IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පඹහින්නේ කන්දක් නායයයි : කඳු පාමුල පවුල් 60ක් ඉවත් වෙයි

දින පහක් තිස්සේ පවතින මහ වැසි හේතුවෙන් බලංගොඩ පඹහින්නේ පුවක්ගහවෙල ගමට ඉහලින් ඇති නියදගල කන්ද පන්විල ඔය දිගේ සේදී පහලට වැටෙතියිද එය බරපතල නාය යාමක මූලික ලක්ෂණයක් බව ප්‍රදේශවාසීහු කියති.

නියඳගල පන්සල හා එහි සිටි හිමිනම ගැන තොරතුරු නැතැයි ඔවුහු පවසති.

කන්ද පාමුල ගමේ පවුල් 60ක් පමණ ඉවත්ව ගිය බව ගැමියෝ කියති.

බලංගොඩ පොලිසියද එහි ගොස් සිටි.

බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප‍්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ පරීක්‍ෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය කරා ළගාවෙමින් සිටින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.

මේ වන විට එම කන්දේ සිට බොරවතුර පහළ පිහිටි ඇළ මාර්ගයක් කරා ගලා ඒම ආරම්භ වී ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා ඒ අවට ප‍්‍රදේශයෙන් ඉවත් වන්නැයි  එහි පදිංචිකරුවන්ට දැනුම්දීමක් කරන බව ද සඳහන් කළේය.

මෙම නායයෑම හේතුවෙන් බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගල, පුවක්ගහවෙල ප‍්‍රදේශයේ මාර්ගයට පස් කඳු කඩාවැටීම සිදුවිය හැකි බැවින් එම මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

මෙය මීට වසර 7කට පමණ පෙර එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුවූ පුවක්ගහවෙල නාය යෑම නැවත සක‍්‍රීයවීමක් වීමක් නොවන බව කී අධ්‍යක්‍ෂවරයා ඊට ඉහළින් ඇති මුත්තෙට්ටුවේගම ප‍්‍රදේශයේ අලූතින් සක‍්‍රීය වූ නායයෑම් තත්ත්වයක් බව ද පැවසීය.

මේ වන විට එම ස්ථානයේ පොළොව යට සිට වතුර ගලා යාමක් සිදුවන බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ සඳහන් කළේය.

ගලා යන වතුර බොර පාට බවත් ඒ හේතුවෙන් එම ස්ථානයට ආසන්න ප්‍රදේශවල ජිවත් වන පවුල් 60ක් පමණ ඉවත් කර පඹහින්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තාවකාලිකව කඳවුරක මේ පිරිස නවතා තිබේ.

ඇති වූ නාය යාම හේතුවෙන් බෙලිහුල්ඔය නියදගල ආරණ්‍ය සේනාසනය පස්වලින් යටවී ඇති බව ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවැසීය.

ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් හා සමනලවැව පොලිස් මුරපොලේ පොලිස් නිලධාරින් තාවකාලික කඳවුරේ සිටින ජනතාවට සහන සැපයීමේ කටයුතු වල නිරතව සිටිති.

pareyyangala-kanda-naaya



අදහස් (0)

පඹහින්නේ කන්දක් නායයයි : කඳු පාමුල පවුල් 60ක් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 156 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 85 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 633 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1439 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 197 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site