IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘‘පෙම්වතාට පහරදෙන්න මට ටිකක් අසීරු වුණා’’

ඇය සරසවි අධ්‍යාපනය ලබන්නේ, ආයුර්වේද වෛද්‍යවරියක වීමේ අරමුණ ඇතිවය. ඒ අනුව යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තෙවැනි වසරේ සිසුවියක වන ඇය ගැන අද රූපවාහිනී ප්‍රේක්‍ෂක බොහෝ දෙනා කතාවන්නේ, දේදුණු ටෙලිනාට්‍යය නිසාය. සඳුන් රාජකරුණාගේ දේදුණු නාට්‍යයේ දේදුණු වූූ ඇය කවුද...? ඇයි රංගනයට පිවිසියේ...? අද සඳැල්ල කතාබහේ ‘ඉඩකඩ’ ඇය වෙනුවෙනි.

 

sandalla-01

 


0101 ඔබගේ සම්පූර්ණ නම:
තරුෂි නයනතාරා ගුණරත්න


0101 තරුෂි කියන්න ද? නයනතාරා කියන්න ද?
තරුෂි කියලා තමයි යාළුවෝ කතා කරන්නේ. ආදරේට ‘‘තරු’’ කියලත් කියනවා.


0101 ගම, පාසල එහෙම කොහේද?
ගම මිනුවන්ගොඩ. ඉගෙන ගත්තේ, මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවෙන්. දැන් යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියක්.

DSC_4929
0101 වයස?
අවුරුදු - 22 යි.


0101 පවුලේ විස්තර?
 අම්මා, තාත්තා සහ මල්ලී විතරයි. තාත්තා දේශීය වෛද්‍යවරයෙක්. අම්මා ගෘහනියක්. මල්ලි පාසල් අධ්‍යාපනය ලබනවා.


0101 ඔබ දේදුණු වුණේ කොහොමද?
මුලින්ම අවුරුදු කුමරිය තරගයකට සහභාගී වුණා. එහි ජයග‍්‍රහණය එක්ක පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ ඡායාරූපය දැකලා ලලිත් වසන්ත මහතා දේදුණු සඳහා තිර පරීක්‍ෂණයට කැඳවූවා. පසුව දේදුණුට තෝරාගත් බව මට දැනුම් දුන්නා.


0101 ඊට කළින් රඟපාලා තිබුණේ නැද්ද?
නැහැ.


0101 පාසල් වේදිකාවේදීවත්?
පාසල් වේදිකාවේ නර්තන තරගවලට සහභාගී වෙලා තිබුණා. ඒත් රඟපෑම පිළිබඳව ආභාෂය තිබුණේ නැහැ.


0101 ඔබ ‘‘දේදුණු’’ චරිතය රඟපාන්නෙ කොහොමද?
ඇත්තම කිව්වොත් රඟපෑම පිළිබඳව දැනුමක් නොතිබීම අපහසු කාර්යයක් වුණා. නමුත් ටිකෙන් ටික චරිතය ගොඩනගා ගැනීමට සඳුන් රාජකරුණා මහතා බොහෝ දේ කියා දුන්නා.


0101 මේ විදියට රඟපෑමට ඒම ගැන, අම්මාxතාත්තා මොනවද කිව්වේ?
තාත්තා නම් කැමති වුණේ නැහැ. අම්මා උදව් කළා. දැන් නාට්‍ය විකාශය වෙද්දි තාත්තාට ගොඩක් සතුටුයි. තාත්තා මාව ධෛර්යවත් කරවනවා.


0101 ඔබ මුලින්ම නැරඹූ ටෙලිනාට්‍ය මොකක්ද?
යශෝරාවය


0101 එතකොට ඔබගේ වයස?
අවුරුදු හය - හතක් වගේ ඇති.

DSC_4902
0101 ඉන්පසුව ඔබගේ සිත්ගත් නාට්‍ය වුණේ?
‘‘තෙත් සහ වියළි’’ නාට්‍යයයි.


0101 රූපවාහිනියෙ ඔබගේ සිත්ගත් චරිත වුණේ?
සුමින්ද සිරිසේන මහතා සහ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ රංගනයට බෙහෙවින් ආසා කළා.


0101 රඟපෑම ගැන අද ඔබට හිතෙන්නේ කොහොමද?
ඇත්තටම ඒක අසීරු දෙයක්. ලේසිxපහසු දෙයක් නම් නොවෙයි.


0101 රඟපෑම ගැන ඔබ කොහොමද හිතාගෙන හිටියේ?
මෙතරම් සංකීර්ණ දෙයක්, හැදෑරිය යුතු දෙයක් කියලා හිතුවේ නැහැ.


0101 දැන් හිතෙනවද රඟපෑම හදාරන්න?
අනිවාර්යයෙන්ම ඔව්.


0101 ඇත්තටම ඇයි තරුෂිට රඟපාන්න හිතුණේ?
පොඩි කාලයේ ඉඳලාම ආසාවක් තිබුණා. ඒක ඇත්තටම හීනයක් ඉටුවීමක් වගේ දෙයක්.


0101 ඔබ ලස්සන ගැන හිතලද රඟපෑමට ආවේ?
ලස්සන විතරක් තිබිලා මදි. දක්‍ෂතාවය සහ වාසනාවත් තියෙන්නම  ඕනෑ. හැබැයි මම ලස්සනද කියලා නම් මම දන්නේ නැහැ.


0101 කොහොමද අද ‘‘දේදුණු’’ට ලැබෙන ප‍්‍රතිචාර?
දැන් දැන් සමහරු මාව හඳුනා ගන්නවා ඔයා නේද දේදුණු නාට්‍යයේ රඟපාන්නේ කියලා අහනවා.


0101 මේ දක්වා දේදුණු නාට්‍යයේ රඟපෑමට අසීරුම වූ අවස්ථාව ගැන කිව්වොත්?
ගාමිණී හෙට්ටිආරච්චි, සංකේත් සහ රුවන්ගි යන පළපුරුදු ශිල්පීන් සමඟ රඟපෑමට ඇත්තටම අසීරු වුණා. දේදුණුට සමහර අවස්ථාවල දී පෙම්වතාට පහරදෙන දර්ශන තිබුණා. මම සාමාන්‍ය ජීවිතයේ තැන්පත් චරිතයක් නිසා ඒ අවස්ථා මට වඩාත් අපහසු වුණා.


‘‘මම ආවේ දුව එක්ක වැදගත් දෙයක් කතාකරන්න’’
මගේ නැන්දා ලෙස රඟපාන කුසුම් රේණු ශිල්පිනිය එහෙම කිව්වා. ‘මොකක්ද නැන්දේ’ කියා එතකොට මම ඇහුවා. මේ අවස්ථාවxතුන්පාරක්ම රූගත කළා. මුලින්ම මට කියන්න තිබුණේ ‘‘දේදුණු ඔයාට මතකද සාගර අයියාගේ මල්ලි, මාලිංග...?’’ කියලා සංකේත් කිව්වාම
මට තිබුණේ ‘‘ඉතිං’’ කියලා කියන්න විතරයි. ඒ මගේ පළමු දර්ශනයයි.

 

sandalla-02


0101 ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත‍්‍රය ගැන හිතන්නේ කොහොමද?
පුළුල් විෂයයක් අත්හදා බැලීම් සමඟ නිරන්තරයෙන් හැදෑරිය යුතු අංශයක්. ආයුර්වේදයේ භාෂාව පවා වෙනස්. මිනිසුන් සුවපත් කරවන අපූරු ක්ෂේත‍්‍රයක්


0101 ඔබ වගේ අලූතින් ක්ෂේත‍්‍රයට එන අයට, ඔබ දෙන පණිවුඩය?
මට වාසනාවට ඉතා ප‍්‍රවීණ පිරිසක් එක්ක කටයුතු කරන්න ලැබුණා. කිසිම කැපිලි කෙටිලිවලට හසුවුණෙත් නෑ. විශේෂයෙන්ම අලූතින් එන අය ලෙස අපි ඔවුනට ගරු කරන්න වගේම, ඔවුනගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නම  ඕනෑ. එය හරිම වැදගත්.

 

sadun-gamage

 



අදහස් (0)

‘‘පෙම්වතාට පහරදෙන්න මට ටිකක් අසීරු වුණා’’

කසුන් ධර්මවංශ Thursday, 11 September 2014 06:58 PM

ඡායාරූප ටික නම් ලස්සනයි. ඇඳුමත් ලස්සනයි. සංකර විලාසිතා කිසිවක් නැහැ. ඔය ලස්සන පෙනුම වගේ ඔයාගේ හදවතත් ලස්සන නම් හිමිකාරයා වාසනාවන්ත කොල්ලෙක් (නි)

:       0       0

රෝසි Thursday, 25 September 2014 06:03 PM

හරිම ලස්සන ළමයෙක් (දී)

:       0       0

උදාරි Thursday, 11 September 2014 10:03 AM

දේදුනු ටෙලි නාට්‍යයේ චරිත වගේ චරිත සමාජයේ ඉන්නවා. අපි දන්නා අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ නංගිට ගෙදර කිසි වැඩක් කරන්න නොදී ලස්සනට අන්දවලා සාලයේ තියලා හොඳම මනමාලයෙක් හෙව්වා. අන්තිමේ ලොකු තැනකට බන්දවල දුන්නට පස්සේ මාසයක් යන්න කලින් නැන්දම්මා එයාව ආපහු මහ ගෙදර එව්වා , ගෙදර වැඩක් පලක් නොකර බබා වගේ ඉන්න පුරුදු වුන ලේලි කෙනෙක් ගෙන් වැඩක් නැහැ කියලා. (නදී)

:       0       0

සත්‍යයා Friday, 12 September 2014 03:35 AM

තරුෂි නැත්නම් "තරු" කියන නම ඔයා ට හොඳට ගැලපෙනවා. කිසිදාක රංගනයේ නොයෙදී පළමු ටෙලි නාට්‍යයේදීම මේ තරම් දක්ෂකමක් පෙන්වීම තුලින්ම ඔයා ශ්‍රී ලංකා ටෙලි නාට්‍යය අම්බරයේ තරුවක් සේ දිලෙනවා. ඔබ තෝරාගත් වෘත්තියත් ඉතාම වටිනා ක්ෂේත්‍රයක්. ඔබ ඉදිරියටම යන්න. අපේ ආශීර්වාදය හා සුභ පැතුම්! (නදී)

:       0       0

විජේසිංහ Thursday, 11 September 2014 11:19 AM

අනේ 22 ට වැඩිය වයස පේනවනේ (නදී)

:       0       0

විදානේ Tuesday, 16 September 2014 05:37 PM

මේ කතාවෙන්ම තේරෙනවා නේද අද අපේ ජනප්‍රිය නළු නිළියන්ගේ වෘත්තීමය සුදුසුකම මොකද්ද කියලා (නි)

:       0       0

ප්‍රියත්ත Saturday, 20 September 2014 10:00 AM

දේදුනු හරි වසයි නේද ? (නදී)

:       0       0

අම්පාරේ දුමිත Friday, 12 September 2014 02:43 PM

සිත්තර පත්තරේ සරත් මදුගේ තෙලි තුඩින් ඔපවත් වුනු දේදුනු ගැනද මේ කතාව (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 17 September 2014 11:03 PM

හොඳ ළමයා. හරිම හොඳයි (නි)

:       0       0

සරෝ Thursday, 11 September 2014 08:28 AM

මෙයාට තියෙන්නේ නම් දොස්තර වෘත්තියට ගැලපෙන පෙනීමක් නෙවෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 83 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 769 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1602 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1042 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 439 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 268 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site