IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පඹහින්නේ හත් දෙනාට ඇප

සබරගමුව විශ්ව විද්‍යාලයයේ  පඹහින්නේ සිසු අට්ටාලය ගිනි තබා විනාශ කළැයි  අත්අඩංගුවට ගත් සැකකරුවන්  හත් දෙනා රුපියල්  දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි බලන්ගොඩ  මහේස්ත්‍රාත්   ජී එල් කන්නන්ගර මහතා නියෝග කළේය.

රිමාන්ඩ් බාරයේ සිටි ඇල්ලෙගොඩමානගේ ඉන්දික රෝහණ ජයමාන්න,කාරියප්පෙරුම මුදියන්සේලාගේ දමින්ද උදයකුමාර,උඩදෙනිය වියන්නනලාගේ නුවන් චාමර සුගතදාස,මියනවිට ගණයලගේ අනිල් නවරත්න,දෙගලතැනි මොහොට්ටාලලගේ සද්ධාතිස්ස යන කලින් ඇප ලබා සිටි හා අද අත්අඩංගුවට ගත් දෙල්ගහතැන්න මොහොට්ටාලලාගේ  ගාමිණි බණ්ඩාර විජේසේකර හා බුදුන්වල මුදියන්සේලාගේ සනත් සමරවීර ඇප ලැබුවෝ වෙති.

නඩුව ලබන 10 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

පඹහින්නේ හත් දෙනාට ඇප

බුද්ධි Tuesday, 28 October 2014 07:24 PM

වැරැද්දක් කරන අයට නිසි දඩුවමක් දීමට මා විරුද්ධ නැත. නමුත් වැරැද්ද කුමක්ද? එසේ වීමට පදනම කුමක්ද? (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 28 October 2014 09:13 PM

හිරුණිකා නෝනා මොන සරසවියෙද ඉගෙනගන්නේ? කඩාගෙන වැටෙන්නේ ගිනි තියලා පොළවට පාත්වුණ අට්ටාල නෙමෙයිනේ. පිටස්තරයෙකුට මොනවා හරි වුණොත් ඔයගොල්ලන්ගේ ගෙවල් වලින්ද රෝහල් ගාස්තු ගෙවන්නේ. හිතෙන හිතෙන විදියට මේ රටේ ඉදිකිරීම් කරන්න පුලුවන්ද? ගිනිතැබීමේ වැරැද්ද වගේම තමයි, අනවසර ඉදිකිරීම්. වෙනත් රටවල ඔය දේවල් වලට කෙලින්ම නඩු වැටෙනවා. (නි)

:       0       0

හසිත් Tuesday, 28 October 2014 09:17 PM

ඉතින් ඔයාලට අසහනය කියලා රටේ අනිත් මිනිස්සු පළිද තරංග ? අසහනය මොකද්ද කියලා තේරෙයි අනිත් රටවල සරසවි සිසුන් වගේ සරසවි ගාස්තු වල සිට නවාතැන් දක්වාම ගෙවන්න වුණා නම්. දැන් ඔයාලට තියෙන්නේ හැම දෙයක්ම නිකන් ලැබෙන නිසා ඒ පිළිබඳ ප්‍රශ්නයක්ද කොහෙද? (නි)

:       0       0

රුක්ෂාන් Tuesday, 28 October 2014 09:25 PM

තරංග, මම හොඳට දන්නවා ඔය අයගේ අසහනය මොකද්ද කියලා. සරසවියට ගිය පමණින් රටේ වෙනත් දැන උගත් හැමෝම එයාලට එහෙයි කිව්වේ නැත්නම් අසහනය තමයි. කොළඹ පාසලකට ගිය යමක්කමක් තිබෙන පවුලක ළමයෙක් ඔතනට ආවත් ඔන්න ඒකටත් අසහනය. ඔතන කවුරුහරි ළමයෙකුට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නම් ඒකටත් අසහනය. ප්‍රශ්න නිසා හැමෝටම අසහන තියනවා තරංග. හැබැයි අසහනය නිසා හැමෝම ඔය අය වගේ අසහන පිටකරගන්න වැඩ කරන්න ගියොත් මේ රට ඉතුරුවෙන එකක් නැහැ. (නි)

:       0       0

ටෝනි Tuesday, 28 October 2014 09:43 PM

ඉගෙනගන්න තියෙන කාලයේ මොනවද මේ කරන වැඩ? (නි)

:       0       0

තරංග Wednesday, 29 October 2014 10:31 AM

හසිත් රුක්ෂාන් මගේ විචාරය පත්තරේ සම්පුර්ණයෙන් දමන්නේ නැතිව බාගයක් විතරක් තියෙන නිසා ඔය දෙන්න කියල තියන දේවල් වලට සමාව දෙන්න පුළුවනි. මම දන්නා තරමින් ලංකාවේ විතරක් නෙවේ පින්ලන්තයේත් විශ්වවිද්‍යාල ගෙවීම් කරන්න ඕනේ නැහැ එහෙ ළමයි පිස්සු නටන්නේ නැහැනේ. අනාගතය අවිනිශ්චිත නිසයි අසහනය. ඔය ගොල්ලෝ තතු නොදැනයි කතා කරන්නේ. උදාහරණයක් හැටියට ගන්න ඉංජිනේරු පීඨ. උපාධියෙන් පස්සේ රැකියාවන් සොයන්න අපහසු නැහැ රැකියා වල ගෙවීම් වරදක් නැහැ සාපේක්ෂ වශයෙන්. ඒ වගේම ගැටලුත් සාපේක්ෂව අඩුයි. (නදී)

:       0       0

ජනිත් Tuesday, 28 October 2014 11:37 AM

ගිනි තැබීම වරදක් කියමුකෝ. හරි දැන් එතකොට මේ අට්ටාලය ඉදි කලේ අවසර අරන්ද ? එහෙම නැති නම් අනවසර ඉදි කිරීම් කරන අනෙකුත් සාමාන්‍ය උදවියට ලැබෙන දඬුවම අදාළ අයට ලබෙන්නේ නැද්ද ? ඕක ඔතනින් ගමන් කල කාගේ හරි ඔලුවට කඩා වැටි අනතුරක් වුනත් ඒකට ඉදි කල උදවිය වග කියනවාද ? (හේ)

:       0       0

ජෙහාන් Tuesday, 28 October 2014 11:39 AM

පේන හැටියට පඹහින්න දැන් පඹ ගාලක් වෙලා වගේ. (හේ)

:       0       0

ලසිත් Tuesday, 28 October 2014 11:46 AM

වෙනදාට කවුරු හරි මම උපාධිදරයෙක් කිව්වොත් අපි අහන්නේ මොන සරසවියෙන්ද පිටවුනේ කියලා . දැන් නම් අපිට අහන්න වෙන්නේ මොන අට්ටාලෙන්ද පිට වුනේ කියලා.(හේ)

:       0       0

සාන්ත Tuesday, 28 October 2014 11:46 AM

අහන ප්‍රශ්නවලින් පේනවා ප්‍රශ්නයේ අගමුල නොදැන කතා කරන්නේ කියලා. (ර)

:       0       0

චම්පික Tuesday, 28 October 2014 12:03 PM

කිව්වත් වගේ ඔය අට්ටාලේ ලඟින් ඇවිදගෙන ගිය කාගේ හරි ඔලුවට කඩා ගෙන වැටුන නම් අද මෙතන යන්නේ වෙනම නඩුවක්. (හේ)

:       0       0

හේෂාන් Tuesday, 28 October 2014 12:11 PM

දැන් ඉතින් වෙනම ඇමති කෙනෙකුත් පත් කර ගන්න පුළුවන්. අට්ටාල කටයුතු භාර ඇමති කියලා.(හේ)

:       0       0

බුද්ධික Tuesday, 28 October 2014 12:12 PM

වැරැද්ද පෙනී පෙනී නැති දේ පෙන්නන මේවගේ අය සිටින ලංකාආට අබ සරණයි.(හේ)

:       0       0

නිමල් Tuesday, 28 October 2014 12:28 PM

ජයවර්ධනපුර සරසවියේ බොහෝ කලකට පෙර ලක්ෂ ගණන් වටිනා රජයේ දේපල විනාශ කෙරුනා. පරිගණක කුඩු කළා. බුද්ධිකලා ට ඒ ගැන මොනවද කියන්න තිබෙන්නේ ? ඒවත් ගමේ මිනිස්සු සහ පිටස්තර මැරයෝ ඇවිත් කළ දේවල් ද ?(හේ)

:       0       0

තරංග Tuesday, 28 October 2014 12:52 PM

කොල්ලෝ කෙල්ලෝ මෙච්චර අසහනෙන් ඉන්නේ ඇයි කියල තේරෙන්නේ නැති එකනේ පුදුමේ.(හේ)

:       0       0

රන්ජන් Wednesday, 29 October 2014 05:02 AM

කෙනෙක් වීරයෙක් වෙන්න අට්ටාල වලට නඟිනවා. තව කෙනෙක් වීරයෙක් වෙන්න අට්ටාලයේ නැඟි අයට ගහනවා. ඉතින් දැන් කාලේ වීරයො මේ වගේ තමයි. (නි)

:       0       0

නවීන් Tuesday, 28 October 2014 01:14 PM

අට්ටාල හදමින් නඩු කියමින් ඉඳලා දැන් ඉගෙන ගන්න ඕන කියල හිතෙනකොට, පුද්ගලික විශ්ව විද්‍යාලවල කට්ටිය උපාධි අරන් රස්සා හොයාගෙන කසාද බැඳලා දරුවොත් හදලා. (ර)

:       0       0

හිරුණිකා Tuesday, 28 October 2014 02:21 PM

අට්ටාලේ ගිනි තියපු එක පේන් නෑ.හැබැයි අට්ටාලේ කාගේ හරි ඔලුවකට කඩා වැටෙයිද දන්නැ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1576 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1653 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1270 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1924 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 281 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site