IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පියාට බැරි වු වැඩේ පොලීසිය කරයි

කොණ්ඩය වවාගෙන ආ කළුතර පාසලක උසස් පෙළ සිසුවකුට තරවටු කළැයි ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක් කළ සිසුවාට පොලිසිය හොඳ පාඩමක් කියා දුන්නේය.

ඔහුගේ පියා පොලීසියට කීවේ කොණ්ඩය කපාගෙන පාසලට යන ලෙස පුතාට කීවත් ඔහු ඊට ඇහුම්කන් නොදුන් බවයි. පියාගේ අවවාද මත කොණ්ඩය කපාගෙන එන ලෙස සිසුවා කරණවෑමියකු ළගට යැවීය. ඔහු අලුත් මොස්තරයකට කොණ්ඩය කපාගෙන පොලීසියට ආවේය.

කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය කරණවෑමියකු පොලීසිය  ගෙනවා පාසලට ඔබින ලෙස  කොණ්ඩය කැප්පවීය.

කොණ්ඩය කපන්නට යැයි ඔහුට අවවාද කළ ගුරුවරයා ද විදුහල්පතිද පොලීසියට පැමිණ සිටියහ.

 

 



අදහස් (0)

පියාට බැරි වු වැඩේ පොලීසිය කරයි

මලානි Monday, 03 March 2014 12:04 AM

හොද පියෙක්. දරුවා කීකරු කරගන්න පොලිසිය උදව් කල එක අගය කල යුතු දෙයක්. විදුහල්පතිත් අගේය. (නදී)

:       0       0

දිල් Monday, 24 February 2014 01:56 PM

මව්පියන්ගේ අවවාද නොසලකන ගුරුවරුන්ට අවනත නොවන දරුවන්ට නියම දඩුවම එයයි. දෙමව්පියන් උගත්ද නූගත්ද නොව ඔවුන්ගේ අවවාද නොපිලිගන්නා අයට කුඩා දෙයක්වත් දරාගත නොහැකියි. ජීවිතවලින් සමුගන්නෙත් එවන් අයයි.(අ)

:       0       0

මහේන්ද්‍ර Monday, 24 February 2014 02:02 PM

හොඳ වැඩේ. (ස)

:       0       0

සංජය Monday, 24 February 2014 03:30 PM

ඔබ කළ දෙය ඉතා උසස් (ත)

:       0       0

රාජුන් Sunday, 23 February 2014 05:10 PM

නියම දඩුවම (දිල්)

:       0       0

අල්විස් Sunday, 23 February 2014 05:46 PM

නියමයි. අති විශිෂ්ටයි. ප්‍රසංසනීයයි. මල්කා තුෂාරි පොලිස් පරික්ෂිකා මහත්මියනි.ඔබතුමිය රටටම ආදර්ශයක් ලෙසින් කළ එකී ක්‍රියාව මුළු රටේම ජනතාවගේ ඉමහත් ප්‍රසංසාවට ලක් වෙනවා නො අනුමානය. (දිල්)

:       0       0

රමේෂ් Monday, 24 February 2014 03:44 PM

නියමයි! (නදී).

:       0       0

නන්දන ගුණසිංහ Sunday, 23 February 2014 06:49 PM

නියමයි.ඔබ තුමිය රටට ආඩමිබරයක් (දිල්)

:       0       0

ප්‍රියංකා Monday, 24 February 2014 04:08 PM

ඔබ තුමිය නියම වැඩක් කරලා තියෙන්නේ. ඒ වගේම ඔය අසීලාචාර ඇදුම් අදින කෙල්ලන්ටත් ඒ වගේම දෙයක් කරන්න.(නදී)

:       0       0

සුජිත් Tuesday, 25 February 2014 11:57 AM

ළමුන්ගේ යහපත වෙනුවෙන්,විනය වෙනුවෙන් තීරණයක් ගන්න පසුබට වෙන්න ඕන නෑ. දෙමව්පියන් හරි වෙනත් වැඩිහිටියෙක් හරි මැදිහත් වෙලා හරි තීරණයක් ගන්න වැඩ කළාම ඒක තවත් ගොඩක් දෙනෙකුගේ යහපතට හේතු වෙනවා.මොන බාදක ආවත් නිවැරදි දෙයක් කරන්න පසුබට වෙන්න එපා. ළමුන්ගේ අනාගතේ හැදුවේ නැති වුණොත් වෙන විනාශය සුළුපටු වෙන්නේ නැහැ.(දිල්)

:       0       0

හිරාන් චින්තක Monday, 24 February 2014 04:14 PM

ඔබ වගේ අය මේ රටට තවත් අවශ්‍යයි.(නදී)

:       0       0

ද සිල්වා Monday, 24 February 2014 04:25 PM

මේ වගේ පොලිස් නිලදාරින් රටටම ආදර්ශයක්.(නදී)

:       0       0

ප්‍රභාත් Sunday, 23 February 2014 08:06 PM

දැන් ඇතැම් ළමයි මව්පියන්ගේ අවවාද පිළිගන්න කැමති නෑ මේ වැඩේ නම් නියමයි (දිල්)

:       0       0

සොනාලි Sunday, 23 February 2014 08:47 PM

පිතෘත්වය යනු පෞර්ෂත්වය පරයා ගිය උතුම් කිරුළකි. අද එය පැළඳගන්නා පුරුෂ පක්ෂය දරුවන් ඉදිරියේ තම අඩුපාඩු සහ දුබලකම් පෙන්වන්නේ තම වගකීම නො සලකා හරිමිනි. මේ සිද්ඩියට අදාළ පුත්‍රයා පිය වදන් ගණනකට නො ගත්තේ නො නොහොබිනාකම නිසාම නො වේයැයි මම සිතමි. පියා දුර්වල වනවිට පුතාලා හිතු මනාපයේ අයාලේ යති. මේ දරුවා කොණ්ඩය කපන්නට අවනත වීම ඔහුගේ නම්‍ය ශිලිභාවයට සාධකයක්. දෙවැනිවර අවනත වීම නීතියට ගරු කිරීමක්. මේ ළමයා ලැජ්ජාවට පත් නො කළහොත් ගොඩනගා ගත හැකියැයි මම සිතමි. (නදී)

:       0       0

අසෝකා Monday, 24 February 2014 05:01 PM

මම හිතනවා ළමුන් පාසලට ඇතුල් කර ගැනීමට පෙර ඔවුන්ට පාසල් විනය ගැනත් දැනුම් දීමක් කලොත් ප්‍රශ්න ගොඩක් විසදෙයි කියල. (නදී)

:       0       0

කසුන් Sunday, 23 February 2014 09:10 PM

මෙයාට දෙන්න තිබ්බේ මීට වඩා හොද දඩුවමක්. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 26 February 2014 02:35 AM

කවදා හෝ අපේ තරුණයන් වැඩිහිටි පරම්පරාව සමග ගැටුමක් ඇති කර ගන්නවා.. කොණ්ඩය කපා ගැනීම හෝ වවා ගැනීම පුද්ගලික අයිතියක්. වැවු කොණ්ඩය පිරිසිදුව තබා ගැනීමට පමණක් උපදෙස් දිය යුතු වේ.හමුදා වල කොණ්ඩය කෙටිකර කපන්නේ යුද බිමේදී උකුණන් බෝ වුවහොත් ටයිපස් රෝගය බෝ විය හැකි නිසාය කොණ්ඩය වවා පිරිසිදුව තබා ගැනීමෙන් එවැනි ප්‍රශ්නයක් ඇති නොවේ. (අ)

:       0       0

රමි Sunday, 23 February 2014 09:34 PM

කොන්ඩයෙන් විනය මනින්න බෑ. යල් පැනපු නීති වෙනස් වෙන්න ඕනේ. මේක අලුත් පරම්පරාවගේ කාලය. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 23 February 2014 09:55 PM

හොද ආදර්ශයක් එතුමිය දීල තියෙන්නේ. ඒත් දැන් බය තියෙන්නේ අවවාදයක් දෙන්න බෑ සියදිවි හානි කර ගන්නවනේ. මේ ක්‍රමය හොදයි දෙමාපියෝ,ගුරුවරු ,සමගම ප්‍රස්නේ විසදුව එක.(නදී)

:       0       0

පාලිත Sunday, 23 February 2014 09:56 PM

දැන් කරන්න තියෙන්නේ පොලිසියකුයි රෝහලකුයි පාසැලක පිහිටුවන එක.(නදී)

:       0       0

රුවනි Sunday, 23 February 2014 10:16 PM

තාත්තාට කරන්න බැරි දේ පොලිසිය කෙරුවා නෙවෙයි. අප්පා කෙනෙකුට කරන්න බැරිවෙච්ච දෙයක් අම්මා කෙනෙක් කළා කියලයි ලියන්න ඕන. මෙහෙම අම්මල හැම පවුලකම ඉන්නවානම් අපේ රට බැබලෙනවා. (නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 February 2014 10:20 PM

ඇති යාන්තම් තාත්ත පුතාට කියල තියනවා කොණ්ඩේ කපා ගන්න කියලා. මම හිතුවේ තාත්තයි පුතයි එකතු වෙලා අවවාද කරපු ගුරුතුමාගේ කන පළලා ඇති කියලා.(නදී) .

:       0       0

චන්ද්‍රා Thursday, 27 February 2014 05:49 AM

කව්රු කව්රුත් අනාගන්නේ නැතුව බොහොම ප්‍රසන්සසනීය ආකාරයට ක්‍රියා කරලා තියෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 01:21 AM

ගෙවල් දොරවල්වල හිතුවක්කාර දරුවන් හදන්නත් පොලිසියට බාර දුන්නහම රටේ අපරාධ මර්දනය සුනඛයින්ටම බාරයි. පොලිස් පරීක්ෂකවරිය යහපත් අරමුණකින් මේ කාර්ය කළද මෙය තවදුඅරටත් පොලිසියේ රාජකාරියක් විය යුතු නැහැ. (නදී)

:       0       0

මාලි Monday, 24 February 2014 01:46 AM

මෙයා හෙට බෙල්ලේ ැවල් දාගත්තොත් පොලිස් නෝනගේ රැකියාව ඉවරයි.(නදී)

:       0       0

බිංදු Friday, 28 February 2014 04:44 PM

බොහොම හොඳ වැඩක්.. පොලිසියටත් තියෙන්නෙ ඔයාවගේ රාජකිරීම . රස්තියාදු කාරයන් හැමතැනම. කෙල්ලක්ට තනියම එලියට බහින්න බෑ. මේව ගැනති හොයල බැලුවනම් හොඳ නැද්ද....(අ)

:       0       0

අනිල් Sunday, 02 March 2014 08:53 AM

අදහන්න වටින කෙනෙක්.(නදී)

:       0       0

බමුණු Monday, 24 February 2014 04:37 AM

පාසල් සිසුවෙක් නම් පාසලේ නීති රීති වලට අවනත විය යුතුයි. මේවට ගුරුවරු පොලිස්සියට ගෙන්වීම නුසුදුසුයි. හැබැයි දෙසපලුවෝ කියන්නේ මහජනයාගේ අවශ්‍යතා වලට අනුව වැඩකලයුතු බවනේ නීති වලට ගතිවෙන්න උවමන නැහැ කියලනේ. කොණ්ඩය වවාගෙන නොවෙයි හෙළුවෙන් ආවත් එක මහජනයාගේ අවශ්‍යතාවය නම් ඊට ඉඩදෙන්න කියලනේ.(නදී)

:       0       0

මෙනා Monday, 24 February 2014 07:49 AM

පොලිසියට කිසුදු පුද්ගලයෙකුගේ කොණ්ඩය කැපීමට බලයක් නැත අනුන්ගේ කොණ්ඩේ කැපීම නීතිමය වරදක් බව පොලීසිය දැනගත යුතුය (අ)

:       0       0

පතිරණ Monday, 24 February 2014 08:21 AM

රටටම ආදර්ශයක් ! (අ)

:       0       0

ධම්මිකා Monday, 24 February 2014 08:44 AM

අනගි වැඩක්. ඒ වගේම මාධ්‍යයන්ටත් විශාල වගකීමක් තියෙනවා මෙවැනි සිද්ධීන් වාර්ථාකරණයේදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීමට. නැත්නම් දරුවෝ ගන්නේ වැරදි පණිවිඩය. (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 24 February 2014 08:53 AM

ළමයත් වැරදි පොලිසියත් වැරදි (අ)

:       0       0

නදිනි Monday, 24 February 2014 09:07 AM

පොලීසීයේ අලුත්ම වැඩේ කොණ්ඩ කප්පවන එකද?(අ)

:       0       0

රංජිත් සිල්වා Monday, 24 February 2014 09:15 AM

තම පුතාව නිසි ලෙස කීකරුව හද වඩා නොගැනීම නිසා අර පියාට දඬුවම් කරන්න ක්‍රමයක් නැත්ද? (අ)

:       0       0

ශාන් Monday, 24 February 2014 09:52 AM

හොඳ දඩුවම. මෙය අනිත් පාසලුත් කරා නම් හොඳයි. (ස)

:       0       0

තිවංක නාථ Monday, 24 February 2014 10:00 AM

දැන් ඉන්න දරුවන් බොහොම සංවේදී නිසා දෙමව්පියන්ට ටික කලක් ගතවෙන කම් ඇහැ ගහගෙන ඉන්න වෙයි. (ස)

:       0       0

චන්දි Monday, 24 February 2014 10:12 AM

ගෙදර ගිහින් ගෙල වැළලා ගනිද දන්නේනෑ. කොල්ලව පරෙස්සම් කරන්න වෙයිද? (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 24 February 2014 10:20 AM

බොරුවට ප්‍රීති ඝෝෂා කරන්න එපා. දියුණු රටවල් ඔය මතවාද වලින් මිදිලා. මානව හිමිකම් වලට අනුව බලෙන් කොණ්ඩා කප්පවන්න බැහැ.භද්‍ර යෞවනයේ මිහිරියාව විඳීමට තරුණ පාසල් සිසුනට හරස් කපන්න එපා.එය මානසික අවශ්‍යතාවයක්.(අ)

:       0       0

මනෝ Wednesday, 26 February 2014 03:26 PM

හොද පාඩමක් (දිල්)

:       0       0

චන්දිමාල් ජීවන්ත Monday, 24 February 2014 10:39 AM

සුබ අනාගතයක් .(අ)

:       0       0

පිටිගල Monday, 24 February 2014 10:43 AM

ඔන්න නියම පොලිස් නිලධාරීන්. අපේ ප්‍රණාමය ඔබට.! (දිල්)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 11:24 AM

පියා ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ.පියා තමයි හොදම වැඩේ කරලා තියෙන්නේ (දිල්)

:       0       0

කුමාරි Monday, 24 February 2014 11:37 AM

ඇත්තටම බොහොම හොදයි.ළමයි තරුණකමට හිතන්නේ මොන දේ කිවත් කලත් එයාල තමා හරි කියල. (දිල්)

:       0       0

අල්විස් Monday, 24 February 2014 12:04 PM

කොහොමද හොඳ වැඩක් වෙන්නෙ? පොලිසිය ඉන්නෙ ළමයින්ගේ කොණ්ඩය කපන්නද? (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 01 March 2014 04:16 AM

මල්කා තුෂාරි ඉන්ස්පෙක්ටර් නෝනට මූලික මිනිස් අයිතිතිවාසිකම් නීති යටතේ පුද්ගලයෙකුගේ රූප ස්වාභාවය වෙනස් කිරීමට කිසිම අයිතියක් නැහැ. මගේ දරුවෙකුට කලානම් නෝනගේ ඔය තරු ගලවනවා. වික්ටෝරියා රැජින රජකම් කරපු කාලේද පොලිසියට බැඳුනේ.(නදී)

:       0       0

උද්දික Saturday, 01 March 2014 07:52 AM

හොද වැඩක්. වැරදි වැඩ කරලා අවවාද දුන්නම පිලි ගන්න බැරිනම් එල්ලිලා මැරුණත් අනේ අපොයි නම් කියන්නේ නැහැ අපි. මොකද අපි හැදුනෙත් දැඩි විනයක් ඇතුව පාසලේදී. අපිට කොච්චර දඩුවම් කලත් අපි දෙමව්පියන් කිසිවක් පාසලට කියන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 434 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5375 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 944 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4444 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3942 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2519 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16958 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site