(බී.ජි. චතුරංග )
රුපියල් 70,000 ක් වටිනා පයිප්ප ආවරණයක් සොරකම් කිරීම සහ වගා භූමියකට ඇතුළු වී රුපියල් 75,000ක් වටිනා යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම යන අපරාධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සමන්පුර ප්‍රදේශයේ පදිංචි හිටපු කොස්තාපල්වරයෙකි.
පෞද්ගලික ඉංජිනේරු සමාගමකට අයත් අනුරාධපුර පොලිස් වසමේ පාලු ස්ථානයක දමා තිබූ ජල නල ආවරණයක් සහ විවෘත වගා භූමියක ගබඩා කර තිබූ යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2019 වර්ෂයේ දී සිදු කරන ලද අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් සේවයෙන් ඉවත් කර ඇති අයෙකු බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය ක
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.
නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම
පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැ
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය.
සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් ති
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පයිප්ප- කම්බි සොරකම්කළ හිටපු පීසී අත්අඩංගුවට