IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාබළ සෙබළු විසිර යති

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 17 දෙනකු සහ සෙසු නිලයන් 161 දෙනකු විසිර යෑමේ උත්සවය අම්පාර කොන්ඩවටුවාන යුද හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එල්.ඩබ්ලිව්.සී.බි.බී. රාජගුරු එහි ආරාධිතයා විය. පුහුණු පාසලේ සේනා විධායක බ්‍රිගේඩියර් එස්.එස්.වඩුගේ සහ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්. කස්තුරි මුදලි මහත්වරු එම අවස්තාවට එක් වූහ.



අදහස් (0)

පාබළ සෙබළු විසිර යති

ලහිරු Sunday, 11 August 2013 10:52 AM

අනේ මන්දා අප්පා

:       0       0

ඉසුරු Saturday, 10 August 2013 10:06 PM

ජය වේවා! (නි)

:       0       0

චන්දා Sunday, 11 August 2013 10:56 AM

අනේ කවුරු හරි පට පට ගාලා ටිකිරි බණ්ඩාරගේ කටෙත් මසුරන් කුට්ටියක් හිර කරන්නකෝ, කුමාරිහාමිලා වත් නැද්ද. (දී)

:       0       0

නාමසේන Saturday, 10 August 2013 10:16 PM

අධිෂ්ඨානයෙන් පෙරට! (නි)

:       0       0

කුමාර Saturday, 10 August 2013 10:21 PM

ඔබට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 11 August 2013 11:50 AM

යුද්දය නිමාකරන්න අපේ වීරෝදාර සෙබළුන්ගෙන් වෙච්ච සේවය මෙතෙක් කියල කියන්න බැහැ. එයාලගේ ජීවිත ශ්‍රමය කැපවීම යම් යම් සිදුවීම් නිසා මේ දවස් වල අඩු තක්සේරුවට ලක්වෙලා. සමහර අය දීල තියෙන අදහස් දිහා බැලුවම ඒක ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඉතාම සුලු කීපදෙනෙකුගේ නොගැලපෙන ක්‍රියාවන් නිසා මුලු යුධ හමුදාවම පහත් ආකාරයට දාල අදහස් ප්‍රකාශ කිරීම මම දකින්නේ ඉතාම පහත් නින්දිත ගුණමකු ක්‍රියාවක් ලෙසයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:17 PM

පිටබැද්දර ජයා,ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:25 PM

බන්දුල පෙරේරා, ප්‍රබාකරන් ජීවත් වුන කාලේදී මම මගේ බයිසිකලයට බලපත්‍රය ගත්තේ රුපියල් 250 ට.දැන් යුද්ධයක් නැතුවත් රුපියල් 750 ක් කරලා.දුම් ටෙස්ට් කියලා තවත් රුපියල් 450 ගන්නවා.අනේ ප්‍රබාකරන් හිටියා නම් අපිට මේ දුක අත් වෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:27 PM

ඉස්සර මමත් මෙයාලගේ වීරත්වය ගැන උදම් අනපු කෙනෙක්.දැන්නම් හරිම කලකිරීමක් තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:30 PM

අද කාලේ රණවිරුවාට වෙලා තියෙන දී දැක්කම "වනේ වන හතුරෙකුටවත් මෙහෙම විපත්තියක් නම් සිද්ධ වෙන්න එපා කියලා හිතෙනවා" (නි)

:       0       0

මහේෂ් Saturday, 10 August 2013 11:47 PM

හමුදාවට ජය වේවා! (නි)

:       0       0

දිලාන් ෆෙර්ණන්දෝ Saturday, 10 August 2013 06:19 PM

ගොඩක් හොඳයි මව්බිම වෙනුවෙන් සේවය කරනවා නම්. ඒත් එක දෙයක් කියන්නේ ඕනෑ. හමුදාව ඉන්නේ රට සහ රටේ ජනය ආරක්ෂා කරන්න. මට අර වැලිවේරියේ සිද්ධිය මතක් වෙලා කියන්නේ. අපි දැකලා තියනවා සමහර රටවල හමුදාව ඒ රටේ මිනිස්සුන්ට කොයිතරම් ලැදිද කියලා. ඒ වගේ රටේ මිනිස්සුත් හරිම ආදරෙයි හමුදාවට. ඒත් අපේ රටේ මිනිස්සු හමුදාවට ආදරේ වුණාට හමුදාවෙන් හම්බවෙන්නේ වෙඩි උන්ඩ. ඒ ගැන හරිම කණගාටුයි (නි)

:       0       0

ගිම්හාර Saturday, 10 August 2013 06:23 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

මහේන්ද්‍ර Sunday, 11 August 2013 12:59 AM

හැම දේම කරන්න පුරුදු වුනාද හොදට. විශිෂ්ටයි සර්, සුබ අනාගතයක් !(නදී)

:       0       0

විකුම් Saturday, 10 August 2013 06:36 PM

අපගේ ශුභ පැතුම්!!! (නි)

:       0       0

අසිත Saturday, 10 August 2013 06:38 PM

එඩිතරව දිරියෙන් පෙරට! (නි)

:       0       0

චන්දා Saturday, 10 August 2013 07:01 PM

ඔය ඔක්කොම අපේම කොල්ලෝ. අහසින් වැටිලා නොවෙයි (අ)

:       0       0

කෙවීන් Saturday, 10 August 2013 07:21 PM

හිතට අවංකවම කිසිම සතුටක් දැනෙන්නේ නැහැ මේවා දැකල. හැමෝම වැරදි නැතුව ඇති. කොහොම වුණත් මේ පින්තුර දකින විට කලකිරීමක් හිතට එනවා.

:       0       0

නිශාන් Sunday, 11 August 2013 05:22 AM

හමුදාව දිහා සිවිල් ඇසකින් නොබැලිය යුතුයි. හමුදාව තම ස්වාමියාගේ නියෝගය පිලිපදිනවා විනා හොද නරක හොයා බලා කටයුතු කරන කොටසක් නොවේ. ඊට කදිම උදාහරණ වැලිවේරිය සිද්දියෙන් රටටම ලැබුනා. 88-89 කාලය මතක නම් ඊට වැඩ හොද උදාහරණ එතන තියෙනවා. එම නිසා අනවශ්‍ය විදියට හමුදාව වර්ණනා නොකළ යුතුයි. එය පිහියකින් ගෙල සිධ ගැනීමක්. යුද්දයක් නැතත් මේ විදියට රට හමුදාකරණය වීම අනුමත කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

සරත් Saturday, 10 August 2013 08:02 PM

අහිංසක මිනිස්සුන්ට නෙවෙයි අපරාධකාරයන් රටේ හතුරන්ට විරුද්ධව අවි ඔසවන්න ශක්තිය ලැබේවා. (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 10 August 2013 08:09 PM

පට පට ගාලා තියන හැටි හොඳට ඉගෙන ගත්තද දන්නේ නැහ ? (අ)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 10 August 2013 08:16 PM

මම සුභ පතනව....හැබැයි අර වැලිවේරියෙ සිද්ධියත් මතක් වෙනව. මොකද ජනතාව තබාගෙන තියෙන විශ්වාසය ආදරය නැති වුණොත් එදාට ඉතිරිවන්නෙ විශාල ප්‍රශ්න ගොඩක්. (අ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 August 2013 07:19 AM

සමහරු මගෙන් අහනවා මගේ ළමයෙක් වෙඩි කාල මරුනනම් කොහොමද කියලා. මට ළමයි නැත, ඉතින් මට කමක් නැත කවුරු මලත්, ඇත්ත මම කඩේ යනවා, අට පාස් මට ලොකු තැනකට එන්න පුළුවන් උනේ කඩේ ගිහිල්ලා. රටට ආදරේ කලා කියලා මගේ බඩ පිරින්නේ නැහැනේ. හැබැයි කඩේ ගියොත් ගොඩම තමයි.(නදී)

:       0       0

කසුන් Sunday, 11 August 2013 07:24 AM

කෙවීන්, කියන නමින්ම තේරෙනවා සිංහල කම. ඉතින් කොහෙද ආඩම්බරයක්. ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි නේද?(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 August 2013 08:02 AM

ඔය පුංචි ටිකිරිලා වගේ ලංකාවට අරාබි වසන්ත එනකම් බලා ඉන්න අයගේ ආශිර්වාදය අපේ හමුදාවට අවශ්‍ය නැහැ. අවශ්‍ය කොටසගේ ආශිර්වාදය හැමදාමත් හමුදාවට තියෙනවා. කාගේ හරි මතය ඉවසන්න බැරි උනාම නම අනුකරණය කරලා ප්‍රතිචාර දාන පිරිසක් ඉන්නවා. ඒ තරමට අපේ හඩ බලවත් කියලා කට්ටියට දැනෙන එකත් සතුටක්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 August 2013 08:53 PM

මේ රටේ තිබුණු මර බිය නැති කරලා අපේ දරුවන්ට නිදහසේ හුස්මක් ගන්න ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන්නු නුඹලට මේ ගුණමකුවෝ සීමිත පිරිසක් අපහස කළාට ශාප කළාට මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ ආශීර්වාදය හැමදාටමත් නුඹලට තියෙනවා. ගෞරවාන්විත හමුදා සේවයක් නිම කරලා,අපේ උතුකම් කොටස රට වෙනුවෙන් කරලා අපි අද විවේක සුවෙන් ඉන්නේ නුඹලා ගැන විශ්වාසය තියලා.සිංහල වේවා මුස්ලිම් වේවා දෙමල වේවා ඕනෑම දේශ ද්‍රෝහියෙකුට මේ රටට වින කරන්න ඕනෑම වෙසකින් එන ඕනෑම කෙනෙකුට ඔය අවිය එල්ල කරන්න දෙපාරක් හිතන්න එපා කවදාවත්.. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 10 August 2013 09:49 PM

සුබ පතනවා. අපේ හමුදාව ගැන ආඩම්බරයි. විනයෙන් ඉහළ හමුදාවක්. අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ හමුදාව ඉතාම ඉහළ මානසික මට්ටමකින් ඉන්නවා. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 10 August 2013 09:51 PM

බන්දුල පෙරේරා සමග එකඟයි. අපේ හමුදාව අපිට අමතක වෙන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 8981 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4748 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6560 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4472 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1097 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1905 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36459 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site