(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළේය.
ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් පාරිතෝෂික නොගෙවූ සේවකයන් 18,000කට අධික පිරිසකට කඩිනමින් පාරිතෝෂික මුදල් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළේය.
මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 19 ක් වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සවස අමාත්‍ය මණ්ඩලය රැස්විය.
රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණය අනුව පියවර තුනක් ලෙස වී මිලදී ගැනීම, මන්දපෝෂණය දුරු කිරිම සහ ගැබිණි මව්රුන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම, පාරිතෝෂික නොගෙවූ 18,000ක ට අධික සේවක පිරිසකට එම මුදල් ගෙවීම යන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පියවර තුනකින් කඩිනම් සහන දෙන්න
ravin Monday, 13 February 2023 06:41 PM
ගිලපන්කෝ ඇම...!
විපරමා Monday, 13 February 2023 07:29 PM
මොකෝ දන්නේ නැහැ හදිස්සියේම. නින්දෙන් නැගිටලා වගේ. ඡන්දෙ කිට්ටු වෙනකොට ඔහොම දේවල් වෙනවා...
rangi Monday, 13 February 2023 07:32 PM
ඔන්න තවත් සීනිබෝල කතාවක්... ආර්ථිකය යහපත් වුණොත් දෙන දේවල්. මිනිස්සු ගොනාට අන්දවපු කාලේ අවසන් වෙලා සෑහෙන කල්...
මොට්ටපාල Tuesday, 14 February 2023 05:29 AM
ගොනාට අන්දවන්න දෙයක් නැහැ මොකද ලංකාවෙ ඡන්ද දායකයින් ගොනුන්ට වෙනසක් නැහැ ගොනා බලන්නෙ කන්න බොන්න විතරයි ලංකාවෙ ඡන්දදායකයන් බලන්නෙත් ඒටික පමණයි ඉතින් ආයෙමත් අන්දන්නෙ මොකටද ඒක මෙහෙම කිව්වොත් හොදයි කියලා හිතෙනවා ඊයේ ගෙවී ඉවරයි හෙට තවමත් ලබා නැත අද සුමිහිරියි කියලා හිතෙනවා නම් ඒ ගැන තැවී මොකටද ඉතින් කන්න බොන්න දෙන එකා දිනවීමට කටයුතු කරනවා .ඒක තමයි ලංකාවෙ ජනතාවගේ දැක්ම වෙලා තියෙන්නෙ ඉතින් රටකට දියුණුවක් කොයින්ද
විජිත් Monday, 13 February 2023 08:42 PM
" ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම..." කාටද මොඩයිනේ මේ කියන්නේ ? රටේ මිනිස්සු දන්නවා වෙලා තියෙනදෙත් ..තව මාස 3 - 4 ' ක් මෙහෙම ගියොත් රට නැත්තටම නැතිවෙලා යනබවත්..ගල් අඟුරු නැව් 2 කට ගෙවන්න සල්ලි නැතිව ඉන්න, රටකාපු හිඟන්නනේ දැන්වත් පලයල්ලා...හැබැයි තවත් පෙරේතකමට හිටියොත්...ගදාෆිටවුනදේ තොපි ඔක්කොටම වෙනවා ...ඒක නියතයි.
siril Monday, 13 February 2023 08:50 PM
ආණ්ඩුවේ සැලසුම් ඔක්කොම මේ වගේ පුහු වැඩ. ප්‍රතිඵල පාදක සැලසුම් මොනවත් නැහැ...
chandima Monday, 13 February 2023 11:20 PM
චන්දෙන් පස්සෙ වෙන්න ඇති දෙවෙනි තුන්වනි පියවරවල් එන්නෙ? කාලයක් ඔය ඇම ගිලල තමයි මෙ කෙලවෙලා ඉන්නෙ.
Sunil Tuesday, 14 February 2023 07:05 AM
මේ දුරධාන්ත රජය ගත් එක පියවරක්වත් සාර්ථක වූයේද ?මේ පියවර තුනම අඩිය තබන්නත් පෙර අසාර්ථක වෙයි
Malika Tuesday, 14 February 2023 07:16 AM
ජනාධිපති කට ඇරියොත් කියන්නේ මේගෙවන්නේ අමාරුම කාලේ කියලා. ඔන්න දැන් එක පාරට ආර්තිකය යහපත් වෙලා. චන්දයක් ලග නිසා උන දෙයක්ද???
Chamila Tuesday, 14 February 2023 07:17 AM
පියවර 3 -සහන ටික ගත්තා ,ගියා ,දුන්නා
jilbuwa Tuesday, 14 February 2023 08:25 AM
"රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම" නගර සෝබනියනියකගේ පතිව්ර්තාවය හොයනවා වගේ වැඩක් මේ ....
විමල් Tuesday, 14 February 2023 09:54 AM
ඒ කියන්නෙ අද හෙටම ආර්තිකය යහපත් වෙනවා ?ෂෝක්නෙ.මම හිතුවා සනිල් ඔහොම කරයි කියල.
Athula Tuesday, 14 February 2023 12:36 PM
විහිළු
swene Wednesday, 15 February 2023 06:30 AM
ඔවුන්ට මැතිවරණ පවත්වන්නවත් මුදල් නැහැ. .