IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට

(ප්‍රසන්න පත්මසිරි,සමන් පාලිත නානායක්කාර සහ පාලිත ආරියවංශ)

බණ්ඩාරවෙළ නගරයේ තන්තිරිය ප්‍රදේශයේ අවන්හලක කාමරයක් තුළ ඇදක් මත ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් අද සවස සොයාගත් බව පොලිසිය කියයි,

ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි ජී.ඩී සංජීවනී තුෂාරිකාද සිල්වා (40) හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් සිටියදි පොලිසිය සොයාගෙන තිබේ,

23 දින සවස කැළණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු හොටෙල් කාමරය කුළියට ගෙන නැවතුන බවත් 24 දින උදෑසන හාලිඇළ ඇටම්පිටිය ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවක පැමිණ එම කාමරයට ගිය බවත් හොටලයේ සේවකයන් පොලිසියට පවසා තිබේ,

හොටෙල් කාමරයේ සිටි දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 24 දින සවස 4.30ට පමණ සැක සිතෙන අයුරින් එළියට දිව යනු දුටු සේවකයන් කාමරය දෙස බලද්දී වස ගද වහනය වන ඇද මත ලේ තැවරුණ රෙදි පොරොනයකින් කාන්තාවක වසා තිබෙන අයුරු දැක තිබේ,

පොලිසිය සිදු කළ පරීක්ෂණවලදි කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව ඇද මත මියගොස් තිබෙන බවත් පවසන පොලිසිය එම ඇද යට තිබී තියුණු පිහියක්ද සොයාගෙන තිබේ,

සැකකරු විසින් ලියන ලද බවට සැක කරන ලිපියක්ද එම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන තිබේන අතර සැකකරු වස පානය කර දිව යන්නට ඇති බවට පොලිසිය සැක කරයි,

 



අදහස් (1)

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට

Bunny Preena Friday, 25 August 2023 02:19 PM

මුදල් සම්බන්ධව පලහිලව්වක්ද? 

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 2283 0

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 557 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 140 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 864 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 430 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 390 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 447 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1406 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site