IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස පත්වීම අවලංගු කර ඇත්තේ පිලියන්දල පොලිසියේ සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

2021 සැප්තැම්බර් පළවෙනි දින පොලිස් සේවයට එක් වී මූලික පුහුණුව හැදෑරීමෙන් පසු පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී මෙම නියෝගය මීට දින කිහිපයකට ඉහතදී ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කුලී රැකියාවක නිරත කොස්තාපල්වරයාගේ පියා 2017 වසරේදී නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා වැලිගොඩ දැමීමේ වරදට හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබූ අතර 2021 මාර්තු 2 වැනි දින බලපත්‍ර නොමැතිව බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට එම පොලිසිය මගින් ම අත්අඩංගුවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 5000ක දඩයක් ද නියම කර තිබිණි.

ඊට අමතරව කොස්තාපල්වරයාගේ බාප්පා 2021 වසරේ පෙබරවාරි එක් වෙනි දින බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5000 ක දඩයකට යටත් කර තිබීම පත්වීම අවලංගු කිරීමට මෙම සිද්ධයට ආසන්නම හේතුව වී ඇත.

 



අදහස් (23)

පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

de silva Thursday, 08 December 2022 08:46 AM

අනුන් කල වරදක් තව කෙනෙකුගේ රැකියාවට අදාල වෙන්නේ කොහොමද.?

:       5       79

ChannaThursday, 08 December 2022 11:45 AM

කෙනෙකු බ්‍රක්මයකු හෝ වසලයකු වන්නේ ඔහුගේ හෝ අයගේ ජන්මයෙන් නොව ක්‍රියාවෙන් පමනි. එහෙත් විද්‍යාවට අනුව දෙමාපියන්ගේ ක්‍රියාවන් දරුවන් ද යනවා.

:       39       11

පැරකුම්Thursday, 08 December 2022 03:48 PM

මේ විධියට පොලිසියෙ ලොකුලොක්කන්ගෙ පැටිකිරිය බැලුවොත් ඔක්කොටම ගෙදර යන්න වෙනව නොඅනුමානයි.

:       0       53

ABThursday, 08 December 2022 06:24 PM

පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා ඉවත් කිරීම සුදුසු නැත.පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇත. ඔවුනට දඩුවම් ලබාදී තිබේ. තරුණයා රැකියාවෙන් ඉවත් කිරීමට නම් ඔහු වැරදි කර තිබිය යුතුවේ. අනාගතයේදී මෙවැනි කටයුතු සිදුනොවීමට පොලිසිය විසින්ම පුද්ගලයකුගේ තොරතුරු ( security clearance ) සොයාගැනීමට Database systems ඇතිකළ යුතුවේ. මේ සදහා ක්‍රමවේදයක් හදුන්වා දිය හැකිය. එවිට දේශීය සහ විදේශීය රැකියාවන් වෙත යන්නාවූ ඕනෑම පුද්ගලයකුහට ඔවුන්ගේ divisions වෙත ගොස් ( security clearance within 24 hours ) ලබාගැනීමට හැකියාව සලසා දිය යුතුවේ

:       1       13

Senarath Thursday, 08 December 2022 09:11 AM

මෙ වරදවල් එකකටවත් මෙ කොස්තාපල් වරයා සම්බන්ද නැතිනම් කොහොමද ඔහුව සේයෙන් නෙරපන්නෙ ? අනෙක මෙ දඩ ගහපුව මෙ කොස්තපල් වරයා නොදැන සිටිය වෙන්නත් පුලුවන්. ඒ් උනාට පොලිසියෙ ලොකු ලොක්කො ඔනෙ තරම් ඉන්නව ලක්ශ ගනන් පගා ගන්න., ලොකු වැරදි කරල දේශපාලකයන්ගෙ උදවුවෙන් එව යටගහගෙන සේවය කරන්නේ. මගෙ නම් මතය තනතුරට අයදුම් කරන්නගෙ විස්තර සොයා බැලුවම හොදටම ඇති. ඔනෙ තරම් හොද පවුල්වල දරුවො ඉන්නව කුඩු ගහන. එ වගෙම පොකට් කාරයන්ගෙ, අපරාද කරුවන්ගෙ දරුවො ඉන්නව සමජයේ හොදින් ජීවත් වෙන.

:       4       69

Sanath Kandy Thursday, 08 December 2022 09:26 AM

මෙ යල් පැනපු නිති දැන් වෙනස් විය යුතුයි.

:       3       84

samThursday, 08 December 2022 03:26 PM

මේ කොස්තාපල් වරයාව සේවයෙන් පහ කරලා තියෙන්නේ කොස්තාපල් තනතුරට අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු සැපයීම නිසා (තමන්ගේ තාත්තා සිවිල් වරදකට දඬුවම් ලැබූ කෙනෙකු බව සැඟවූ නිසා) මිස තාත්තා සිවිල් වරදකට දඩ ගැසුම් කෑ නිසා නොවෙයි. අපරාධ වැරදි (criminal convictions) තියන දෙමව්පියන්ගේ දරුවන් පොලිසියට බැඳීමට නුසුදුසු උනාට සිවිල් වරදකට දඩ ගැසුම් කෑම නුසුදුසු කමක් වෙන්නේ නැහැ. මේ පුවතේ හෙඩිම සම්පුර්ණයෙන්ම වැරදි අදහසක් ජනිත වන ලෙස පල කරලා තියෙන්නේ නොදන්නා කමටද උවමනාවෙන්මද කියලා දන්නේ ඒක ලියාපු එක්කෙනාම තමයි.

:       3       28

Muthu Thursday, 08 December 2022 09:53 AM

ලංකාව දැන් ස්විට්සර්ලන්තේ වගේ. නීතිය කොච්චර පිරිසිදු රටකද අපි ජීවත් වෙන්නේ. අනේ වාසනාවන්, මැති ඇමති 225 දෙනා පාන් බාගයක් වත් හොරකම් කරලා නෑ නැත්නම් ඔතන ඉන්න වෙන්නේ නෑනේ.

:       0       99

Ad mohotti Thursday, 08 December 2022 10:38 AM

පොලිසිය හරි

:       43       9

duminda Thursday, 08 December 2022 10:47 AM

හැබැයි මරණ දඬුවම තියන උන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන .තුහ් නොදකින් කාලකන්නි රට

:       2       86

Hafeel Thursday, 08 December 2022 07:54 PM

මරණ දඬුවම් කාරයක් පමණයිද? අධිකරණයෙන් තීන්දු කල කප්පම් කාරයක් ඉන්න මේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය තුල, මේ මොන කජ්ජක්ද.

:       0       13

mahesh Thursday, 08 December 2022 10:57 AM

අවුරුද්දක් ඉඳලත් සේවයෙන් අයින් කළා කියන්නේ පොලිසිය ගත්ත අමු මෝඩ තීරණයක් .ශුවර් එකටම මොහු ඉන්න ගමේ කුහකයෙක් පෙත්සමක් ගහන්න ඇති .අපරාදේ මොහු වෙනුවෙන් රටේ ජනතාවගේ බදු මුදලින් ලබා දීපු පුහුණුව .දැන් ඉතින් එක්කෝ සිකියුරිටි නැත්නම් අන්ඩර් වල්ඩ්

:       0       57

sam Thursday, 08 December 2022 11:45 AM

පිස්සු ලංකාවක්

:       0       34

චන්දන Thursday, 08 December 2022 01:39 PM

එහෙනං පාර්ලිමේන්තු වේ ඉන්න එවුන් ගෙ හත් මුතු පරම්පරාවටම රස්සා නැහැ

:       1       37

ඉන්දක Thursday, 08 December 2022 01:51 PM

යල් පැනපු ක්‍රමය

:       0       30

කිරි පුතා Thursday, 08 December 2022 02:34 PM

සුද්දගෙ කාලෙ හදපු රෙගුලාසි තාම පාවිච්චි කරනවා. මෙව්වා දැන් විහිළු වෙලා.

:       2       19

මොට්ටයෝ Thursday, 08 December 2022 03:21 PM

එතකොට පොලිසියට බැදුනට පස්සෙ නිළධාරියාටම ඕනම වරදක් කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද ඒවාට දඩුවමක් නැද්ද මේක හරියට අතීතයේ හිටපු ගම්මුළාදෑනිගෙ වැඩ වගෙයි ඒ කාලයක් යන්තමින් හෝ මුළාදෑනිට හෝ ඔහුගේ ළමයෙක්ට වඩා උගතෙක් ගමේ හිටියොත් මොකක් හරි උපක්‍රමයක් කරල ඔහුට රජයේ රැකියාවක් ගන්න බැරිවෙන්න කටයුතු කරනවා.මම හිතනවා ඉවත්කල කොස්තාපල් සේවයේ හිටියනම් ඉතාමත් සාධාරණ කෙනෙක් වේවි කියලා

:       0       17

නිලන්ත ප්‍රදීප් කුමාර Thursday, 08 December 2022 04:15 PM

මේ පොලිස් නිලධාරීයාට අභියාචනායක් ඉදිරිපත් කරන්න පුලුවන් ...ඒ වගේම මීට් වඩා අපරාධ වරදවල් සිදුකරන පුද්ගලයන් කොතෙක් ඉන්නවාද... මිනීමැරුම් කල අය පවා රාජ්‍ය සේවයේ ඉන්නේ...

:       0       13

chandima Thursday, 08 December 2022 05:35 PM

මේ වගේ නීති තියෙන රටක ආණ්ඩුවට පඩි ගෙවන්න, හරක් ඉන්න පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්න රටගිහින් ඩොලර් එවන්න අපි ගොන්නුද? අරුන් රටේ නීති රීති හදනව වෙනුවට පාර්ලිමේන්තුවට වෙලා බුරියානි කකා ජෝගි නටනව. ලොක් වන් මෑන් ෂෝ පෙන්නනවා.

:       0       13

Wijetunga Thursday, 08 December 2022 07:56 PM

සාවද්‍ය තොරතුරු ලබාදීම නිසා ඔහුව සිරගත කළ යුතුයි. අපරාධකාරයන්ගේ පුතාට රජයේ රැකියා ගන්න බැහැ

:       6       0

sampath Thursday, 08 December 2022 09:39 PM

මේවගේ දේවල් සඳහා පැරණි නීති වෙනස් කිරීම සුදුසුයි.

:       1       5

Rumesh Friday, 09 December 2022 09:34 AM

මේවා අපරාද චොදනා නෙමෙයි නැවත සේවය ලබාදිය යුතුයි

:       0       5

sampath Friday, 09 December 2022 08:10 PM

මෙය අපරාධ වැරදි ගණයටයි වැටෙන්නේ, නමුත් පවතින නීති වෙනස් කිරීම සම්බන්ධව සලකා බැලිය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 170 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 298 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1632 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 555 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2600 3

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 488 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 639 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site