IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පෙම්වතිය ළඟ කුඩු කිලෝ 7 යි පෙම්වතා ළඟ 2 යි

රාගම රෝහලෙන් පැන ගිය බව කියන හෙරොයින් මත් කුඩු සැකකරුගේ ගෝලයකු ඇතුළු අට දෙනකු  බොරැල්ලේ කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බොරැල්ල හා කෙසෙල්වත්තෙන් කුඩු කිලෝ 2 ග්‍රෑම් 200 ක් ද ජා ඇළින් කුඩු කිලෝ හතක් ද සොයාගෙන ඇත.

සැකකරුවන් අතර ගැහැණු දෙදෙනෙක් ද වෙති.

තුසිත චාමර නොහොත් දිලාන් පසුගිය දෙවැනිදා  රාගම රෝහලින් පැන ගිය නමුත් මෙතෙක් අල්ලා ගැනීමට හැකි වී නැත.

බ්‍රහස්පතින්දා (17) විවාහ වීමට නියමිත කුඩු සැකකරු ද ඔහුගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙතියි පිරිස කියයි.

පෙම්වතාගේ ගෙදරින් හා කෙසෙල්වත්තෙන් කුඩු කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ද පෙම්වතියගේ නිවසින් කුඩු කිලෝ හතක් ද සොයාගෙන ඇත.මල් පෝච්චි ,බෆල් ආදීයේ මෙම කුඩු සඟවා තිබු බවද පොලීසිය පවසයි.

65 67 69

 

 

 



අදහස් (0)

පෙම්වතිය ළඟ කුඩු කිලෝ 7 යි පෙම්වතා ළඟ 2 යි

වසන්ත Wednesday, 16 July 2014 09:43 AM

කුඩු ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 July 2014 09:48 AM

සරත් ගංජා කියන්නේ අපේම නිෂ්පාදනයක්නේ මේක එහෙමද ? මේවා ගෝලීය නිෂ්පාදන. මේවා විකුණන මිනිසුන්ට ගහන්න ගිහින් ඇඩ්‍රස් නැති වෙයි පුතෝ (නදී)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 16 July 2014 10:36 AM

මෙහෙම ගියොත් අපේ රට ඉවරයි. නැගිටින්න වෙලාව හරි (නි)

:       0       0

චින්තක Wednesday, 16 July 2014 10:55 AM

මොවුන් මේවා ගෙනවිත් අපේ අනාගත පරපුර විනාශ කරනවා. එතකොට ඔවුන් දෙන්නාගේ දරුවන්ට කන්න දෙන්නේත් කුඩු සල්ලි වලින්. (නි)

:       0       0

ජිනාල් Wednesday, 16 July 2014 11:14 AM

තවත් මේ වගේ වැඩ අපිට ඉදිරියේදී බලාපොරොත්තු. වෙන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

ශාන්ත Thursday, 17 July 2014 07:07 PM

මේ වගේ හැමතැනම වැටළීම් කරන්න පුලුවන් නම් ඇත්තටම හොඳයි (නි)

:       0       0

පතිරණ Wednesday, 16 July 2014 11:22 AM

ක්‍රියාවට නඟන්න පුළුවන් නම් සරත්ගේ අදහ හොඳයි. ඒක සමාජයෙන් කුඩු වසංගතය තුරන් කරන්න තිබෙන හොඳ ක්‍රමයක්. (නි)

:       0       0

දිලිනි Wednesday, 16 July 2014 11:57 AM

මනමාලිගේ අම්මාට හරි ආඩම්බර ඇති දුව ගැන (නි)

:       0       0

කමනි Wednesday, 16 July 2014 12:00 PM

බොහොම යහපත් පවුල් සංස්ථාවක් ගොඩ නඟන්න හිටි දෙන්නෙක්නේ! මධුසමයට පාකිස්තානයට යන්නද දන්නේ නැහැ සූදානම් වෙලා හිටියේ? (නි)

:       0       0

තුෂාර Wednesday, 16 July 2014 12:22 PM

කුඩු දැන් කිලෝ ගණන් වලින් වැඩ. කොහොමද ආශ්චර්යය? ආසියාවේ කුඩු කේන්ද්‍රය. (නි)

:       0       0

කාන්චනා Wednesday, 16 July 2014 06:20 AM

අපිට දැන ගන්න ආසයි මේ මඟුල් උත්සවයේ සාක්කියට අත්සන් කරන්න හිටියේ කවුද කියලා. (ස)

:       0       0

නිෂේන් Wednesday, 16 July 2014 06:22 AM

මේ උදවියගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි? දැන් අර අලුත්ම මෝස්තරේට පන්සලේද දන්නේ නැහැ විවාහ වෙන්න හිටියේ . (ස)

:       0       0

ජනනි Wednesday, 16 July 2014 06:32 AM

මේ පෙම්වතිය ගේ ඡායාරූපයක් නැද්ද ? මගුල් කන්න සල්ලි හොයන්න ඕන මෙහෙමයි කියලා අපේ හැදෙන ගෑනු ළමයින්ට හොඳ ආදර්ශයක් දීලා තියනවා. (ස)

:       0       0

ගුණේ Wednesday, 16 July 2014 06:40 AM

පන්සලේ ද කතෝලික පල්ලියේද, මුස්ලිම් පල්ලියෙද කියල කොහොමද දන්නේ නිශේන්. (ස)

:       0       0

ලංකා Wednesday, 16 July 2014 06:50 AM

පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

ලලිත් Wednesday, 16 July 2014 06:50 AM

පවු! දෑවැද්දටයි, මඟුල් ගෙදරටයි සල්ලි හොයන්න හිතාගෙන කරන්න ඇති (නි)

:       0       0

චානක. Wednesday, 16 July 2014 03:15 PM

කුඩු වලින් කී දෙනෙක් රැකෙනවද.(අ)

:       0       0

හේමාල් Wednesday, 16 July 2014 07:00 AM

අන්තිමට කියන්න නම් එපා, මේක වැරදීමක් මඟුල් ගෙදරට කේක් හදන්න ගෙනා පාන් පිටි කියලා. (නි)

:       0       0

කාන්ති Wednesday, 16 July 2014 07:02 AM

නියම පෙම්වතුන්නේ! (නි)

:       0       0

නලින් Wednesday, 16 July 2014 03:37 PM

මේක දැන් ගෘහස්ත ව්‍යාපාරයක් බවට පත්වෙලා. ලොකු අය කන්ටේනර් පිටින් ගෙන්වනවා, පොඩි අය තොග සහ සිල්ලර වශයෙන් බෙදා හරිනවා. ඒ අතර පොඩි එකෙක් දෙන්නෙක් අල්ලලා හිරේ දානවා. මේක නැති වෙන්නේ නෑ.(අ)

:       0       0

පිටිගල Wednesday, 16 July 2014 07:28 AM

කුඩු ග්‍රෑම් 20ක් ළඟ තබා ගත් අයෙකුට මරණ දඬුවම නියම වුණා ලංකාවේ අධිකරණයකින්. මේ අයට දෙන දඬුවම මොකක්ද? දැන් ඔය අල්ලන කිලෝ ගණන් කුඩු වලට මොකද කරන්නේ? විවෘතව ඒවා විනාශ කරනවද? මම මේ නොදන්නා නිසයි අහන්නේ. (නි)

:       0       0

පාලිත Wednesday, 16 July 2014 07:32 AM

මෙතන කවුරුවත් පොලිසියට ස්තුති කරන්නේ නැද්ද? (නි)

:       0       0

පද්මිනී Wednesday, 16 July 2014 07:48 AM

අනේ, අපිට බලන්න මේ ජෝඩුවගේ පින්තුරයක් පලකරන්නකෝ. කසාද බැදලා දරු මල්ලන්ටත් කුඩු ටිකක් පොවාගෙන දෙයියනේ කියල ඉන්ට තිබුනනේ. (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Wednesday, 16 July 2014 08:17 AM

රටම වනසන මේ ජාවාරම් කාරයන්ට මරණ දඩුවම ලැබිය යුතුයි. (නදී)

:       0       0

අචිනි Wednesday, 16 July 2014 08:23 AM

කාංචනා, නිශේන් , ඔහොම කියන්නේ සුදු වෑන් වලට බය නැද්ද ? (නදී)

:       0       0

සේන Wednesday, 16 July 2014 08:33 AM

කුඩු සමාජ ගතවීම වලක්වන්න පුළුවන් උනා වගේම. කුඩු මාෆියාව කඩන්නත් ශක්තිය ලැබේවායි කියා ප්‍රර්ථනා කරමු. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 16 July 2014 05:51 PM

කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට ගණනින් කුඩු ගෙන්වන රටේ කුඩු කිලෝ 7 ක් කියන්නේ මොනවද එක අතකට? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 July 2014 08:50 AM

ඉක්මනින් කෝටිපතියෝ වෙන්න පුළුවන් කෙටිම මග. (නදී)

:       0       0

උපුල් Wednesday, 16 July 2014 08:56 AM

ඕවත් තව ටික දවසකින් ලී කුඩු හෝ හඳුනා නොගත් රසායනික කුඩු අගයක් වේවි (නදී)

:       0       0

ලලිතා Wednesday, 16 July 2014 09:03 AM

මේවා මගුල් ගෙදරට කේක් හදන්න ගෙනාපු පාන් පිටි වෙන්නත් පුළුවන් නේද අනේ. (නදී)

:       0       0

දසුනි Wednesday, 16 July 2014 09:07 AM

මේ විවාහයත් රූපවාහිනියේ මංගල වැඩසටහනකින් ප්‍රචාරය කරන්නද දන්නේ නැහැ නියමිත වෙලා තිබුනේ? (නි)

:       0       0

උමේෂ් Wednesday, 16 July 2014 09:11 AM

අයියෝ ජනතාවනි, මගේ රට! (නි)

:       0       0

කමල් Wednesday, 16 July 2014 09:15 AM

මොවුන් දෙදෙනා අල්ලලා ඔය කුඩු ඔවුන්ටම පොවලා මොකද වෙන්නේ කියා බලමුද? (නි)

:       0       0

සරත් Wednesday, 16 July 2014 09:23 AM

අපේ ගමට ගංජා ගේනවා. විකුනන්නත් ගමේ කෙනෙක් හිටියා. ඔක්කොම කොල්ලෝ එකතු වෙලා විකුණන කෙනාට පහර දීල විකුනන්න එපා කිව්වා. දැන් අපේ ගමේ ගංජා හොයා ගන්නවත් නැහැ. ආණ්ඩුවට අපේ දරුවන්ව විනාශ කරන කුඩුවලට තිත තියන්න බැරි නම් අපිට හරි කරන්න වෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 860 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 398 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 263 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 798 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site