IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පබාට පෙම්කළ ආමන්ත

2016-07-29-ent-60

”පබා” නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?

2016-07-29-ent-59ඒ සඳහා මට නිල්වලා ආයතනයෙන් තමයි ආරාධනා කළේ. කතාව අධ්‍යක්ෂණය කළේ ශාන්ත සොයිසා මහත්මයා. රචනා කළේ මහේෂ් රත්සර මද්දුමආරච්චි.

 

”පබා” කරන්න කළින් වෙනත් නාට්‍ය වලට සම්බන්ධ වුණාද?

පබා කළේ 2008 වර්ෂයේ දී. නමුත් ඊට පෙර මම ටෙලිනාට්‍ය 20 ක් වගේ කරලා තිබුණා. ඒත් සමහර පේ‍්‍රක්ෂකයො හිතාගෙන ඉන්නේ පබා මගේ පළමු ටෙලිනාට්‍යය කියලා. මොකද ඒ තරමටම ඒ නාට්‍යය ජනප‍්‍රිය වුණු නිසා. නැත්නම් මගේ පළමු ටෙලිනාට්‍යය රඟපෑවෙ 2000 වර්ෂයේ. ඒ ”දෙපත් නයි” කියලා ටෙලිනාට්‍යයක්. ඊට පසුව කළ චරිත ජනප‍්‍රිය වුණත් පබා නාට්‍යයේ ”ආමන්ත” චරිතය අතිශය ජනප‍්‍රිය වුණා. මම කළින් රඟපෑ චරිත අමතක වන තරමටම.

 

”ආමන්ත” චරිතය ඔබටම ලැබීම ගැන මොකද හිතෙන්නේ ?

ඇත්තටම ආමන්ත කියන්නේ හරි ලස්සන මම අදටත් ගොඩක් ආදරේ කරන චරිතයක්. ඒක මම හිතන්නේ මගේ වාසනාවට ලැබුණෙ. ඒ ගැන ගොඩක්ම සතුටුයි. මොකද හරි කාලෙට මගේ වයසට ගැළපෙන්න ඒ පෙම්වතාගෙ චරිතය මට ලැබුණා. ඒ වගේම මේ චරිතයෙන් පසුව මට මේ මොහොත වෙනකම්ම පෙම්වතාගෙ චරිතෙට තමයි කතා කරන්නෙ. ඒ ඇයි කියලා මම දන්නෙත් නෑ. සමහරු අහනවා ඇයි පෙම්වතාගේ චරිතයෙන් එළියට චරිත කරන්නෙ නැත්තේ කියලා. මම වෙනත් චරිත නොකර ඉඳලා නෑ. විවිධ චරිත අතරින් පතර කරලා තියෙනවා. නමුත් ගොඩක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නෙ පෙම්වතාගෙ චරිතයට.

 

ඒ තරමට ආමන්ත චරිතය ජනප‍්‍රිය වුණේ ඔබ ඒ සඳහා ප‍්‍රවේශ වීමට පෙර මූලික හැදෑරීමක් කළාද?

මූලික හැදෑරීමක් කළා කියන්නෙ මම කතාව මුල සිටම හොඳින්ම කියෙව්වා. කතාව කියවපු නිසා ඒ කතාව මගේ ඔළුවෙ ඇඳුණා. මේ විදියට තමයි මේ චරිතෙ ගලාගෙන යන්නෙ කියලා. ඉතින් රූගත කිරීම් කරද්දීත් මම අධ්‍යක්ෂතුමා කියන දේට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. ඉතින් ලැබුණු ඉහළම ජනප‍්‍රියත්වය නිසා මම හිතනවා ඒ චරිතෙට අවංකයෙන්ම ලොකු සාධාරණයක් මගෙන් ඉටුවෙන්න ඇති කියලා.

 

චරිතය සාර්ථක කර ගන්න පබා (උපේක්ෂාගෙන්) ලැබුණු සහය කොහොමද?

උපේක්ෂාගෙන් ලැබුණු සහයත් විශේෂයෙන්ම කියන්න ඕන. මම හිතන්නේ ඇයගෙත් පළමු හෝ දෙවනි නාට්‍යය තමයි මේ. උපේක්ෂා කියන කෙනාව මිනිස්සු දැනගත්තේ මේ ටෙලිනාට්‍යයෙන්. ඇත්තටම ඇය හොඳ හැකියාවක් තියෙන රංගන ශිල්පිනියක්. ඇය ක්ෂේත‍්‍රයට අලූත් වුණත් ඒ චරිතෙට ලොකු සාධාරණයක් කළා. මගෙ චරිතෙ සාර්ථක කරගන්නත් ඇයගෙ සහයෝගය හොඳින්ම ලැබුණා. ඒ වගේම අනිත් සියලූම පිරිසවත් ආදරයෙන් මතක් කරන්න ඕන. මගේ පවුලෙ පිරිසට හිටපු පිරිසත්, උපේක්ෂාගෙ පවුලෙ පිරිසත් අපි හැමෝම එකිනෙකාට උදව් කරගෙන ලොකු සහයෝගයකින් මේ වැඩකටයුතු කළේ. ඇත්තටම හැමෝම එකම පවුලක් වගේ. සියලූ දෙනාම විනෝදෙන් හිනාවෙලා හිටියෙ. මොකද එහි තැනින් තැන ආනන්ද වික‍්‍රමගේ මහත්මයගේ කොමඩි තියෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක හිනාවෙන් බොහොම සුන්දරව හිතා ගන්න බැරි විදියට තමයි ඒ දවස්වල කාලය ගෙවුණෙත් ඉතින් ඒ කාලය අපිට දැනුණෙම නැතිව ගෙවිලා ගියෙත්.

මේ සඳහා සම්බන්ධ වුණු සියලූම පිරිස්, අධ්‍යක්ෂතුමා නිෂ්පාදකතුමා, රචකයා අපි හැමෝගෙම සංකලනයක් තමයි මේ. අපි හැමෝගෙම වාසනා ගුණයකට බිහිවුණු ටෙලිනාට්‍යයක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒ තරමට ජනප‍්‍රිය වුණා. අපි හැමෝගෙම උත්සාහය මල්ඵල ගැන්වුණා කියලා මට හිතෙනවා.

 

මතක සටහන් එහෙම තියෙනවාද?

මතක සටහන් නම් ගොඩක් තියෙනවා. රූගත කිරීම් අතරතුරදී සිදුවුණු දේවල් පාර තොටේ රූගත කරද්දි වුණු සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ හැමදේම හරි සුන්දරයි. විශේෂයෙන්ම ආනන්ද වික‍්‍රමගේ මහත්මයා එක්ක තියෙන ජවනිකා හරි අමාරුයි රඟපාන්න. මොකද ඔහු කරන දේවල් වලට හිනා යනවා. ඉතින් ඒවගේ තැන්වලදි කට තද කරගෙන කොහොම හරි හිනාව නවත්තගන්නවා. ඒ වගේ සොඳුරු අත්දැකීම් තියෙනවා.

 

තවමත් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර අඩුවක් නැතිව ලැබෙනවාද?

තවමත් කියන්න බැරි තරමේ ප‍්‍රතිචාරයක් තියෙනවා. සමහර මිනිස්සු තවමත් ”ආමන්ත” නමින් ආමන්ත‍්‍රණය කරන්නෙ. මෑතකදීත් විදේශ ගත වෙලා ලංකාවට එද්දී මම ආපු ගුවන් යානයේ ස්වීඩන් සිට පැමිණි කාන්තාවක් මාව ෂීට් එකේ දැකපු ගමන් ”ආනේ ආමන්ත” කියලා මට කතා කළා. ඒ වගේ සිදුවීම් ගොඩක් වෙනවා. තවමත් ඒ තරමට මිනිස්සු ඒ චරිතෙට ආසයි ආදරෙයි.

 

”පබා” ටෙලිනාට්‍යය හරහා අමිලගෙ ජීවිතේට ලැබුණු වටිනා දේවල් මොනවද?

පබා තුළින් මම ජනප‍්‍රියත්වයට පත් වුණා නොහිතපු විදියට. මට මේ ක්ෂේත‍්‍රයේ දුර ගමනක් යන්න පාර කැපුණා. මගේ රුපියලකවත් වියදමක් නැතිව මට අවංක ජනප‍්‍රිය සම්මාන 2 ක් ලැබුණා. ඒ නාට්‍යයට අවංක ජනප‍්‍රිය සම්මාන කියලා මම අදහස් කරන්නෙ. මම කාටවත් ීඵී ගහන්න කියලවත් නැතිව මමත් ීඵී ගහන්නෙ නැතිව රුපියලක්වත් වියදම් නොකර මට මේ සම්මානය ලැබීම. මොකද අද සම්මාන ගන්න ගොඩක් වියදම් කරන්න ඕන. ඒ කිසිම වියදමක් නැතිව මම ඒ සම්මානවලට පාත‍්‍ර වුණා. ඒ ගැන මම අතිශය සතුටු වෙනවා.

 

සමස්තයක් විදියට ”පබා” ටෙලිනාට්‍යය ගැන කතා කළොත්?

ටෙලිනාට්‍යය ඉතිහාසයේ මම හිතන්නේ දු දරුවෝ, නෑදෑයෝ, සත්පුර වැසියෝ වැනි ඒ කාලෙ මිනිස්සු අතර ජනප‍්‍රිය වුණු ටෙලිනාට්‍යය ටික ඇරෙන්න මෑත කාලයේදී අපේ කාල සීමාවේදී බිහිවුණු එකම ජනප‍්‍රිය ටෙලිනාට්‍යය තමයි ”පබා” පබා ඉතිහාස ගත වුණු ටෙලිනාට්‍යයක්. ඊට හේතුව ලංකාවෙ පමණක් නෙමෙයි, ලංකාවේ මිනිස්සු ජීවත් වෙන හැම පිටරටකම අපේ ලාංකිකයෝ නරඹපු ටෙලිනාට්‍යයක්. තව අවුරුදු ගණනකටවත් මෙවැනි ටෙලිනාට්‍යයක් බිහිවෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි.

ඒ ටෙලිනාට්‍යය පටන් ගත්තු නැකත හරි පුදුම නැකතක්. මොකද හැමෝගෙම වාසනාවකට තමයි එය බිහිවුණේ. අතිශය ජනප‍්‍රිය වුණා. මම හිතන්නේ ස්වාධීන රූපවාහිනි සේවයෙත් රාති‍්‍ර 8 කියන කාල පරාසය අතිශය ජනප‍්‍රිය වුණා. ඒ කාල පරාසය පේ‍්‍රක්ෂකයන්ගෙන් කඩන්න බැරි තරමටම. මොකද ඒ දවස්වල ඉන්දියානු කතා රැුල්ලක් ඇවිල්ල තිබුණා. ලංකාවට විවිධ නම් වලින් මිනිස්සු ඒවට පුරුදු වෙලා තිබුණා. නමුත් අපි ඒ ඉන්දියානු රැුල්ල කඩලා ඒවා නවත්වන තරමටම මේ ටෙලිනාට්‍යය ඉදිරියට ගෙනාවා. ඒ තරමට මේ නාට්‍යය මිනිස්සු වැළඳගත්තා. ඉතින් මම හිතන්නේ නෑ මේ වගේ ටෙලිනාට්‍යයක් නැවත බිහිවෙයි කියලා.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

පබාට පෙම්කළ ආමන්ත

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 883 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1997 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 650 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 364 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 933 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1524 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site