IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පාප්තුමාට එන්න එපාලු

 පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය  කල් දමන්නැයි කියමින්  මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු වන  හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැමි කටවුට්,මැතිවරණ  පුවරු වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.

පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මහත් මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට් වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද ඇතැම් පුවරුවල දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.

එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු  වෙත ලිපියක් ලියමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.

මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි  පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

පාප්තුමාට එන්න එපාලු

දිනුෂා Thursday, 04 December 2014 03:30 PM

එතුමා එන එක මේ වේලවේ හොඳ නැහැ (නදී)

:       0       0

සූජිව සම්පත් ගමගේ Friday, 05 December 2014 07:16 AM

දෙවියන්ගේ කැමැත්ත අනුව එය සිද්ධ වේ.(හේ)

:       0       0

චානක Thursday, 04 December 2014 04:10 PM

හොද අදහසක්....සියලුම කතෝලික නායකයන් එක්වෙලා පාප් තුමා මේ එන ගමන නවතන්න පියවර ගන්න.පෙන්වා දෙන්න ඡන්දයක් තිබෙන කොට රටේ බලය තිබෙන මිනිසුන් ක්‍රියාකරන මිලේච්ච බාවය එතුමාට.(හේ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 04 December 2014 05:07 PM

උතුමාණන් එන එකට අපිත් කැමති උනත් ටිකක් කල් දානවා නම් අගේ කරනවා. (නදී)

:       0       0

දුමින්ද Friday, 05 December 2014 08:04 AM

රොනල්ඩ් රේගොන් සෝවියට් දේශය කඩන්නත් පාප්වහන්සේ යොදාගත්ත එකේ ඕක මොකක්ද (බ)

:       0       0

අමිල Friday, 05 December 2014 08:14 AM

පොස්ටර් අලවන්නත් ගන්න ඉඩ තියන නිසා නොඑන එක හොඳයි (බ)

:       0       0

සිල්වා Thursday, 04 December 2014 05:28 PM

මම නම් කියන්නේ එනවානම් එන්න ඕනි පරක්කු වෙලා කියලා (දිල්)

:       0       0

ලලිත් Thursday, 04 December 2014 06:18 PM

චන්දෙන් පස්සේ එන පාප්තුමා චන්ද පෝස්ටර් වලට යොදාගන්න කට්ටියක් උත්සහ කරනකොට එතුමා චන්දෙට කලින් ගෙන්වල ප්‍රකාශයක් කරවාගෙන චන්ද ගන්නත් සමහරු බලාගෙන සිටිය. (නදී)

:       0       0

සම්පත් Thursday, 04 December 2014 06:39 PM

අපි හොද බෞද්ධ. නමුත් සියලුම දෙනා එක්වෙලා පාප් තුමා ආවම පෙන්වන්න ඡන්දයක් තිබෙන කොට රටේ බලය තිබෙන මිනිසුන් ක්‍රියාකරන මිලේච්ඡ බාවය එතුමාට (නදී)

:       0       0

අනිල් රෝහණ Thursday, 04 December 2014 08:39 PM

පාප වහන්සේට හිතුනු දේ අවංකව කරන්න ඉඩදෙන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

වි.වර්ණකුලසුරිය Thursday, 04 December 2014 10:31 PM

මෙම ඉල්ලීම නිවැරදිය. පාප්තුමාට නිසි ගෞරවයක් ලබාදීමට නම් වඩා සුදුසු මොහොතක පැමිණීමට ආරාධනා කළයුතුව ඇත.මැතිවරණයකින් පසු රටේ තත්වය පාලකයන් විසින් හඳුනා නොගැනීම ඇත්ත වශයෙන්ම පුදුම සහගතය.එම වාර්තාවේ සදහන් කරුණු ශ්‍රි ලංකාවේ හැම කතෝලිකයෙකුගේම ඉල්ලීම වෙනවාට සැක නැත. (නි)

:       0       0

කුමාර Friday, 05 December 2014 12:25 PM

අපිත් බෞද්ධ මිනිස්සු, අනේ වාසනාවන් ඔබ වහන්සේ ලංකාවට එන්න. වාසියට බොරු ලියන්න එපා මිනිසුනේ. (ර)

:       0       0

තිලක් ඩුබායි Thursday, 04 December 2014 01:02 PM

මමත් කියන්නේ එතුමා මේ වෙලාවේ නොඑන එක හොඳයි කියලයි (නි)

:       0       0

යසංග Thursday, 04 December 2014 01:03 PM

පාප් වහන්සේ ලංකාවට එනවා නම් ඒක අපිට මොනතරම් ලොකු ආශිර්වාදයක්ද? ඉවසීමෙන් බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සෝමදාස Thursday, 04 December 2014 01:05 PM

ඒකත් එහෙමද? (නි)

:       0       0

බණ්ඩා Thursday, 04 December 2014 01:21 PM

මේ රටේ මොන සමයක්ද ? විරුද්ධ පක්ෂෙට කොඩියක් දාන්න බෑ..පෝස්ටරයක් ගහන්න බෑ ,රැස්වීමක් තියන්න බෑ (දිල්)

:       0       0

රාමා Friday, 05 December 2014 01:44 AM

අපි බෞද්ධ, හින්දු මොන ආගමේ වුණත් අතිඋතුම් පාප් වහන්සේ මේ රටට වඩින එක අපිට ආඩම්බරයක්. ගෞරවයක්. නමුත් මේ වෙලාවේ එතුමා මෙම රටට වැඩම කිරීම එතරම් හොඳ මදි. (නි)

:       0       0

සේන Thursday, 04 December 2014 01:32 PM

හරිම කනගාටු දායක සිදුවීමක්, පාප් වහන්සේ වැනි උත්තමයෙක්ගේ පැමිණීමෙන් දේශපාලන වාසියක් ගැනීමට උත්සහ කිරීම නම් කොහොමත් අනුමත කරන්න බැහැ. (ම)

:       0       0

නිර්ශාඩ් Friday, 05 December 2014 03:12 AM

ජනාධිපතිතුමාට මේවා ගැන මම දන්නේ නැහැ කියන්න බැහැ. ඔහුට පුළුවනි ඔහුගේ විධායක බලය මේ අවසාන කාලයට භාවිතා කරලා එවැනි ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීමට කටයුතු කරන්න.(දිල්)

:       0       0

ශිරන්ති Friday, 05 December 2014 03:25 AM

පාප් තුමාගේ සංචාරයයි ජනාධිපතිවරණයයි පටලවා ගන්න තරම් අපේ මිනිස්සු මෝඩ නැහැ .එතුමාට එන්න කියමු (ම)

:       0       0

ඩිලාන් Friday, 05 December 2014 04:14 AM

පාප්තුමාට ශ්‍රී ලංකාවට එන්න තරම් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැත.(හේ)

:       0       0

මිලින්ද Friday, 05 December 2014 02:28 PM

මගෙත් පුද්ගලික හැඟීම ඒකම තමයි (දී)

:       0       0

ගුණසේකර Thursday, 04 December 2014 02:28 PM

මම කියන්නේ මාසයක් දෙකක් පරක්කු වෙලා එන්න අලුත් ජනාධිපතිට පිළිගන්න පුළුවන්නේ නිදහසේ ඡන්දෙ හින්ද ම්නිස්සුන්ට නිදහසක් නැහැ උන්වහන්සේව දැකගන්න. (ර)

:       0       0

අබේ Thursday, 04 December 2014 02:28 PM

මැතිවරණය නිදහස් රටක අයිතියක්. පාප් තුමාගේ සංචාරය වෙනත් එකක්. අපේ රට වතිකානුවෙන් පාලනය වන්නේ නැ. (ර)

:       0       0

දිනේෂ් Thursday, 04 December 2014 02:36 PM

අපි බලන් ඉන්නේ එතුමන් එනකන්. (ර)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 05:16 AM

පාප්වහන්සේ ලංකාවට නොපැමිණෙන බව ඉතාම පැහැදිලියි, (හේ)

:       0       0

සත්‍යපාල Thursday, 04 December 2014 02:57 PM

පාප් වහන්සේ කියන්නේ ආගමික නායකයෙක්. දේශපාලන වාසි සදහා එතුමාව තව තවත් යොදාගත හැකි බැවින් මැතිවරණ යුද්ධයෙන් පසු පැමිණීම වඩා යහපත්ය. (ර)

:       0       0

සොනාලි අල්විස් Thursday, 04 December 2014 02:59 PM

අති උතුම් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන වලක්වන්නට කරන උත්සාහය අසාර්ථක වේවා.! උන්වහන්සේගේ පැමිණීම අපේ රට සහ කිතුණු බැතිමතුන්ට මහත් ආශිර්වාදයක් මෙන්ම සතුටක් ගෙනෙන දිව්‍යමය වරප්‍රසාදයක් වනු ඇත. (ර)

:       0       0

බන්දුල ඩී. සිල්වා - අම්බලන්ගොඩ Thursday, 04 December 2014 03:04 PM

නැවතත් මෙවන් වටිනා අවස්ථාවක් හිමිවෙවිද කියන එකයි ඊළඟ ගැටලුව වෙන්නේ. (ර)

:       0       0

සමීර Thursday, 04 December 2014 03:04 PM

පාප් වහන්සේ එයිද.? (ර)

:       0       0

චාන් Thursday, 04 December 2014 03:22 PM

පාප් වහන්සේ එන එකක් නැහැ. (ර)

:       0       0

සජිත් Thursday, 04 December 2014 03:23 PM

අපි හොද බෞද්ධ. නමුත් පාප්තුමා වැනි උතුමෙකුගේ සම්ප්‍රාප්තියට නම් කවදාවත් අකුල් හෙලන්නේ නැහැ. (ර)

:       0       0

විද්‍යා Thursday, 04 December 2014 03:27 PM

පාප් තුමනි, ඔබවහන්සේ කලකින් ලොවට පහල උන උසස්ම ගනයේ මිනිසෙකි. මෙම ගමන කල් දමන්න. එවිට ශ්‍රී ලාංකිකයන් ඔබවන්සේගේ නිර්මල පණිවිඩය සාවදානයෙන් අසයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 472 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 134 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1981 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2420 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3783 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site