IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පින් තකා ගේට්ටුව මුර කරයි

වස්කඩුව අංක එක දුම්රිය පොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව ළඟ ස්වේච්ඡාවෙන් රැඳී සිටිමින් වාහනවලට උදව් කරන්නෙක් සිටී.

විමල් රත්නසිරි සිල්වා (55) නාගොඩ සිටි එහි එන ඔහු මේ රාජකාරිය කරනුයේ අව්ව වැස්සට ද ලක් වෙමිනි.

අඩු ගණනේ එතැන මඩුවක්වත් නැත. ඔහු අත කුඩයක්වත් නැත.

එහෙත් ඔහු කියනුයේ ජීවිත බේරා දීම ඒ සියල්ලටම වඩා වැදගත් බවයි.

එවැනි අනාරක්ෂිත ගේට්ටු 750කට වැඩි ප්‍රමාණයක් රට පුරා ඇත.

 



අදහස් (0)

පින් තකා ගේට්ටුව මුර කරයි

චානක Monday, 01 July 2013 12:01 AM

ජාතියක් වශයෙන් මේ ගැන අප ලැජ්ජා විය යුතුය.මෙවැනි මරු කපොලු ආවාට ගියාට වගකීමකින් තොර පුද්ගලයන්ගෙන් පාලනය වීම නීතියට ඉඳුරාම පටහැනිය. (නි)

:       0       0

ගාමිණී Monday, 01 July 2013 12:03 AM

මේ ලඟකදී මමත් මෙවැනි තැනකින් වාහනේ පාර පැන්නා විතරයි විදුලි වේගයෙන් කෝච්චිය ගියා.මට අදහාගන්න බැරුව ගියා. හේතුව එතන පාරේ දෙපැත්තම කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. මේ වගේ අයගේ සේවය ඇති වටිනාකම තේරෙන්නේ ඒ වගේ අත්දැකීම් ඇති අයට පමණි. මොහු මේ කරන පිනෙන් මේ ආත්මයේ නැතත් ලබන ආත්මයේදී හරි ඔහුට යහපත සැලසේවා! අඩුම තරම දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක්වත් මේ මනුස්සගේ ළමයෙකුට හරි දෙන්න ඕනෑ මේ කරන වැඩේට. (නි)

:       0       0

ලලිත් Monday, 01 July 2013 12:08 AM

අඩුමතරමින් දුම්රිය දෙපාර්තමේන්තුවටවත් බැරිද මේ සියලු අවදානම් අනාරක්ෂිත ගේට්ටු හරස් වන තැන්වල දුම්රිය මාරුවෙන වෙලාවල් ටික බෝර්ඩ් එකක ප්‍රදර්ශනය කරන්න. දුම්රිය වෙලාවට නොයන එක වෙනම කතාවක්. නමුත් ඒක හරි කරන්න පුළුවන් නම් මිනිස්සු පාර හරහා දමන්න කලින් බෝර්ඩ් එක දිහා බලලා යම් ආරක්‍ෂිත පියවරක් හරි ගන්නවා නේද? (නි)

:       0       0

හිල්මි Monday, 01 July 2013 11:49 AM

මට පේන විදිහට ප්‍රනීත් ලාල් අයියා ගැන දන්නවා වගෙයි. ලාල් අයියේ, ඔබට දීර්ඝායු වේවා.මේ ලෝකයේ පිරිමි සහ ගැහැණු ඕනෑතරම් මීට වැඩිය භයානක දේවල් කරන්න ස්චේචාවෙන් ඉදිරිපත් වෙනවා. මේ වගේ දෙයක් කරන්න හොඳ හිතක් තියෙන්න ඕනෑ. (දී)

:       0       0

ගිම්හානි Monday, 01 July 2013 11:59 AM

දැනටමත් මිනිස්සු ආණ්ඩුවෙන් කරන්න ඕනෑ දේවල් ඔවුන් කරගන්නවා. ධනු, ඔයා රට වටේ රවුමක් ගිහින් එන්නකෝ කොහොමද කියලා බලන්න .ඔයා ගිහින් මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කා නම් ඔයා මැරෙන්නේ බඩ කපාගෙන (දී)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 30 June 2013 04:45 PM

ලොකු පිනක්. ඔබට නිරෝගී සුව! (නි)

:       0       0

මාගලී Monday, 01 July 2013 12:03 PM

පොලිසියෙන් ඇවිල්ලා අල්ලාගෙන නඩු දාලා ඇපත් නැතුව හිරේ යයිද දන්නේ නැහැ. පව් අහිංසකයා ... (දී)

:       0       0

දයා අළහකෝන් Sunday, 30 June 2013 04:53 PM

ජාතියට ආදරය කරන නියම සිංහල දේශප්‍රේමියෙක් (නි)

:       0       0

පද්මිණී Monday, 01 July 2013 12:42 AM

නිල් - රනා, මිනීමැරුම් චෝදනා වලට හිරේ විලංගුවේ වැටුණු අය ලංකාවේ ඉන්නවද? අපි දකින්නේ නම් එවැනි අය මල් මාලත් දාගෙන පිටවෙලා යන හැටි (නි)

:       0       0

වජිර Sunday, 30 June 2013 04:58 PM

ඔබ වැනි කාරුණික මිනිසුන්ගේ ඇස් අරුණට අප රටේ දේශපාලකයන්ට ඕවට ඇස් ඇරෙන්නේ නැහැ. ඔබේ මේ ක්‍රියාව මම අගය කරනවා. (නි)

:       0       0

තිලක් Monday, 01 July 2013 12:17 PM

මම හිතන්නේ බණ්ඩා වාඩිවෙන්නේ මොලේ උඩ.බණ්ඩා වෙසක් බලපු හැටිත් එඩි ජයමාන්න කියපු නිසා අපිත් දන්නවා (අ)

:       0       0

සිසිර Monday, 01 July 2013 01:05 AM

මහත්මයාණෙනි, ඔබ ඔය ක්‍රියාව වැටුපක් නොලැබ කරන නිසා ඔබට එය කළ හැක. නමුත් රජයෙන් රක්ෂාවක් ලෙස ඔය ක්‍රියාවට කෙනෙක් පත්කළොත් ඔතනට යන්නේ මැති ඇමතිවරුන්ගේ ගෝලයෙක් තමයි. (නි)

:       0       0

දසුනි Monday, 01 July 2013 01:47 AM

මේ වගේ ස්ථාන වල පිනට සේවය කරන්න වෙලා තියෙන්නේ මිනිස් ජීවිත වල වටිනාකම ඒ තරමටම අඩු වෙලාද? (නි)

:       0       0

බංඩා Monday, 01 July 2013 02:24 AM

මානසික රෝගියෙක්.(නදී)

:       0       0

තරිඳු Sunday, 30 June 2013 05:25 PM

ඔබට පින්.(නදී)

:       0       0

ෆ්‍රී Monday, 01 July 2013 12:45 PM

මුදලට මිනි මරණ කාලයක ඔබවන් අය ලොකු පුර්වාදර්ශයක්. චිරාත් කාලයක් වැජඹේවා! (දී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 01 July 2013 02:47 AM

ලොකු ලොක්කෝ මැජික් පෙන්නා ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්න ගියත් මෙවැනි අවංක මිනිසුන්ට නම් එය කරන්න පුළුවන් කියා මම විශ්වාස කරමි. (නි)

:       0       0

කෙවින් Sunday, 30 June 2013 05:49 PM

නියම ඩයල් එකක්. මම දැකලා තියනවද මන්දා.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 01 July 2013 05:13 AM

ඔන්න බලන්න , තව ටික දවසකින් මේ මනුස්සයට නඩුවක් දාන්නේ නැද්ද කියලා (නි)

:       0       0

නීල්-රානා Sunday, 30 June 2013 06:29 PM

පොඩ්ඩ එහා මෙහා උනොත් තමුන් මිනීමැරීමේ චෝදනාවට හිරේ විලංගුවේ වැටෙන බවත් දැන ගෙනම වෙන්න ඇති වැඩේට බැහැලා තියෙන්නේ.(නදී)

:       0       0

අර්ෂා Sunday, 30 June 2013 06:32 PM

අනේ කිසිදු රජයෙන් වැටුපක් නොමැතිව කරන වැඩේට ගොඩක් පින්, එහා මෙහා යන එන වාහන වලින් වත් යම් කිසි දීමනාවක් වත් දෙනවා නම් තමා ගොඩාක් හොද.(නදී)

:       0       0

දාස් Monday, 01 July 2013 07:28 AM

ජාතියේ ජීවිත බේරගන්න නම් ඔන්න අපේ සේනාවට කරන්න හොද වැඩක්. කෝච්චියේ වැඩියෙන් යන්නේ සිංහලයෝ නේද ? (නි)

:       0       0

මංජුල රියාද් Monday, 01 July 2013 01:42 PM

" කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්" ටිකක් පාරේ පැත්තකට වෙලා ඔය රාජකාරිය කරන්න . නැත්තම් හදිස්සිකාරයෝ ඔබතුමාවත් යටකරගන යාවි. ඔබට ජය ! (දී)

:       0       0

අරුණ Sunday, 30 June 2013 06:48 PM

මෙන්න නියම මිනිස්සු.රජය දවසකට නිරපරාදේ වියදම් කරන මුදලින් මේ වගේ මිනිස්සුන්ට පඩි ගෙවාන. (අ)

:       0       0

අනුර Sunday, 30 June 2013 06:49 PM

අන්න දෙශපාලකයනි මේ බලන්න වෙදගත් වැඩක් කරන කෙනෙක් (අ)

:       0       0

කැනඩා දිසා Monday, 01 July 2013 07:36 AM

ආඩම්බරයි , ශ්‍රී ලංකාව් මෙවන් රටට ආදරය කරන දේ ගැන. මේ කැනඩාවේ ස්වේචාවෙන් රට ,තම නගරය පිරිසිදු කිරීමට දවසකට ගොඩ දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ලංකාවෙත් එහෙම වේවා යි ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

රංජිත් සිල්වා Sunday, 30 June 2013 06:54 PM

හොඳ වැඩ වලට හොඳ ප්‍රතිපල කවදාවත් වරදින්නේ නැහැ. ඔබට ජයම වේවා. (අ)

:       0       0

ප්‍රනීත් Monday, 01 July 2013 08:11 AM

මොහු විමල් කිව්වට වස්කඩුවේ වැඩි දෙනා හදුනන්නේ නැහැ. ලාල් අයියා කිව්වනම් ඕන කෙනෙක් හදුනනවා. ලාල් අයියේ ඔබට දීර්ඝායු වේවා. ඔහු අද ඉතා අසරණ තත්වයේ ඉන්නේ. රොෂාන් මන්ත්‍රී තුමනි, මෙම රේල් ගේට්ටුව අසල පදිංචිව සිටින ගරු ඇමති තුමාට කියා මොහුට ජීවත් වීමට සරිලන දීමනාවක් ලබා ගැනීමට සහය වන්න.(නදී)

:       0       0

ෂහාර් ඩේවුඩ් Sunday, 30 June 2013 07:02 PM

නියම ආදර්ශය (අ)

:       0       0

වරුණ Monday, 01 July 2013 08:28 AM

හනිමූන් යන ජෝඩුවක් පරිස්සමින් රේල් පාර පන්නන එක ඊට වඩා පිනක් (නි)

:       0       0

ඩයනා Sunday, 30 June 2013 07:17 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (අ)

:       0       0

අස්මිත් Monday, 01 July 2013 08:51 AM

ජනතාවගේ උත්තමාචාරය! ඔබ වැනි අය අප දේශයට බොහෝ දුර්ලභයි. ඔබ හදවතින්ම මනුෂ්‍ය ගති ඇත්තෙකි. අපගේ රටට අවශ්‍යම ඝනයේ පුද්ගලයෙක්. අපේ දේශපාලකයන්ට ඔබගෙන් උගත හැකි පාඩම අසීරු නැත. ඉතාමත් සරල පාඩමකි. එය මනුෂ්‍යසත් බාවයකින් ජනතාවට සේවය කිරීමයි. මොවුන් දේශපාලක වුනත් ජනතාවගේ මුදලින් නඩත්තු වෙන සේවකයන් යන හැගීම හදවතින්ම දැනුනු දවසක ඔබගේ සේවයමෙන් සේවයක් කල හැකියි. නමුත් එය විය හැකිද?(නදී)

:       0       0

චාමික Monday, 01 July 2013 02:18 PM

ගාමිණී-සිරි, ඔය මහා දයාව මහා කරුණාව පරිපුර්නකම තිබුනා නම් මෙච්චර මිනිස්සු කෝච්චියේ හැපිලා මැරෙනකම් ඇස් ඇරුනේ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

ටෙනිෂන් Sunday, 30 June 2013 08:21 PM

ඔය පාරේ හෝටල් කිහිපයක්ම තියනවා ,හෝටල් හිමිකරුවනි,කලමනාකර වරුනි නරකද එකතුවෙලා පොඩි කුඩාරමක් ගහල දීල මේ මනුස්සයට කන්න ටිකවත් දුන්නොතින්. යන එන අයට ආරක්ෂාවක් ,ලොකු පිනක්. නීල් රණ මීට කලිනුත් මම දැක්ක කීප දෙනෙක්ම ඔයාට කියල තිබුන ගොනා උනත් උම්බෑ කියන්න එපා කියල.(අ)

:       0       0

හර්ෂණ පෙරේරා Sunday, 30 June 2013 08:35 PM

නීල් රණ ගොනා උන පලියට උඹ කියන්ඩ එපා අර මන්ස්සය හොද වැඩක් කරන්නේ (අ)

:       0       0

සුමිත් Monday, 01 July 2013 09:31 AM

හොද දෙයක් ,අපේ ප්‍රණාමය! (නදී)

:       0       0

සුමිත් ද සිල්වා Monday, 01 July 2013 09:33 AM

කාටත් හොද ආදර්ශයක් !(නදී)

:       0       0

රොෂාන් සංජීව කුමාර Sunday, 30 June 2013 08:46 PM

මේ මහත්මයාව මම දන්නවා, කලෙක ඉඳන් කරන්නේ, හොඳ වැඩක්,හොඳ මනුස්සයෙක් (අ)

:       0       0

සාලිය වික්‍රමසුරිය Monday, 01 July 2013 09:40 AM

බණ්ඩාට තමයි පිස්සු. (නි)

:       0       0

විජේසුරිය Sunday, 30 June 2013 08:53 PM

අනේ මෙයා විදුලිබල හා බලශක්ති ඇමතිකරල දැම්මනම් කොච්චර හොදද (අ)

:       0       0

රත්නායක Monday, 01 July 2013 09:42 AM

ඕක තමා,ආසියාවේ ආශ්චර්යය ! (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 30 June 2013 09:04 PM

නීල් රානා හරි. හොඳ වැඩ කරන්න යන අයට දඬුවම් ලැබෙන යුගයයි මේ. බැරි වෙලාවත් දුම්රිය එනවයි කියලා අහව්ලුන්ගේ වාහනයක් නවත්වන්න ගියොත් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

ධනු Monday, 01 July 2013 10:13 AM

අපේ මිනිස්සු හැමදේම ළගටම ගෙනත් දෙනකල් බලා ඉන්නවා. ගමේ මිනිස්සු එකතුවෙලා ඕකට උණ බම්බු ගේට්ටු ටිකක් දාගත්තා නම් නේද හොද? (දී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 30 June 2013 09:30 PM

මංගල රථයක් යන වෙලාව් ,මංගල මොහොතින්, ආරම්භ කළ මංගල කටයුත්තට, රත්න සිරි ගමේ පුතාට ජනතාවට සේවයක් කිරීමට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා !වෙල්ගම ඇමති තුමා දයාවෙන් මහ කරුණාවෙන් පරිපුඋර්ණ වූ නිහතමානී ඇමති වරයෙක්. ඔබගේ සේවය අගේ කොට, නිල ඇඳුමක්,මාසික වේතනයක් ලබා දීමට පසු බට නොවනු ඒකාන්තයි. ජනතාව දැනුවත් කල" එසැණට " ගොඩාක් ම පින්.(නදී)

:       0       0

මා.උපරතන හිමි -ස්වීඩන් Sunday, 30 June 2013 09:33 PM

ප්‍රවාහන බලදාරීන් ලජ්ජා වියයුතු සිද්ධියක්.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 30 June 2013 09:50 PM

මෙන්න නියම දේශප්‍රේමියෝ සහ මානව හිතවාදියෝ, අපි රැවටිලා ඉන්නේ ඡන්ද පෝස්ටරේ ඉන්න මල් මාමලටනේ.(නදී)

:       0       0

කරු Monday, 01 July 2013 10:38 AM

නීල් රනා, ඔබ හරි. අනතුරක් වෙනකන් අනෙක් අයට එය තේරෙන්නේ නැහැ. ඔහු අතින් කරන සංඥාව තේරුම් නොගත්තොත් ලොකු අනතුරක් විය හැකියි. (දී)

:       0       0

කුමාර Wednesday, 03 July 2013 02:04 PM

ඔබට අපේ උපහාරය! ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක් (නි)

:       0       0

වජිර Sunday, 30 June 2013 10:31 PM

ගේට්ටුවක් නැතත් නිල් පාට නම් පේන්න තියනවා .(නදී)

:       0       0

අප්පුහාමි Sunday, 30 June 2013 11:04 PM

හොද වැඩ කරන කාටත් නින්දා ප්‍රසංසා දෙකම එනවා මොන වුනත් මේ මහත්තයා මේ රාජකාරිය කරන්නේ ඕනෙම දේකට මුණ දෙන්න බලාගෙන මෙන්න නියම දේශප්‍රේමියෝ නැතුව ඡන්දකලේට අත්දෙක උස්සගෙන එන මහත්තුරු නෙමෙයි.(නදී)

:       0       0

කරු Sunday, 30 June 2013 11:37 PM

මෙතන ගේට්ටුවක් නැතත් විදුලි සීනුවක් සහ විදුලි පහන් සංඥා වැඩකරන තැනක් නේද? බොහෝ දුර සිට දුම්රියක් එනවා දකින්න හැකි ස්ථානයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 315 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4004 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2438 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site