IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘පෙම්වතියක ලෙස රඟපාන්න ලජ්ජා හිතුනා’’

SAN_1123  

 

ටී. සදේෂ් කුමාර් නිෂ්පාදනය කළ, ඩොනල්ඞ් ජයන්ත අධ්‍යක්ෂණය කළ ප‍්‍රවේගය මේ වනවිට, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ තිරගතවූ චිත‍්‍රපට අතරින් වාර්තාවක් තබා ඇති බව සඳහන් වෙනවා. එනම් තිරගතවීම් ආරම්භ වී සතියක් යාමට මත්තෙන් සියලූ ආදායම් වාර්තා බිඳ දැමීම නිසයි. මෙම සිනමා නිර්මාණය සමග සිංහල සිනමාවට අවතීර්ණ වූ අලූත්ම පෙම්වතිය වන්නේ මේ සුන්දර ශිල්පිනියයි. උදාරි පෙරේරා වන ඒ හැඩකාරිය සඳැල්ල හැඩකිරීමට පැමිණි මොහොතකි මේ.

 

yh


button උදාරි කොහොමද ඉතින්?
බොහොම හොඳයි, බොහෝම සතුටුයි.

 


button හේතුව?
ප‍්‍රවේගයට ලැබෙන අසීමිත ප‍්‍රතිචාර නිසා.

 


button උදාරි ඔබගේ පවුලේ විස්තර සහ ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ පවුලේ අම්මයි - තාත්තයි, නංගිලා දෙන්නයි මමයි. ගම වත්තල. ඉගෙන ගත්තෙ ශාන්ත ආනා කන්‍යාරාමයෙන්.

 


buttonඉගෙන ගත්තෙ වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන නේද?
ඇත්තෙන්ම ඔව්. එකම හීනය වුණේ එයයි. ඒ නිසාම උසස් පෙළට මුහුණ දුන්නේ ජීව විද්‍යා අංශයෙන්. ඒත් ඉලක්කය සපුරාගන්න බැරිවුණා. පාසැල් කාලයේදී ඉගෙනීමට වගේම බාහිර ක‍්‍රියාකාරකම්වලටත් දක්ෂ වුණා. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කළා. ඒ වගේම මාධ්‍ය ඒකකයේ නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. වේදිකා නාට්‍යවලත් රඟපෑවා.

 


button ඒ වගේ බාහිර ක‍්‍රියාකාරකම්වලට බලෙන්මලූ ගියේ, ඒ කතාව හරි නේද?
ඇත්තෙන්ම ඒවාට මගේ ලොකු උනන්දුවක් තිබුණෙ. මාව අනිවාර්යයෙන්ම සෑම දෙයකටම දායක කරවා ගත්තා. දෙවියන් වහන්සේ මට අධ්‍යාපනයට වගේම කලා අංශයේ කටයුතුවලටත් දක්ෂතාවය ලබාදී තිබුණු බවයි මගේ හැඟීම.

 


button ඔබ හොඳ චිත‍්‍ර ශිල්පිනියක්. එහෙම නේද?
ඒ දක්ෂතාවය මට සහජයෙන්ම ලැබී තිබුණු දෙයක්. නමුත් විෂයයක් ලෙස මම එය ප‍්‍රගුණ කළේ නැහැ. නර්තනය ප‍්‍රගුණ කළා.

 

d
button කලා අංශයට අවතීර්ණ වුණේ ඒ නිසාද?
මුලින්ම මගේ නර්තන හැකියාව පෙන්නුම් කළේ අම්මා-තාත්තා සහ නංගිලා දෙන්නා ඉදිරියේ. සාරිය පටලවාගෙන මම නැටුව හැටි තාම මතකයි. නංගිලා දෙන්නා තමයි පේ‍්‍රක්ෂකයො වුණේ. ”ෂාහ් අක්කා ලස්සනට නටනවා” කියලා එයාලගෙන් ප‍්‍රතිචාර ලැබුණා. උසස් පෙළ හදාරණ කාලයේදී ෂාන් පෙරේරා සර් යටතේ නර්තනය හදාරන්න පෙළැඹුණා. ඒ කාලයේදීම තමයි ”රන්-රන්-රන් සේල ඇඳ” ගීතයේ රූප රචනාවලට පෙනී සිටියෙ. දීපිකා පලිපාන මහත්මියගෙ සිනිඳු පියාපත් නිර්මාණයටත් දායක වුණා.

 


button පසුව ඔබ ගුවන් සේවිකාවක ලෙස රැකියාවට එක්වුණා. නමුත් කාලයක් ගිය පසු ඉන් ඉවත්වුණේ ඇයි?
මම අදටත් ඒ රැකියාවට හරිම ආදරෙයි. හරිම ගරු කරනවා. අපි සුන්දරව ඒ රැුකියාව කළාට රාජකාරි ස්වභාවය අනුව එය ඉතා කාර්යබහුල රැකියාවක්. නිදහස හරිම අඩුයි. එය අතිශයින්ම වගකීම් සහිත රැකියාවක්. ඉතින් වයසින් මුහුකුරා යද්දි පුද්ගලික ජීවිතයට මුල්තැන දියයුතු නිසා මම ඒ රැකියාවෙන් ඉවත්වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රචාරක කටයුතුවලදී දැන්වීම් වලට පෙනී සිටි ප‍්‍රධාන චරිතයක් වුණා. ඒවා ඇත්තටම සුන්දර මතකයන්. මේ උදාරි කියන චරිතය අද ලස්සනට පිළිවෙලට හැසිරෙන විදිය සහ ගතිගුණ සියල්ලට හේතුව පාසලෙන් ලැබුණු අධ්‍යාපනය විනය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ලැබුණු රාජකාරිය නිසයි.

sh


button ප‍්‍රවේගය චිත‍්‍රපටයට ඔබ තෝරාගැනීම පිටුපස තියෙන කතාවත් ශ්‍රීලංකන් එයාර්? එහෙම නේද?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ”සෙරන්ඩිබ්” සඟරාවේ මුල් පිටුවෙ මගේ ඡුායාරූපයක් පළවුණා. ප‍්‍රවේගය නිෂ්පාදක සදේෂ් මහතා මෙය දැක තිබෙනවා. පසුව ඩොනල්්ඞ් ජයන්ත සහ සරවන් සරෝ අධ්‍යක්ෂවරුන්ට මා ගැන පවසා තිබුණා. නමුත් පේ‍්‍රමවන්තියක ලෙස චරිතය රඟපාන්න වුණාම ලැජ්ජාවක් ඇතිවුණා. පසුව අධ්‍යක්ෂවරු සහ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපාන හේමාල් මෙන්ම අනෙකුත් ප‍්‍රවීනයින්ගෙන් ලොකු සහයෝගයක් ලැබීම නිසා චකිතයකින් තොරව ඒ චරිතය රඟපාන්න පුළුවන් වුණා.

 


button ”ප‍්‍රවේගය” චිත‍්‍රපටයේ චරිතය ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?
මේක මගේ පළමු චිත‍්‍රපට රංගනය. මම මගේ උපරිමය පෙම්වතිය චරිතයට ලබාදුන්නා. ඉදිරියේදී පෙම්වතියම නොවී විවිධ චරිත රඟපාන්න ආසයි.

sadun-gamage

 



අදහස් (0)

‘‘පෙම්වතියක ලෙස රඟපාන්න ලජ්ජා හිතුනා’’

සාරංග Wednesday, 08 July 2015 01:24 PM

ජනකලා වගේ අය ඡන්දෙ දීලා යවපු පියරු බබාලගේ වැඩ අපි දැක්කා.තවත් ලැජ්ජා නැතුව මෙයාලවත් යවන්නද හදන්නේ? අනේ ජනක කියන තැනකට වඳින්නම්, නිළියෝ පාර්ලිමේන්තුවට යැව්වා ඇති (නි)

:       0       0

දිලාන් Friday, 03 July 2015 09:15 AM

මුලදි එහෙම තමයි.පස්සේ හරියයි.(හේ)

:       0       0

ජයපාල Friday, 03 July 2015 04:45 PM

මෙයා දිහා බලන්න ලජ්ජයි මට. (ර)

:       0       0

පුබුදු Sunday, 05 July 2015 08:20 AM

මට නම් පෙනුනේ නැ ලැජ්ජාවක් තිබුණා කියාලා මොකද ලැජ්ජාවක් තියෙන්න එපැයි සුබ පතනවා රංගන ජිවිතයට (ම)

:       0       0

අතුල Thursday, 02 July 2015 09:15 AM

ලැජ්ජාවක් තිබුන කියල කියන්න අමාරුයි (බ)

:       0       0

ජයන්ත Wednesday, 08 July 2015 09:31 AM

රඟන්න විතරයි ලැජ්ජ.... අපි නොදන්න චෙස්!! අධ්‍යක්ෂක තුමාගෙන් තමා හරියටම අහගන්න වෙන්නේ (ම)

:       0       0

සමීර Thursday, 02 July 2015 12:31 PM

සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩ කටයුතු සදහා.(හේ)

:       0       0

වසන්ත Friday, 03 July 2015 05:34 AM

ඔබ ප්‍රවේගයෙහි රඟපානවා හරිම ලස්සනයි (නි)

:       0       0

ජනක Friday, 03 July 2015 06:16 AM

මෙයත් ඡන්දෙ ඉල්ලුවොත්? අපි දෙමුද?? (නි)

:       0       0

අමර Sunday, 05 July 2015 12:21 PM

කලුයි හැඩයි (නදී)

:       0       0

දනීෂා Wednesday, 15 July 2015 08:03 AM

අතුලගේ ජයන්තගේ ප්‍රතිචාරේ නම් නියමයි. මේවාගේ අය ඡන්දේ ඉල්ලුවත් කොහොම තියේවිද.(ම)

:       0       0

දනිෂා Wednesday, 15 July 2015 08:05 AM

මුලදීත් අපටත් ලජ්ජා තමා (මගුල් කෑම) දිලාන් හරි.....(ම)

:       0       0

චන්න බුවනක Tuesday, 07 July 2015 05:53 PM

පෙම්වතිය වෙන්නනේ ලැජ්ජා හිතුනා කිව්වේ?? (නි)

:       0       0

අසාද් Tuesday, 07 July 2015 08:43 AM

අතුල නිවැරදියි. (ර)

:       0       0

මිනිපෙ Saturday, 11 July 2015 03:45 PM

අනේ නිකන් යන්න අනේ යන්න(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 3 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 951 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 911 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 727 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6908 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2154 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34228 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site