(සුජිත් හේවාජුලිගේ )
මධ්‍යම සංස්කෘතික අරමුදල ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේදී ලබාදී තිබු රුපියල් කෝටි 48 කට ආසන්න මුදලක් අවභාවිතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම අරමුදල මෙම මුදල් ලබාදී තිබුණේ එහි සසුනෝදය වැඩසටහන යටතේය.
එම ආගමික ස්ථාන ඒ මූල්‍යාධාර භාවිතා කර සංවර්ධන කටයුතු නිසි පරිදි කර නොතිබූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල් සම්බන්ධයෙන් පසුවිපරමක් පවා කර නැති බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මුදල් ගෙවීමේදී එම ගෙවීමට අදාල ආදායකයාගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතු වුවත් ආගම නංවාලීම සහ ආගමික ස්ථාන හා ආගමික වත්පිළිවෙත් පවත්වාගෙන යෑම සඳහා ආධාර ලබා දීමේදී ඉහත සඳහන් විධිවිධානයන් අනුගමනය නොකර 2019 වර්ෂයේ දී අවස්ථා 63 ක දි රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලකට අදාල චෙක්පත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යමණ්ඩලයේ නිලධාරීන් හා සේවකයන්ට ලබාදීමට අරමුදල කටයුතු කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේය.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පන්සල් පල්ලිවලට දුන් කෝටි හතළිස් අටක් පිල්ලි ගිහින්
උපාසක Tuesday, 20 September 2022 09:47 AM
මේකනම් සහතික ඇත්ත අපේ පංසලට ලක්ෂ පහක් ලැබුනා කරපු වැඩක් නැහැ ඉදිකර අතරමග නවතා තිබුන ගොඩනැගිලි පෙන්වා වැඩ කලා කිව්වා නමුත් වෙලා තිබුනෙ උපාධිය ගත්තු පොඩි උන්නාන්සේ ලොකු හාමුදුරුවෝ රවටා මුදල් අරගෙන සිවුරු හැරගියා.දැන් දරුවො ඉන්නවා එහෙමයි සසුනට අරුන වියදම් වෙන්නෙ මෙනිසා දැන් වත් පංසල් පල්ලි කෝවිල් සදහා මුදල් දීමට පෙර පංසලේ තත්වය පරීක්ෂා කර ඇස්තමේන්තු අනුව පමණක් මුදල් දීමත් ගෙවීම් කල පසුව පසු විපරමක් කිරීමත් ප්‍රාදේශීය ලේකම් හරහා හෝ විගණකාධිපති ව්සින් කිරීමත් කලයුතුය මෙහෙම නාස්ති වෙන්නෙ ජනතා මුදල් .එදා දුන්නු මුදලින් සෝලා සිස්ටම් සවිකලානම් කිසිම හාමුදුරුනමක් විදුලිය බිල් වැඩියි කියන්නෙ නැහැ
අපිට පන්සල විතරයි පෙන්නේTuesday, 20 September 2022 11:29 AM
එතකොට උපාසක පල්ලි වලට දීපු සල්ලි අමතක වුනාද? තව යුරෝපෙනුත් ඩොලර් මිලියන ගානක් පල්ලි වලට හම්බුනා නේ. ඒව කොයි ?
බද්රානිTuesday, 20 September 2022 02:20 PM
ඕවා මේ රටේ මහජනතාවගේ සල්ලි. පන්සල හැරුණු විට, අනෙක් සියලුම ආගමික ආයතනවලට කිසියම් ආධාර මුදලක් කොහෙන් හෝ ලැබුණා නම්, ඔවුන් ඒ ආධාර මුදල්වලින් දුප්පතුන්ට උපකාර කිරීම හෝ ඔවුන්ගේ ආගමික ස්ථාන නඩත්තු කටයුතු සඳහා යොදන බව විශ්වාසයි. අනික, මම දන්නා තරමින් අන්‍යාගමිකයින් රජයෙන් හිඟාකන්නෙත් නැහැ. ඔවුන්ගේ දායකයින් විසින් ඒ ආයතන නඩත්තු කිරීම කරනවා. තමන් පාවිච්චි කරන ලයිට් බිලත් රජයට (මහජනතාවට) ගෙවීමට ඉල්ලන පූජකයින් කවුද කියලා මේ මුළුරටම දන්නවා. ලැජ්ජා නැතිව තව එනවා මෙතන කයිවාරුත් ගහන්න.
Prase Tuesday, 20 September 2022 10:00 AM
දැන් තමයි නාට්‍යය නියමෙට පටන් ගත්තෙ. ලයිට් බිල ගෙවන්න බැරි පන්සල් කෝටි ගණන් සල්ලි පිල්ලි ගහලා. 225ම හොරු කියන චීවරධාරියෝ ජනතාවගේ බදු මුදල් වලින් සැප අරගෙන. කෝ නීතිය.
ලක්ෂාන් Tuesday, 20 September 2022 10:07 AM
ලංකාවේ බොහෝ පන්සල් ඇතුලේ කළු කුහර තිබෙන අතර මුදල් ගිලින බහිරවයන් සිටියි. දායක සභාව , කුළඟන සමිතිය හැමදාම ගම වටේ හිඟමනේ... ලොකු හාමුදුරුවන්ගේ කල්ල මරේ ... රජයෙන් සහ දානපතියන්ගෙන් ලැබෙන මුදල් වතුරේ.
ඇබිත්තයාTuesday, 20 September 2022 03:24 PM
අපේ පංසලේ නම් දායක සභාවක් නැහැ. තියෙන්නේ විහාරස්ථ කාර්ය සාධන සමිතියක් විතරයි. හාමුදුරුවෝ සභාපති ඔක්කොම වැඩ හාමුදුරුවන්ට ඕනෑ හැටියට... කඨින පිංකමේ සල්ලි එකතු වුණාම, ඔක්කොම ගන්නවා. පිංකම කරන්නේ දායක පිරිසගේ දානද්‍රව්‍ය වලින්... දායක සභාව ගැන කිව්වාම බුද්ධශාසන අමාත්‍යාංශයේ නීතිඅනුව එහෙම සභාවක් නැහැලු දායකසභා තිබේ නම් මුදල් ඒවාට ලැබේ නම් ජාතිය, ධනය නාස්ති නොවේවි..!
ලිචා Tuesday, 20 September 2022 10:38 AM
වහාම සොයන්න...හොරුන්ට නිසි දඩුවම් දෙන්න...සියලු හොරුන්ගේ නම් ගම් ප්‍රසිද්ද කරන්න
Sujith Tuesday, 20 September 2022 11:27 AM
මහජන බදු මුදල් ආගමික ස්ථාන සදහා ලබා නොදිය යුතුය. ආගමික ස්ථාන ජනතාව සමග කටයුතු කර ජනතාවගේ අනුර්‍ගහයෙන් ඒවා වැඩිදියුණු කර ගැනීමට ආගමිත නායකයින් කටයුතු කළ යුතුය. ඒවිට ආගමික ස්ථානය සහ ජනතාව අතර ද සුහදතාවය වර්ධනය වී ආගමික ස්ථානයෙන් ආසන්න ගමිමානයට විය යුතු යුතු කමි ඉස්ටවීමද සිදුවේ. ඒමෙන්ම මුදල් සහ වෙනත් වරර්‍පසාද සදහා ආගමික නායකයින් දෙශපාලකයින් පසුපස යාමද අවම විය හැක. ජනතා බදු මුදල් ආගමික ස්ථාන සදහා නොව වෙනත් පොදු පහසුකම් සංවරධනයට යොමු කළ යුතුය.
ලුම්බිණි Tuesday, 20 September 2022 11:46 AM
රජය ආගම් වලට අනුග්‍රහය දක්වන එක අනවශ්‍ය දෙයක්.