නව පාපැදි අතුරු කමිටුවට පත්වූ නිලධාරීන්ට පත්වීම් ලිපි ලබාදීම ලබන සඳුදා (30) කී‍්‍රඩා අමාත්‍යාංශයේදී සිදුකෙරේ. එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතාගේ සහභාගිත්වයෙන් යුතු නව පාපැදි අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න හා ජාතික ඔලිම්පික් කමිටුවේ උප භාණ්ඩාගාරික නිෂාන්ත පියසේන යන මහත්වරු ද පත්ව සිටිති. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි නව කමිටුව පත් කළේ මේ වනවිට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කි‍්‍රයාත්මක නොවන බැවිනි. පාපැදි පරිපාලනය ඇණහිටීමෙන් පසුගිය කාලයේ තමන්ට දෙස්විදෙස් තරග රැුසක් අහිමිව ගිය බව පාපැදි තරගකරුවෝ පවසති. පාපැදි සම්මේලනයේ නිලවරණය (2011-12) අත්හිටුවීමට සිදුවුයේ ඒ සම්බන්ධයෙන් නිලධාරීන් අතර ආරවුල් පැන නැගීම නිසාය.
2025 දෙසැම්බර් මස 04
766
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාපැදි අතුරු කමිටුවේ පත්වීම් ලිපි ප‍්‍රදානය සඳුදා