(කාංචන කුමාර ආරියඅදාස )
පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නිවෙස්වලට ගොස් තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයන් තිදෙනාට අමතරව තවත් තරුණයන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ .තරුණයන් පස්දෙනා ම පසුගිය දිනක සීගිරිය පිදුරංගල පර්වතයට නැග තිබෙන බවත් එයින් තරුණයන් දෙදෙනෙකු දැඩි ලෙස මෙම තරුණයන් තිදෙනාට මෙසේ අසභ්‍ය ඡායාරූප නොගන්නා ලෙස අවවාද කළ බව පොලිසියට ප්‍රකාශ කොට තිබේ. එහෙත් මිතුරන්ගේ කීම නොඅසා මෙයාකාරයෙන් පින්තූර ලබා ගෙන ඇතැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය කියයි.
ඒ අනුව පොලිස් භාරයට ගත් එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ සටහන් කොට සාක්ෂිකරුවන් ලෙස යොදා ගන්නා බවත් ඔවුන් ප්රරකාශ සටහන් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට නියමිත බව පොලිස් පරීක්ෂක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙසේ අඩනිරුවතින් ඡායාරූප ලබාගත් සහ ඡායාරූප වලට පෙනී සිටි තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී සඳහන් කර ඇත්තේ විදේශීය කාන්තාවක් සීගිරිය පිදුරංගල පව්වේ සිට මෙයාකාරයෙන් පින්තූරයක් ලබාගෙන එම පින්තූරය අභියෝගයට ලක්කරමින් මූණුපොතේ මුදාහැර තිබුණු බවය. එම අභියෝගයට මුහුණ දෙමින් තමන් ද ඒ ආකාරයෙන් ම එම ස්ථානයේ රැඳී සිටිමින් නිරුවත පෙන්වමින් ඡායාරූපයක් ලබාගෙන මූණුපොතට යොමු කළ බව ද සඳහන් කර තිබේ.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් තිදෙනා 27 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සාක්ෂි සඳහා යොදා ගත් තරුණයන් දෙදෙනා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු මුදාහැරීමට කටයුතු කරන බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිඳුරංගල ගලමත නිරුවත් ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට
Buddika Wednesday, 26 September 2018 08:12 AM
නියමයි.... මෙවැනි අයට දැඩි අඩුවම් දිය යුතුයි..............
JanakaWednesday, 26 September 2018 10:59 AM
දැඩි දඩුවම් දෙන්න ඕන අයටනේ ඔයාල ඡන්දෙ දෙන්නේ මහත්තයෝ.
RuwiniWednesday, 26 September 2018 11:21 AM
සීගිරියේ කැටපත් පවුරට හානි කරපු ළමයෙක්ට සමාව දීලා රැකියාවකුත් දුන්න එකේ මේ ළමයිටත් සමාව ලැබෙයි නිසැකවම...
Kamal Wednesday, 26 September 2018 08:23 AM
අපේ පොලිසිය හරි දක්ෂයි මේ වගේ භයානක පාතාල සාමාජිකයින්, මහ බැංකු හොරුන් අල්ලන්න.
කමිල සංජීව Wednesday, 26 September 2018 08:25 AM
අපේ රටේ අනාගත පරපුර වැටී ඇති කණගාටුදායක තත්වය මෙවැනි සිද්ධීන් වලින් පෙනේ... අතීතයේ මෙන් නොව අද විද්‍යුත් මාධ්‍යවල බහුලව දක්නට ඇත්තේ නරඹන්නන්ගේ බුද්ධිය මොට කරන හරසුන් මෙගා රැල්ලකි. අධ්‍යාපනය තුළද ඇති අසීමාන්තික අවිවේකී තරඟකාරී රැල්ල තුළ අතරමං වූ සමහර තරුණ තරුණියන් ඔවුන් තුල වූ වෛරී සිතුවිලි මුදාහැරීමටද මෙවැනි මුග්ධ ක්‍රියා කිරීමට පෙළඹේ...
Wasantha Wednesday, 26 September 2018 08:25 AM
හිරේදී ඉතින් දැන් පශ්චාත් භාගේ පරිස්සම් කරගන්න වෙනවා! මෙහෙමත් හරක්!!!
lanka Wednesday, 26 September 2018 08:28 AM
මේවා නං බොරු වැඩ. මේ කොල්ලෝ ටික ඔය ෆොටෝ එක ගත්තේ කොලු කමට ෆන් එකට. උන්ට කාටවත් අපහාස කරන්න උවමනාවක් නං තිබිලා නැතුව ඇති. ලංකාවේ හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. මේ කොල්ලෝ අත්අඩංගුවට ගන්න කාලේ වෙන වැදගත් වැඩකට යොමු කරන්න තිබුනා. එහෙමනං ඔය ඉස්සරහ සීගිරියේ ලලනාවෝ අඩනිරුවතින් ඇඳපු කාශ්‍යප රජ්ජුරුවන්ට කවුරුත් මොකුත්ම කිව්වේ නැහැ නේ.
diasWednesday, 26 September 2018 10:42 AM
ඇයි අනේ එහෙනම් ඔයා සීගිරියේ ලලනාවෝ වගේ උදේ, සවස බස් එකේ වැඩට යන්නේ නැත්තේ?
Sun Fernando Wednesday, 26 September 2018 10:50 AM
ෆන් එකට වුණත් සීමාවක්, තැනක් තියෙන්න ඕනේ...
BamunuarachchiWednesday, 26 September 2018 02:55 PM
මේ ජාතියේ හිතන අය ඉන්නකන් මේ රට හැදෙන්නේ නැහැ
Uditha - London Wednesday, 26 September 2018 08:38 AM
තැලෙන යකඩේ තව උඩ පැන පැන තලන්නේ නැතුව තරුණ ජීවිතවලට නිසි මග පෙන්වන්න.. සමහරවිට මෙම සිද්ධියෙන් ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වෙන්න පුළුවන්.. මෙතැනදී කරපු වරද හරි කියනවා නෙමේ මම.. නමුත් තරුණ ජීවිත.. ඉතාමත් පරිස්සමට ගනුදෙනු කර මේ ප්රශ්නය හොඳින් විසඳන්න.. ඔවුන්ගේ ජීවිත අගාධයකට යොමු නොකර...
BamunuarachchiWednesday, 26 September 2018 09:42 AM
ස්ත්‍රී දූෂණයක් කළත් ඔයටිකම කියයි. විනිශ්චය කාරතුමෙක් තීරණය ගනී. වයස 19දී රටේ රාජ්‍ය නායකයෙක් තෝරන්න අවසර තිබෙනවා නම් හොඳ, නරක තෝරන්නත් දැනුම තිබෙන්න ඕනේ...
Uditha - LondonWednesday, 26 September 2018 10:00 AM
ඔබතුමාගේ තර්කය ඉතාමත් පරස්පරයි... මෙතන අන්ත දෙකක් තියනවා මහත්තයෝ... ස්ත්‍රී දූෂණයක් සහ මෙම වරද කිසිසේත්ම සංසන්දනය කල නොහැක.. ස්ත්‍රී දූෂණයක් යනු ඉහල පෙලේ දරුණු අපරාධයක්.. ඒ නිසා ස්ත්‍රී දූෂණය සහ මෙම වරද එක හා සමානකමක් නොමැත..
uddikaWednesday, 26 September 2018 10:37 AM
එ්ක ඇත්ත. මෙහෙම ඉන්න හොඳ නැහැ කියලා පොඩි කාලෙම දන්නා දෙයක්නේ. ඔතන ගිහින් ඔහොම ඉන්න අය තමයි පාක් ගිහින් දෙනෝ දාහක් මැද්දේ රෙදි නැතුව ඉන්නේ...
BamunuarachchiWednesday, 26 September 2018 02:35 PM
සිංහල කියමනක් තිබෙනවා හැදෙන ගහ පෙත්තෙන් දෙකෙන් පෙනේ කියලා. සිග්මන් ප්‍රොයිඩ් කියන මනෝ විද්‍යාඥයා කියන විදිහට මේ ඉහට ගහපු දෙයක්..
VihangaWednesday, 26 September 2018 10:06 AM
උදිත මහතාගේ කතාව සහතික ඇත්ත. වයස 19ක් කියන්නේ තවම දඩබ්බර වයස. මෙමෙ සිද්ධියෙන් මේ අයගේ ජීවිත හොද පැත්තට හෝ නරකම පෙත්තට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් සමග ගනු දෙනු කරන්න ඕන හරි පරිස්සමෙන්. වයස 19දී රටේ රාජ්‍ය නායකයෙක් තෝරන්න අවසර තිබ්බ පලියට මේ ළමයි තවම සමාජයක් ගැන බරක් පතලක් නොතේරෙන වයසක ඉන්න අය.
BamunuarachchiWednesday, 26 September 2018 02:28 PM
එ්කනේ මම කිව්වේ... විනිශ්චයකාරතුමෙක් තීරණය දේවි කියලා. එතුමා හේතු කියලනේ දඬුවම් දෙන්නේ. අපි බලාඉඳිමු.
herath Wednesday, 26 September 2018 08:41 AM
අායෙත් 1 වසරට දමන්න ඕනේ... මුල ඉඳලම ඉගෙන ගන්න.
Jagath Wednesday, 26 September 2018 08:57 AM
රටේ ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුවට හොද පොටක්
Ranga Wednesday, 26 September 2018 09:04 AM
කරපු වැඩේට වඩා මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුවට එල්ලෙන්න වැල් සප්ලයි කරාට...
sam Wednesday, 26 September 2018 09:17 AM
කට්ටියම හිරේ යවන්ඩ.
priya Wednesday, 26 September 2018 09:24 AM
මෙයාලට දිය යුතු ඉහළම දඬුවම ලබා දෙන්න ආයේ මේ වගේ දේවල් නොකරන්නම.
suran Wednesday, 26 September 2018 09:33 AM
උස් තැන දැක හැකිළෙන්නේ, මිටි තැන දැක පුප්පන්නේ, නිවටුන් බව සිතමින්නේ,. උතුරේ බෞද්ධ පුරාවස්තු ඩෝසර් කරනවා, බෞද්ධ දර්ශනයට ගරහමින් පොත් ප්‍රකාශ කරනවා මේවා නොපෙනෙන පොලිසිය. නිරුවත පෙන්නපු දරුවන්ට නිතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරාවි. නව රැල්ලට යමින් නොමග ගිය මෙම දරුවෝ වරදක් කර ඇත්නම් සහ ඒය වරදක් ලෙස පිළිගන්නවානම් සමාව දියයුතුය. මේ සිද්දිය පාදක කරගෙන එම දරුවන්ගේ අනාගතය අදුරු නොකළ යුතුය.
MAAN Wednesday, 26 September 2018 09:38 AM
ලංකාවට හොඳ ගුණගරුක ලාංකීය පිරිසක් ඕනෑ. එ වගේම මේ අයට නීතියෙන් දඬුවම් දෙන්න. පස්ස පෙන්නලා ලයික් ගන්න මානසිකත්වයට එහා ගිය තරුණ පැටව් ටිකක් අපිට ඕනෑවෙලා තියෙන්නේ... හැම ක්ෂේත්රයම පිරිහිලා තියෙන්නේ. එ්නිසා දවසින් දවස අගාධයට යන අපේ රටේ තරුණ පරපුර මීට වඩා වගකීමෙන් වැඩ කරන පිරිසක් විය යුතුයි. දේශපාලකයා මේක නැත්තටම නැතිකරලා දාන්න කලින් මේ රටේ වගකීමක් ඇති තරුණ කොටස් ඉස්සරහට ඇවිත් හොඳ හෙටක් සෑදිය යුතුයි.
sam Wednesday, 26 September 2018 09:59 AM
උසාවියට ගෙනිහිල්ලා පස්ස පැත්තට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියන්නේ නැතිව මේක ඔප්පු කරන්න බැහැ.
Lalith Wednesday, 26 September 2018 10:02 AM
දැන් මේ ළමයි කඩකරලා තියෙන්නේ නිතිපොතේ මොන වගන්තිය යටතේ තියෙන නීතියද? මටපෙනෙන්නේ මෙයාල නීති හදනවා. වරදක් උනත් ඒකට නීතියක් සම්මත කරලා නැතිනම් එක වරදක් විදියට සලකලා දඬුව ම්දෙන්නේ හරි අත්අඩංගුවට ගන්නේ කොහොමද? ඒක මාර නිතියක්නේ?
Uditha - LondonWednesday, 26 September 2018 11:08 AM
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත
samanWednesday, 26 September 2018 03:30 PM
ප්‍රසිද්ධ ස්ථානවල අශෝබන ලෙස හැසිරීම යටතේ වුනත් මේ අය වැරදි කාරයෝ වෙනවා.
lalithWednesday, 26 September 2018 11:14 PM
. ඔය ප්‍රසිද්ධ ස්ථාන කියන එක නීතියේ කොහෙවත් නිර්වචනය කරලා නැතිද?
amila Wednesday, 26 September 2018 10:17 AM
කොලුකමටනේ. පලවෙනි වතාව නිසා අවවාද කරලා නිදහස් කරන්න. නැත්නම් මේක දුර දිග ගියොත් මෙයාලගේ මුළු ජීවිත කාලෙටම බලපාවි.
tommy Wednesday, 26 September 2018 10:19 AM
අද වෙලා තියෙන්නේ මොකක්ද කොලුකම, මොකක්ද කියන එක දන්නේ නැති වීම. කෙසේවෙතත් පොලිසිය මෙතරම් ඉක්මනින් මොවුන්ව අත්අඩංගුවට ගැනීම හොඳයි. මෙය, මෙවැනි දේ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන අයට හොඳ පාඩමක් වේ යයි සිතමි.
Lax - Doha - Qatar Wednesday, 26 September 2018 10:28 AM
රටක ඉතිහාසය, සංස්කෘතිය තම රටටම අනන්‍ය වූ දේවල්. 2000ට පෙර ළමා කාලය ගෙවපු අය පාසල් අධ්‍යාපනය තුලින් රටට ආදරයක් ගෞරවයක් ඇතිවෙන වදිහට ගොඩක් දුරට වැඩ කැරනවා මම දන්නා ආකාරයට... රටක් දියුණු වෙන්න ඕනෑ කියලා රටේ ඉතිහාසය අධ්‍යාපනයෙන් ඉවත් කළාම උදේ නැගිට්ට හැටියේ ඉඳලා රෑට නින්ද යනකල්ම ආදරේ ඉල්ලා අඬන FM කඩවලයි, හරයක් නැති මෙගා ටෙලිඩ්‍රාමා දේශපාලනයයි පෙන්වන රූප පෙට්ටි වලටයි රටේ ඉතිහාසයක් වැදගත් දෙයක් සමාජගත කරන්න වෙලාවක් කොහෙන්ද? හැමදේටම පෙර හරි අධ්‍යාපනයක් ඔළුවලට නොලැබෙන දේ... නියපොත්තෙන් කඩන්න තියනදේ පොරවෙන් කපනකල් බලන් ඉඳිමු.
ලුම්බිණි Wednesday, 26 September 2018 10:34 AM
මේක හිරේ දාන්න, අත්අඩංගුවට තරම් දෙයක් නොවෙයි. මීට වඩා බරපතල අපරාධ කරපු අය යහතින් වැජඹෙනවා. කිසිම අත්අඩංගුවට ගැනීමක් නැහැ. අපේ අයත් මෙහෙම පොඩි දෙයක් අල්ලාගෙන දඟලනවා. දේශපාලකයින් කරන හොර වැඩ ගැන කිසිම කතාවක් නැහැ.
Nandalal DE SILVA - France Wednesday, 26 September 2018 10:50 AM
සුද්දියෙක් මේ වගේ වැඩක් කරා කියල අපේ රටේ සභ්‍යත්වයට නොගැලපෙන දෙයක් කිරීමට තරම් මේ අය ඊටත් වඩා දුරක් ගිහින් තිබෙනවා ! වයසේ වැරැද්ද, පළමු වර නිසා වරද පිළිගෙන පොලිසියෙන්, උසාවියෙන්, සීලාචාර සමාජයෙන් සමාව ගෙන සුදනන් වගේ සමාජයට යළි එකතුවෙන්න මේ අයට අවස්ථාවක් උදා නොවෙනු ඇත. සමාජය කොන් කරනු ඇත.
සතයපාල Wednesday, 26 September 2018 12:40 PM
මේ අය වරදක් කර තිබෙනවා. කවුරු හරි හිතනවා නම් රටේ නීතිය අනුව වරදක් කර නැහැ කියලා උසාවිය ඉදිරියට ගිහිල්ලා පැමිණිල්ලට විරුද්ධව සාක්ෂි දීලා පුළුවන්කමක් තියනවා නම් මොවුන් නිදහස් කර පෙන්වන්න. ඒ වගේම කල වැරැද්ද අනුව දඬුවම් දිය යුතුයි. මෙයාලට සමාව දුන්නම වෙන්නේ බුකියේ මෝඩයෝ අතරේ මේ අය වීරයන් වෙන එක විතරයි. එහෙම වුණාම වෙන්නේ මෙවැනි නීතිවිරෝධි හා සමාජ විරෝධි ක්‍රියා රැල්ලක් සේ සමාජයේ මෙවැනි වයස් කාණ්ඩ තුල පැතිරීමේ ප්‍රවණතාවයක් ඇතිවීමට ඉඩකඩ නිර්මාණය වීමයි. තමන්ට ජනප්‍රිය වෙන්න වීරයෝ වෙන්න කළ හැකි බොහෝ දේ මේ සමාජය තුළ ඇතත් බාල අසීලාචාර ක්‍රම ඒ සඳහා භාවිතා කරන්නේ තමන්ගේ නොහැදියාව සහ නූගත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි..
සතයපාල Wednesday, 26 September 2018 12:40 PM
මේ අය වරදක් කර තිබෙනවා, කවුරු හරි හිතනවා නම් රටේ නීතය අනුව වරදක් කර නැහැ කියලා උසාවිය ඉදිරියට ගිහිල්ලා පැමිණිල්ලට විරුද්ධව සාක්ෂි දීලා පුලුවන්කමක් තියනවා නම් මොවුන් නිදහස් කර පෙන්වන්න. ඒ වගේම කළ වැරැද්ද අනුව දඬුවම් දිය යුතුයි. මෙයාලට සමාව දුන්නම වෙන්නේ බුකියේ මෝඩයෝ අතරේ මේ අය වීරයන් වෙන එක විතරයි. එහෙම වුණාම වෙන්නේ මෙවැනි නීතිවිරෝධි හා සමාජ විරෝධි ක්‍රියා රැල්ළක් සේ සමාජයේ මෙවැනි වයස් කාණ්ඩ තුල පැතිරීමේ ප්‍රවණතාවයක් ඇතිවීමට ඉඩ කඩ නිර්මාණය වීමයි. තමන්ට ජනප්‍රිය වෙන්න වීරයෝ වෙන්න කළ හැකි බෝහොදේ මේ සමාජය තුළ ඇතත් බාල අශීලාචාර ක්‍රම ඒ සදහා භාවිතා කරන්නේ තමන්ගේ නොහැදියාව සහ නූගත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි.
chapa Wednesday, 26 September 2018 12:55 PM
හෙට දින දළදා මාලිගාව හෝ තමුන් ඉගෙනුම ලැබූ පාසල ඉදිරිපිටදී මෙවන් දේ කිරීමට සමහරක් අය අභියෝග හැටියට බාර ගනීවි...
සමන්ත Wednesday, 26 September 2018 01:45 PM
එය එසේ වෙන්නේ නම් එය එසේවීමට ඉඩ හැරිය යුතුයි. සංස්කෘතිය පරිණාමය වන්නක් මිස, බලහත්කාරයෙන් පල කල හැකි දෙයක් ලෙස නොගත යුතුයි.
සමන්ත Wednesday, 26 September 2018 01:16 PM
ආයෙත් සංස්කෘතික පොලිස්කාරයෝ ෆෝම් වෙලා. අපේ රටේ තරම් හරක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ. දැන් රෙදි උස්සගෙන එන්න එපා. හරි දේ හරි කියන්නත්, වැරදි දේ වැරදියි කියන්නත් අපිට අයිතියක් තියෙනවා. මේ වගේ හරක් වැඩත්, මේ වගේ හරක් තීන්දු තීරණ සහ ක්‍රියාකාරම් වලිනුත් වෙන්නේ රටත්, සංස්කෘතියත් හෑල්ලු වෙන එක... ලෝකේ කිසිම රටක් නිරුවත නීතිය මගින් යට කරලා නෑ. එ්කට හේතු තියෙනවා. 1800 අගභාගය වෙනකම් ලංකාවේ කුල කාන්තාවෝ හැර, වෙනත් කාන්තාවන් උඩුකය වසා ඇන්දේ නෑ. ඒ කියලා කාටවත් ඒක ප්‍රශ්නයක් වුනෙත් නෑ. ඒ කාලේ ඉඳලා මෑතක් වෙනකම්ම කුඹුරු කෙටුවේ, ගෙදර, වත්ත පිටියේ වැඩපොළ කලේ, අමුඩ ඇඳලා. ඒක කාටවත් ප්‍රශ්නයක් වුනෙත් නෑ. ළමයි හිටියේ නිරුවතින්. ඒ බව අන්තර්ජාලයෙන් සහ එදා හෙළදිව පොතෙන් බලාගන්න පුළුවන්... ඒත් අද එ්ක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බලන මිනිස්සු පිරිහිලා නිසා මිසක්, කරන මිනිස්සුන්ගේ වැරැද්ද නිසා නෙමෙයි. ගෑනියෙකුට පාරේ බැහැල යන්න බැරි රටක, වාහනයකින් පාරක යන්න බැරි රටක සදාචාරය ගැන කතා කරන්න කලින් තමන් හරියට හැදිලා ඉන්න එක තමයි වටින්නේ....
BamunuarachchiWednesday, 26 September 2018 02:53 PM
මහත්තයෝ බොහොම ඈත අතීතයේ මිනිස්සු නිර්වස්ත්‍රව සිටියේ ඒ කාලයට එය ප්‍රශ්නයක් නොවයි නමුත් වැඩිකල් නොගොස්ම මිනිසා කොළ අතුවලින්ම විලිවසා ගන්න පුරුදු වුනා. විලිවසා ගැනීම මිනිසා ගින්දර සොයා ගැනීම තරම් පැරණිය. මිනිසාගේ මානසික දියුණුවේ පළමු අදියර විලිවසා ගැනීමයි. ඒ මානසික දියුණුව තිබෙන මිනිස්සු නිරුවත දකින විට එක්කෝ අහක බලා ගනී නැතිනම් අත් දෙකෙන් ඇස්වසා ගනී. එය පුද්ගලයාගේ හැදිච්චකම පෙන්වීමකි. කොටින්ම මෙම පත්තරයේම ඔය පින්තුරය දමන්නේ නොපෙන්විය යුතු තැන් වසා දමාය ඇයි ඒ? ඔබ ඔය කියන විදිහට පත්තර මහත්වරුන්ගේ හිත පිරිහිලා නේද?
සමන්ත Wednesday, 26 September 2018 06:15 PM
ඔයා මොනවද කියන්නේ කියලා ඔයාවත් දන්නේ නෑ මිත්‍රයා. ඒ නිසා පරිනාමවාදය ගැන ඉගෙනගෙන තක්සේරුවකට ආවා නම් තමයි හොඳ. එකයි යමක් තර්කනුකුලව දකින එකයි එකක් නෙමෙයි ,දෙකක්. මම හිතන්නේ නෑ ඒක නොකළ හැකි දෙයක් කියලා.
samanWednesday, 26 September 2018 03:34 PM
ඉතින් මේ වගේ අය හින්දා තමා සමාජය මේ තරම් පිරිහිලා තියෙන්නේ.
lakmalWednesday, 26 September 2018 04:01 PM
මේක මෝඩ අදහසක්. මම මගේ හරි දේ හරි කියන්නත්, වැරදි දේ වැරදියි කියන්නත් තියෙන අයිතිය පාවිච්චි කරා
UdayaFriday, 28 September 2018 01:31 AM
එදා සංස්කෘතිය අනුවත් පූජා භූමියකට ගියේ පිළිවලකට ඇඳගෙන. මෙතනත් පූජා භූමියක් බව අමතක නොකරන්න. ඔබ කියූ පරිදිම මෙතනත් සිදුවී තිබෙන්නේ සංස්කෘතිය හෑල්ලු කරපු එක. මෙහි ලොකුම වරද තමයි කුඩාකල සිට මේ ගැන නිසි අවභෝධයක් නොදෙන එක. දැන් අධ්‍යාපනයට අධික තරඟකාරිත්වයක් මිස සදාචාරය, සංස්කෘතිය කියා දෙන්න කාලයක් නෑ. ඉතින් අපි මෙවැනි සිදුවීම් අනාගතයෙත් බලා ඉඳිමුද? විසඳුමක් සොයමුද?
dama Wednesday, 26 September 2018 02:06 PM
රටේ ලොකු හොරු සමග හෙළුවෙන්... මේක තවත් රඟපෑමක් වගේ.. බැඳුම්කරේ... අපේ රට මෝඩයින්ට අන්දන්න හරි ලේසියි.
rocky Wednesday, 26 September 2018 02:21 PM
දැනට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සෙල්ල පිටිසර පළාත්වල වැසිකිලි තිබුනේ නැහැ. ඒ කාලේ ඒ රාජකාරිය කරන්න කවුරුත් වගේ ගියේ කැලෑවට.`එළිබහින්න` යනවා කියලයි ඒකට කිව්වේ. අතපය හෝදගන්න යනවා කියලා හෝදගන්න ගියේ ගමේවැවට. අප්පච්චියේ මේ සුද්ධවන්තයෝ ඒ කාලේ හිටියා නම් .. සිංහලයා මලා තමයි!.
lakmalWednesday, 26 September 2018 03:58 PM
ඇයි ඉතින් ඔබ ඒ යුගයට ආයෙත් යන්නේ නැත්තේ?
BamunuarachchiThursday, 27 September 2018 02:09 AM
හරියට හරි එයා තාම ජීවත් වෙන්නේ ගමේ මිනිස්සු කැලේ එලිබහින කාලේ. එත් එකදෙයක් කිවයුතුය ඒ කර්තව්‍ය නිමකළ මිනිස්සු අතපය සෝදා ගැනීමට වැවට ගොස් මෙන්න බලා ගනිල්ලා කියා රෙද්ද බිම දැම්මේ නැත. එසේ දැම්මනම් ඔහු ගමේ සිට හමාරය ඒවා ගමේ මිනිස්සු දන්නවා.
UdayaFriday, 28 September 2018 01:15 AM
මෙතන පූජා භූමියක්. "එළිබහින" තැනක් නොවේ.
Ananda r Wednesday, 26 September 2018 02:23 PM
ආලින්දයේ තියෙන රූප පෙට්ටියයි, අතේ තියෙන හෑන්ඩ් ෆෝන් ගැජට්ටුවයිමගින් දරු පරපුර නොමග යන බව තවත් වතාවක් දෙන සාක්කියක් තමයි මේ...
Samank Wednesday, 26 September 2018 02:42 PM
ඔන්න! මඩුවලිගෙන් තලනවා නං හොඳ අවස්ථාවක්...
OMG Thursday, 27 September 2018 08:32 AM
සමහර අය දාල තියෙන අදහස් බැලුවම මෙම වරද සාධාරණීය කරන්න උත්සහ ගන්නවා. කොලු කම, නොදන්නා කම වැනි දෑ පවසමින්. නමුත් මුල් වතාවේම තරවටුවක් නොකොළොත් තවත් බැරෑරුම් දේ වලට යොමු වෙන්න ඉඩ තියෙනවා. එනිසා මම නම් කියන්නේ දඩුවමක් දිය යුතුයි. නමුත් ඔවුන්ගේ ජීවිත ගොඩ ගන්න ගමන්. දැනට හම්බ වෙලා තියෙන දඩුවම ම ඇති ඔවුන්ට හැදෙන්න. දන්නා කියනා අයට ඔවුන් මුහුණ දෙන්නේ කොහොමද? මේකට සම්බන්ධ නැති සම වයසේ යහළුවෝ පවා දැන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ දෙමාපියනුත් ඔවුන්ගේ සම්බන්ධකම් නවත්වන්න බල කරයි. එනිසා තරුණ ජීවිත අකාලයේ පරවෙන්න දෙන්න නැතුව රැක ගත යුතුයි.
Maadava Friday, 28 September 2018 05:13 AM
ෂරියා නීතිය ඕනි කියලා හිතෙන්නේ මේවා සාධාරණ කරලා දාල තියන අදහස් දැක්කාම