IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පෙම් හසුන් හබයකින් මල්ලී අයියා මරයි

(සුමිත් පොතුපිටිය) 

පෙම් හසුනක් හුවමාරුවීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වු ගැටුමකදී  මාළු කපන මන්නයකින් ගෙළ කපා  සිය වැඩිමල් සොහොයුරා ඝාතනය කළැයි  සැක පිට කළුතර පලාතොට ප්‍රදේශයේ දී මිය ගිය අයගේ  බාල සොහොයුරා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර , පලාතොට විජයගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී පින්නදූව හේවගේ අනුරුද්ධ ධනංජය ද සිල්වා යන අය ඊයේ (07) පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී  මෙලෙස ඝාතනය කර තිබු බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය එදිනම පස්වරුවේ සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන ඝාතනය සදහා  යොදාගත් අඩි දෙකක් පමණ දිගැති මන්නයද සොයාගෙන තිබේ .

ඝාතනය සිදුකල තරුණයා දින කිහිපයකට පෙර ප්‍රදේශයේ තරුණියකට පෙම්හසුනක් ලබාදී ඇති බවත් එම සිදුවීම ඝාතනයට මුල්වී ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

පෙම්හසුන ලබාගත් තරුණිය සිය පියාට ඒ බව දැනුම් දී ඇත. එය තරුණියගේ පියා තරුණයාගේ පියාට දැනුම් දී ඇති අතර එහිදී  වැඩිමහල් සොහොයුරා සහ බාල සොහොයුරා සමග ඇති කරගත් ආරවුලක් මෙම මරණයට හේතුවී ඇතැයි පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇති වැඩිමහල් සොහොයුරා රාත්‍රි කාලයේ සිය ත්‍රිරෝදයෙන් කුලී ගමන් ගොස්  නිවසේ ඉදිරිපස කාමරයේ නිදා සිටියදී මුළුතැන්ගෙයි තිබූ අඩි දෙකක් පමණ දිගැති මන්නය රැගෙන ගෙලට පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශ වලින් තහවුරුවූ බව පොලිසිය කීය.

 



අදහස් (0)

පෙම් හසුන් හබයකින් මල්ලී අයියා මරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 868 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 214 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1767 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 201 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 498 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2421 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site