ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති රංජිත් රුද්‍රිගු මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී එහි සභාපති ජෝශප් බ්ලැටර් මහතා අනිද්දා (23) මුණගැසීමට නියමිතය.
රුද්‍රිගු මහතා ජිනීවා නුවර බලා ඊයේ රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව නැංවීමේ අලූත් සැලසුම් පිළිබඳව එහිදී බ්ලැටර් මහතා සමඟ සාකච්ඡ කරන බව රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය. ශී‍්‍ර ලංකාව හා බ්ලැටර් මහතා අතර හොඳහිත වර්ධනය කරගැනීමත් තමාගේ මෙම චාරිකාවේ එක් අරමුණක් බවද ඔහු පැවසීය.
ලෝක පාපන්දු සමුළුවේ සභාපතිවරයා මෙම වසරේ මුල්භාගයේදී ශී‍්‍ර ලංකාවේ චාරිකාවකට සහභාගී වන බව ප‍්‍රකාශ වුවත් පසුව වාර්තා වූයේ ඔහු එය අත්හිටවූ බවයි.
ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර අනුග‍්‍රාහකයෙකු සොයාගැනීමේ හැකියාව පිළිබඳවත් වෘත්තීය මට්ටමේ ලීග් පාපන්දු තරගාවලියක් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට ඇති හැකියාව ගැනත් බ්ලැටර් මහතා සමග තමන් සාකච්ඡ කරන බවත් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු එහිදී පැවසුවේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ෆුට්සාල් පාපන්දු තරගාවලිය පිළිබඳවත් බ්ලැටර් මහතා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
බ්ලැටර් මහතා වසර 2001දී අවසන් වරට ශී‍්‍ර ලංකාවට පැමිණි අතර ඒ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආධාරයෙන් ඉදිවූ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානය විවෘත කිරීම සඳහාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාපන්දු සභාපති රංජිත් ලෝකෙට ලොක්කා හමුවෙයි