අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන් මෙසේ පාන් මිල වැඩි කිරීමට සිදුවන බව කී ජයවර්ධන මහතා තිරිඟු පිටි ආශ්‍රිත අනෙක් නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව කීවේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාන් ගෙඩියත් ගණන් උස්සයි
සාමා Tuesday, 22 March 2016 05:58 AM
පාන් මිල තව වැඩි කරලා හාල් මිල අඩු කලානම් තාමයි හොද එතකොට තුන් වේලටම බත් කන්න පුලුවන්.(ම)
සිළුමි Monday, 21 March 2016 02:37 PM
කිව්වේ ලගදි ගහපු බදුවලින් දුප්පතාට පාඩු නැහැ කියා. ඇත්තනේ දුප්පතාට කොහෙද පාන් කන්න සල්ලි නේද ? (ර)
අමා Monday, 21 March 2016 03:23 PM
ඩුබායි තිලක්ලා කොහෙද දන්නේ නෑ. (ර)
සෞදි සරත් Tuesday, 22 March 2016 06:36 AM
බඩු මිල වැඩි උනාට කමක් නැහැ අපිට ඕනේ වෙනසක් ඔව් දැන් වෙනස සැපයි. (ර)
සරත් Tuesday, 22 March 2016 06:38 AM
පාන් වෙනුවට කේක් කන්න කිව්වෙත් මේ කට්ටියේම කෙනෙක් තමා. (ර)
අන්වර් Tuesday, 22 March 2016 03:22 PM
පාන් ගෙඩිය කීයවුණත් කමක් නැහැ. අපිට මේ ආණ්ඩුව හොඳයි (නි)
තිලක්-ඩුබායි Tuesday, 22 March 2016 06:57 AM
"තීරුබදු රහිත වාහන ගෙන්වීමේ වාසනාවන්ත යෝජනාවද පසුගිය පෙබරවාරියේ දී කැබිනෙට්‌ටුවට ඉදිරිපත් විණි. මේ වන විට එම වාහන පර්මිට් ලබාදීමද සිදුකර තිබේ. අලුත් යෝජනාවට අනුව මෙතෙක් ඩොලර් 50,000 ක් පමණ වූ ආනයන බලපත්‍රය වෙනුවට ඩොලර් 62,500 ක තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රයක් (පර්මිට්) හිමිවේ. මෙම වාහන පර්මිට් මේ වන විට රුපියල් ලක්‌ෂ 180 සිට රුපියල් ලක්‌ෂ 200 දක්‌වා වූ මිල ගණන්වලට අලෙවි වන බව කියති."ඒ වුනාට අසරණ දුප්පත් මිනිස්සු කන පාන් ගෙඩියම තමයි මිල වැඩි කරන්නේ. (ර)
සරත් Tuesday, 22 March 2016 07:11 AM
පාන් මිල තව වැඩි කන්න එතකොට වෙනස හොදට පේනවා. (ර)
නිලාන් - කටාර් සිට Tuesday, 22 March 2016 07:43 AM
ඔබ ඉල්ලුවෙනස මේයයි. දැන් ඉතින් ඔබ පැතු වෙනස කණගාටුවෙන් හරි බාර ගන්න වෙනවමයි, විකල්ප නැත. (ර)
ගාමිණී Tuesday, 22 March 2016 07:50 AM
දවල්ට පාන් රෑට පාන් ඔන්න වෙනස. (ර)
කරුණාරත්න Monday, 21 March 2016 07:00 PM
අලුතෙන් වැඩි කරන්න දෙයක් නැහැ. බනිස් ඇතුළු අනෙක් කෑම වර්ගත් රුපියල් 3-4 කින් වැඩිවෙලා ඉවරයි. (නි)
ප්‍රනාන්දු Monday, 21 March 2016 07:06 PM
මදැයි කළා! දුප්පතාගේ එකම ආහාරයත් වැඩිවෙලා (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 21 March 2016 08:11 PM
මා පදිංචි රටේ ඉස්සර කාලේ හිටපු රැජිණක් කිවුවා වගේ, දැන් ශ්‍රී ලංකාවේ ඔය අයට (මිල වැඩි නිසා) "පාන් නැත්නම් කේක් කාපල්ලා " කියන්නේ කවුද? (නි)
ලාල් Monday, 21 March 2016 08:16 PM
උනුත් එකයි, මුනුත් එකයි, දෙගොල්ලන්ම එකයි. ඒක හොඳටම දැනගෙන කතාවට, බොරු පොරොන්දු වලට රැවටිලා කතිරය ගහන අය තමයි ලොකුම මෝඩයෝ (නි)
නදීර් Monday, 21 March 2016 09:31 PM
අපිට නම් ඔය ටික වෙනබව හොඳට පෙනුනා. ලංකාවේ ජීවත්වෙන රට ගැන නොහිතන තමන් ගැන විතරක් හිතන සිංහල ජාතිය නිසා තමයි අද දුක්විඳින්න වෙලා තියන්නේ. පිටරටක ජීවත්වුණත් අපි අපේ ළමයින්ට ලංකාව ගැන හරිම ආදරයෙන් ආඩම්බරයෙන් තමයි කියලාදීලා තිබුනේ. එ්ත් ඔය රටේ ඉන්න අයට එහෙම කිසිම වටිනාකමක් නැහැ (නි)
චන්දා Monday, 21 March 2016 09:45 PM
මේවට ආණ්ඩු වලට බැනලා වැඩක් නැහැ. බහුතර ජනතා ඡන්දයෙන් රට කරන්න බලය දී ඇති නිසා, පාන් නැත්නම් කේක් කාපල්ලා කියා තමයි කියන්න වෙන්නේ (නි)
සිසිර Monday, 21 March 2016 10:31 AM
තව වැඩිවීම් සිදු වී මට ඉඩ ඇත (අ)
සිල්වා Monday, 21 March 2016 10:45 AM
කණගාටුයි. ලංකාව යනු තව දුරටත් ජීවත් වීමට සුදුසු රටක් නෙමේ. අවුරුදු ගානක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක්. තාමත් රට යන්නේ පස්සට. ඉගෙනගත්තු අය වෙන රටවලට යනවා.. දේශපාලුවෝ රට කනවා. (අ)
නිහාල් Monday, 21 March 2016 10:55 AM
රට හරියට කළමණාකරනය කරන්න මේ යටත් නොතේරෙන හැඩයි (අ)
ශානක Monday, 21 March 2016 11:08 AM
ලංකාවේ ඇතිවී තිබෙන මේ අලුත් වෙනසට ජයවේවා. මේකටත් රාජපක්ෂගේ සම්බන්දයක් තිබේද (අ)
ප්‍රසන්න Tuesday, 22 March 2016 12:41 AM
අමා, ඒක තමයි. ළඟක ඉඳලා ඩුබායි තිලක් නැහැ වගේ! (නි)
සමන්ති Tuesday, 22 March 2016 12:44 AM
ලෝකයේ සෑම රටකම භාණ්ඩයන්ගේ මිල වැඩිවෙනවා. ආදායමද වැඩිවෙනවා (නි)
ඉන්දු Tuesday, 22 March 2016 01:13 AM
අමා, ඩුබායි තිලක් මේ දවස් වල බේකරියක් දාලාලු අඩු ගණනට පාන් විකුණන. (නි)
පාටලී Monday, 21 March 2016 11:47 AM
යහපාලනය දොරේ ගලනවා. (ර)
ඇසළ Tuesday, 22 March 2016 02:31 AM
ඉන්දු, මට ආරංචිවුණේ තිලක් ඩුබායි මේ දවස වල ඉතාමත් කාර්යබහුල පරීක්ෂණයක යෙදී ඉන්නවා කියලා. එයා දැනටත් කන පුන්නක්කු වලින් පාන් නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා යහපාලන හිතවතුන්ට දෙන්න. (නි)
දිනසිර Monday, 21 March 2016 12:54 PM
දියවැඩියාව අඩු කරන්න වෙන්න ඇති සමහරවිට(අ)
නිමල් Monday, 21 March 2016 01:21 PM
කමක් නෑ මන්ත්‍රීලගේ පඩිය වැඩි කරනේ.. දුප්පතාගේ ඡන්දෙන් තේරිලා දුප්පතාම පාගන දෙස පාලුවෝ අපේ රටට නොවාසනාවන් . (ර)
තිලක්-ඩුබායි Tuesday, 22 March 2016 04:42 AM
රටක් වුනහම නීතියක් රීතියක් කියල දෙයක් තියෙන්න ඕනේ.රට කන්න පුළුවන් ඒකාල හුරගෙනම කාලා රුපියල් කෝටි ප්‍රකෝටි වලින් පිට රටවල බැංකු පුරවද්දී ඒ පව් ගෙවන්න වෙන්නේ අසරණ මිනිස්සුන්ට (ම)
සුමිත්‍රා බස්නායක Monday, 21 March 2016 01:33 PM
අන්තිමට දුප්පත් මිනිහටත් දුන්නා ගානට. පාන් කෑල්ලක් කාලා වතුර ටිකක් බීල වැඩට ගිය දුප්පත් මිනිහටත් බෙල්ලට තොන්ඩුව දැම්මා. අපරාදේ කියන්න බැහැ අද යහපාලනෙට ඡන්දෙ දීපු අයත් හොයාගන්න නැහැ. (ර)
සුමිත් Monday, 21 March 2016 01:46 PM
යහපාලනය නැඟලා යනවා! (නි)
සමන්ති Monday, 21 March 2016 02:02 PM
දැන් චූන් පාන් වෑන් වල කිඹුලා බනිස් හරියට හූනා බනිස් වගෙයි (නි)