(සුමිත් පොතුපිටිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දයා හේමන්ත සිල්වා)
බාල සොහොයුරා සමග සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකු ගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා අද (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ගුණරත්න ගගන කාවින්ද මෙන්ඩිස් නමැති 13 හැව්රිදි දරුවෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති දරුවා වාද්දු මධ්‍ය විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකු බවද සදහන් වේ.
ඔහු සිය බාල සොහොයුරා සමග සයිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිතව ඇතැයි පොලිසිය කීය.
බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
වාද්දුව , වේරගම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකල බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් සංජීව (69124), කොස්තාපල් වරුන්වන ගමගේ (35236) සහ සයුරංග
(94059) මහත්වරු පරීක්ෂණ පවත්වති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා මරුට
Bunny Preena Friday, 26 May 2023 04:27 PM
පවු අහිංසක දරුවෙක්... බොහොම නිදහසේ තම සොහොයුරා සමග. මෙය අනුන්ගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැති තනිකරම නොසැලකිලිමත් ලෙස අබලන් සහ ධාවනයට නුසුදුසු වාහනයක් මාර්ගයේ පදවාගෙන යාම නිසා සිදුවූ මරණයක්... වාහනය පැදවූ රියදුරාට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.