IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පන්සලේ පිං ගවයා මරලා : හිමිවරු පාංශුකූලය දෙති

බණ්ඩාරගම කොතලාවල පරමනාගල විවේකාරාමයේ වසර 12ක් තිස්සේ හැදී වැඩුණු පින් ගවයා වන  ‘සුබා‘ සොරකම් කර මරා අතුණු බහන් විහාරස්ථානයට කිලෝමීටර් 2ක් ඈතින් කොළමැදිරියේ පාළු ළිඳක දමා තිබූ බවත් විහාරාධිපති වල්ගම චන්දරතන නාහිමියන් ඇතුළු සංඝරත්නය එහි වැඩමකර පාංශුකූලය දී ආගමික වතාවත් ඉටු කළහ.

එම පෙදෙසේ මුස්ලිම් වැසියෝ ද මේ අවස්ථාවට එක්වූහ. ඝාතකයා අල්ලා දෙන ලෙස දේව කන්නලව්වක් ද කරමින් පිරිසක් පොල් ගැසූහ.

මෙම සතා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වැදගත් හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

DSC05231 DSC05234 DSC05260 DSC05266 DSC05276

 



අදහස් (0)

පන්සලේ පිං ගවයා මරලා : හිමිවරු පාංශුකූලය දෙති

ලසන්ත Sunday, 26 June 2016 07:56 AM

බුදුන්ගේ දෙපතුල ළග ඉදගෙන මිත්‍යාදෘෂ්ටික පොල් ගැසීම් කරන එක තමයි ප්‍රශ්නේ. බුද්ධියෙන් ජීවිතය දිහා බලන්න දෙසු බුදුන්ගේ දර්ශනය විශ්වාස නොකරන හාමුදුරුවරු මේ රටේ ඉන්න එක තමයි අපේ සාසනේට වැදුණු ලොකුම හෙණේ. (බ)

:       0       0

නිලුපුල් Sunday, 26 June 2016 07:56 AM

මනුසතා තිරිසන් බවට පත් වීමේ යුගය අරඹා ඇත (බ)

:       0       0

ජයසිරි Sunday, 26 June 2016 08:15 AM

මේ අහිංසක සුබා ට වුණු දේ ගැන හරි දුකකි තිරිසන් ආත්මයෙන් මිදෙත්වා (බ)

:       0       0

තිස්ස Sunday, 26 June 2016 08:22 AM

රටේ ඇති වුන වෙනස මේ ටික කාලෙට හොදටෝම ඇති වෙනස ඉල්ලපු අපිට එපා නොකියන්න ලැබුණා යහපාලනයට පින් (බ)

:       0       0

බන්දු Sunday, 26 June 2016 09:24 AM

මේ මස් කන උන්ට සහ හොර මුදලින් සැප විඳින උන්ට අතීසාරය සැදී මැරෙන්ට ඕනේ (බ)

:       0       0

කමනි Sunday, 26 June 2016 09:36 AM

මේ නිදහස් කරන හරක් නැවත මස් කඩයට ගෙන යාම වැළැක්වීමට තිබෙන සැලැස්ම කුමක්ද? (බ)

:       0       0

දේවි Sunday, 26 June 2016 09:49 AM

අපේ රටේ හරක් හොරකම වසර සිය ගණනක සිට පැවත එනවා.හරක් හොරකම නතරකරන තුරු අපේ රට කිරිවලින් ස්වයං පෝෂණය කරන්න බැහැ.හරකාගේ කරට ඉබියතුරු දැම්මත් හරකාගේ අන්දෙක කපල හරි පන්නගෙන යනවා.හරක් හොරුන් ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුය. (බ)

:       0       0

ගමගේ Sunday, 26 June 2016 09:51 AM

අටුළුගම පැත්තේ හෙව්වා නම් ඕක කරපු එකා අල්ලගන්න බැරි වෙන්නේ නැ (බ)

:       0       0

සුනන්ද Monday, 27 June 2016 07:29 AM

මේක කරපු එකාට හෙනම ගහපන් මුලින් බලන්න ඕනේ හරක සම්පුර්ණයෙන් ඉන්නවද කියල නැත්නම් කැළි කපල විකුනලද දන්නෑ , මුන්ට හෙනම ගහල ඇඹරිලා පලයන්. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 27 June 2016 09:39 PM

පොලිස් බල්ලෝ දාලා හරි මේ අය අල්ලා ගන්න. (නි)

:       0       0

රණතුංග Sunday, 26 June 2016 10:42 AM

මේකාගේ ජාතකයේ වරදක්ද ? (බ)

:       0       0

ටෙෂාන් Sunday, 26 June 2016 10:50 AM

නීත්යෙන් කෙසේ වෙතත් දඬුවම් ලැබෙයි අනිවාර්යෙන්ම දෙවියන්ගෙන්. (බ)

:       1       0

පෙරේරා Sunday, 26 June 2016 05:20 AM

මේක කරපු අයට මේ ශාපය වැදෙනවා (නි)

:       0       1

පිටබැද්දර ජයා Sunday, 26 June 2016 11:17 AM

එහෙනම් ඉතින් මොනවා අහන්නද ? මොනවා බලන්නද ? අනික ඉතින් හරක්මසට ගිජු කවුද කියල අපිනම් දන්නවා (බ)

:       1       0

රජින්ද Sunday, 26 June 2016 05:21 AM

කොයි රටත් කලවම් මිනිස්සු එක්ක එකට යනකොට මෙහෙම දේවල් වෙනවා. අපේ රට දැඩි නීති යටතේ ඉදිරියට නොගියොත් තවත් ගැටළුවක් ඉදිරියට ඒවි. (නි)

:       0       0

රූපවතී Monday, 27 June 2016 08:17 AM

පුදුම මිනිසුන් ජීවත්වෙන්නේ දැන් මේ ධර්මදීපේ ? එල්ලුම් ගහ ගෙනාවොත් නැවත මිනිස් ජීවිතයක වටිනාකම සහ තිරිසන් ජීවිතයක වටිනාකම වෙනස මෙන්ම ඔවුන් එකිනෙකාට ආදරය කරන්න ගෞරවය කරන්න පටන්ගන්නවා..එහෙම නැතිව ධර්ම දීපේය කියල එකාට එකා මාරාන කන සතෙකුටවත් ජීවත් වෙන්න නිදහසක් නැති රටක දොර යතුරු අගුලු ලාගෙන නිවසේ වත් ජීවත් වෙන්න බැරි නම් අපිට මොකටද පාලකයෝ .. අපිට මොකටද නීතියක් (බ)

:       0       0

පද්මිණී Sunday, 26 June 2016 12:28 PM

තිරිසන් ආත්මයෙන් මුදවන්න ඕන සුබාව නවෙයි. ඔය කුප්පදු වැඩේ කළ තිරිසන්නු ටික (බ)

:       0       0

ලක්ෂ්මන් Sunday, 26 June 2016 05:59 AM

තිරිසන් වෙස් ගත් තිරිසනුන්ටත් අන්ත මිනිසුන්! (නි)

:       0       0

නිම්මි Sunday, 26 June 2016 02:18 PM

ආගම ධර්මයෙන් ඈත වෙලා තිරිසන් ජීවිත ගෙවන මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ අපේ රටේ . දුකයි (බ)

:       0       0

ගුණේ Sunday, 26 June 2016 06:24 AM

කරන කලට පවු මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 26 June 2016 06:29 AM

හපොයි දෙයියනේ මෙහෙමත් තිරිසන් වැඩ.කාගෙන් ගන්න බැරිවුන පලියක්ද මේ සතාගේ කරපිටින් ඇරියේ. කරපු එකාටනම් වෙන යන්න තැනක් නැතිවෙයි නිරයට මිසක. (බ)

:       0       0

මිනිපෙ Sunday, 26 June 2016 03:14 PM

මේ අපරාදය කර ඇත්තේ බඩගින්නට නොව.මෙවැනි අපරාධයක් සිදු වුයේ අද ඊයේ ද නොව.(බ)

:       0       0

ගාමිණී Sunday, 26 June 2016 06:55 AM

පුදුම කාලයක් උදා වුනේ අපේ රටට පන්සලේ ඉන්න පින් ගොනාවත් මරල කන කාලයක් වුන රටකට ගිය කලක් (බ)

:       0       0

ප්‍රියානි වීරකෝන් Monday, 27 June 2016 10:03 AM

රජිත් මංජුල කියපු දේ ගැන හිතන්න වෙනවා. හැබැයි මේ කැත වැඩේ කළ එකාට මේ වෙනකොට නොපෙනුණත් දඬුවම් ලැබිලා ඇති (බ)

:       0       0

නවරත්න Sunday, 26 June 2016 07:11 AM

දෙවියෝ නියම දඬුවම වේලාවට ලබාදෙයි (නි)

:       0       0

රජිත් මංජුල‍ Sunday, 26 June 2016 06:29 PM

මෙතන අදහස් දාලා තියෙන ගොඩක් දෙනෙක් හරකා මරපු එකට අදහස් දාලා තියෙනවා. හරක් මස් කඩේ පහුකරලා ඌරු මස්, කුකුල් මස් අරන් ගිහින් රසට උයලා කනවා (නි)

:       0       0

ප්‍රභාත් Monday, 27 June 2016 10:53 AM

මේ වගේ තිරිසනුන්ව උල තියලා මරන්න ඕනේ (අ)

:       0       0

අනුර Sunday, 26 June 2016 07:30 PM

ලසන්ත, පොල් ගහන්නෙ හාමුදුරුවරුද කවුද කියලා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න. නිකන් හැමදේටම අපහාස නොකර. (නි)

:       0       0

පද්මප්‍රිය Monday, 27 June 2016 12:59 AM

මෙහෙමත් තිරිසන් මිනිසුන් තවත් ඉන්නවනේ. (නි)

:       0       0

තුෂාර Monday, 27 June 2016 01:18 AM

තිස්ස, හැමදෙයකටම දේශපාලනය ඇදගන්න එපා. පහුගිය කාලේ හරක් හොරකම් වුණේම නැද්ද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 27 June 2016 02:08 AM

වැඩි කලක් යන්න කලින් ඔවැනි පාපතරයන් දිට්ට ධම්ම වේදනීය කර්මය මඟින් හෙළි වේවි (නි)

:       0       0

මැගී Monday, 27 June 2016 02:30 AM

කළකම් පලදේවි. බුදු බණ සත්‍යයයි. (නි)

:       0       0

නාලක Monday, 27 June 2016 02:44 AM

මිනිස්සු ඇයි මෙතරම් දුරට පිරිහුණේ? (නි)

:       0       0

සාලිය Monday, 27 June 2016 03:16 AM

මේ පාප ක්‍රියාව කළ මිනිසුන්ට එම ගවයා මැරූ ආකාරයටම බෙල්ල කපා මරා දාන්න වගේ දඬුවමක් දෙන්න ඕනෑ. එහෙම නැතුව මේ වගේ අය හදන්න නොහැකියි (නි)

:       0       0

විරාජ් ඒකනායක Monday, 27 June 2016 03:57 AM

බණ්ඩාරගම, හොරණ දැන් හරක් හොරුන්ට ගොඩක් ප්‍රසිද්ධ පළාත් වෙලා (නි)

:       0       0

ගාමිණී Monday, 27 June 2016 03:54 AM

තුෂාර , කේන්ති ගන්න එපා. කඩේ ගියාට රටේ වෙන දේවල් ගැන හරි අවබෝධයෙන් හිටියොත් හොඳයි නේද (නි)

:       0       0

අර්ජුන රණවන Sunday, 26 June 2016 07:23 AM

පොල් ගැසිය යුතු නොවේ. වෙලාව ආවාම නිසි දඩුවම් ලැබේවි (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 26 June 2016 07:26 AM

මේ පාප කර්මය කරපු එවුන්ට වැසි නැති හෙණ වදීවා කියා පොල් ගැහුවට කමක් නැහැ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 165 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 213 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 197 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 230 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1293 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 835 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site