IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පියාට අවමන් නොකරන බව චන්ද්‍රාණි කියයි

තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රජයට එකතු වෙන බවට පැතිර යන කතාව අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඇය එලෙස කීවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සමඟ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ සාකච්ඡාව පැවැතියේ විපක්ෂ නායක කාර්යාලයයේ දී ය.

මාධ්‍යවේදියෙක් - ඔබ ආණ්ඩුවට එකතු වන්නට යන බවට ආරංචි පැතිර ගියා?

මන්ත්‍රීවරිය - සමහර මාධ්‍ය බොරු දාලා තිබුණා. මං ආණ්ඩුවට යන්න තීරණය කර  නෑ. මම එක්සත් ජාතික පක්ෂයට උපන් දරුවෙක්. මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුරයට පමණක් නොවෙයි මුළු රටටම වැඩ කළා. මං කවදාවත් පියාගේ නමට කැළලක් වෙන්න දෙන්නේ නෑ. මං එක්සත් ජාතික පක්ෂය හා පාක්ෂිකයන් දමා යන්නේ නෑ.

මාධ්‍යවේදියෙක් -  තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට යන බව ඔබ දැන සිටියාද?

මන්ත්‍රීවරිය - තිස්ස අත්තනායක කියන්නේ අපේ පක්ෂයේ (හිටපු) මහ ලේකම්. ඔහු යන බව මා දැනගෙන හිටියේ නෑ. මට කියන්න පුළුවන් මා යන්නේ නැති බව පමණයි. ‘‘‘

 

 



අදහස් (0)

පියාට අවමන් නොකරන බව චන්ද්‍රාණි කියයි

සත්‍යයා Monday, 08 December 2014 09:46 PM

ඔබ ඇතුළු එජාපයේ හැම දෙනෙකුම මේ අවස්ථාවේ ක්‍රියා කළයුත්තේ පක්ෂ අනන්‍යතාවය තුළින් නොව යුක්තිය හා නිදහස වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකා පුරවැසියන් ලෙසටයි. (නි)

:       0       0

විමල් Monday, 08 December 2014 02:33 PM

හොද තීරණයක් චන්ද්‍රාණි බණ්ඩාර මත්මිය අරන් තියෙන්නේ.(හේ)

:       0       0

හසිත් Tuesday, 09 December 2014 01:19 AM

අජිත් කරුණාරත්න ,ඔබ මේ පුවතේ සමහර දේවල් සම්බන්ධයෙන් දන්නේ එක් පැත්තක් පමණක් බව පේනවා. ඒ දේවල් දැනට දේශපාලනයට අදාළ නොවන නිසා මෙතන මම ලියන්නේ නැහැ. මම දැනට වචනය භාවිත කලෙත් හේතුවක් ඇතිව .(ස)

:       0       0

සරසි Tuesday, 09 December 2014 01:24 AM

අජිත් මහතාණෙනි , කාන්තාවක් සුජාත දියණියක් වන්නේ පියාගේ දේශපාලන ප්‍රතිපත්ති රැක ගත් පමණින් පමණක් නෙවෙයි. තවත් වැදගත් සමාජ සහ සංස්කෘතිමය නිර්ණායක තිබෙනවා. අදාළ ඒවා ගැන දන්නෝ දනිති. (නදී)

:       0       0

ගුණරත්න ඩුබායි සිට Tuesday, 09 December 2014 01:30 AM

චන්ද්‍රානී මැඩම් ඔබතුමිය හරි.ඔබ පියාට අවමන කෙරුවේ නැහැ.ඔබ හිතනවද හිරුණිකා කරන්නේ පියාට අවමානයක් නෙමෙයි කියලද? චන්ද්‍රිකා කරන්නේ පියාට අවමානයක් නෙමෙයිද? (ස)

:       0       0

රජිත Tuesday, 09 December 2014 01:31 AM

මම හිතන්නෙත් එහෙමමයි. බොහොම ලස්සනට එක පැත්තකට මුක්කු ගහනවා, ඉස්සර වගෙ මධ්‍යස්ථ මතය පිලිබිඹු වෙන්නේ නැහැ. මෙයා කියනවනම් පියාට අවමන් වෙන නිසා යන්නේ නැහැ කියල එතකොට හිරුනිකා අාපු එක හරිද? (ස)

:       0       0

සුමින්ද ශ්‍රීනාත් Monday, 08 December 2014 03:14 PM

මෙහෙම කියපු අය තමා ගොඩක් මහින්දට ගියෙත් (නදී)

:       0       0

කෙවින් Tuesday, 09 December 2014 01:36 AM

අජිත් සමහර දේවල් ගැන ඇත්තටම දන්නේ නැති බව පේනවා. එත් ඉතින් මේවා සමහරුන්ගේ පුද්ගලික දේවල් නිසා අජිත්ට දොස් කියන්න බැහැ. (ස)

:       0       0

කාංචනා Tuesday, 09 December 2014 01:39 AM

කවුද මෙතුමියගේ පියා? ඇත්තටම මම දන්නේ නැහැ. දන්නා කෙනෙක් මට පොඩ්ඩක් පැහැදිලා කරලා දෙන්න. (නි)

:       0       0

හිරු Tuesday, 09 December 2014 02:17 AM

හිරුනිකගේ තීරණය හරි. පිය ඝාතනය කල ඝාතකයා ඉන්න පැත්තේ එකට ඉන්න පුළුවන් කාටද. පක්ෂ පාට අමතක කරලා බැලුවොත් හිරුනික හරි දුවක් විදියට. පක්ෂ මාරු කල හැමෝම සාදාරන නැහැ (නදී)

:       0       0

නිමල් Tuesday, 09 December 2014 02:29 AM

චන්ද්‍ර බණ්ඩාර නම් ඔබේ පියානන්,අවංක දේශපාලන ප්‍රතිපත්ති රැක ගත් පුද්ගලයෙකි. (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 08 December 2014 04:01 PM

ඔබ හරි මැතිනියනි (නදී)

:       0       0

තරු Tuesday, 09 December 2014 02:55 AM

ඔබගේ ප්‍රකාශය හිරුනිකාට ආදර්ශයක් ලෙසින් ගන්නට තිබුණා. (නදී)

:       0       0

අනුර ධර්මසේන Monday, 08 December 2014 04:07 PM

තිස්ස කරපු වැඩේ දැක්කම මේ කියන ඒවත් විශ්වාස කරන්නේ කෙහොමද ? (නදී)

:       0       0

ප්‍රියාන් Monday, 08 December 2014 04:09 PM

අජිත්, චන්ද්‍රානි යන්නේ නැැහ කිව්වම සුජාත නම් ගියා හිරුනිකා..? (නදී)

:       0       0

විජේසූරිය Tuesday, 09 December 2014 03:02 AM

ඒක එතුමියගේ කැමැත්තනේ! (නි)

:       0       0

ඉන්දික Monday, 08 December 2014 04:22 PM

ඇත්තටම මේ වෙලාවේ තිස්ස මහත්තයා ගියේ එයාගේ දේශපාලනයට ඒක හරි නිසා වෙන්න පුළුවන්. හැබැයි කුණ්ඩසාලේ පදංචි අපි දන්නවා එයාට ඡන්ද 5000ක් වත් ගන්න බැරි බව. ඒ නිසා තමයි ජාතික ලැයිස්තුවෙන් ඉල්ලුවේ. කුණ්ඩසාලේ යුඇන්පි අයම තමයි කිවුවේ. ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්න කියලා. නැත්නම් මෙයාට දිනන්න කොහොමත්ම බෑ (නදී)

:       0       0

ඉන්දික Monday, 08 December 2014 04:23 PM

ඇත්තටම මේ වෙලාවේ තිස්ස මහත්තයා ගිය එක එයාගේ දේශපාලනයට හරි වෙන්න පුළුවන්.හැබැයි කුණ්ඩසාලේ පදිංචි අපි දන්නවා ඇත්ත. (නි)

:       0       0

ප්‍රියාල් Tuesday, 09 December 2014 08:11 AM

මෙන්න නියම දුවණියක් (නි)

:       0       0

තුරුවිල ජී ධර්මදාස Monday, 08 December 2014 01:09 PM

මැඩම් ඔබට ජයෙන් ජය පතමි. ඔබට දිගාසිරිවේවා (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 December 2014 01:13 PM

මෙන්න නියම සුජාත දියණියක්. ඔබ තුමිය එක්සත් ජාතික පක්ෂයට මෙන්ම පාක්ෂිකයින්ටද අභිමානයක්. අනාගත දේශපාලන දිවිය යහපතක්ම වේවි.(නදී)

:       0       0

යසිත් Monday, 08 December 2014 06:32 PM

අපි ඇත්තටම ගියා කියල හිතුව .මේ බොරුනම් නඩු දනන මේ මාධ්‍ය ආයතන වලට. (ස)

:       0       0

සේනානායක Tuesday, 09 December 2014 04:47 AM

ඒකනම් ඇත්ත, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තාම නිදැල්ලේ.(හේ)

:       0       0

කවිරාජ් Monday, 08 December 2014 06:51 PM

ඔබ නියම ආදර්ශවත් දියණියක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 31 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 363 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1286 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 425 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1246 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 223 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site