IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පයින් ලියා ශිෂ්‍යත්වය සමත් වෙයි

උපතින්ම දෑත් අහිමි දැරියක පහේ ශිෂ්‍යත්වය සමත්ව සිටින්නීය. දැරණියගල දෙල්ඔළුව රෂ්මි නිමාෂා ගුණවර්ධන එම දැරියයි. ඇය ලකුණු 153ක් හිමිකරගත්තාය. ශිෂ්‍යත්ව කඩඉම ලකුණු 152 කි. ‘විභාගය ලේසියි. ඒත් වේගය මදි නිසා ලකුණු අඩු වෙන්න ඇති‘ යනුවෙන් ඇය කීවාය. විභාගය සමත් වී ජනාධිපතිතුමාගෙන් තෑගි ගැනීමේ ආසාවක් තිබූ බව ද ඇය සඳහන් කරන්නීය. එම ආශාව නැතිවේයැයි ඇය කනස්සල්ලද පලකරන්නීය. ඇගේ දකුණු පාදය ද උපතින්ම නැත. එහෙත් වෙනත් දරුවන් මෙන් සියලු ක්‍රියාකාරකම්වලට දක්ෂ නිමාෂා වම් කකුලෙන් ලස්සන අකුරු ලියයි. ඇගේ මව සංගීත ගුරුවරියකි. පියා ද ගුරුවරයෙකි. ඇයගේ ලිපිනය 72/6, ජනසළු මාවත, මාදෙළ, අවිස්සාවේල්ල



අදහස් (0)

පයින් ලියා ශිෂ්‍යත්වය සමත් වෙයි

සඳමාලි Thursday, 27 September 2012 01:20 PM

හද පිරි සුභ පැතුම් දුවේ (ස)

:       0       0

ජයවීර Thursday, 27 September 2012 04:49 PM

දුවේ , ඔයාට ජය වේවා ! තව තවත් හොඳින් වැඩ කරන්න‍. බුදු සරණයි ! (නි)

:       0       0

හේරත් Thursday, 27 September 2012 01:21 PM

අත් පා හතරම ඇති අයට දුව මහත් ආශිර්වාදයක් , ඔබට නීරෝගී සුවය ලැබේවා (ස)

:       0       0

සසිත් Friday, 28 September 2012 10:55 AM

ඉස්සරහට හොඳින් ඉගෙන ගන්න...දැරණියගලට ආඩම්බරයක් වෙන්න..(ස)

:       0       0

ගයාන් ගමගේ Thursday, 08 October 2015 05:28 AM

හදවතින්ම සුභ පතනවා දුවේ ඔබට! ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි! (බ)

:       0       0

ශාන්ත Thursday, 27 September 2012 01:27 PM

හදවතින්ම සුබ පතනවා ....... දුවේ (ස)

:       0       0

රම්‍යා Thursday, 27 September 2012 01:32 PM

දුවේ ඔබට ලස්සන අනාගතයක් පතමි.. ඔබ අනෙක් අයට හොද ආදර්ශයක්..! (නු)

:       0       0

දීපිකා Friday, 28 September 2012 04:38 PM

නියමයි. ඔබේ අනාගතයට මම සුභ පතනවා. (ස)

:       0       0

නිරාන් Thursday, 27 September 2012 01:34 PM

මට ලියන්න වචන නෑ දුවේ ඔයාට සුබ පැතුම් (ස)

:       0       0

ෆයිසාර් Friday, 28 September 2012 11:24 AM

හරිම පුද්මයි

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 01:38 PM

තෙරුවන් සරණයි චූටි දුවේ..! (නු)

:       0       0

චමිල රුවන්දික - දැහැන අධ්‍යාපන ආයතනය,පඹුරණ, මාතර. Saturday, 29 September 2012 07:39 PM

පිපෙත් දස අත සොදුරු මල් කැන් මෙවන් මල් නම් වාසනාවන්... සිතට දිරි ගන් නැගණියේ නුඹ නුඹයි මේ ලොව කිරුළ මිහිපිට... සුබ පැතුම් නිමාෂා නැගණියේ...(නු)

:       0       0

අසෝක Thursday, 27 September 2012 01:44 PM

ලක්බිමට පිපුණ සුවඳ මලක්! ඔබේ සුවඳින් ලක්මවම සුවඳවත්වේවා! හැකිනම් ඇයගේ සියලු විස්තර සමඟ වෛද්‍ය වාර්තාවක් ඉංගී‍්‍රසියෙන් ලියා එවන්න. ඇයට කෘතිම දෑතක් ලබා දීමට හැකිදැයි උත්සාහ කර බලන්නම්. පොරොන්දුවිය නොහැක. උත්සාහ කරමි. (ස)

:       0       0

Wm Sugande Saturday, 13 October 2012 06:16 PM

දුවේ ඔයාට තෙරුවන්ගෙ අනන්ත ගුණ බලෙන් තවතවත් වාසනාව උදාවේවා ඔයා පෙර පිංන් කරලා තියනවා කිර්තිය ලබන්න මට හරිම සතුටුයි ඔයා ගැන ඔයාට බුදු සරණයි .(අ)

:       0       0

සරත් Thursday, 27 September 2012 01:45 PM

දයාබර දුවේ ,ඔබට ලොකු අනාගතයක් දුවේ.(ස)

:       0       0

සිරිවර්ධන Thursday, 27 September 2012 01:47 PM

මේවට තමයි ආශ්චර්‍යන් කියන්නේ. කරුණාකර මේ දියණියගේ පියාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද? (ස)

:       0       0

ලියනගේ Friday, 09 October 2015 06:29 AM

මම සුබ පතනවා ඔබගේ ඉදිරි අනාගතේට. (ර)

:       0       0

ජයන්ත Thursday, 27 September 2012 01:54 PM

ශිෂ්‍යත්වයක් දෙන්න වටිනවා

:       0       0

විජේරත්න Thursday, 27 September 2012 01:49 PM

මගෙනුත් සුබ පැතුම්..බුදු සරණයි දුවේ. (ස)

:       0       0

මවුලානා Saturday, 29 September 2012 10:31 AM

අපිට ආඩම්බරයි දුවේ. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)

:       0       0

ජයී තිසර Thursday, 27 September 2012 01:58 PM

බාධක මැදින් හොඳ ප්‍රතිඵල ගෙන දුන්න ලදැරිය ඔබගෙ ධෛර්ය්‍ය මා අගයන්න අත් පා ලබා අන්සතු දේ නැති කරන මැරවර පිරිස මෙය උපදේසෙට ගන්න (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 27 September 2012 02:00 PM

අපේ දෑස්වලට සතුටු සහ දුක් කදුළු එකට එක්කරන මොහොතක්....දෑතම අහිමි මේ පුංචි ධෛර්‍යවන්තියට අපගේ සුභපැතුම් කුමක් හෝ මේ දැරිය වෙනුවෙන් කරනවා නම් අපටත් විස්තර කියන්න....ජනපතිදුනි ඔබට කළහැකි උපරිම උපකාරයක් මේ දැරියට ලබාදෙන්න...මෙවැනි දැයේ දිරිය දරුවන් වෙනුවෙන් යමක් කිරීම මහා පුණ්‍ය කර්මයකි. (ස)

:       0       0

හේමන්ත Thursday, 27 September 2012 01:55 PM

අපේ අත් දෙකම තිබ්බත් වැඩක් නැහැ

:       0       0

පුබුදු Thursday, 27 September 2012 01:56 PM

සුභපැතුම් ඔබට මගෙන්

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:45 PM

ආසයි දුකයි. (නි)

:       0       0

බාලචන්ද්‍රන් Saturday, 29 September 2012 11:56 AM

චූටි දුවට තෙරුවන් සරණයි. (නි)

:       0       0

සාලිය Friday, 28 September 2012 06:29 PM

දෙවි පිහිටයි. (නි)

:       0       0

ජීවන් Thursday, 27 September 2012 02:06 PM

සුබ පැතුම් දුවේ..(ස)

:       0       0

අනුර Friday, 28 September 2012 06:40 PM

දුවේ, ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

අසන්ක් Thursday, 27 September 2012 02:00 PM

දක්ෂ වැඩක්

:       0       0

ෂිරාශ් Thursday, 27 September 2012 02:07 PM

දුවේ, ඔබට අල්ලා දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

සුසන්ති Friday, 28 September 2012 07:03 PM

ඔබට ලස්සන අනාගතයක් ලැබේවා! බුදු සරණයි! (නි)

:       0       0

ඔසී-ඕස්ට්‍රේලියාව Saturday, 29 September 2012 12:58 PM

සුභ පැතුම් දුවේ. අපි දෙසැම්බරයේ හමුවෙමු.

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 28 September 2012 01:27 AM

සූදූ දුවේ, ඔයා ලැබූ ජයග්‍රහණය අතිශයින් ප්‍රශංශනීයයි. ඔයාගේ දක්ෂතාවය අත්පා තියෙන අයටත් ආදර්ශයක්. ගරු ජනාධිපති තුමා, ඔයාගේ පැතුම ඉටූ කරාවි. ඔයාට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

නදී ශීල තෙරෝ Friday, 28 September 2012 07:01 PM

ඔබ වත්මක් ළමා ලෝකයටම දුන් ආදර්ශය මා ඉතාමත් අගය කරනවා.(නදී)

:       0       0

ගුණසේකර Thursday, 27 September 2012 02:18 PM

ජයවේව ඔබට

:       0       0

අතපත්තු Thursday, 27 September 2012 02:13 PM

තෙරුවන් සරණයි

:       0       0

ලාල් Thursday, 27 September 2012 05:58 PM

පුංචි දුවේ, ඔබ ලැබූ ජය අති උසස් බව මට දැනේ. දෙවිදුන් මැවූ අප සැවොම සුවිශේෂී බව ඔබත් අද ඔප්පුකර ඇත. ඔබගේ සමත් බවට අතහිත දුන් හැමටත් දෙවි පිහිට පතමි. (නි)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 02:14 PM

ඔබට දෙවි පිහිටයි

:       0       0

ඉනෝකා Friday, 28 September 2012 12:50 PM

ආදරණීය දුවේ ඔයාට සුභ පැතුම් (ස)

:       0       0

කරූ කළු ආරච්චිගේ Friday, 28 September 2012 07:08 PM

උසස් ලමයෙක්.(නදී)

:       0       0

ලීසා Thursday, 27 September 2012 02:27 PM

පුංචි දුවේ, ඔයා ගැන අහන, දකින හැම කෙනෙකුගේම ආශීර්වාදය ඔයාට ලැබේවා. තෙරුවන් සරණයි ! දුවේ.(ස)

:       0       0

සාගා Thursday, 08 October 2015 07:13 AM

දුවේ, ඔබට සියලු ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! අනෙක් සියලු විභාගත් මෙලෙස ජය ගන්නට හැකි වේවා! (ර)

:       0       0

ලාල් Thursday, 27 September 2012 02:30 PM

වසරේ දිරිය දියණිය

:       0       0

අසන්ක Saturday, 29 September 2012 11:23 PM

දුවේ, ඔබට සියලු ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! අනෙක් සියලු විභාගත් මෙලෙස ජය ගන්නට හැකිවේවා! (නි)

:       0       0

විජිත Thursday, 27 September 2012 02:37 PM

ඔබේ සියලු පැතුම් ඉටුවී වාසනාවන්ත අනාගතයක් උදාවේවා! (නි)

:       0       0

ජයන්ත Thursday, 27 September 2012 02:39 PM

අපි කැමතියි ඔබට උදවු කරන්න

:       0       0

මංජුල Thursday, 27 September 2012 02:47 PM

ඔබ ආදර්ශයක් ලෝකෙටම

:       0       0

අමරා අයිරංගනී Thursday, 27 September 2012 07:00 PM

ඔබට ජය.. දිණුවත් පැරදුණත් ජනාධිපති තුමා ඔබ සදහා කරුණාවෙන් බලනු ඇත..(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 27 September 2012 02:55 PM

රශ්මි නිමාෂා. ඔබ ගැන අපට ගොඩක් ආඩම්බරයි. සතුටුයි ඒ වගේම දුකයි , මෙයාට රජයේ අවදානය යොමු වෙනවානම් ගොඩක් හොඳයි (ස)

:       0       0

නලින් Thursday, 27 September 2012 02:50 PM

තෙරුවන් සරණයි ,,සියලු දේ සාර්ථක වේවා !! (ස)

:       0       0

සුමිත් Thursday, 27 September 2012 03:00 PM

දුවේ .... ඔයාට ජය වේවා !!! තව තවත් හොඳින් වැඩ කරන්න‍ . බුදු සරණයි !!! (ස)

:       0       0

රෝෂන් Thursday, 27 September 2012 07:09 PM

චූටි දෝණිට මගෙන් උනුසුම් සුභ පැතුම්.. ජයම වේවා...(නු)

:       0       0

ඉමේෂ් Thursday, 08 October 2015 08:10 AM

ඔබට වරදින්න විදිහක් නෑ. ඔබ ගැන දෙවියෝ බලනවා. එහෙම නොබැලුවොත් දෙවියෝ දෙගොල්ලක්. ඔබට සුබ අනාගතයක් (බ)

:       0       0

නදී Thursday, 27 September 2012 07:22 PM

දුවේ ඔයාට සුභ අනාගතයක් රත්තරං දුවේ..!(නු)

:       0       0

ඩොනල්ඩ් Thursday, 27 September 2012 03:06 PM

දිරිය දියණියට සුභ අනාගතයකට සුභ පැතුම්! (නි)

:       0       0

ජයනාත් Friday, 28 September 2012 08:13 AM

තුනුරුවනේ ආශිර්වාදය! (නි)

:       0       0

දයා සෞදි Thursday, 27 September 2012 12:02 PM

මුළු ලෝ වැසියන්ගේම කාරුණික අවධානය මේ දැරිවිය වෙත යොමු වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ගිනස් පොතට ඇතුළු විය හැකිදැයි සොයා බලන්න.. ගරු ජානාධිපතිතුමාගේත් පාර්ලිමේන්තුවෙත් අවධානය යොමු වේවා..! (නු)

:       0       0

චන්දන Thursday, 27 September 2012 12:02 PM

අනේ දුවේ ඔබට උණුසුම් සුභ පැතුම්.. මම ජීවිතේ පළමු වතාවට තමයි ඇහුවේ.. ඔයාට හොදට ඉදිරි වැඩත් කරගන්න ධෛර්ය ආශිර්වාදය වාසනාව ලැබේවා.! (නු)

:       0       0

රුවන් Thursday, 27 September 2012 12:03 PM

දුවගේ ධෛර්ය අපිට ආදර්ශයක්. තුණුරුවන් සරණයි! (නු)

:       0       0

නාලක නිරෝෂණ Thursday, 27 September 2012 12:09 PM

සුභ පැතුම්.. මේ දරුවා ඇත්තටම හොද උදාහරණයක් දෑත දෙපය ඉතා හොදි ඇති තවමත් පාරේ සිගා කන අයට.. මේ කොහොද කොහොමද මම මේ අයට උදව් කිරීමට අවස්ථාවක් සළසා ගන්නේ..! (නු)

:       0       0

උපුල් Thursday, 08 October 2015 02:35 PM

බොහොම හොඳයි (බ)

:       0       0

අනුර Thursday, 27 September 2012 03:14 PM

ඔබේ පැතුම් වාසනාවන්..(ස)

:       0       0

ගමගේ Thursday, 27 September 2012 03:15 PM

මෙවැනි අයට විභාගයට වැඩිපුර කාලයක් ලබාදිය යුතුයි. බුදු සරණයි දුවේ! (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 08:41 AM

අතපය තියෙන උනන්දුව නැති දරුවන්ට හොද ආදර්ශයක්. (නි)

:       0       0

අතපත්තු Thursday, 27 September 2012 12:14 PM

පුංචි තාරකාවිය වාසනා වේවා ඔබ දිවි මග.. මේ දරුවාට උදව් කිරීමට සම්බන්ධ කළ හැකි ආකාරයක් දක්වන්න..! (නු)

:       0       0

පැතුම් Thursday, 27 September 2012 07:51 PM

චූටි නංගියෝ, ඔයයි ලංකාවෙන්ම පළවෙනි කියලයි මම හිතන්නේ. දෑත්, දෙපා ඇති ළමයි එක්ක එක කකුලකින් පමණක් තරඟ කර ඔබ ලැබූ ජයග්‍රහණය ඉතාමත් ප්‍රසංශනීයයි. ඔබගේ ධෛර්යය අප සැමට ආදර්ශයක්. නංගියෝ ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

කාලිංග Thursday, 27 September 2012 07:46 PM

ඔබ දිරිය දුවෙක්

:       0       0

සුසන්ත Thursday, 27 September 2012 12:11 PM

ඔබට ජාතියේ ප්‍රණාමය ඔබ වැනි දියණියන් අනෙක් දරැවන්ට ආදර්ශයක් ඔබ ඉගෙනීමේ ඉහලටම යන්න ඔබට එය කරන්න පුලුවන් තෙරැවන් සරණයි... (නු)

:       0       0

ප්‍රියා Thursday, 27 September 2012 03:17 PM

දුවේ, ඔයා ගැන අහන, දකින හැම කෙනෙකුගේම ආශීර්වාදය ඔයාට ලැබේවා.මේ දරුවාට උදව් කිරීමට සම්බන්ධ කළ හැකි ආකාරයක් දක්වන්න තෙරුවන් සරණයි (ස)

:       0       0

ශාන්ත ප්‍රනාන්දු Thursday, 27 September 2012 12:12 PM

මේ දරුවාගේ ලිපිනය හෝ සම්බන්ධකළ හැකි ආකාරයක් ඇත්නම් දන්වන්න...! (නු)

:       0       0

කුමාරි Friday, 28 September 2012 09:31 PM

ගරු ජනාධිපති තුමනි මේ රත්තරං වටිනා දුවගේ අහිංසක බලාපොරොත්තුව ඉටු කර දෙන්න. මගේ රත්තරං දුවේ නුඹට තුනුරුවන් සරණයි. (ස)

:       0       0

නුවන් Saturday, 29 September 2012 03:30 PM

දුවේ, සරත් මාමා තමයි හොද. ඔයාට ජය වේවා! (නි)

:       0       0

නිශාන් Friday, 28 September 2012 09:39 PM

ඇයගේ දෙමවුපියන්ගේ දුරකතන අංකයක් ලබා දීමට හැකි නම් මැනවි. (නි)

:       0       0

දයාරත්න Friday, 28 September 2012 08:56 AM

ඔයාගේ පැතුම අනිවාර්‍යයෙන්ම ජනපතිතුමා ඉටුකරාවි දුවේ..(ස)

:       0       0

බන්ඩාර Thursday, 27 September 2012 12:17 PM

ගොඩක් අගය කරනවා..(ස)

:       0       0

සේනානායක Thursday, 27 September 2012 03:31 PM

ඔයා හරිම ධෛර්‍යමත් දුවෙක් .වාසනාවන්ත අනාගතයක් දුවේ !!!!!!!! බලධාරීන්ගේ අවධානය යොමු වේවා !!!!!!!!(ස)

:       0       0

ෆයිරාස් Thursday, 27 September 2012 03:25 PM

නියමයි !! (ස)

:       0       0

දුශාන්ත Thursday, 27 September 2012 03:27 PM

දුවේ, ඔයා මුලු ලෝකයටම දුන්නේ මහත් ආදර්ශයක්. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 27 September 2012 12:18 PM

ගොඩක් හොදයි..සන්තෝෂයි දුවේ..! (නු)

:       0       0

සෙව්වන්දි Thursday, 27 September 2012 12:20 PM

දුවේ ඔබට සුභ අනාගතයක්... ජනාධිපතිතුමනි මේ දැරිවියේග් බලාපොරොත්තුන් සපල කර දෙන මෙන් ඉල්ලමි..! (නු)

:       0       0

රවෙන් Thursday, 27 September 2012 12:26 PM

දුවේ ඔබට සුභ පැතුම්.. කියවන කොට හරිම සතුටුයි.. අත පය තියෙන අපිට වඩා ඔබේ හිත හයියයි..! (නු)

:       0       0

මනෝජ් Thursday, 27 September 2012 12:21 PM

දිරිය දියණියනි, ඔබ අත් පා හොදින් පිහිටා ඇති සියළු දෙනාට ලබා දී ඇත්තෙ මහගු ආදර්ශයකි. ඔබගේ අනාගතය සාර්ථකම වේවා! (ස)

:       0       0

ලුම්බිණි Thursday, 27 September 2012 12:22 PM

මේ වගේ ළමයින්ට වෙනම පහසුකම් සැපයිය යුතුයි. අපේ සමහර අය තමන් තරම් ආගමට ලැදි කෙනෙක් තවත් නැති බව පෙන්නන්න නාස්ති කරන සල්ලි වලින් ඒ වගේවත් දෙයක් කරනවා නම් ඒක කොච්චර දෙයක්ද. (නු)

:       0       0

මොහොමඩ් Thursday, 27 September 2012 03:41 PM

එලකිරිනේ..(ස)

:       0       0

වරුණ Thursday, 27 September 2012 12:31 PM

දුකයි සතුටයි දෙකම.. සුභ අනාගතයක් තෙරුවන් සරණයි..! (නු)

:       0       0

බණ්ඩාර Thursday, 27 September 2012 12:32 PM

දුවේ ඔබට ජය..! බුදුසරණයි..! (නු)

:       0       0

දමිත් Thursday, 27 September 2012 03:37 PM

දක්ෂයා දිනනවා

:       0       0

ප්‍රබෝධ ෆොන්සේකා Thursday, 27 September 2012 12:34 PM

අපගේ පුංචි දියණියට මගේ උණුසුම් සුබපැතුම් !!! (නු)

:       0       0

රෝයි Thursday, 27 September 2012 03:47 PM

සුබ පැතුම් නංගී‍‍ (ස)

:       0       0

ප්‍රියා Thursday, 27 September 2012 12:31 PM

හරිම සතුටුයි රත්තරං දුවේ. ලකුණු අඩුයි කියලා හිතන්න එපා. ඔයා ඔය වයසට අනිත් යාළුවො මුහුණ දුන් අභියෝගයට වඩා විශාල අභියෝගයකටයි මුහුණ දුන්නෙ.ඔයාගෙ මුහුණෙන්ම ඒ එඩිතර බව පේනවා පුතේ. ඔයා රටේ හැමෝටම ආදර්ශයක්. තවත් හොදින් ඉගෙන ගන්න ඔයාට ශක්තිය ලැබේවා! (නු)

:       0       0

සාලිය Thursday, 27 September 2012 03:44 PM

ඔයාට සුබ අනාගතයක් (ස)

:       0       0

සිසිර Thursday, 27 September 2012 12:39 PM

රටටත් ලෝකයටත් හොද ආදර්ශයක් දුවේ ඔබ.. ජයවේවා..! (නු)

:       0       0

චමින්ද Thursday, 27 September 2012 12:40 PM

මේ දුවට තව තවත් ශක්තිය ලැබේවා(ස)

:       0       0

ඊඒම් Thursday, 27 September 2012 12:44 PM

මෙවැනි දරුවන්ට විභාග වලදී කාලය වැඩිපුර දීමට හෝ ක්‍රමවේදයක් සකස් කල හැකිද?(ස)

:       0       0

මෝහමෙඩ් ශෆීන් Thursday, 08 October 2015 03:50 PM

දක්ෂතා ඇති ළමයෙක්.(හේ)

:       0       0

අනෝමා Thursday, 08 October 2015 04:18 AM

දුවේ, ඔබට සියලු ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! අනෙක් සියලු විභාගත් මෙලෙස ජය ගන්නට හැකිවේවා! (ම)

:       0       0

සුනිල් Thursday, 27 September 2012 04:05 PM

රෂ්මි නිමාෂා , සුභ පැතුම් සුදු දුවේ ! බුදු සරණයි ඔයාට (ස)

:       0       0

ලක්ෂිත අතුකෝරාල Thursday, 27 September 2012 12:49 PM

ගොඩක් හොද දෙයක් . (නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 04:05 PM

චුටි දුවේ සියලුම ප්‍රාර්ථනා සඵල වෙන රත්තරං අනාගතයක් උදා වේවා.මම නම් හිතන්නේ දුවේ නුඹ තමයි ලංකාවෙන් පළවෙනියා විභාගයෙන් සමත්.අත්පය හොදට තියෙන ළමයි එක්ක තරග කරලා ඔබ සමත් වෙලා තියෙන්නෙ.එම ළමයින්ට වඩා ඉදිරියෙන්ම.ලකුණු අඩුයි කියලා දුක් වෙන්න එපා ඔබ වගේ ළමයෙක්ට එම ලකුණු 200/200ම ගත්තා හා සමානයි.ඔබට සුභ අනාගතයක් දුවේ.බළධාරින්ගේ ඇස් මේ වගේ දක්ෂ ළමයි වෙත යොමු වේවා.(ස)

:       0       0

ඉන්ද්‍රක Thursday, 27 September 2012 04:02 PM

දුවේ ඔබ මිණි පහනක්ව ලොවම හෙට ජය ගන්න අහිමි දේට වඩා ඔබගේ ධෛර්‍යය වටින්නේය‍‍‍‍‍‍‍‍‍‍............... දෙමාපිය පැතුම් ඉටු කර ලොවම හෙට ජයගන්න දියණියේ දයාබර ..........(ස)

:       0       0

සෙනෙවිරත්න Thursday, 27 September 2012 04:03 PM

දුවේ ඔබ අපිට ඉන්න දක්ෂම දරුවා, පිහිටවිය හැකි අයට පිහිට වීමට ඔබගේ තොරතුරු දන්වන්න.. ඔබ‍ට අපේ සුභ පැතුම් (ස)

:       0       0

අනිල් බටේපොල Thursday, 27 September 2012 12:46 PM

ඔබට ජය සතුට සහ ධෛර‍ය්‍ය ප්‍රාර්ථනා කරමි.............. (නු)

:       0       0

සද්ධා Thursday, 27 September 2012 04:05 PM

කරුණාකර එම දුවගේ විස්තර ලබාදෙන්න (නි)

:       0       0

මොහොමඩ් Thursday, 27 September 2012 12:55 PM

දුවේ ඔබට සුභ අනාගතයක් (ස)

:       0       0

ජයන්ත Thursday, 27 September 2012 04:18 PM

දුවේ ඔබට හොඳ අනාගතයක් තියෙනවා..(ස)

:       0       0

ප්‍රභාත් Thursday, 27 September 2012 04:13 PM

මෙවැනි දරුවන්ගේ විභාග කාලය සාමාන්‍ය දරුවන්ගේ කාලයට වඩා වැඩිකිරීම හොදයි නේද? (නි)

:       0       0

මධූ Thursday, 27 September 2012 12:58 PM

දුවේ ඔයා හරි දක්ෂයි .අනාගතයේදී ඔයාට අත්‍ දෙකක්ම ලැබෙයි ලෝකය දියුණු නිසා‍‍...ඔයාට මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

ඉන්දික Friday, 28 September 2012 10:09 AM

දුවේ, ඔබේ සියලු පැතුම් ඉටුවී වාසනාවන්ත අනාගතයක් උදාවේවා!(ස)

:       0       0

චතුර Thursday, 27 September 2012 12:59 PM

https://www.facebook.com/pages/බෞද්ධයා-The-Buddhist/145864752175814?ref=hl

:       0       0

ගයනි Thursday, 27 September 2012 04:29 PM

අනාගතය ඉතාමත් වාසනාවන්ත වේවා ! (ස)

:       0       0

නි න ගමගේ Thursday, 27 September 2012 01:10 PM

තමන්ගෙ ලමයි අනාගත අධ‍‍්‍යාපන ඇමති කරන්න හදන අයගේ ඇස් මෙ වගේ ළමයි දිහාට හැර වෙන්නේ නැති වෙයිද? (නු)

:       0       0

හේමා Thursday, 27 September 2012 01:14 PM

ඔබේ දිවි මග වාසානාවන් ....... .සුවහසක් මල් පිපේවා..... අපේ ජනාධිපති තුමා ඔබව අගයාවී දුවේ .(ස)

:       0       0

සුරාජ් Saturday, 29 September 2012 02:53 AM

පුංචි දුවේ ඔයා අනිත් දුවා දරුවන්ට හොද ආදර්ශයක්..! (නි)

:       0       0

සුභාෂ් Thursday, 27 September 2012 01:09 PM

සියලු‍ දෙනාගේම අවධානය යොමුවිය යුතු දුවෙක්..(ස)

:       0       0

කළුපහන Thursday, 27 September 2012 01:17 PM

දුවේ සුබ පැතුම්....(ස)

:       0       0

සදමාලි Thursday, 27 September 2012 01:11 PM

විශ්වාස කරන්නත් අමාරුයි

:       0       0

සදමාලි Thursday, 27 September 2012 01:18 PM

මේ දියණිය මගේ පාසලේ ඉගනුම ලබන දැරියක්.. දරාගත නොහැකි සතුටක්.. (නු)

:       0       0

කපිල Thursday, 27 September 2012 04:43 PM

දුවේ ඔබට උණුසුම් සුභ පැතුම්..වාසනාවන්ත අනාගතයක්!!!!!!!!(ස)

:       0       0

යශෝධරා පෙරේරා Thursday, 27 September 2012 01:14 PM

මේ දරුවා පිරිමි දරැවෙකු වූවා නම් දුක සමනය කර ගැනීමට තිබුනා. ඇයගේ අනාගතයට දැඩි පිටිවහලක් අවශ්‍ය වේවි. ඔබට ශක්තිය ලැබේවා. (නු)

:       0       0

එමිල් Thursday, 27 September 2012 10:11 PM

ඔයා හරිම ධෛර්යමත් දුවෙක්, ජයම වේවා! (නි)

:       0       0

ඉන්දිකා Thursday, 27 September 2012 01:16 PM

දියුණු රටවල මේ වගේ දරුවන්ට විභාග වලදි වැඩිපුර වෙලාවක් ලබා දෙනවා.. එහෙම දෙයක් නොකලා නම් ඇත්තටම අසාධාරණයක් කරලා තියෙන්නේ.. මේ වගේ දරුවන් රටට ආඩම්බරයක්.. බුදුසරණයි..! (නු)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 04:48 PM

හිතේ සවිය ඇත්නම් කළ නොහැක්කක් නොමැත. බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 569 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1137 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 721 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1192 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 814 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site