IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පනස් තුන් ලක්ෂයක සල්ලිවලට චෙක් දීලා

  රුපියල් පන්ස් තුන් ලක්ෂ හැටහතර දහස් එකසිය විසිහතරක් වටිනා  චෙක් පත් වංචාවක්   සමිබන්ධයෙන්  අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද   ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී  ආගමන විගමන නිලධාරීහු සැකපිට  අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු  කොළඹ යොන් වීදියේ පදිංචි 55  හැවිරිදි  ගොඩනැගිලි කර්මාන්තයේ  නියැලි ව්‍යාපාරිකයෙකි.  
මොහු ආපසු  මුදල්  ලබා දෙන බව පවසා  රුපියල්  පන්ස් තුන් ලක්ෂ හැටහතර දහස් එකසිය විසිහතරක් වටිනා චෙක් පත් ව්‍යාපාරිකයෙකුට ලබා දී ඒවා අගරු වීමට ඉඩ  හැර  ඇත.

මේ පිළිබදව ලැබුණු පැමිණිලි මත මොහු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍ය පුද්ගලයෙකු බැවින්  ඔහුගේ විදේශ ගතවීම් වලක්වන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ඉල්ලීමකට අනුව   කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්  ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට ලබා දී තිබූ  නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද අළුයම   ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 125 දරණ ගුවන්යානයෙන්  ඉන්දියාවේ චෙන්නායි  නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී  ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය භාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීහු  සැකකරුගේ ලියවිලි පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන   ගුවන්තොටුපොළ  පොලිසිට බාර දෙනු ලැබූහ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු නිලධාරීහු සිදු කරති. 

 

 



අදහස් (0)

පනස් තුන් ලක්ෂයක සල්ලිවලට චෙක් දීලා

උපාලි Sunday, 02 June 2013 06:19 AM

ලොකු ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී ඉන්න බොහොම දෙනෙක් බිස්නස් කරන්නේ රෝල් ක්‍රමයට. එක්කෙනෙකුගෙන් ගත් චෙක්පත තව කෙනෙකුට දෙනවා. ඕක අතින් අත යනවා. චක්‍රය ඇතුලේ එකිනෙකාව විශ්වාස කරගෙන. කා අතින් හරි අගරු වුනොත් ඒ චක්‍රය බිඳෙනවා. නමුත් නඩු දාන තුරු මුදල නොපියවූ නිසා මේක නම් වංචාවක්. (නි)

:       0       0

චන්දි Saturday, 01 June 2013 04:52 PM

හිතන්න ඇති ඉන්දියාවට ගියාම වැඩේ හරියි කියල.(ස)

:       0       0

පෙරේරා Saturday, 01 June 2013 05:26 PM

ඉන්දියාවේ යන්නේ නැතුව සිංගප්පුරු ගිහින් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා "මුකුත් මතක නැහැ" කිව්වා නම් තමයි හරි (නි)

:       0       0

දීපාල් Sunday, 02 June 2013 11:10 AM

මම අහන්න කැමතියි අර සුධර්මන් රදලියගොඩව අල්ලන්න බැරි ඇයි. නීතිය හැමෝටම පොදු දෙයක් විය යුකතුයි. අනේ ඉතින් අපේ බල්ලටත් නැති නීතිය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 18 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 648 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1533 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3430 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1799 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 689 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site