IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පෙම්වතිය පුදුම කරවන්න ඇඳි ඇඳුමෙන්ම කූඩුවට.

තම පෙම්වතිය පිටරට සිට එනතුරු බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ මගීන් පැමිණීමේ දොරටුව ප්‍රදේශයේ රැදී සිටිබව කියන ලාංකිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසියට භාරදුන් බව ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය කාර්‍යංශය කියයි .

ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරින්ට ඇති වු සැකය මත තරැණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පිටරට සිට පැමිනෙන සිය පෙම්වතිය පුදුම කරවන්න බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳි බව ඔහු පවසා ඇත



අදහස් (0)

පෙම්වතිය පුදුම කරවන්න ඇඳි ඇඳුමෙන්ම කූඩුවට.

රොකී Saturday, 23 July 2016 02:21 PM

සමන්මලී , කෙනෙකුට තව කෙනෙක් අඳුනාගන්න පුළුවන් විදිහක් තියෙන්න ඕනෑ. මුහුණ වැහෙන්න ඇඳුම් අඳින්න නිදහස දුන්නොත් ඒක ආරක්ෂාවට තර්ජනයක් විය හැකිබව තේරුම් ගන්න බැරිද? මේක තමයි මගේ ඇඳුම කියලා කවුරුහරි ගුරුවරයෙක් නැත්නම් දොස්තර කෙනෙක් අමුඩයක් ගහගෙන සේවයට ආවොත් ඔබ එය හරි කියලා පිළිගන්නවද? (නි)

:       0       0

ඩිලාන් Saturday, 23 July 2016 03:11 PM

පුදුම පෙම්වතෙක්නේ මෙයා. (නි)

:       0       0

දම්සිරි Saturday, 23 July 2016 04:00 PM

ඇත්තටම මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ඇඳුම නිසාද? නැත්නම් වෙන හේතුවක් නිසාද? කෙනෙකුට කැමති ඇඳුමක් ඇන්ද පළියටම අත්අඩංගුවට ගන්න පුළුවන් රටක්ද ශ්‍රී ලංකාව? කවුරුහරි මේ ගැන හරියට දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (නි)

:       0       0

මොහොමඩ් Monday, 25 July 2016 02:42 PM

වටිනා ඇඳුමකට කළ අගෞරවයට සමාවක් දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

දිනේෂ් Saturday, 23 July 2016 06:56 PM

රොමැන්ටික් පෙම්වතෙක්නේ. පව් අනේ නිදහස් කරන්න. (නි)

:       0       0

රාධා Saturday, 23 July 2016 07:50 PM

ගිය සතියේ කිරුළපනදීත් මෙසේ ඔලුව වහගෙන සිටි අයගේ ඇඳුම පොලිසියෙන් පරීක්ෂාකළා. එ්ක හොඳ වැඩක්. (නි)

:       0       0

ලලිත් Saturday, 23 July 2016 08:07 PM

හැබැයි ඉතින් කිතුලට නැගපු එකා කිවුවෙත් තණකොළ කපන්න ගියා කියලාලු නේද? (නි)

:       0       0

ජනහිත Saturday, 23 July 2016 10:28 PM

මේක ශ්‍රී ලංකාව බව අමතක කරන්න එපා. ඒ පෙම්වතියව හොයලා එයාවත් පරීක්ෂා කරන්න (නි)

:       0       0

අබ්බාස් Sunday, 24 July 2016 12:39 AM

මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව අනිවාර්යය නමුත් මිනිස්සු මේ ඇඳුම අඳින්නේ නම් මොකක්හරි උප්පරවැට්ටියකටයි. (නි)

:       0       0

පීරිස් Saturday, 23 July 2016 07:01 AM

පිස්සු හැදෙන සඳ කිව්වලු. වෙන ඉතින් මොනවා කියන්නද? (නි)

:       0       0

රොකී Sunday, 24 July 2016 02:11 AM

අබ්බාස් මහත්තයෝ, මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව ඇඳීම අනිවාර්ය බව ඔබ කියනමුත්, ඔය කියන දේ දැනට අවුරුදු විස්සකට කලින් තිබුනාද කියාත් දැනගන්න කැමතියි (නි)

:       0       0

සේරසිංහ Saturday, 23 July 2016 08:20 AM

ලේසියෙන් ගැළවෙන්න දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

අබය Saturday, 23 July 2016 08:28 AM

ඕකට තමයි කියන්නේ ඉල්ලන් කෑම කියලා.... (නි)

:       0       0

ශාන්ත Saturday, 23 July 2016 09:02 AM

ඕවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා ,,, එවන්න එපා ටික දවසක් තියාගන්න , අනිත් අයටත් හැදෙන්න, රට ඉඳලා එන්නේ සුර සැප විඳලා නෙවේ, ලංකාවේ හුලග වැදුනත් ඇති , එක තේරුම් ගන්න බැරි නම් ඔහේ හිටපු දෙන් ඇතුලෙම .(හේ)

:       0       0

විජේසිංහ Saturday, 23 July 2016 09:04 AM

අපේ සමාජයට මොකක්ද මේ වෙලා තියෙන්නේ? තමන්ගේ අනාගත සහකාරිය වසරගනනාවකට පසු පිළිගන්නේ මේ විදියටද?මේවගේ පහත් හැසිරීම්වලට සමාජය යොමුවෙන්නේ ඇයි? විවාහ මංගල්‍ය වලදී නව යුවලට නින්දාසහගත විහිලු කරනවා...විශ්ව විද්‍යාලවල නවකයින්ට ගෝත්‍රික මට්ටමේ නවකවද දෙනවා...වසර දෙදහස් ගණනක ඉතිහාසයක් තියනවා කීවට ලාංකීය සමාජය දිහා බලපුවහම පෙනෙන්නේ ඊයේ පෙරේද කැලෙන් එලියට ආපු මිනිස්සුටිකක් වගේනේ.(හේ)

:       0       0

ජිම් කුරු Sunday, 24 July 2016 03:21 AM

සමන්මලී, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

සමන්මලී Saturday, 23 July 2016 10:30 AM

කැමති ඇදුමක් අදින්න නිදහස නැද්ද එතකොට? එක්තරා ජන කොටසකට විතරක් ද කැමති විදහට දිනන පුළුවන් ලංකාවේ? මේක මාර නීතියක්නේ? කොහොමද දන්නේ නැහැ, කාන්තා, පිරිමි කියලා එහෙම දැන් ඇදුම් වෙන් කරන්නේ? මොකද කලිසම වගේ දෙයක් කාගේද කියලා දන්නේ කවුද?(හේ)

:       0       0

පද්මිණී Sunday, 24 July 2016 04:42 AM

එක්කෝ මෝඩ පෙම්වතෙක්.නැත්නම් යටිකුට්ටු වැඩකට අාව කෙනෙක්. පරික්ෂා කළ යුතුයි. (බ)

:       0       0

විජේපාල Sunday, 24 July 2016 05:55 AM

පෙම්වතිය පුදුම කරවන්න කිවුවට මෙතන මීට වඩා ලොකු දෙයක් තියෙන්න පුළුවන්. ඒ නිසා විධිමත් පරීක්ෂණයක් කරන්න.(බ)

:       0       0

පුෂ්පකුමාර Saturday, 23 July 2016 12:31 PM

මෙතන ලොකු අබිරහසක් තියෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධි අංශ වඩා සොයා බැලීමක් කලොත් හොඳයි. (හේ)

:       0       0

ධම්මි Sunday, 24 July 2016 07:17 AM

කරුණාකරල දන්න කෙනෙක් කියන්න මේ නීතිය තියෙන්නෙ නීති පොතේ කුමන වගන්තිය යටතේද කියල (බ)

:       0       0

යසිදු Sunday, 24 July 2016 07:29 AM

පුදුම කරවන්න ගිහින් වෙච්ච දෙයක්.(හේ)

:       0       0

ජයරත්න Saturday, 23 July 2016 12:49 PM

ඔහොම එකක් ඇඳගෙන තමයි කාලෙකට කලින් මාලිගාවතේ කෙනෙකුත් මහා අපරාද කලේ අන්තිමට වෙඩි කාලා නෑසුනේ.(හේ)

:       0       0

තිලක් Sunday, 24 July 2016 07:37 AM

කර ගත්ත දෙයක්.(හේ)

:       0       0

රොමේෂ් Saturday, 23 July 2016 01:11 PM

කවුරු කෙසේ කීවත් බුර්කාව ශ්‍රී ලංකාවේ තහනම් කලයුතු ඇඳුමක්. එය ජාතික සමගියට බධාවක් වෙනවා කියලා සමහරු තර්ක කරයි. නමුත් එය ජාතික ආරක්ෂාවට ඇති විශාල බාධාවක්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 43 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 195 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 59 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 200 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1114 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site