IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පැය එක හමාරෙන් කොළඹ යටවේ

කොළඹ නගරයට අද පස්වරුවේ පැය එකහමාරක පමණ මහා වැස්සෙන් බොහෝ මාර්ග යටවීමෙන් වාහන ගමනාගමනයට මෙන්ම පදිකයන්ගේ ගමන ද අවහිරතා සිදුවිය.

තුන්මුල්ල, ඉබ්බන්වල, තිඹිරිගස්යාය ඇතුළු පෙදෙස් ගණනාවක මාර්ග ජලයෙන් යට වී තිබිණි.

ඉබ්බන්වල හන්දියේ හයිඩ්පාක් කෝනර්හි මහාර්ගය අඩියක් පමණ යටවී පැවතුණු අතර එහි ගමන් කිරීමට උත්සාහ ගත් ත්‍රිරෝද රියක් නැවතීම නිසා තල්ලු කර ගෙන ජල කඳ තරණය කරන්නට සිදු විය.

තුන්මුල්ලේ අඩි තුනහමාරක් උසට පාර යට විය.

(වීඩියෝ ඩික්සන් වසන්ත)

 

 



අදහස් (0)

පැය එක හමාරෙන් කොළඹ යටවේ

ගාමිණී Sunday, 01 June 2014 06:14 PM

ඩෙංගු මාරයාගෙන් අපිව බේරාදෙන්න දෙවියනේ! (නි)

:       0       0

රත්නප්‍රිය Sunday, 01 June 2014 06:24 PM

මේ වගේ යටවීමට හේතුව තමයි ජලය බැස යන කාණු අවහිරවන සේ මහා පරිමාණ ගොඩනැගිලි ඉදිරිකිරීම. අනිත් කාරණය තමයි සුද්දාගේ කාලයේ සිට කොළඹ වැසි වතුර බැසයාමට තිබුණු ස්ථාන අවහිර කිරීම. (නි)

:       0       0

තුසිත Sunday, 01 June 2014 06:37 PM

නාගරික සංවර්ධනය යනු මෙයද? (නි)

:       0       0

නුවන් Sunday, 01 June 2014 07:00 PM

කොටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා කොළඹ හැඩ කළාට වතුර ටිකක් බැහැලා යන විදිහක් හිතලා නැහැ වගෙයි. (නි)

:       0       0

කාන්ති Sunday, 01 June 2014 07:09 PM

ඩෙංගු මදුරුවා වතුරට ගසාගෙන යත්වා! (නි)

:       0       0

සමන් Sunday, 01 June 2014 07:26 PM

හොඳයි හොඳයි.. කුණු ජරාව හේදිලා යන්නත් එක්ක (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 01 June 2014 07:44 PM

ලංකාවේ ආශ්චර්යය කියන්නේ මේවට තමයි (නි)

:       0       0

ඕෂන් ප්‍රනාන්දු Sunday, 01 June 2014 07:58 PM

රටේ සංවර්ධනයද මේ? (නි)

:       0       0

සේනක Sunday, 01 June 2014 08:15 PM

කානු පද්ධති අවහිරවෙලා හරි වහලා හරි ඇති. නැතිනම් කොළඹ මෙච්චර ඉක්මනට යට වුණේ නැහැනේ (නි)

:       0       0

ජෝන් Sunday, 01 June 2014 08:17 PM

අපේ නාගරික ඉන්ජිනේරුවන් මොනවද කරන්නේ? කවදාවත් මෙහෙම යට වුණේ නැහැනේ. (නි)

:       0       0

නාමල් Sunday, 01 June 2014 09:32 PM

තිබෙන කාණුත් වහලනේ. වැසූ කාණු තමයි මේකට මුල. (නි)

:       0       0

අහිංසා Sunday, 01 June 2014 10:39 PM

කොළඹ නගරය නවීකරණය කරන්නේ එක එක පුද්ගලයාට ඕනෑ විදිහට.අනිත් එක තමයි ඉන්ජිනේරුවාගේ වැඩේ දේශපාලඥයා කරන්නට යාම.මට හිතෙන විදිහට කොළඹ මුහුද ගොඩකරලා නව නගරයක් හැදුවාට ප‍සු මේ ගංවතුර උවදුර මීටත් වඩා පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට ඇතිවෙන්න ඉඩ තිබෙනවා. (නි)

:       0       0

සිරිපාල Sunday, 01 June 2014 11:00 PM

වැස්සත් හොඳ නැහැ. පෑව්වත් හොඳ නැහැ. (නි)

:       0       0

රූපවතී Sunday, 01 June 2014 11:07 PM

ඔය පොඩි මිනිසුන් ඉන්න පළාත් නෙමෙයි, මහා දේශපාලකයෝ, ලොකු ලොක්කෝ ඉන්න පළාත් තමයි යටවෙන්න ඕනෑ. එවිට එදාම ඒවාට විසඳුම් සළසනවා (නි)

:       0       0

ආනන්ද Sunday, 01 June 2014 11:09 PM

කානු මතක් වෙන්නෙ වහිනකොට විතරයි. පායනකොට කානු වහල ගෙවල් හදනවා. ලස්සනට ස්වභාවිකව වතුර ටික උරා ගත්ත පොළව කොන්ක්‍රිට් කරල වහලා මිදුල් ගෙවතු අලංකාර කරගන්නවා. පරිසරය ගැන කිසිම හැඟීමක් නැහැ. දැන් බලන්න කොලඹ අක්කර කීයක් මේ විදියට වහලද. බැලුවම කොළඹ ටවුම එහෙන් මෙහෙන් සිදුරක් දෙකක් තියන ටැංකියක් වගේ. හදිසියේ වහිනෙකාට වතුර පිරෙන එක පුදුමයක් නෙවෙ.යි මේ පිංතූර වලම දකින්න තියෙනවා මේ ටික. (ස)

:       0       0

නිලන්ත Monday, 02 June 2014 01:11 AM

ආසියාවේ ආශ්චර්යයනේ.... (නි)

:       0       0

නිශාන් Monday, 02 June 2014 02:55 AM

මම හිතන විදියට කාණු පද්ධතිය අවහිර වීම තමයි මේකට හේතුව (නි)

:       0       0

රනීන්ද්‍ර Monday, 02 June 2014 03:10 AM

නගර සංවර්ධනයේ තරම නේද ඔය පෙනෙන්නේ? (නි)

:       0       0

ගිම්හාන Monday, 02 June 2014 07:58 AM

සංවර්ධනය වගේම ජල කළමනාකරනයත් වැදගත් (නි)

:       0       0

සුජිත් Monday, 02 June 2014 08:07 AM

මේ වතුරේ රොඩු පොලිතින් වගේ දේවල් හරිම අඩුයි. ඉස්සර මේවා එකම කුණු ගොඩක් හැටියට ගලා ගිහින් කාණු හිර වෙනවා. දැන් ජනතාව ඒවා ගැන සැළකිලිමත් වෙනවා. බලධාරීන් නගරය පිරිසිදුව තියාගන්න වැඩ කරනවා නම් ජනතාව සහයෝගය දෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Monday, 02 June 2014 08:16 AM

නාගරික සංවර්ධනය කියන එක දැන් තමයි ඔන්න මට තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

භානුක Sunday, 01 June 2014 04:36 PM

දැන් නම් ඉතින් කොළඹ යන්තම් බඩට කාලා ජීවත් වෙන අපිට අමුතුවෙන් යටවෙන්න දෙයක් නැහැ. නහය උඩටම ගිලිලා තමා තියෙන්නේ. (ස)

:       0       0

පෙරේරා Sunday, 01 June 2014 04:44 PM

අධිවේගී මහා මාර්ග වගේම අධිවේගී කානු පද්ධතියකුත් තිබුනොත් නේද හොඳ? (ස)

:       0       0

සුචිත්ත ජපන් Tuesday, 03 June 2014 09:38 AM

මේ නිවුස් බලනකොට "මේක තමයි කොලුවෝ ආසියාවේ ආශ්චර්ය" කියල අපේ සීයත් මලා (නදී)

:       0       0

ගයනි Sunday, 01 June 2014 04:46 PM

අපිට මතක ඇති කාලයේ ඉඳලා පැය දෙකකට වඩා එකදිගට වැස්සොත් කොළඹ යට වෙනවා. (නි)

:       0       0

රකිත් Monday, 02 June 2014 08:50 AM

බෝට්ටු සේවාවක කොන්ත්‍රාත්තුවක් ගැන කවුරුත් කල්පනා කලේ නැද්ද? (නදී)

:       0       0

චමී Monday, 02 June 2014 08:51 AM

ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 02 June 2014 08:53 AM

විනාඩි 10න් කොළඹ පොකුණක්. ජයවේවා! (නදී)

:       0       0

නෙළුම් Sunday, 01 June 2014 04:51 PM

යටවෙලා විතරක් නැවතුනොත් ලොකු දෙයක්. වෙනදා වගේ මෙහෙම වහිනකොට පාරේ යන කවුරුහරි වතුර පිරුන කාණුවකට අඩිය තියලා ගිලෙන්නේ නැතුව. (නි)

:       0       0

භානුක Sunday, 01 June 2014 04:56 PM

ආරංචිය ලැබුන ගමන් විමසුවේ කොළඹ ඉන්න නෑදෑයන් නිරුපද්‍රිතව ඉන්නවාද කියලයි. කාණු පද්ධතිය විශ්වාස නැහැ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 02 June 2014 08:59 AM

මේ හැම දෙයකටම අපේ සමහර පුරවැසියොත් වග කියන්නට ඕනේ. ඒගොල්ලන්ගේ පුද්ගලික වාසි තකා වතුර ගලා බැසීමට ඇති තැන්වල ඉදිකිරීම් සඳහා අවසරයක් නැති තැන්වල, වතුර බැසයාමට ඇති තැන අවහිර කරමින් ( අනවසර ඉදිකිරීම් ) ඉදිකිරීම් කරනවා, පහත්බිම් ගොඩ කරනවා, සමහරක් දුෂිත දේශපාලකයින් සහ නිලධාරීන්ගේ උපකාරය අනුදැනුම මත. ඉතින් මෙවැනි දේවල් සිදුවෙන තාක්කල්, කොච්චර කානු පද්ධති තිබුනත් වැඩක් නැහැ සුළු වැස්සකට උනත් පාරවල් ගංගාවල් බවට පත්වෙනවා විතරක් නෙමෙයි අහල පහල තියෙන ගෙවලුත් යටවෙලා බොහෝ දෙනෙක් පිඩාවට පත්වෙනවා. මේක බොහොම කණගාටුදායක තත්වයක්. (නදී)

:       0       0

කුලසේකර Monday, 02 June 2014 09:04 AM

එක තමයි තුම්මුල්ල හන්දිය නොව ආශ්චර්යයේ සිව්මන්සල! (නදී)

:       0       0

අශාන් Monday, 02 June 2014 09:10 AM

අර මාර්ග අවහිර වුනාම කේන්ති යන බන්දුල පෙරේරා මහත්තය දැක්කා නම් බැනුම් තමයි. (නදී)

:       0       0

එච් ආර් සරත් රණසිංහ Monday, 02 June 2014 09:29 AM

මේ ගැටලුව අයෙත් සිදු නොවන්නට බලධරයන් විසින් අවශ්‍ය පියවර ගත යුතුව ඇත. අවධානය යොමු කරන්න. (ස)

:       0       0

අජිත් Monday, 02 June 2014 09:42 AM

අපේ පිනට තමයි මේ වැස්ස වහින්නේ. (ස)

:       0       0

ජගත් Monday, 02 June 2014 09:46 AM

ලංකාවේ නාගරික සංවර්ධනයේ විධිමත් නැති බව තමයි මේවට මුල. ඔස්ට්‍රේලියාවේ නගර සභාවේ කිසිම සංවර්ධනයක් කරන්න බැහැ ජලාපවාහන සැලැස්ම සහතික කරන්නේ නැතිව. (ස)

:       0       0

චම්පික Sunday, 01 June 2014 05:25 PM

කවුරුවත් අර උතුරා යන අධිවේගී කාණු පද්ධතියට වැටිලා නැත්නම් ලොකු දෙයක්. (නි)

:       0       0

දිලාන් Sunday, 01 June 2014 05:28 PM

අනේ හොඳයි, ඡන්දදායකයන්ට වාර්ෂික නෑම කරගන්න පුළුවන්. (නි)

:       0       0

රංගන විරාජ් පාලිත Sunday, 01 June 2014 05:30 PM

කාටත් බැනලා වැඩක් නැහැ. වැස්සට කියමු වහින්න එපා කියලා (නි)

:       0       0

මුදිතා Monday, 02 June 2014 09:55 AM

කොළඹ හදපු වැවු ටික කෝ වතුර බහින්න .. (ස)

:       0       0

ජෙහාන් Sunday, 01 June 2014 05:32 PM

කවුරුවත් තාම කාණුවකට වැටිලා නැතුව ඇති. (නි)

:       0       0

නලින් Monday, 02 June 2014 10:13 AM

අනේ අපේ හමුදා සෙබළුන්ට මේකටත් කර ගහන්න වේවිද ? (නදී)

:       0       0

චාමිනි Sunday, 01 June 2014 05:51 PM

ලස්සන කොළඹ කාණු පද්ධතිය නම් හරිම අවලස්සනයි. (නි)

:       0       0

ඇන්ඩර්සන් Sunday, 01 June 2014 05:57 PM

එක එක්කෙනා වතුර බස්සනවා කිව්වට කෙරිලා නැහැ වගෙයි. සද්දේ විතරයි, වතුර ගොඩයි. (නි)

:       0       0

දුබයා Monday, 02 June 2014 10:35 AM

අනේ මොකද ඔහේලා කලබල වෙලා අපේ රටට මීට ඉස්සර වැහැල ගංවතුර ගලලා නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 917 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 313 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2263 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3163 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2261 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36906 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site