 July 2016 12:25 AM

ලංකාදීපයේ පළවන මව්පිය වන්දනාවවත් ඇසුවා නම් ඔවැනි දේ නොකරනු ඇත. මාධ්‍යය නොදන්නා මෙවැනි දෑ කොතරම් අප රටේ සිදුවනවා ඇද්ද? මේ ඒ අතරින් එකක් පමණි (නි)

:       0       0

රොකී Friday, 15 July 2016 11:35 AM

බන තියෙන්නේ කියන්න මිස පිළිපදින්නට නොවේ. අද තත්වය ඒකය. මොන තරම් නො දැහැමි ලෙස ජීවත් වුනත් සමහරු හිතන්නේ බෝධිපූජාවක් තියපුවාම "සමාව දෙනවා" කියලාය. (ර)

:       0       0

මංගල Friday, 15 July 2016 11:53 AM

වැඩිහියන්ට සැළකීම දරුවන්විසින් කළයුතුය. කොහොම නමුත් වයස 65 වැඩි විශ්‍රාම වැටුපක් නැති හැමදෙනාටම 2017 දී මාසිකව රුපියල් 2500 දීමට සුදුසුය. 2017 සිට ඕනෑම කෙනෙකුට මාසිකව මුදලක් තැන්පත් කර වයස 65 දී 4000 -5000 ක් ලැබෙන විදියට අරමුදලක් ගොඩ නැගීමට සැමදෙනාම මැදිහත්විය යුතුය. (නි)

:       0       0

ජයසිංහ Saturday, 16 July 2016 01:34 AM

අද එදාට වැඩිය හුඟක් වෙනස්. එදා නම් තම මවුපියන්ට වයසට ගියාම දරුවෝ හොඳට සැළකුවා. සියලු දෙනාම එකමුතුව හිටියා. ලෝකය වෙනස් වෙනකොට ගුණධර්ම පිරිහිලා. රජය මේ ගැන සිතා බලන්න කාලය ඇවිත්. වැඩිහිටියන් වෙනුවෙන් විශේෂත්වයක් දැක්විය යුතුයි. මහලුවියේදී ගෞරවනිය විදිහට ජීවත්වෙලා අවසන් ගමන් යන්න ඉඩ සැළැස්විය යුතුයි. (නි)

:       0       0

පතිරණ Friday, 15 July 2016 12:00 PM

මෙවන් තිරිසන් ලෝකයක තමයි අපිත් ජීවත්වෙන්නේ (නි)

:       0       0

තිළිණ Friday, 15 July 2016 12:11 PM

මේ කතාවේ අපිට නොපෙනෙන පැත්තකුත් ඇති (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 16 July 2016 01:52 AM

නූතන අජාසත්තලා. තාත්තව නොමරා මහමඟට දාලා නැවතුන ඇති. ඔය දරුවන්ගේ පින්තූර ජනතාවට පෙන්වන්න. ලැජ්ජා හිතිලාවත් හැදෙයිද බලන්න. (නි)

:       0       0

රෝහණී Friday, 15 July 2016 12:46 PM

මේ වගේ දරුවන්ට නීතියෙන් දඩුවම් වගේම නීතියෙන් වෙනමම පනත් ගෙනෙන්න ඕනෑ. (නි)

:       0       0

සිසිර Friday, 15 July 2016 12:58 PM

අයියෝ මෙහෙමත් පව්කාර දරුවෝ! මේවා අහනකොට පපුව හෝස් ගාලා දැවිලා යනවා (නි)

:       0       0

චතුරි Friday, 15 July 2016 01:47 PM

මේ වගේ වැඩකරන කිසිම කෙනෙක් බණ,පිරිත් අහන්නේ නැහැ. මේ අයට උවමන කරන්නේ මුදල් පමණයි. අද මේ තත්වයට පත්ව ඉන්නේ කවුරුන් නිසාද කියන්න ඒ අය දන්නේ නැහැ (නි)

:       0       0

නිම්මි Friday, 15 July 2016 03:28 PM

ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා. සමහර තාත්තලා ඉන්නවා දරුවෝ හදනවා විතරයි. ඉගෙනගන්න නොදී බේබද්දෝ වගේ බීගෙන එනවා. දරුවෝ උන්නද මළාද බලන්නේ නැහැ. දරුවන්ට ලැජ්ජා කරනවා. අන්තිමට බැරි කාලෙට තමයි දරුවෝ හොයාගෙන එන්නේ. (නි)

:       0       0

ඉන්දික Saturday, 16 July 2016 05:45 AM

චාන්දනී සහ නිම්මි. හරි පහසු පිළිතුරක් දීමට හැක. අංගුලිමාලා මොනතරම් මිනිසුන් මැරුවත්, ඔහුගේ මව ඔහු සොයා ගියේය. බුදුන්ගෙන් බන අසා ඔහු මහනවිය. මොන වරද කරත් ඒ ඔබගේ පියාය. ජිවිතයේ අවසන් කාලයේ වත් ඔබ කරනා දෙයින් ඔහුගේ වැරදි සදාගෙන නිවන් මග යනු ඇති. කවදා කෙසේ ඔබ දෙමාපියන්ට සලකන්නේ කෙසේද, එලෙසින් ඔබේ දරුවන්ද ඔබට සලකනු ඇත. එය සිතේ තබා ජිවත් වනු මැනවි. (ර)

:       0       0

චන්න බුවනක Friday, 15 July 2016 04:03 PM

මගේ මව අසනීප වුණ වෙලාවේ රෝහලට ගෙනියන වෙලාවේ අතරමග මිය ගිහින්. නමුත් මම ඒ බව නොදැන දොස්තර මහතා වෙත ඇය උස්සාගෙන ගියා. පසුව ඔහු අසළ ඇති ඇඳක හාන්සි කරවන්න කිවුවා. පරීක්ෂාකොට විනාඩි දහයකට පෙර ඇය මියගොස් ඇති බව දැන්වුවා. අද මම සන්තෝෂ වෙනවා මවට යුතුකම් කළා කියලා. මේ පියාගේ දරුවන්ට පසු කාලයේදී හිතට කිසි නිදහසක් නැතිවෙයි මේ කරන අපරාධයට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 710 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1525 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2299 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5919 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4062 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site