IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පුපුරා ගිය අතීතය යළි ගොඩනගයි

මඩකලපුව වන්දාරමුල්ලේ දි 1997 දී බෝම්බයකට හසුවී දකුණු ඇස සහ දකුණු අත අහිමි වූ වන්දාරමුල්ලේ කන්නනායගම් අරුලානන්දම් ගඩොල් කපා ජීවිතයේ සරිකර ගනියි.
අරුලානන්දම්ගේ දැන් වයස අවුරුදු 26කි. අවුරුදු 11දී ඔහු බෝම්බයට පසුවිය. ඔහු වැඩ කරන ගඩොල් වැඩපොල පිහිටියේ අම්පාරේය.

ඔහු මැටි කපා තනියම වතුර ඇදගෙන මැටි පාගා ගඩොල් කැපීම සිදු කරන ආකාරය බලන පුදුම සහගතය.  ගඩොල් 300-400 අතර කපන බවත් ගඩොල් වැඩ පලේ අයිතිකරුය. ටී.එම්. සමන්ත අත්උදව් කරන බවත් අරුලානන්දම් කියයි. සතිදෙකකට වරක් මඩකලපුවට යන අරුලානන්දම් මව පියා සහ සහෝදරියන්ගේ දුක සැප බලා නැවත ගඩොල් වැඩපොළට පැමිණේ. අරුලානන්දම්ගේ පියා මයිල්වානගම් කන්නනායගම්ය. මව සෙල්ලතම්බි සරස්වතීය. තනම් සහ දර්ශිණි සහෝදරයා සහ සහෝදරියන්ය.

 

 



අදහස් (0)

පුපුරා ගිය අතීතය යළි ගොඩනගයි

දර්ශන් Thursday, 24 October 2013 09:47 PM

විමුක්තිය ලබාදෙන බව පවසා සාමය ජීවිත අහිමි කරමින්,අංග විකල කිරීම්, බලලෝභී නායකයන් විසින් සිදු කර ඇත්තේය. උතුරේ සහ දකුණේ එවැනි දේ කළ අයගේ ඉරණමද එවැනිම ඛේදවාචකයක් විය (නි)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 09:49 PM

දෑත දෙපය හොදින් තියාගෙන, නිකන් දුන්නම කන්න බලාගෙන ඉන්න අයට හොද ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

රුවන් Thursday, 24 October 2013 09:53 PM

මට වචන නැහැ කියාගන්න. ගොඩාක් දුක හිතුනා වගේම සතුටකුත් දැනුනා. මෙතුමාගේ ධෛර්යය දැකලා. ඹහුට සියලු දෙවියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි. (නි)

:       0       0

යු. එස්. ඒ Thursday, 24 October 2013 09:58 PM

එහෙත් තවමත් කොටි ත්‍රස්තවාදීන්ට ආවඩන්නට සැදී පැහැදීගත් සමහර දේශපාලුවෝ සිටිති (නි)

:       0       0

වසන්ත Friday, 25 October 2013 05:50 PM

චාමර උඩු කරනවානම් මට පුළුවන් සම්බන්දකරන්න (අ)

:       0       0

සිල්වා Friday, 25 October 2013 12:33 PM

ඔබට තව තවත් ශක්තිය ලැබේවා!! මෙවන් වු මිනිසුන් අගය කරනවා. දිරිය මිනිසුන් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වේවා!!! (ස)

:       0       0

ධම්මික Thursday, 24 October 2013 10:25 PM

කාටත් ආදර්ශමත් දිරිය තරුණයෙක්. (නි)

:       0       0

ජයන්පති Thursday, 24 October 2013 10:28 PM

අතක්, පයක් , ඇසක් අබ්බගාත වු පමනින් අනුන්ට අතපාන මිනිසුන් අතරේ මෙන්න ආදර්ශමත් මිනිස්සු. ඔබට තව තවත් ශක්තිය ලැබේවා සහෝදරයා! (නි)

:       0       0

කුමාර් Thursday, 24 October 2013 10:33 PM

ඔහුගේ ජීවිතය ගතින් සහ මනසින් කම්මැලියන්ට හොඳ ආදර්ශයකි. ඔහුට වාසනාවන්ත අනාගතයකට සුබ පතමි.ජයවේවා! (නි)

:       0       0

පෙත්තා Thursday, 24 October 2013 10:36 PM

නුඹ නියම ආදර්ශයක්. හොඳ කොල්ලෙක්. මේවගේ තරුණ ජීවිත කියක් අපට නැති වුණාද? මෙවන් යුද්ධ ලංකාවෙන් තුරන් කරන්නට පෙරමුණ ගන්න. ජය. (නි)

:       0       0

බුවනෙක Friday, 25 October 2013 01:36 PM

ඔබට තව තවත් ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

සිසිර Friday, 25 October 2013 12:08 AM

සොයුර, ඔබගේ උත්සාහය හැන මට කියන්න වචන නොමැත.ඔබට බුදු සරණයි. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 25 October 2013 12:09 AM

සොරකම්, මංකොල්ලකෑම් කර ඡීවත් වෙන පූද්ගලයින්ට මෙය කදිම ආදර්ශයක්. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියූණූවටම පත්වේවා! (නි)

:       0       0

රසිකා Friday, 25 October 2013 12:17 AM

නියම සුපර් ස්ටාර් කෙනෙක් (නි)

:       0       0

ජ. තිසර Friday, 25 October 2013 01:53 PM

කොටින් රටට කළ මේ එක් සාපයකි.. දකුණ'තෙ ඉතිරි වී ඇත්තේ භාගයකි.. උදව් ලැබිය යුතු දිරිමත් තරුණයෙකි.. ඩයස්පෝරා කිඹුල් කඳුළු ප්‍රයෝගෙකි... (ස)

:       0       0

ශිරෝ Friday, 25 October 2013 01:55 PM

දැක්කම දුක හිතෙනවා. ඔබගෙ දහිරිය සැමට ආදර්ශයක්.ඔබේ ජීවිතය වාසනාවන්ත වේවා. (ස)

:       0       0

අමන්දා Friday, 25 October 2013 12:40 AM

දයාබර සොහොයුර, ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කමල් Friday, 25 October 2013 02:04 PM

උදව් කරන්නේ නම් මෙම තරුණායාගේ ධෛර්ය්‍ය හීන නොවන ආකාරයට උදව් කල යුතුයි. නැත්නම් මෙයාටත් අපේ සමහර තටු ලැබූ ක්‍රීඩකයින්ට වුනු දේ වෙයි. .(නදී)

:       0       0

සෙන්තිල් Friday, 25 October 2013 12:55 AM

මේ කෙනා සිංහලයෙක් නම්,බලන්න තිබුනා ඔහුව වර්ණනා කරලා අදහස් 100ක්වත් මේ වෙනකොට දාලා ඇති (නි)

:       0       0

රේණුකා Friday, 25 October 2013 02:08 PM

ඇත,පය හතරම හොදට තියගෙන හිඟා කන අයට හොඳ ආදර්ශයක් .(නදී)

:       0       0

චමත් Friday, 25 October 2013 01:40 AM

ඔබ තරුණ පරපුරට මහඟු ආදර්ශයකි! (නි)

:       0       0

රොෂාන් Friday, 25 October 2013 02:00 AM

මොන ජාතිකයෙක් වුණත් බුදු සරණින්, දෙවි පිහිටෙන් ජීවිතය සාර්ථක වෙලා, හොඳ බිරිඳක් ලැබිලා ,වාසනාවන්ත දරුවෝ ලැබිලා ලස්සන අර්ථවත් නිදුක් නීරෝගී අනාගතයකට ශ්‍රී ලාංකික අපෙන් ඔබට ආශීර්වාද පැතුම්! (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 25 October 2013 02:11 PM

නියමයි ඔබ ගැන හරිම සතුටුයි ...ඔබටත් ඔබේ දෙමාපියන්ටත් ඔබට රැකියාව දුන් අයටත් බුදු සරණයි ....සෙන්තිල්,ඔයාටත් බුදු සරණයි..(නදී)

:       0       0

එදිරිසිංහ Friday, 25 October 2013 08:38 PM

කොහොමත් සෙන්තිල් යන්නේ තවමත් වැරදි මාර්ගයේ වගේ. දැන්වත් හරි මාර්ගය තෝරාගන්න සෙන්තිල් සහෝදරයා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 October 2013 02:13 PM

අපි අමුතුවෙන් මොනවා ලියන්නද සෙන්තිල් මහත්තයෝ ? මේ තියෙන්නේ සිංහල දෙමල සමගිය අපුරුවට , අපි ජාතිවාදී උනානම් ඔහෙලට දුවන්න වෙන්නේ අරාබියටම තමයි.(නදී)

:       0       0

ගුණරත්න Friday, 25 October 2013 02:12 AM

නමුත් මේකෙන් මේ අහිංසකයට කරදරයක් වෙයිද කියලයි මම කල්පනා කරන්නේ.මේ වැඩ දුටුවිට මේකට තව අයිතිකාරයෝ එයිද දන්නේ නැහැ, අයිතිවාසිකම් කියාගෙන. (නි)

:       0       0

චාමර Friday, 25 October 2013 02:14 PM

මම කැමති මොහුට උපකාර කරන්න ,කරුණාකර විස්තර දෙන්න .(නදී)

:       0       0

ආරියසේන Friday, 25 October 2013 02:55 AM

අපේ රටේ අතක් පයක් අහිමු වුණොත්,අවුරුදු පනස්පහෙන් විශ්‍රාම ගියත් වෙනත් රැකියාවට යාමට කිසිසේත් අවකාශයක් නොමැත.නමුත් වෙනත් රටවල අනිවාර්යෙන්ම සියයට පහක් හෝ දහයක් පෞද්ගලික සමාගම් හෝ ආයතන වලට ඔහුන්ගේ දක්ෂතා හා පළපුරුද්ද අනුව රැකියාවල් දිය යුතුයි කියා ගිවිසුම් අත්සන් කර ඇත. ඒ වගේම අත්පා කකුල් අහිමි වුණත් ඔවුන්ට ධාවනය කළ හැකි රථ වාහනයක් පැදීමට රියදුරු බලපත්‍රයක් ලබා ගත හැක.විශේෂයෙන් අපේ රටේ අතක් පයක් අහිමි වුණොත් කෙනෙකුට අතපානවා හැර ඔහුන්ගේ ජීවිතය ගෙන යාමට නීති සම්පාදන කර නොමැත. (නි)

:       0       0

දම් Friday, 25 October 2013 03:52 AM

ජීවිතය ජයගනින් වීර කොලුවෝ... (නි)

:       0       0

තීනු Friday, 25 October 2013 04:03 AM

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ.... දෑතේ සවියෙනි රට ගොඩ නැගුනේ..... ඒ මිනිසුන්නේ මළගම වෙනුවෙන්...... මොන රජමැදුරෙද සුදුකොඩි නැගුනේ........ (නි)

:       0       0

කුෂාන් Friday, 25 October 2013 04:56 AM

ජාතිය කුමක් වුවත් ලංකාවට අවැසි මෙවන් මිනිසුන්ය (නි)

:       0       0

පුබුදූ Friday, 25 October 2013 02:52 PM

අනේ පව් ඒ මනුස්සයා. (ස)

:       0       0

මයුර Friday, 25 October 2013 05:59 AM

දිනු රටටත් හැදු වැඩු දෙමාපියන්ටත් ණය නැති හොඳ පුතෙක් (නි)

:       0       0

සෑම් Friday, 25 October 2013 06:31 AM

කෝ මේ ඩයස්පෝරා? (නි)

:       0       0

ලියා Friday, 25 October 2013 07:14 AM

ඔහු සැබෑ ශක්තිවන්තයෙක් (නි)

:       0       0

මනෝජ්- සාජා Friday, 25 October 2013 03:13 PM

සිංහල, සිංහල අපිට විතරක් සාප කරන්ට එපා. (ස)

:       0       0

කුෂාන් Friday, 25 October 2013 07:38 AM

ජීවිතය ගොඩගන්නා දිරිය ලක් පුතෙක් (නි)

:       0       0

දම්මිකා Friday, 25 October 2013 03:26 PM

යුද්ධෙන් මෙහෙම උනා නම් ජීවත් වෙන්න ඇති තරම මුදල් ලැබෙනවනේ . මෙහෙම දුක් විදින්න ඕනේ නැහැ නේද? (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 09:15 AM

සෙන්තිල්,ඔබ මොන ජාතියේද කියන්න මම දන්නේ නැහැ, ඒත් සිංහල කියන්නේ ජාතිවාදී නොවන ඕනෑම කෙනෙකුට සහෝදරත්වයෙන් සලකන ජාතියක්, කොහේටවත් නැති අය කොහෙත් ඉන්නවා. එය වලක්වන්න බැහැ. කියවලා බලන්න සිංහල අය දාලා තියෙන අදහස් මේකට. ජාතිවාදය නිසා අපි දුක් වින්ද තරම ඇති, තවත් එය පතුරුවන්න එපා. කන්නයගම් සොයුරාට සුබ අනාගතයක් ! (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 09:16 AM

දර්ශනගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඇත්ත එය තමයි, බොහෝ දෙනෙක් අවබෝධ කර නොගත්. (ස)

:       0       0

මංජුලා හේමමාලි Friday, 25 October 2013 09:23 AM

ඔබට දිරිය ශක්තිය ලැබේවා! අනේ මේ සහෝදරයට කෘතිම අතක් දෙන්න බලමුකෝ. (ස)

:       0       0

ටෙනිසන් Friday, 25 October 2013 09:31 AM

අඩුපාඩුකම් සියල්ල අමතක කර ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න මහපොලව හා ගැටෙන සොයුර ඔබේ සිතුම් පැතුම් සියල්ල සම්පූර්ණ වේවා ,ලස්සන අනාගතයකට දොරටු විවෘත වේවා ,ඔබට ජයෙන් ජය. කුරිරු යුද්ධය සැමටම සාපයක්, නමුත් තවමත් ජාති වාදය ,ආගම් වාදය කර පින්නගන යුද්ධයකට ආවඩන සෙන්තිල්ල ,මිහිරල වගේ අයට එය නොතේරෙන එක ඊට වඩා සාපයක්ද , පාපයක්ද ? (ස)

:       0       0

සීස් Friday, 25 October 2013 09:45 AM

ෆේස් බූක් ලව් එක අප්සෙට් වෙලා දිවි නසාගන්න හදන අපේ බොළඳ පෙම්වතුන්ට ජීවිතයේ වටිනාකම කියලා දෙන උතුම් මිනිසෙක්. ෆේස් බූක් බොළඳ පෙම්වතුනි මේ උතුම් මිනිසා ආදර්ශයට ගන්න. දිරිය ලක් පුතුනේ ඔබට බුදුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. සදා ජය.... (නදී)

:       0       0

සරත් Friday, 25 October 2013 09:58 AM

ඔබ සැම දෙනාටම ආදර්ශයක්. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!! (ස)

:       0       0

ඩෑන් Friday, 25 October 2013 10:06 AM

සෙන්තිල්, මට පේන්නේ ඔයාගේ ඇස් දෙකම පේන්නේ නෑ වගේ, ජාති බේද තියෙන්නේ ඔය වගේ අය ළඟ. හොඳ දෙයක් දැක්කම අපි කව්රුත්හොඳ කියනවා, අරුලානන්දම් ඔබට යහපතක්ම වේවා.(නදී)

:       0       0

පද්මිණි Friday, 25 October 2013 10:47 AM

හිත උණු වුණු පුවතක්. සෙන්තිල්, අපි එකතු වී මේ තරුණයාට පිහිට වෙන්ට මඟක් බලමු. ඔබට පුළුවන් මුලිකත්වය ගන්න.මේවට අත දෙන ස්වේඡා සංවිධාන කොච්චර තියෙනවද. (ස)

:       0       0

රුවන් Friday, 25 October 2013 11:04 AM

සෙන්තිල්ටම දැක ගන්න පුලුවන් වුනානෙ ඇත්ත තත්වෙ. හරිම මහත්මයෙක් නම් අතපසු වීමකදී සමාව ඉල්ලන්න ඕනා. මතක් කරලා එහෙම කරලා නම් වැඩක් නැහැ සෙන්තිල්. ඔයා කවුද කියලා හැමෝටම පෙනුනා. (ස)

:       0       0

කෝසල Thursday, 24 October 2013 09:12 PM

යුද්ධය කුරිරුයි.පවු අහිංසකයා (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 October 2013 09:29 PM

දුටුවිට ඇත්තෙන්ම දුක හිතෙනවා. මේවට වග කියන්න ඕනෑ කව්ද කියලා අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැ.පරම්පරා ගානකට ශාප වෙන්න ඕනෑ මේවාට.ඔබට දිරිය ශක්තිය ලැබේවා ජීවිතය ජය ගන්න. (නි)

:       0       0

මාජු Thursday, 24 October 2013 09:39 PM

ඔබට‍ ධෛර්යය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා! (නි)

:       0       0

අනුර Friday, 25 October 2013 12:13 PM

මල්ලි උඹ දකුණට එනවා නම් ගඩොල් වැඩ පොලත් අරගෙන අපි උඹව අවංකව බලා ගන්නවා. (ස)

:       0       0

සරා Thursday, 24 October 2013 09:41 PM

මේ අහිංසකයට අදහස් ලියන්න කවුරුවත් නැහැ (නි)

:       0       0

අමිත Thursday, 24 October 2013 09:43 PM

මෙවැනි අසරණ, නමුත් දිරිය මිනිසුන් ලංකාවේ හුඟක් ඉන්නවා. කොහොම වුණත් රජයෙන් යම් සහනයක් හරි උපකාරයක් හරි කරන්න පුළුවන් නම් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5238 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 21 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 115 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 214 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2714 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2702 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16458 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 260 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site