(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරිය ආරච්චි)
අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටියෙ පදිංචි සුජිත් ප්‍රදීප් කුමාර (31) නැමැති එක්දරු පියෙකි. මියගිය පුද්ගලයා විවාහක එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය වැල්ලවාය, කොටවෙහෙර ප්‍රදේශයේ කුලී පදනම මත බෝඩිං කාමරයක රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා අවස්ථා කීපයකදීම පෙම්වතියගේ බෝඩිං කාමරයට ගොස් ඇති අතර සිද්ධිය වූ දින ඔහු බෝඩිං කාමරයට ගිය අවස්ථාවේදී පෙම්වතිය අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව මියගිය පුද්ගලයාට පවසා ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතියගේ පිහි පහරින් පෙම්වතා මරුට
A Supporter of Women against manupulative men Tuesday, 28 January 2025 09:48 AM
මෙය ඉතා හොඳ ආරංචියකි. මෙතෙක් අපට අසන්නට ලැබුණේ කාන්තාව වින්දිතයා ලෙසය. මේ කාන්තාව මේස පෙරළීම හොඳයි.
Jayasekara Tuesday, 28 January 2025 10:00 AM
ගෑනු රට යවලා මෙහෙ නාඩගම් නටනවා .හොයලා බලන්නේ නැතුව යාලුවෙනවට හොඳ පාඩම් .දැන් හිරගෙදර තපින්න
Hashan sanjula nicholas Tuesday, 28 January 2025 02:09 PM
හොයලා බලලා සම්බන්දතා පටන්ගන්න ඕනේ දැන් කාගෙවත් මිනිහෙක් නිසා හිරේ ලගින්න වෙන්නේ ඔය කාන්තාව මෙහෙම මරපු එක හොදයි කියන හරක්ට තේරෙන්නේ නෑ මේ කෙල්ලගෙ ජීවිතයට වෙන විනාශය මෝඩ හැත්ත