IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාප් තුමා ලංකාවට එන හැඩයි

 

ප්‍රැන්සිස් පාප්තුමා ලබන ජනවාරියේ ආසියාවේ සංචාරයක් කරන බව පසුගිය දා බ්‍රසීල සංචාරය නිමා කර යළි වතිකානය වෙත යමින් සිටියදී මාධ්‍ය වෙත පවසා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.

මේ වන විට වැඩකටයුතු අවසන් කර ඇති මීගමුව බෝලවලානේ 16 වන බෙනඩික් ආසියාතික දේවධර්ම ශාස්ත්‍රාලය විවෘත කිරීමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට එතුමන්ට යැවූ ආරාධනාපත ද එතුමන් බාරගෙන ඇත.

ප්‍රැන්සිස් ශුද්දෝත්තම පියතුමන් සිය ජෙරුසෙලමේ සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ සංචාරය පිළබදව ද සලකා බලමින් සිටින බව වාතිකාන වාර්තාකරුවෙකු වන ජොන් ඇලන් පවසා ඇත.

 

 

 



අදහස් (0)

පාප් තුමා ලංකාවට එන හැඩයි

මනෝහරන් Thursday, 01 August 2013 11:12 AM

මෙහි ඇති විශේෂය මොකක්ද? මිනිස්සු යනවා එනවා. මීට කලිනුත් කට්ටිය ඇවිල්ලා ගියේ. (නි)

:       0       0

දේෂිකා Thursday, 01 August 2013 11:15 AM

ඔබ වහන්සේ බෞද්ධ අපි සාදර ගෞරවයෙන් පිළිගන්නවා. ගාමිණී මහින්ද මම ඔබ සමග එකඟයි. නියම බෞද්ධයා කවදවත් අනිත් ආගම වලට නිගා කරන්නේ නැ. (ස)

:       0       0

බමුණු Thursday, 01 August 2013 04:40 AM

පැමිනෙනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රාජ්‍ය සම්මාන දෙනවට අපි විරුද්ධයි. (නි)

:       0       0

සෙනෙවි Thursday, 01 August 2013 04:46 AM

1505 සිට මේ දක්වාම මේ රටේ මිනිසුන්ගේ සංස්කෘතිය උරුමය විනාශ කරන බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් (නි)

:       0       0

සෙනෙවි Thursday, 01 August 2013 04:50 AM

දියානා, ඔයාගේ මුතුන් මිත්තෝ 1505 ත් ලංකාවේ හිටියා තාන්න මාන්න බලාගෙන ඔවුන් පස්සේ දුවපු. (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 01 August 2013 04:11 PM

මර්සලින් ජයකොඩි පියතුමා කිව්වේ ,මගේ ජාතිය සිංහල ,ආගම කතෝලික ,මගේ උරුමය බෞද්ධ කියලා.එතුමා ලියපු සාෆ් තේමා ගීතය ,'සේදමලින් සැදී මුතුමල් දෙරනයි' ඔයාලට තාම මතක ඇති (නි)

:       0       0

අශෝක Thursday, 01 August 2013 05:11 AM

හොදයි එහෙම එන එක (නි)

:       0       0

චන්දා Thursday, 01 August 2013 04:12 PM

මේ අදහස් උදහස් දාන උදවිගේ පැටිකිරිය යාන්තම් වුණත් දැනගන්න පුළුවන් කලින් කරපු කියපු කතා විමසා බැලුවොත් ටිකක්. සැකයක් ඇතිවෙනවා විරෝධී ආකල්ප වැකි දාන්නෙත් සැබැ විරුද්ධවාදීන්මද කියා (නි)

:       0       0

කසුන් මහේල Thursday, 01 August 2013 08:38 PM

මම කතෝලික. මම නම් එක හදවතින්ම කැමතියි පාප් වහන්සේගේ පැමිණීමට. ඒක අපේ රටට ආශීර්වාදයක්. (නි)

:       0       0

පුලස්ති ලිවේරා Thursday, 01 August 2013 11:45 AM

බුදු හාමුදුරුවෝ මෙහෙම කියනව :- පරම්පරාවෙන් ආ පලියෙන්, දෙමාපියන් කී පලියෙන් කිසිවක් පිලි නොගන්න.. ඔබට සත්‍යයයැයි වැටහූනොත් පමණක් පිලි ගනඩ.. ඉතින් පාප් තුමා ඇවිත් දේශනා කලත් වරදක් නෑ.. එය සත්‍යය බව වැටහුනොත් පිලිගන්නව.. එතුමා පැමිනීම වටිනවා. (ස)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 04:22 PM

මේකට අදහස් ලියන එක අයෙක් හට ලියන්න පුලුවන්ද තමන්ගේ කියන ආගම අරගෙන ආවේ කොහෙන්ද කියා. මගේ මව ක්‍රිස්තියානි පියා බුද්ධාගමේ, මවගේ පියා ඉස්ලාම් පියාගේ මව ද්‍රවිඩ හින්දු. සියල්ල කලවම් වෙලා තියෙන්නේ. මට නම් කොයි ආගමත් එකයි. ජීවත් වෙලා ඉන්න ටික කාලේ අනිත් අයට කරදයක් නැතුව ජීවත් වෙලා තමන් පිළිගත්ත ආගමක් අදහන එකයි තියෙන්නේ. ලොව උත්තමයැයි පිළිගත් පුද්ගලයින් සිටින්නේ ඉතාම අල්පයයි. එවැනි උත්තමයෙකුගේ පැමිණීම කාගේත් වාසනාවට හේතුවේවි. (නි)

:       0       0

බමුණු Thursday, 01 August 2013 06:36 AM

"සැබෑ බෞද්ධයා අනෙකුත් ආගම්, මත ඉවසන ඒවාට ගරුකරන කෙනෙක්!' එම කාලය පසුවෙලා බොහොම කල්. අපි ඉවසපු නිසා තමයි වෙනත් බලවේග ක්‍රියාත මක වුණේ. 1950 ගණන් වල බුරුමයේ 95% බෞද්ධ අද 45% බෞද්ධයෝ ඉන්නේ. ඒ බෞද්ධයගේ ඉවසීමේ ප්‍රතිපල. ලංකාවට එහෙම වෙන්න දෙන්න බැහැ. (නි)

:       0       0

අනිල් Thursday, 01 August 2013 04:29 PM

ලෝක ප්‍රජාවට අපේ රටේ තියෙන සුන්දර බව කියන්න මේක ලොකු අවස්ථාවක් කර ගනිමු. ආගම් බේදයකින් තොරව හොද අවස්ථාවක් (නි)

:       0       0

ගාමිණී මහින්ද Thursday, 01 August 2013 06:35 AM

හැම රෙද්දටම ' මේක බෞද්ධ රටක් " කියන එක ඉස්සර කර ගන්න එපා. මමත් බෞද්ධයෙක්. බුදු හාමුදුරුවෝ කවදාවත් අන්‍ය ආගම් පහත් කරලා සැලකුවේ නැහැ. සලකන්න උගන්නලත් නැහැ. මේ වගේ පටු අදහස් තියෙන මෝඩ අය නිසා තමා ලංකාව දිනෙන් දින අගාධයට යන්නේ. (ස)

:       0       0

ෆ්රි Thursday, 01 August 2013 06:35 AM

එතුමාව සාදරයෙන් පිළිගනිමු. (ස)

:       0       0

චානුක Thursday, 01 August 2013 04:28 PM

නිල් රනා කියන කෙනාට මේ කියන්නේ, ඔයාගෙ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා.. (නි)

:       0       0

බමුණු Thursday, 01 August 2013 06:41 AM

හැම දෙයක් ගැනම සැකෙන් බලන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 01 August 2013 06:45 AM

සුද්ද වූ පාප්තුමා රටකට පය තබන එක ඒ රටට ලොකු වාසනාවක් වගේම ආශිර්වාදයක්.ආගම් බේදයකින් තොරව උන්වහන්සේව අප නමස්කාර පූර්වකව පිළිගත යුතුයි. ගියවර සුද්දෝත්තම පාප්තුමා ලංකාවට වැඩියේ වෙනත් ගමනක් යන අතරතුර පැය ගණනකට. එදා උන්වහන්සේ පිළිගන්න ගරු මර්සලින් ජයකොඩි,අර්නෙස්ට් පෝරුතොට පියතුමන්ලා සමග හරි හරියට වැඩ කළේ ලංකාවේ ශ්‍රේෂ්ට සංග පීතෘවරයකු වූ විපුලසාර හාමුදුරුවෝ. අන්තවාදී මන්දබුද්ධික ලක්ෂ්මන්ලා ,ඩැනියෙල්ලා, ජයන්තලා ඕවා දන්නේ නැහැ.කතෝලික සබාවෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා, මෙවර උන්වහන්සේව අවම වශයෙන් පැය 24ක් තබාගෙන ත්‍රයි නිකායක නායක ස්වාමින් වහන්සේලා මුණගස්වන්න. (නි)

:       0       0

ජුඩ් Thursday, 01 August 2013 08:57 PM

හැම දෙනාම දැනගන්න ඕනෑ පාප් වහන්සේ ආගමික නායකයෙක් විතරක් නෙමෙයි එතුමා වතිකානුවේ රාජ්‍ය නායකයා , ඉතින් උන්වහන්සේට රාජ්‍ය ගෞරව දීලා පිළිගැනීම අනිවාර්ය වෙනවා. (නි)

:       0       0

විජේසිංහ Thursday, 01 August 2013 12:08 PM

සමහර බෞද්ධයෝ දන්නේ නැහැ බුද්ධාගම කියන්නේ අහිංසාව, මෛත්‍රිය පදනම් කරගත් දහමක් කියලා. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 01 August 2013 07:14 AM

මෙතුමා ලංකාවට එන එක රටට හොඳක්. හොඳ ප්‍රචාරයක්. මේකට විරුද්ධ වෙන්නේ ඇයි කියල මට හිත ගන්න බැහැ. (ස)

:       0       0

අසේල ඕමානය Thursday, 01 August 2013 04:48 PM

මේක නම් හොඳ දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

ජුඩ් Thursday, 01 August 2013 09:03 PM

හිතවත් වසන්ත, ඔයාගේ අදහස තේරුම් ගන්නවා. නමුත් පාප් තුමන් දළදාවට වදින්නේ නැහැ. නමුත් ඔයාගේ සහයෝගය අගය කරනවා. (නි)

:       0       0

රවිදු Friday, 02 August 2013 09:36 AM

ගොඩාක් වටිනා වැඩක්

:       0       0

සමිත හිමි. Thursday, 01 August 2013 09:05 PM

මමනම බෞද්ධයෙක් නමුත් මගේ අකමැත්තක් නැහැ (දී)

:       0       0

ඩියානා Friday, 02 August 2013 12:07 AM

මෙහි අදහස් දා තිබෙන වැඩි දෙනෙක් හරිම කුහකයි.පටු විදියට හිතන අය.මෙවැනි අය නිසා ඉදිරියේදී මේ රටේ ආගම් බේදයත් ඇතිවෙයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

ගිම්හානි Thursday, 01 August 2013 12:36 PM

ලක්ෂ්මන් ඔය කොහොමද මේක බෞද්ද රටක් කියල කියන්නේ ?ඔයාලට බැහැ අනිත් අයගේ ඓතිවාසිකම් උදුරා ගන්න .ඔන්න ඔය නිසා තමියි ඔය කියන බෞද්ද රටට හෙන ගහල තියෙන්නේ (දී)

:       0       0

අරුසියා Thursday, 01 August 2013 12:40 PM

අසංග අරාබි අය මෙහාට එන්නේ නැහැ ලංකාවේ අය තමය අරාබි රටවල් වලට යන්නේ (දී)

:       0       0

සිරිපාල Thursday, 01 August 2013 05:07 PM

පාප්තුමා එන එක හොඳයි (නි)

:       0       0

ජයන්ත Thursday, 01 August 2013 08:02 AM

ආගම් භේදයකින් තොරව බෞද්ධ අපි පාප්තුමාව සාදරයෙන් පිළිගනිමු. (ස)

:       0       0

වසන්ත Thursday, 01 August 2013 08:02 AM

මෙතුමා ආගමික නායකයෙක් බෞද්ධ අපි මෙතුමා ගෞරවයෙන් පිළිගනිමු අපි අවිහිංසා වාදය ඉහලින්ම රැකගත යුතුයි. (ස)

:       0       0

ජූඩ් ෆර්දිනාන්දු Thursday, 01 August 2013 09:16 PM

පහන් වෙත, කතෝලික කියන්නේ පරම්පරා තුනකට කලින් ආගම පාවා දුන්න අය තමයි එතකොට ඔය හිතන්නේ මේ රට පටන් ගැන්මේ සිටම බෞද්ධ කියලද එහෙනං ඔයා මේ රටේ ඉතිහාසේ දන්නේ නැහැ මේ රට හින්දු මුලික ආගම් වුන රටක් රටේ ඉතිහාසේ දන්නේ නැතුව කියවන්න එපා .

:       0       0

පොප් Thursday, 01 August 2013 08:08 AM

තවත් යමක් සිදුවෙන්න ආසන්නයි වගේ (නි)

:       0       0

මනෝජ් Thursday, 01 August 2013 12:53 PM

නාලක සහ ලක්ෂ්මන් කියන පුද්ගලයන් දෙන්නට කිව හැක්කේ උප්පට්ටියෙන්ම ආත්මාර්ටකාමි පුද්ගලයන් බවයි (දී)

:       0       0

රවිදු Thursday, 01 August 2013 12:57 PM

බෞද්ධ දරුවෝ උඩදාලා කඩුවට අල්ලලා මරපු හැටි... බෞතීස්ම වුනේ නැති දෙමාපියන්ව අමු අමුවේ මරපු හැටි පංසල් කඩපු හැටි කියලා සංදේශයක් බාරදෙනවා... පාප්තුමා නෙවෙයි . ක්‍රිස්තියානි පියතුමෙක් හැටියටවත් නෙවෙයි මනුස්සයෙක් හැටියටවත් මේක බාර අරගෙන මේකට උඩගෙඩි දුන්න ක්‍රිස්තියානි රටවලට, පුද්ගලයන්ට නිසි දඩුවම් දෙන්න මනුස්ස කමක් තියෙද කියලා බලමුද? (දී)

:       0       0

අර්ෂා Thursday, 01 August 2013 12:57 PM

ඔබ වහන්සේ ගේ පැමිණීම අපට මහත් ආඩම්බරයක්,බෞධයන් කලබල වෙන්නේ. ඇයි (දී)

:       0       0

පහන් Thursday, 01 August 2013 01:05 PM

ඇයි මෙතුමා යුදෙව්වන් පළදින පොඩි තොප්පිය පලදින්නේ? (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 01 August 2013 05:32 PM

සියලුම කතෝලික සහෝදර සහෝදරියන් වෙත , අපි නිවට ජාතියක් නොවන බව මුළු ඉතිහාසය පුරාවටම ඔප්පුකර තිබෙනවා. ඔබ සහෝදරත්වයේ දෑත අපට දිගු කළොත් අපද ඔබට සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු. පාප්වහන්සේ සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 01:06 PM

ඇයි මේ ගොඩක් අය පාප් තුමා එනවට විරුද්ධ? මේක බෞද්ධ රටක්, වෙන කතෝලික රටවල් නැතුවටද මෙහෙට එන්නේ වගේ කථා? ඔච්චර කුහක වෙන්ඩ එපා. එතුමා එන්නේ ආරාධනාවකට නැතුව බෞධයෝ කතෝලික කරන්ඩ නෙමේ. අපි වගේ පුංචි රටකට එතුමා එනවා කියන්නේ කොච්චර හොඳ දෙයක්ද? ඉතාලියේ වැඩිම කතෝලිකයෝ හිටියත් කොච්චර පන්සල් තියනවද? කොච්චර හාමුදුරු නම්වල් වැඩම කරනවද? එහෙම එකේ ඒ රටේ කතෝලික මිනිස්සු බෞධයෝට එන්ඩ එපා කියනවද? බෞද්ධ ආගම කියන එක කොච්චර හොඳ ආගමක් උනත් සමහරක් එක නමට විතරයි. ලැජ්ජයි ඔය වගේ මිනිස්සු ගැන (දී)

:       0       0

පහන් Thursday, 01 August 2013 01:08 PM

කෙනෙකු කතෝලික කියන්නේ තම පරම්පරාවේ කෙනෙකු ආගම පවා දී ඇති බවයි .පරම්පරා දෙකතුනකට කලින් ඔය ඔක්කොම බෞද්ධ මේක තමයි ඇත්ත. (දී)

:       0       0

රාජේශ් Thursday, 01 August 2013 08:33 AM

ගොඩක් හොදයි එන එක. (නි)

:       0       0

හුමන් Thursday, 01 August 2013 01:08 PM

ලංකාව බෞද්ධ රටක් නං ඉන්දෙයව මොකක්ද?ඉන්දියාවෙන්නේ බුද්දහගම අවේ,නිකන් අගක් මුලක් දන්නේ නෙතුව කතා කරන්න එපා බොලව්,මේක වැද්දන්ගේ රට, ඒ අයගෙන් අරන් තමයි මේ කෑ ගහන්නේ (දී)

:       0       0

මිලාන් Thursday, 01 August 2013 08:35 AM

මේක කිසිම කෙනෙකුට කලබල වෙන්න කාරණාවක් නොවේ. එතුමා ලෝකයේ වෙසෙන සියලුම කතෝලිකයන්ගේ ( 2.2 බිලියන ) නායකයා. එතුමා එන එක ගැන බොරු ප්‍රචාර යවන්න ඕනෑ නැහැ. මන්ද එතුමා රාජ්‍ය නායකයෙක්. මීට කලින් පාප වහන්සේලා ලංකාවට ආවා. මෙයත් ඵෙතිහාසික අවස්ථාවක්. (නි)

:       0       0

නිරෝධ Wednesday, 31 July 2013 09:30 PM

මම නම් මේ වැඩවලට එපමණ මනාපයක් නැහැ (නි)

:       0       0

නාලක Wednesday, 31 July 2013 09:32 PM

අපි නම් ඇත්තටම කැමති නැහැ (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 01 August 2013 08:40 AM

අපේ පන්සලුත් ඒ රටවල තියෙනවනේ. මෙතුමා ඇවිල්ලා යයි. අපි නිකන් තරහ ගන්න ඕනෑ නැහැ. බෞද්ධයන් විදිහට අපි දන්නවනේ ලෝකේ පරම සත්‍ය තිබෙන්නේ බෞද්ධ ආගමේ විතරයි කියලා. (නි)

:       0       0

අමිල Thursday, 01 August 2013 08:40 AM

අපේ කට්ටිය එහෙනම් දැන් පාරට බහිමු.පෙළපාලි යමු. (නි)

:       0       0

සම්පත් Thursday, 01 August 2013 08:43 AM

උන්වහන්සේ එතුමාගේ රටේ ඉදන් ඔය ප්‍රචාරක කටයුතු කරානම් ඉවරනේ. දැන් බලන්න එතුමා එනවා කිව්වා විතරයි මිනුස්සු බෙදුනා. ඉතින් ආවොත් කොහොමට තියේවිද? (ස)

:       0       0

දේවා Thursday, 01 August 2013 08:41 AM

ඔව් ඇවිත් ඔබතුමා කතා කරන්න (නි)

:       0       0

ඔෂාන් Thursday, 01 August 2013 05:54 PM

සමහරුන්ගේ අදහස් ගැන ලැජ්ජයි (නි)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 01:24 PM

පහන් - කතෝලික ආගමෙයි මුස්ලිම් ආගමෙයි මුල යුදෙව් ආගම තමයි පස්සේ තුනකට කැඩිලා යුදෙව්, මුස්ලිම්, කතෝලික උනේ (දී)

:       0       0

සඳුනි Wednesday, 31 July 2013 09:44 PM

බෞද්ධ අපිද ඔබතුමා සාදරයෙන් පිළිගනිමු,(අ)

:       0       0

පිටිගල Wednesday, 31 July 2013 09:44 PM

හොඳයිනේ (අ)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 01 August 2013 08:48 AM

මෙම පාප්තුමා අනෙක් පාප්තුමාලට වඩා වෙනස් උතුමෙක්. ආදර්ශවත් චරිතයක් ඇති විරල ගණයේ උතුම් මිනිසෙක්. උතුම් මිනිසුන් ආගම් අනුව බෙදීම වැරදියි. මෙතුමාගේ ඉතිහාසය කියවන්න. (ස)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 01:25 PM

රවිඳු - එදා කාලෙයි අද කාලෙයි ගොඩක් වෙනස්. හැබැයි අද ඕනේ තරන් අපරාධ වෙනවා මේ බුදුන් වැඩි රටේ. හැම දාම පත්තර බලන්ඩ වෙන අපරාධ ටික (දී)

:       0       0

චමත් Thursday, 01 August 2013 09:53 PM

මම බුදු දහමට ගරු කරන කතෝලිකයෙක්.ගොඩක් අය ආගම් භේදයකින් තොරව කතා කරද්දී සමහරක් කියන කතා වලින් බුදු හාමුදුරුවෝ 2013 හිටියා නම් කරන්නේ ඕකමද කියලා හිතෙනවා! ජේසු කරන දේ කරන්න හදන මම මට කතෝලික කියලා කියාගන්නවා, බෞද්ධ කියලා කියාගෙන ප්‍රශ්න ඇති කරන අය හිතන්න ඔය කරන්නේ බුදු හාමුදුරුවෝ හිටියා නම් කරන දෙයමද කියලා. ජේසු පිහිටයි (නි)

:       0       0

පහන් Thursday, 01 August 2013 01:36 PM

රෝචෙල් ඇයි ඉතින් ඔයාල තොප්පිය දාන්නේ නැත්තේ ? (දී)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 01:37 PM

හැමෝම නිකන් මේ අද ඊයේ අහසින් වැටිලා වගේ කථාව. හැමදාම අපි වන්සේ කබල් ගගා ඉඳිමු. (දී)

:       0       0

කුසලා සරෝජිනී Thursday, 01 August 2013 08:55 AM

වෙන යන්න කතෝලික රටවල් නැතුවටද මේ බෞද්ධ රටට එන්නේ. (ස)

:       0       0

රවින්ද්‍ර සෙනෙවිරත්න Thursday, 01 August 2013 01:39 PM

පාප් තුමා ගේ පැමිණීම ලංකාවේ අප සියලු දෙනාටම ආශීර්වාදයක් ගෞරවයක්. මමත් බෞද්දයෙක් ඒවුනාට තලෙයිබාන් සේනාවේ සාමාජිකයෙක් නෙමේ. මිට ඉස්සෙල්ලා පැමිණි ජුවාන් පාවුළු පාප් තුමා ගේ සංචාරය වෙනුවෙන් ගෝල්ෆේස් පිටියේ පිළිගැනිමේ උත්‍සවේ මණ්ඩපය සැරසුවේ මාපලගම විපුලසර හාමුදුරුවෝ. අන්න නියම බුද්ධ පුත්‍රයෙක්. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 01 August 2013 06:05 PM

මම දන්නා විදිහටනම් අති උතුම් කෙනක්.උන්වහන්සේගෙන් මගේ බුද්ධාගමට කිසිම හානියක් නැහැ.උන්වහන්සේ කරුණාබර, දුරදක්නා නුවනක් ඇති ශ්‍රේෂ්ඨ තැනැත්තෙක්. බෞද්ධ මගේ උණුසුම් සුභ පැතුම්. (නි)

:       0       0

විහඟ Wednesday, 31 July 2013 10:05 PM

ආගම් භේදයකින් තොරව බෞද්ධ අපි පාප්තුමාව සාදරයෙන් පිළිගනිමු .(අ)

:       0       0

විමල් Thursday, 01 August 2013 09:07 AM

අනිවාර්යයෙන්ම වඩින්න. බුද්ධාගමේ වුණත් ඔබට ගරු කරමි. (නි)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 01:48 PM

පහන් - කතෝලික ආගමේ ප්‍රධාන අය විතරයි එහෙම තොප්පියක් දාන්නේ. ගැහැණු උදවිය ගොඩක් වෙලාවට පල්ලියේ යාච්ඤා කරනකොට ඔළුව වැහෙන්ඩ වේල් එකක් දානවා, බෞධයෝ පන්සලට යනකොට සුදු අඳිනවා වගේ (දී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 31 July 2013 10:18 PM

මේක බෞද්ධ රටක් (නි)

:       0       0

ජයන්ත Wednesday, 31 July 2013 10:15 PM

අපේ සේනාවන් මේකට කැමතිද? (නි)

:       0       0

ජගත් Wednesday, 31 July 2013 10:18 PM

ඇයි මේ වතිකානය කියලා කියන්නේ? (නි)

:       0       0

විමල් Thursday, 01 August 2013 09:14 AM

සාදරයෙන් පිළිගනිමු. (ස)

:       0       0

ලියනගේ Thursday, 01 August 2013 09:15 AM

ආගමික නායකයෙක් පිලි ගන්න ආගම ප්‍රශ්නයක් කර ගතයුතු නැහැ. සැම ආගමකින්ම උත්සහ කරණුයේ යහපත් සමාජයක් ගොඩ නැගීමටයි. මම බෞද්ධයෙක් විදියට පාප් වහන්සේගේ පැමිණීම අගය කරමි. (ස)

:       0       0

nimallalitha Thursday, 01 August 2013 09:18 AM

පාප්තුමා කියන්නේ කතෝලිකන් ආගමේ අති උත්තම නායකයාණන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ පැමිණීම වැලක්වීමට ඉදිරිපත් වියහැක්කේ මහනායක ස්වාමින් වහන්සේලාට හා රජයට පමණි. කෙසේවත් එය සිදු නොවෙන වැඩක්. අනිත් එක හොඳින්ම මතක තියාගන්න ලංකාවේ කතෝලික බැතිමතුන් කියන්නේද 1505 ට පෙර ලංකාවේ සිටි බෞද්දයන්ගෙන් පැවත එන අය බව. නිකම් අනවශ්‍ය ආගමික ගැටළු ඇතිකරවන්න එපා. (ස)

:       0       0

නිල රනා Thursday, 01 August 2013 01:57 PM

දහසය වන සියවසේ සිටම ජේසු නිකායිකයන් විසින් ලක්බිම සිදුකල විනාශය හොඳටම ඇති. තවත් ජේසු නිකායික නායකයෙක් මේ හතර මායිමටවත් එන්න එපා. මොවුන්ගේ අඩු කුලේ පහත් වැඩ අපි හොඳින් හඳුනනවා. විශේෂයෙන් මේ පාප් තුමා ඊයේ ප්‍රකාශ කළා සමලිංගික ක්‍රියා සහ සමලිංගික විවාහ වලට විරුද්ධ වෙන්න ඔහුට ශක්තියක් නැති බව. මඩේ සිටවූ ඉන්නක් වැනි එවැනි කෙනෙක් උතුම් දේශයක් වන ලංකාවට එන්න එපා.

:       0       0

සුදත් ශ්‍රී Thursday, 01 August 2013 09:15 AM

ජෝන් පාවුළු, බෙනඩික් වැනි පාප් වහන්සේලා වගේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේශනා සෛධාන්තික බවෙන් අඩුයි කියලයි මට හිතෙන්නේ. මෙතුමා ලංකාවට පැනිණීමේ සූදානම ගැන මගේ නම් සතුටක් හෝ අසතුටක් නැහැ. ඒත් අපේ කතෝලික ප්‍රජාව වෙනුවෙන් ඇවිත් ගියාට කමක් නැහැ. (ස)

:       0       0

ෆ්රෑන්ක්, ජර්මනිය Thursday, 01 August 2013 06:28 PM

වැද්දෝ අද දියුණු වෙලා තියෙන්නේ යුරෝපීය අයගේ සංස්කෘතීන් නිසා. කව්ද දුම්රිය, පාලම්, තේවතු, කොළඹ වරාය වගේ දේවල් හැදුවේ. (නි)

:       0       0

රංජිත් Wednesday, 31 July 2013 10:35 PM

ඉතාමත් හොඳ දෙයක්. මම බෞද්ධ. එහෙත් පාප් වහන්සේ එනවිට අපේ උපරිම සහයෝගය දීලා උන්වහස්සේට ගෞරව දක්වමු. සාමය අගයන ක්‍රියාවට දායක වෙනවා. (නි)

:       0       0

විරාජ් Wednesday, 31 July 2013 10:43 PM

පාප් වහන්සේගේ ලංකාගමනය කතෝලික මෙන්ම සියලු ලක්වාසින්ට අශිර්වාදයක් වේවා! (නි)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 01 August 2013 09:24 AM

ජෝන් පාවුළු, බෙනඩික් වැනි පාප් වහන්සේලා වගේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේශනා සෛධ්‍යාන්තික බවෙන් අඩුයි කියලයි මට හිතෙන්නේ. මෙතුමා ලංකාවට පැනිණීමේ සූදානම ගැන මගේ නම් සතුටක් හෝ අසතුටක් නැහැ. ඒත් අපේ කතෝලික ප්‍රජාව වෙනුවෙන් ඇවිත් ගියාට කමක් නැහැ.

:       0       0

ඕෂන් Thursday, 01 August 2013 02:19 PM

නිල රනේ , ඔබ වැනි පටුක අදහස් ඇති මිනිසුන් නිසා තමයි මෙම උතුම් රට පිරිහෙන්න ගත්තේ... ඔලුව පරික්ෂ කර ගත්තොත් හොඳයි වගේ. (ස)

:       0       0

ඩැනියෙල් Wednesday, 31 July 2013 10:58 PM

පාප්තුමා ලංකාවට පැමිණීම කිසිදු බලවේගයකට නැවැත්විය නොහැක (නි)

:       0       0

මහේෂ් Thursday, 01 August 2013 09:29 AM

ලක්ෂ්මන්ලා කුසලලා ඉස්සරත් හිටියා නමුත් දැන් කාලේ වගේ මෝඩයෝ නෙමේ. ඔය වගේ අන්තගාමී පටු විදියට හිතන මිනිස්සු ඉන්න නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (ස)

:       0       0

දුෂ්‍යන්ත් Thursday, 01 August 2013 09:26 AM

මමත් බුදු දහම අදහෙන කෙනක් එත් මගේ ආච්චි කතෝලිකයෙක් පුළුවන් වෙලාවක මමත් පල්ලියට යනවා. මම නව පාප් තුමාට ගෞරව කරනවා. පාප්වහන්සේ කෙනෙක් ලංකාවට එන එක වටිනවා. ජීවිතයටම එක් වතාවක් දකින්න ලැබෙන්නේ. (ස)

:       0       0

කුසල් Thursday, 01 August 2013 02:21 PM

මම හිතන්නේ අවුරුදු ගානකින් ඇවිත් නැහැ එතුමා ලංකාවට (දී)

:       0       0

අබය Thursday, 01 August 2013 09:34 AM

මොන ආගමික නයකයා ලන්කාවට ආවත් අපිනම් බොහොම සාදරයෙන් පිලිගන්නව.උන්වහන්සේලා ගේ පැමිනීම රටටත් ජාතියටත් ලොකු ආඩම්බරයක්. (ස)

:       0       0

පවන්,ජිනීවා Thursday, 01 August 2013 06:44 PM

අපි සියල්ලන් ෆේස්බුක් හරහා එක්වෙමු (නි)

:       0       0

සම්පත් Thursday, 01 August 2013 02:20 PM

1500 ගණන්වල අක්ක්‍රමනිකයන්ට රටවල් බෙදල දුන්නේ පාප්ල. ඒකනිසා ඇවිත් අපේරටට කරපුදේට සමාව ඉල්ලන කියමු. (දී)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 02:21 PM

නිල රනා - ඔයාට එහෙම කියන්ඩ කිසිම අයිතියක් නෑ. අනික ඔයා කව්රු කියලද හිතාගෙන ඉන්නේ? ඔයා හැබැයි කතෝලික බහුතරයක් ඉන්න රටවල් වල රවුං ගහනවා නේද? හැබැයි කතෝලිකයොන්ට මේ රටට එන්ඩ එපාලු (දී)

:       0       0

සමන් Thursday, 01 August 2013 09:40 AM

මෙම වටින අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රට වටේ රවුමක් අරගෙන යමු. විශේයෙන් යාපනය පැත්තේ. යථාර්තය වටහා දෙමු. දුර්මත දුරු කරමු. මහා නායක හිමියන් බැහැ දැකීමට ඉඩ සලස්වා ආගම් අතර සහයෝගී තාවය පතුරුවමු. (ස)

:       0       0

ශාන් Thursday, 01 August 2013 09:40 AM

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේත් 1994 දිද කොහෙද ලංකාවට ආවා නේද? උත්සවයේ සැරසිලි කටයුතු දේශීය විදියට කරන්න මූලිකත්වය ගත්තේ පූජ්‍ය මාපලගම විපුලසාර හාමුදුරුවෝ. විපුලසාර හාමුදුරුවන්ට කිවුවේ පල්ලියේ හාමුදුරුවෝ කියලා. ඒ වගේම පන්සලේ පියතුමා කියලා හදුන්වපු මර්සලීන් ජයකොඩි පියතුමාත් හොද යාළුවෝ ඒ කාලේ. "වෙසක් කැකුළු අතුඅග හිද නටන විලාසේ" ගීතය වැනි බොදු බැති ගී රාශියක් රචනා කළෙත් ඒ පියතුමා. අපේ අවාසනාවට ඒ වගේ හාමුදුරුවරු වත් ඒ වාගේ ස්වාමිලාවත් අද ජීවතුන් අතර නැහැ. (නි)

:       0       0

නිපුණ Wednesday, 31 July 2013 11:23 PM

පාප හෝ දළයි ලාමා ලංකාවට පැමිණීමේ කිසිදු වරදක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ මේ අය මේ තුන්වන ලෝකේ අප්‍රිකාව, ආසියාව සහ ලතින් අමෙරිකානු රටවල පැමිණීමෙන් වන සමාජ පෙරළියට මම කැමති නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 31 July 2013 11:29 PM

නියම බෞද්ධයෝ නම් කවදාවත් පාප්තුමා එනවාට විරුද්ධ වෙන්නෙ නැහැ (නි)

:       0       0

අෂාන් Thursday, 01 August 2013 09:42 AM

උපරතන හිමියන්ට මගේ ආචාරය. ලක්ෂ්මන්,මාලක අතීතයේ ලංකාවෙත් අන්‍ය ආගම් තිබුන රටක්. හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

තුෂාර Thursday, 01 August 2013 02:30 PM

රනා කනා ගහනවා වගේ... (දී)

:       0       0

දියානා Wednesday, 31 July 2013 11:34 PM

පාප්වහන්සේ ලංකාවට එන්නේ බෞද්ධයන්ව කතෝලික ආගමට හරවා ගන්න නොවෙයි.කලබල වෙන්න එපා.එහෙනම් හාමුදුරුවරුත් වෙන රටවල වැඩ සිටින්නේ??? (නි)

:       0       0

රෝමා Thursday, 01 August 2013 02:32 PM

මෙතුමාත් රෙදි ඇද ගත්ත සාමාන්‍ය මනුස්සයෙක් . බයවෙන්ඩ එපා ,ඇවිල්ලා මොනවහරි කියලා යයි . (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 01 August 2013 07:01 PM

අපේ මිනිස්සු මොන හොද වැඩේ වුණත් දකින්නෙ වැරදියට (නි)

:       0       0

සාමා Wednesday, 31 July 2013 11:48 PM

මෙතුමන් ලංකාවට පැමිණීම රටට හොදයි (නි)

:       0       0

වසන්ත Thursday, 01 August 2013 07:04 PM

මමත් බෞද්ධ. අපි පාප් වහන්සේව පිළිගනිමු. අපේ ඉතාලියේ කී දෙනෙක් වැඩ කරනවද? එම රටේ පල්ලි වලින් කී දෙනෙක් ජීවත් වෙනවද? අපි පාප් වහන්සේව දළදා මලිගට කැඳවා දළදාවට නමස්කාර කරවමු. අපිත් පාප් වහන්සේට නමස්කාර කරමු. (නි)

:       0       0

නිරෝෂන Thursday, 01 August 2013 09:55 AM

කුසලා තව යන්න කතෝලික රටවල් නැතුවට නෙවේ මේ රටට එන්නේ ආරාධනවකට‍. (ස)

:       0       0

සුරංග Thursday, 01 August 2013 09:52 AM

මේක බෞද්ධ රටක්ද? සර්ව ආගමික රටක්ද? බෞද්ධ අය හිතන්නේ මේ රටේ ඉන්න ඕන බෞද්ධ අය විතරක් කියලද? පාප් තුමා එන්නේ බෞද්ධ අයගේ ආගම වෙනස් කරන්න නොවේ. (ස)

:       0       0

මංජු Thursday, 01 August 2013 02:34 PM

නීල රනා ,කියන අයට ජාතියක්, කුලයක් ,උත්තමයන්ට ගරු කරන්න කියල ,අඩු තරමේ මෞපියන්වත් කියල දීල නැති බව පේනවා (දී)

:       0       0

අසංක Thursday, 01 August 2013 12:14 AM

පාප් තුමා ලංකාවට ආවට වරදක් නැහැ. ඒක අපිට ආඩම්බරයක්. හැබැයි අරාබියෙන් හරි , ඉන්දියාවෙන් හරි නම් එනවට අපි විරුද්ධයි. (නි)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 02:40 PM

පහන් - මේ ලෝකේ මිනිස්සු හොඳ ආගම මොකක්ද නරක ආගම මොකක්ද කියලා හොය හොයා මේ ලෝකෙට බිහිවෙන්නේ නෑ. ඔයාගේ මානසික මට්ටම ගැන මම තේරුම් ගන්ඩ උත්සහ කරන්නේ නෑ කරලා වැඩකුත් නෑ. හැබැයි කියන්ඩ ඕනේ මම කතෝලිකයෙක් වෙලා මේ ලෝකෙට ඉපදුන එකට මම සන්තෝස වෙනවා මොකද මම ඔයා වගේ ආගම නළල උඩ තියාගෙන අනික් ආගම් වලට ගරහන්ඩ අපිට උගන්නලා නැති නිසා අනික ඔයාට වගේ හිතේ මගේ වෛරයකුත් නෑ. ඒකයි ඔයාගෙයි අපෙයි වෙනස. (දී)

:       0       0

නිපුණ Thursday, 01 August 2013 07:18 PM

බමුණා, බොරු ප්‍රචාර කරන්න එපා. තවමත් බුරුමයේ 90% ඉන්නේ බොද්ධයෝ තමයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 01 August 2013 10:08 AM

මමත් බෞද්ධ. එත් පාප් තුමා එන එක කිසිම වැරද්දක් නෑ. එක අපි ගෞරවයක් ලෙස සලකමු. (ස)

:       0       0

අසංග Thursday, 01 August 2013 02:40 PM

හුමන් ඔයා බෞද්ධ රටක ඉඳගෙන නිකන් බුරන්න එපා වැද්දන්ගේ රටේ ඇයි ඉන්නේ . මම බෞද්ධයෙක් ඒ උනත් පාප් තුමා එනකටනම් මගේ කිසිම අකමැත්තක් නැ. ඒ වගේ ආගම් නායකෝ අපේ රටට එන්න ඕනා. මොකද අපේ අනිත් ආගම් වලට තියන නිදහස බලන්න. අපේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් අදහන්න නිදහස තියෙන්න ඕනා.අපි හැම ආගමකටම ගරු කරන්න ඕනා. මම අනිත් අයගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා පාප් තුමා ලංකාවට එන එක අපි කව්රුත් සතුටින් පිළිගමු. (දී)

:       0       0

ලංකා Saturday, 03 August 2013 05:02 AM

පාප්තුමන්ව අප ඉතා ආදරයෙන් පිළිගන්නවා. ලෝක බෞද්ධ නායකයෙකුත් සිටියා නම් කොපමණ හොදද? (නි)

:       0       0

ඉන්දික ෆෙර්ණන්දෝ Thursday, 01 August 2013 10:09 AM

ලංකාවට පාප් වහන්සේ එන එක නොඑන එක දේව අභිමතයට වෙන දෙයක්. ඒක නවත්තන්න හෝ සිදුකරන්න කතෝලිකයන්ට හෝ බෞද්ධයන්ට හෝ වෙනයම් බලවේග වලට බැහැ.එම නිසා ඔය ගැන වැඩිය කතා නොකර ඉන්න එක හොදයි. ඒ වගේම මේ වගේ රටකට උන්වහන්සේගේ පැමිණීම විශාල ආශීර්වාදයක්.රටේ සියලුම ආගමිකයන්ට ගෞරවයක් වෙන ලෙස හැසිරෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

තර්ෂා Thursday, 01 August 2013 12:33 AM

ලක්ෂ්මන් ඔයා නම් නියම අන්තවාදියෙක් (නි)

:       0       0

විමල Thursday, 01 August 2013 02:46 PM

මා හිතා ගන්න බැහැ මිනිස්සු මොකද මේ හැටි විරුද්ද වෙන්නේ කියල අ(දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 01 August 2013 12:31 AM

ආගමික නායයෙක් ලෙස බෞද්ධයන් වශයෙන් අප ඉමහත් ගෞරවයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

මොහමඩ් Thursday, 01 August 2013 12:36 AM

මම මුස්ලිම් භක්තිකයෙක් වුණත් එතුමා කරන සේවය ඉතා අගය කරනවා . බුද්ධිමතුන් ඉන්න ලෝකයේ රටවල ඉන්න උගතුන්, විද්‍යාඥයන්, සහ මනෝ වෛද්‍යවරුන් එතුමා සමග විශාල සේවයක් කරනවා (නි)

:       0       0

ලකී Thursday, 01 August 2013 10:21 AM

කුසලා, සරෝජනී, ඔයාලා ඇයි ඕක ඔයාගේ ආගමේ කට්ටියගෙනුත් අහන්නේ නැත්තේ? කටින් විතරක් නොවෙයි මොලෙනුත් වැඩක් ගන්ඩ බලන්න (නි)

:       0       0

සුරංග Thursday, 01 August 2013 12:40 AM

පාප් වහන්සේට ලංකාවට එන එක කිසිම බලවේගයකට නවතන්න බැහැ. බෞද්ධයනි, අමතක කරන්න එපා, ඉතාලිය ( රෝමය , මිලානෝ ) වගේ කතෝලික රටවලත් පන්සල් හදන්න ඉඩ දීලා තිබෙන බව. ඉතින් බෞද්ධයනි,ආගම් භේද ඇති නොකර එක මවකගේ දරුවෝ වගේ ඉන්න උත්සාහ කරමු (නි)

:       0       0

නිල රනා Thursday, 01 August 2013 02:53 PM

රෝචෙල්, මම ජේසු නිකායිකයන්ගේ රටවල රවුම් ගහන්නේ නැහැ. ප්‍රෝටෙස්තන්ත බැප්ටිස්ට් පාසලක ඉගෙනගත් කෙනෙක් මමත්. රෝමානු සහ වෙනත් නිකායික කතෝලිකයොත් මගේ මිතුරෝ. නමුත් මෙවැන්නෙක් මගේ මව්බිමට එනවට මම විරුද්ධයි. (දී)

:       0       0

දිල්ෂාණි Thursday, 01 August 2013 01:19 AM

සළකා බලන්න එපා.අනිවාර්යෙන්ම එන්න. බුද්ධාගමේ වුණත් ඔබට ගරු කරමි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 August 2013 02:54 PM

ත්‍රිපිටකය පරතෙරට ඉගෙන ගන්න මෙතුමන්ලගෙන් අපිට කවදාවත් අයහපතක් වෙන එකක් නැහැ මොකද බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්නේ සරණ යන අයත් අවිහින්ස වාදින්නේ ඔහේ ආපුදෙන් සාදරයෙන් පිළිගනිමු (දී)

:       0       0

රුක්මන් Thursday, 01 August 2013 10:31 AM

මගේ මතකයේ හැටියට 1995 ජනවාරි මස 20 දිනත් අපේ රටට පැමිණියා මමත් බෞද්ධයෙක්. අපි මෙතුමා ගෞරවයෙන් පිළිගනිමු. (ස)

:       0       0

නෙතුමි Wednesday, 07 August 2013 07:51 PM

මෙතුමා ලංකාවට එන්නේ ආශිර්වාදයක් හැටියට,, ලෝකයේ අනන්ත කතෝලික රටවල් හමුවේ මේ පුංචි බෞද්ධ රට, බෞද්ධයන්ගෙන් උදුරා ගන්න වුවමනවාක් නැහැ (අ)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 02:54 PM

නිල රනා - ඇයි ඔයා විරුද්ද? (දී)

:       0       0

කොස්තා Thursday, 01 August 2013 01:29 AM

නිපුන, නාලක, ලක්ෂ්මන්, මේ විසිවෙනි සියවසේ මට දුක ඔයාලා තවම හිතන්නේ පටු විදියට. පාප් වන්සේ එන්නේ සමාජ පෙරලි කරන්නවත් වෙන මොනවටවත් නෙමෙයි. එතුමා අපේ රටට අපි ලබන භාග්‍යයක්. එතුමා එතරම් ශාන්ත පුද්ගලයෙක් (නි)

:       0       0

අසේල Thursday, 01 August 2013 01:33 AM

ලක්ෂ්මන් කියන නමෙම්ම පෙනෙනවා මෝඩයෙකු බව. මම නම් දන්නවා ඔයාට කිසිම රටක යන්න අතේ සතේ නැති බව, ඒක නිසයි ඔයා කියන්නේ සල්ලි තියෙන බෞද්ධයන්ට කතෝලික රට වල සංචාරයට යන්න එපා කියා. (නි)

:       0       0

මා.උපරතන හිමි- ස්වීඩන් Thursday, 01 August 2013 01:30 AM

පාප් වහන්සේගේ පැමිණීම ඉතාමත්ම යහපත්.අපි උන්වහන්සේව උපරිමයෙන් පිළිගත යුතුය. යුරෝපයේ බුදුදහම කොහොම ප්‍රචාරය කළත් මේ රජයන්ගෙන්වත් මහජනතාවගෙන්වත් කිසිම කරදරයක් සිදුනොවේ.බලපෑම් සිදුනොවේ. ඒ ආදර්ශය අපිත් ලොවට පෙන්නන්න මහඟු අවස්ථාවක් මේ. (නි)

:       0       0

මංජු Thursday, 01 August 2013 02:59 PM

සම්පත් කියන කෙනා අඩු අධ්‍යාපන ලාබියෙක්ද නේද ? හිතා ගන්න කතෝලිකයන් බහුතරය සාමය මත ජිවත් වන්නන් බව. (දී)

:       0       0

දුම්මලසුරිය Thursday, 01 August 2013 01:40 AM

පාප්වහන්සේ ලංකාවට එනවට කිසිම බෞද්ධයෙක් බයවෙන්න වුවමනා නැහැ.මොකද උන්වහන්සේ එන්නේ කතෝලිකයන් වෙනුවෙන් හා සාමයට ලැදී සියල්ලන් වෙනුවෙන් මිස රටතුල ප්‍රශ්න ඇති කිරීමේ බලාපොරොත්තුවකින් නොවේ.බෞද්ධ රටක ජීවත් වෙන අපි හැම වෙලාවේම මහා සංඝරත්නයට හා බෞද්ධාගමට ගරු කරනවා. ඒ වගේම ඔබගේ ධර්මයට හානියක් නොකරන අපේ දේවල් වලටත් ඔබලාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දෙයක් ගැනම සැකෙන් බලන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

රොචෙල් Thursday, 01 August 2013 03:02 PM

සම්පත් - මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා (දී)

:       0       0

උදය Thursday, 01 August 2013 01:51 AM

මමත් බෞද්ධයෙක්. අපි පාප තුමා සාදරයෙන් පිළිගනිමු. බුදුන් වහන්සේ ගේ අහිංසා ධර්මයේ අගය කටක් ඇරලා කියපු පළවෙනි පාප් වහන්සේ මොහුයි (නි)

:       0       0

සරත් අතාවුද Thursday, 01 August 2013 03:15 PM

ලක්ෂ්මන්, මේක බහු ආගමික රටක්. ඒක අමතක කරන්න එපා. එහෙනම් අනෙකුත් ආගමික ජනතාව එලවන්නද කියන්නේ? ආගමවාදය වපුරන්න එපා (නි)

:       0       0

විජය Thursday, 01 August 2013 02:04 AM

මාත් ඉන්නේ ඉතාලියේ.ඔය කියන විදෙස් මාධ්‍ය වාර්තාව ඉතාලියෙන් තියෙනවා මම නම් දැක්කේ නැහැ. (නි)

:       0       0

රුසෙල් Thursday, 01 August 2013 02:07 AM

සාදරයෙන් පිළිගනිමු. මොකද්ද ඇති වැරැද්ද ? (නි)

:       0       0

ආරියරත්න Thursday, 01 August 2013 03:13 PM

හුමන්, මේක වැද්දන්ගේ රට තමා. ඒ වැද්දෝ තමා විකාශනය වෙලා අද ඉන්න මිනිස්සු වෙලා තියෙන්නේ. (නි)

:       0       0

හේරත් Thursday, 01 August 2013 02:15 AM

ලංකාව කියන්නේ කාටත් දකින්න හොඳ රටක්.මෙතුමාත් ආපුවාවේ.දළදා වහන්සේත් වැඳලා යන්න කියන්න. (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 01 August 2013 03:17 PM

රොවෙල් , මම මගේ ආගම ජාතිය වෙනුවෙන් කතාකරනවා. එහෙත් මම මෙතන කතෝලික ආගමටවත් පාප් තුමාටවත් අපහාස කර නැහැ. රෝචෙල්, ඒ ඔයා ගේ බුද්ධියට අනුව තේරුම් ගත්තු හැටි. (නි)

:       0       0

අචිනි Thursday, 01 August 2013 10:42 AM

ඉතාම සුබ ආරංචියක්. අනිවාර්යයෙන් අපේ කලබල සේනාව මොකක් හරි මෝඩ රංගනයක් එකක් දාවි. (ස)

:       0       0

විජය කුමාර Thursday, 01 August 2013 02:36 AM

වතිකානුව කියන්නේ ලෝකයේ පුංචිම රටට. (නි)

:       0       0

ආරියරත්න Thursday, 01 August 2013 10:46 AM

සුරංග,මේක සර්ව ආගමික රටක් විදියට සමහරුන්ට හදුන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ සුද්දෝ ඇවිත් බලෙන් අගමැ පතුරුවපු නිසා. මිහිඳු හාමුදුරුවෝ වගේ මිනිසුන්ගේ දැනුම පරීක්ෂා කරලා කැමති නම් විටරක් වලදගන්න ඉඩ දුන්නේ නැහැ නේ. (ස)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 01 August 2013 03:19 PM

අපි කුඩා කාලයේ සිටම ආගම ඉගෙන ගන්නවා .ලොකු වුණහම තවත් අයට ආගම උගන්වනවා .ආගම ගැන ලියනවා , කියවනවා.ආගම වෙනුවෙන් සටන් කරනවා.නමුත් අපි ආගමට අනුව ජිවත් වෙනවද කියලා හිතලා බලන්න.ඉහත සමහර අදහස් වලින් ඒ බව පැහැදිලි වෙනවා නේද? (නි)

:       0       0

ඉෂාන් Friday, 02 August 2013 12:56 PM

පාප් වහන්සේ ඉන්න රටේ පන්සල් ආරම්භ කරන්න හොදයි නම් ඇයි පාප් වහන්සේ ලංකාවට එනවට බෞද්ධයෝ අකමැති? (නි)

:       0       0

රේණු Thursday, 01 August 2013 10:49 AM

පාප්තුමාගේ ලංකා සංචාරය සැම අතින්ම ශ්‍රි ලංකාවට සපැමිණිම ලංකාව පාර්ශ්වයට ඉතාම වැදගත් මංදයත් මෙතුමන් නියෝජනය වන යුරෝපා ප්‍රදේශයේ සිටින් කොටි ඩයස් පෝරාව හරහා අපේ රටට ප්‍රභල ලෙස කෙනෙහිලිකමි කරන ප්‍රදේශයක් එමෙන්ම මෙතුමාගේ සංප්‍රාප්තිය මගින් අපට හැකි වෙනවා ඔවුන් ප්‍රකාශ කරන අධම අසත්‍ය බොරුවක් බවට ලෝකයා වෙත ගෙනයැමට. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 01 August 2013 07:58 PM

ෆ්‍රෑන්ක් දන්නවද, සුද්දා වැද්දා කාලේ තමයි ලංකාවේ රාවනා රජ්ජුරුවෝ දඩුමොනරේ හැදුවේ කියලා.ජර්මනියේ ඉන්න සුද්දෝකොහොමද ඕවා දන්නේ ,නේද ෆ්‍රෑන්ක්? (නි)

:       0       0

අශෝක Thursday, 01 August 2013 03:08 AM

හොදයි (නි)

:       0       0

පෙරේරා Thursday, 01 August 2013 10:57 AM

උන්වහන්සේව ගෞරවයෙන් පිළිගනිමු. (ස)

:       0       0

ලලිත් Thursday, 01 August 2013 03:25 AM

සැබෑ බෞද්ධයා අනෙකුත් ආගම්, මත ඉවසන ඒවාට ගරුකරන කෙනෙක්! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 01 August 2013 03:40 AM

අපේ රටේ ඉන්න හැම භාෂාවක්ම කතා කරන ජාතීන්ට මේකෙන් හොදක් මිස නරකක් නැහැ.අපේ රටේ දුක් විදින ජනගහනය බලලා වතිකානුව හරහා ජනතාවට හොදක් වේවි. (නි)

:       0       0

සම්පත් Thursday, 01 August 2013 03:57 PM

රොවෙල්, ඔයාගේ ඇස් මිත්‍යාවෙන් වැහිලා. (නි)

:       0       0

පෙරේරා Thursday, 01 August 2013 11:08 AM

පටු විදිහට හිතන්න එපා පාප්තුමා ලංකාවට එන්නේ ඔයාලව කතෝලික දහමට හරවා ගන්න නෙවේනේ. මේ රටේ ඉන්නේ බෞද්ධ ජනතාව පමණක් නෙවේනේ ඇයි අන් ආගම වලට අගෞරව කරන්නේ හැමෝම ලේ මස් තියෙන මිනිස්සු. (ස)

:       0       0

වික්ටර් Thursday, 01 August 2013 04:08 AM

වාසනාවන් ලංකාවට ! (නි)

:       0       0

ෂහීහර් Thursday, 01 August 2013 11:10 AM

ආඩම්බරයි ඔබතුමාව ලාංකික වශයෙන් සාධරයෙන් පිළිගන්න අපි බලාපොරොත්තු වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 181 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 751 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 834 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 430 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 814 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1684 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36959 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24370 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 583 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site