IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පෙබරවාරියේ තෙල් සූත්‍රය එයි

ලබන මාසයේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50ටත් වඩා පහළ බැස ඇති බැවින් ඉතා ඉක්මණින් ඉන්ධන මිල අඩුකිරීම පහසු කාර්යයක් බව ද ඒ මහතා කියා සිටියේය. නව මිල සූත්‍රයට අනුව ජනතාවට බරක් නොවන ආකාරයෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවැඩි වීම අනුව ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ පහළ යනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.



අදහස් (0)

පෙබරවාරියේ තෙල් සූත්‍රය එයි

රොෂාන් Tuesday, 20 January 2015 07:25 AM

හිතන්න පුරුදු වෙන්න. 29 වෙනිදා අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට එන්නේ එදාට බඩුමිල අඩුකරන්න. නැතුව ඔයාලා හිතන හිතන වෙලාවට බඩුමිල අඩුකරන්න මේක ළමයින්ගේ සෙල්ලම් ආණ්ඩුවක් නෙමෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 19 January 2015 11:24 PM

මේක ඇත්තටම හොඳ දෙයක්. පෙට්‍රල් ලෝක වෙළඳ පොළේ ලාබ වෙනකොට ජනතාවට ප්‍රතිලාබ ලැබෙනවා වගේම ලෝක වෙළඳ පොළේ මිල වැඩිවෙනකොට ඒකත් දරාගන්න ජනතාව පුරුදුවෙන්න ඕනෑ (නි)

:       0       0

ෂෙහාන් මියුරංග සේනානායක Tuesday, 20 January 2015 07:40 AM

කෝ ඉතින් තෙල් සුත්‍රේ ? (බ)

:       0       0

ජගත් Wednesday, 21 January 2015 08:41 AM

අවරුදු 10 ක් දුක් වින්ද මහජනතාවට මාසයක් දෙකක් බලන් ඉන්න එක මහ දෙයක්ද ? (නදී)

:       0       0

ඉන්දික Tuesday, 20 January 2015 07:46 AM

මේගොල්ලෝ සුත්‍ර හදලා එනකොට තෙල් මිල අයෙත් නැඟලා තියෙයි!! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 January 2015 07:58 AM

මේකේ අදහස් දාන මිනිස්සු පාට පාට කණ්ණාඩි දාගෙන අදහස් දාන්නේ (නි)

:       0       0

නිරූප Tuesday, 20 January 2015 08:10 AM

පසුවදා අඩු කරන්න බැරි නම් වේදිකා වල කිව්වේ මොකද? කරන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ (නි)

:       0       0

රොෂාන් Tuesday, 20 January 2015 01:40 AM

මෙයා කලින් කියුවේ නම් මුල් දවස් 5 හේදි මිල අඩු කරනවා කියලා. කියනකොට සේරම ගහන්නේ බයිලා (නදී)

:       0       0

රංජිත් උනම්බුව Tuesday, 20 January 2015 01:44 AM

හොඳ දෙයක් (නදී)

:       0       0

විමල් Tuesday, 20 January 2015 02:16 AM

හොඳ දෙයක්. ඔබ ගැන ලොකු විශ්වාසයක් රටේ ජනතාවට තිබෙනවා (නි)

:       0       0

තේජාන්විත Tuesday, 20 January 2015 02:30 AM

අපි බලාගෙන හිටියේ 29 වෙනකොට අඩුවෙයි කියලා. දැන් බලනකොට පෙබරවාරියේ. ඔහොම යනකොට මේක දිගටම මෙහෙමම තියෙයිද දන්නෙත් නැහැ (නි)

:       0       0

චන්දන Tuesday, 20 January 2015 02:36 AM

හොඳ අදහසක්! (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 20 January 2015 02:40 AM

කලින් නම් කිවුවේ සියළු බදු ඉවත්කරනවා කියලා. දැන් අළුත් සුත්‍ර...? (නි)

:       0       0

ප්‍රේම් Tuesday, 20 January 2015 09:19 AM

ප්‍රභාත්ගේ තරුණකම මොන පැත්තේද තියෙන්නේ....මෙච්චර කල් ඔහේ හිටිය. දැන් තදියම! (බ)

:       0       0

ප්‍රසාද් Tuesday, 20 January 2015 02:58 AM

මේක ගෙදරට කඩෙන් හාල් ගේනවා වගේ වැඩක් නෙමෙයි රොෂාන්. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ (නි)

:       0       0

නුවන් Tuesday, 20 January 2015 02:58 AM

රොෂාන්, හදිසියට මේවා කරන්න බැහැ (නි)

:       0       0

දිසානායක Tuesday, 20 January 2015 03:04 AM

හොඳටම හොඳයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 January 2015 03:22 AM

හදිස්සියට බැහැ කියල දැන්ද කියන්නේ. කලින් කිව්වේ පස්සෙන්දම අඩු කරනවා කියලා. සුත්තරේ පස්සේ හදාගන්න. එතකන් අඩුකරන්න බැරිද? අනිත් එක ඔය සුත්තරේ හදලා එනකොට තෙල් මිල වැඩි වෙලා තියෙයි. එතකොට සුත්තරේට අනුව අපිට අඩුවට දෙනවා කිව්ව ඒවා හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මේ දවස් වල රුසියාවට රිද්දන්න අඩු කරපු තෙල් මිල අායෙත් තිබුනටත් වැඩිය වැඩි වෙන්නත් පුළුවන්. මොකද ඒ ගොල්ලන්ට වෙච්ච පාඩු අල්ලන්නත් එපැයි. එතකොට අපට හුලන් තමයි (නදී)

:       0       0

ධනංජය Tuesday, 20 January 2015 09:43 AM

ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වැඩි වීම අනුව තම රටවලත් තෙල් මිල වෙනස් වෙනෙවා. එක ඕන රටකට ම එකවගේ බලපාන දෙයක්. ලංකාව විතරක් වේලාව එනකම් ඉන්නවා. (හේ)

:       0       0

රෝයි Tuesday, 20 January 2015 03:36 AM

හඳුන්වාදෙන්න යන තෙල් සුත්‍රය ජනතා හිතවාදී එකක් වේවා! (නි)

:       0       0

දොන් Tuesday, 20 January 2015 03:39 AM

හදිසියට කරන්න බැරිනම් ඇයි බොරුවට පොරොන්දු දුන්නේ? (නි)

:       0       0

ශාන් Tuesday, 20 January 2015 03:44 AM

මෙතන සමහරක් අයට ඉතින් මේවා දකිනකොට ඉවසන්න බැහැනේ. හොඳ දෙයක් කරන කොටත් බලන්නේ පාට කන්නාඩි ගැනනේ. පවට පින දෙන්න බෑ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.(හේ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 January 2015 09:52 AM

ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල 2014 වසරේ ජුනි මාසයේදී ඩොලර් 107ක් ව පැවතිය. එම මිල ක්‍රම ක්‍රමයෙන් අඩුවී මේ වනවිට ඩොලර් 47-48 සීමාවට පහත බැස තිබේ. නමුත් පසුගිය රජයෙන් මෙහි කිසිදු සහනයක් ජනතාවට ලබා දී නොමැත. අවසාන වතාවට බොර තෙල් මිල මෙතරම් පහල මට්ටමක තිබුනේ 2009 වසරේ මාර්තු මාසයේය. මේ අනුව,තෙල් සඳහා මිල සුත්‍රයක වටිනාකම ජනතාව තේරුම් ගත යුතුය. (බ)

:       0       0

කමල් Tuesday, 20 January 2015 03:47 AM

දැන් ජනතාවට සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

රන්ජිත් Tuesday, 20 January 2015 03:56 AM

තෙල් මිල අඩු වෙනවා කියන්නේ ලොකු සහනයක්.(හේ)

:       0       0

චමිල Tuesday, 20 January 2015 04:28 PM

නියමයිනේ! (නි)

:       0       0

කුමාර Tuesday, 20 January 2015 04:03 AM

මහින්ද මහත්තයා කිව්වේ හදිස්සියේ කරන්න බැරි බව. මෙයාල දින සියෙන් අඩු කරනවා කිව්වේ මොන දේකටද? දැන් බලමු කියලා හරියන්නේ නැනේ.(හේ)

:       0       0

කැනඩා දිසා Tuesday, 20 January 2015 04:07 AM

මෙහෙ තෙල් මිල අඩු වැඩිවෙනවා ,වෙළඳ පොළ මිල අනුව. ඒක හොඳ ක්‍රමයක්. සාධාරණයි (නි)

:       0       0

මාටින් Tuesday, 20 January 2015 04:09 AM

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවැඩිවීම අනුව ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ පහළ දාන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රගීත් Tuesday, 20 January 2015 04:13 AM

මුල් දවස් 5දී මිල අඩු කරනවා කියලා රොෂාන්ට කිව්වෙ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයසේන Tuesday, 20 January 2015 04:15 AM

කරන්න තියෙන්නේ ඉතින් බලාගෙන ඉන්න එක තමයි (නි)

:       0       0

මාධවී Tuesday, 20 January 2015 04:17 AM

ඔය මිල සූත්‍ර කතා කලින් අයගෙත් තිබුණා වගේ මතකයි. (නි)

:       0       0

වීරසිංහ Monday, 19 January 2015 05:38 PM

කල් වැඩි නැද්ද? (නි)

:       0       0

ටිරෝන් Tuesday, 20 January 2015 04:31 AM

අම්මෝ ඇති යාන්තම් පහුගිය කාලෙම අපි ගෙව්වේ තෙල් පවක් රුපියල් පහකින් අඩු කරලා පම්පෝරි නොගසයි කියලා බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි දන්නවා චම්පික හොරෙක් නෙවෙයි කියලා ඒ විශ්වාසය අපට තියෙනවා (බ)

:       0       0

සසිදු Tuesday, 20 January 2015 10:37 AM

බලමුකෝ තෙල් මිලේ සුත්‍රය කොහොමද කියලා.(හේ)

:       0       0

පාරා Tuesday, 20 January 2015 06:25 PM

බස් ගාස්තු, ලොරි ගාස්තු, ගෑස් නිසා වැඩි උන කෑම ගාස්තු වලටත් මිල පාලනයක් ඕනේ (නදී)

:       0       0

තිවංක Tuesday, 20 January 2015 04:32 AM

රොෂාන්ගේ මොළේ තාම වැඩිල නැහැ. මම හිතන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ අඩු ලුහුඬුකම් (බ)

:       0       0

ඩිලාන් Tuesday, 20 January 2015 04:41 AM

තෙල් මිල අඩු කරන එක ලබන මාසේ වෙනකල්වත් බලන් ඉන්න බැරි අය ඉන්නේ මේ රටේ. මෙපමණ කාලයක් වැඩියෙන් සල්ලි දීපු එක ගැන ටිකක්වත් දුක හිතෙන කෙනෙක් නැද්ද ? (බ)

:       0       0

චන්ද්‍රා Tuesday, 20 January 2015 04:48 AM

ඉන්ධනවලට ගන්න බදු නාස්ති නොකර වියදම් කළොත් හරි (බ)

:       0       0

ශාම් Tuesday, 20 January 2015 05:02 AM

අඩු කරනවානම් සන්තෝසයි අනිවාර්යෙන්ම ත්‍රී වීල් ගාස්තු බස් ගාස්තු වගේ ප්‍රවාහන ගාස්තු අඩු වෙයිනේ අනිවාර්යෙන්ම හොඳ දෙයක් (බ)

:       0       0

දිනේෂ් Tuesday, 20 January 2015 05:03 AM

කට්ටියට තේරෙන්නේ නැද්ද ඕක අඩු කළාම පරිභෝජනය වැඩිවෙලා පරිසර දූෂණය වැඩිවෙලා විදේශ විනිමය වැඩිපුර වැය කරන්න වෙනවා කියල. අඩු කරන එක ඇත්තෙන්ම හොඳයි. ඒ උනාට එ්කේ අතුරු ප්‍රතිඵල ? (බ)

:       0       0

සංජය Tuesday, 20 January 2015 05:04 AM

කොහොමටත් ඉතින් කියනකොට එකක් කරනකොට තව එකක් වෙන එක මේ අයගේ පුරුද්දනේ. මෙයාල කියපු විදියට අඩු කරනවානම් මොනවද කරන්න බැරි. (බ)

:       0       0

නිලන් Tuesday, 20 January 2015 05:10 AM

ඇත්තටම හොඳ දෙයක් මීට ඉස්සර පොරොන්දු එක්ක බැලුවම ඇමැති ඉල්ලන්නේ සාධාරණ කාලයක් හැබැයි හරියටම වෙනවනම් පටන් ගැන්ම හොඳයි (බ)

:       0       0

සත්‍යපාල Tuesday, 20 January 2015 05:14 AM

සාමාන්‍යයෙන් ලංකාවට මාස තුනකට පමණ අවශ්‍ය තෙල් තොග ගබඩා කර තබා ගන්නා බවයි රජයේ අදහස , ඒ අනුව ඒ තෙල් තොග මිලදී ගත් මිල අනුව තමයි මිල අඩුකිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ එකට ටික කාලයක් ගතවෙනවා ඔය හිටියා වගේ තවටික කාලයක් අපි ඉවසමු (බ)

:       0       0

අසංග Tuesday, 20 January 2015 05:18 AM

මෙතුමා කියපු විදියට ලෝක වෙළඳ පොළේ මිල අඩුවුණත් නැතත් අනිවාර්යයෙන්ම තෙල් මිල අඩුවිය යුතුයි. බද්ද අඩුකළ විට තෙල් මිල ඉබේටම අඩුවෙනවා (නි)

:       0       0

පෙරේරා Monday, 19 January 2015 06:12 PM

බොරතෙල් බැරලයක් ඩොලර් 35 දක්වා පහතට පැමිණිලා නේද? එහි ප්‍රතිලාභය සාධාරණව මහජනතාවට බෙදාදෙන්න (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 January 2015 05:27 AM

සත්‍යපාල, දැන්නේ ඕවා කියන්නේ. ඡන්දෙට කලින් කිවුවේ පසුවදා සිට අඩුකරනවා කියලනේ. මොකද ඒ දවස් වල ගණන් හැදුවේ දැන් මිල එක්ක නේද?? (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 20 January 2015 05:37 AM

තරුණ අපිට නම් හොඳට මතකයි තිබෙන බදු ඔක්කොම ඉවත්කරනවා කිව්ව එක. ඕකට ඉතින් සූත්‍ර ඕනෑ නැහැනේ. (නි)

:       0       0

සේනක Monday, 19 January 2015 06:32 PM

කලින් සුත්‍ර ගැන කිව්වේ නැහැ නේද ? බදු අයින් කරනවා කියලා නේද කිව්වේ ? (නදී)

:       0       0

සුජිත් Tuesday, 20 January 2015 06:04 AM

මෙතුමා ඡන්දදායකයන්ට කිවුවෙ නම් අපිට බලය ලැබුන ගමන් ඉන්ධන වලට පනවා තිබෙන අසාධාරණ බද්ද වහාම ඉවත් කරනවා කියලයි. නමුත් මෙම අසාධාරණ බද්ද අපෙන් දැන් දවස් 10 කටත් වැඩි ප්‍රමාණයක් අයකරගෙන. දැන් ඒ බදු සාධාරණීකරණය වෙලා. (නි)

:       0       0

පද්මේන් Tuesday, 20 January 2015 06:12 AM

තාම බලය ලැබිලා දවස් 11යි නේ. අවුරුදු ගානක් ඉවසපු එකේ තව දවස් ටිකක් ඉවසාගෙන ඉන්න බැරි ඇයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 792 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 282 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1491 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2697 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 219 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1545 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site