IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘පියා දුට පාරෙදි ගහයි‘

ඉතාලියේ ජෙනෝවා නගරයේ වාසය කරන දහනව හැවිරිදි  ලාංකික තරුණියක් බටහිර පන්නයට ඇඳුම් පැළඳුම් පලඳිනවායයි කියා, ඉන් නොසතුටට පත් පියා සහ මාමා කෙනෙකු සන්පෘත්තූසෝ මහාමාර්ගයේ පහරදීමෙන් පසුව ඒ අවට සිටි ඉතාලිජාතිකයන් ඇය ගිලන්රථයකට නංවා ජෙනෝවා නගරයේ සාන්ත මාටින් රෝහලට ඇතුළත් කැරනු ලැබීය.

රෝහල් වෛද්‍යවරුන් පවසනුයේ තරුණියගේ ශරීරයේ තැලීම් සහ සීරීම් ඇති බවයි.තවද මෙසේ  පහර කෑමට ලක්වූ පළමු අවස්ථාවද මෙය නොවන බව පවසයි.

ලාංකික තරුණියට ඇගේ මතය දරමින් ජිවත් විමට නිවසක් සොයාදෙන ලෙස ඉතාලි පොලිසිය සමාජසේවා ආයතනයකට දැනුම්දී ඇත.



අදහස් (0)

‘පියා දුට පාරෙදි ගහයි‘

ජයතිලක Wednesday, 08 January 2014 05:26 PM

මට තියෙන ගැටලුව නම්, මේ ප්‍රශ්නයට මාමා ඇතුලත් වුනේ ඇයි කියලයි? මටනම් පෙන්නේ ඇදුම් පැළදුම් ප්‍රශ්නයට, වැඩි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. බුද්ධිමත් අය තේරුම් ගනියි මම අදහස් කරන දේ. (දී)

:       0       0

මානෙල් Wednesday, 08 January 2014 05:29 PM

අනේ අනිච්චන්! ඔය ළමයව අවුරුදු 10-12 ගහල හැදුවනම් ඔහොම වෙන්නේ නැනේ . හොද්ද හැදී ගාන්න ඕන වෙලාවට හැදී ගැවේ නැතිනම් කැටි ගැහෙනවා .19 ගැණු ළමයෙකුට පාරේ ගහපු එක වැරැදි (දිල්)

:       0       0

නලින් Thursday, 09 January 2014 08:18 AM

තනිවම තීරණයක් ගන්න පුළුවන් වයසක ඉන්න ළමයෙක් (දී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Wednesday, 08 January 2014 06:28 PM

මාපියන් තරවටු කරන විට ළමා අපචාර (චයිල්ඩ් ඇබ්යුස්) කියා පොලිසියට කතා කරන ශ්‍රී ලංකික දරුවන් මේ රටේ බොහෝ සිටිනවා. මිනියක් මරනවා කීවත් කලට වෙලාවට එන්නේ නැති මෙහෙ පොලිසිය මේවාට නම් ඉක්මනින් පැමිණ අර අහිංසක පියාව රැගෙන යන්නේ දරුණු මිනී මරුවෙක් රැගෙන යන ආකාරයටයි.(නදී)

:       0       0

ලාල් Thursday, 09 January 2014 09:47 AM

ලංකාවට වඩා ලෝකේ වෙනස් (දී)

:       0       0

ගාමිණී Wednesday, 08 January 2014 06:59 PM

පුක්කුස සහ විජේතිලකගේ අදහස් අනුමත කරමි.අපි ලංකාවෙන් පිට ජිවත් උනත් තවමත් අප සිතන්නේ සිංහල ක්‍රමයටයි! ඒ නිසා ලංකාවේ ම ජිවත් වීම සිංහල අදහස් දරන අපට බොහෝ සේ හිතකරය (දිල්)

:       0       0

අශාන් Wednesday, 08 January 2014 07:21 PM

ඉතාලියේ මෙසිනා වලත් ඔහොම සිද්ධියක් වුනා.. ඒ ගෑනු ළමයාගේ කොන්ඩේ පවා කපලා තිබ්බා එයාගේ තාත්තා.. හිංසා පිඩා ඉවසගන්න බැරිව අන්තිමේදී ඒ ළමයා ගෙල වැලලාගන සිය දිවි හානි කරගත්තා.(නදී)

:       0       0

අමිල Thursday, 09 January 2014 10:46 AM

ඕක ගෙයක් ගන්න කල වැඩක් . මම දානවා මත් ඉතාලි හිටියා (දී)

:       0       0

ජයසුන්දර Wednesday, 08 January 2014 07:40 PM

මේ ළමයා මුස්ලිම්. ඉපණේ ඉතාලියේ. ඇය ඉතාලි ජාතිකයෙක්. මොකක්ද වරද බටහිර පන්නයට ඇන්දාම?(දිල්)

:       0       0

විමුක්ති දර්ශන Thursday, 09 January 2014 11:47 AM

ලංකාවේ ඒ විදිහට ඇදුම් අදින එක සංස්කෘතියට ගැලපෙන්නේ නැති උනාට ඉතාලියට ඒක ප්‍රශ්නයක් නොවෙයි (දී)

:       0       0

ලෙස්ලි එස් විජේසිංහ Wednesday, 08 January 2014 08:55 PM

අදහස් ලියන්න පෙර සිතන්න මාත් පියෙක්. අම්මා වගේම පියාත් තමන්ගේ දරුවට ආදරෙයි. ඒ හින්දා තමන්ගේ දරුවාව හොදින් හදා ගන්න උස්සහ ගන්නවා මේ පියාත් දරුවට පහර දෙන්න ඇත්තේ ඒ චේතනාවෙන් වෙන්න ඇති. මොකද යුරෝපයට ගියාට අපි සිංහල බව අමතක නොකළ යුතුයි. හරියාකරව තමන්ගේ ඇදුම පැලදුම තෝරාගෙන ඇදිය යුතුයි. ඒ උනාට සමහර දුවරු නොවේ මවූවරු ද බාගෙට හෙලුවෙන් ඇදගෙන යුරෝපයේ ඉන්නවා මාද දැක තිබේ. අපි අපේ දරුවන් රැක ගත යුතුයි. මා මෙහි අදහස් ලීවාට මටද එය කිරීමට නොහැකි විය. මාද තදින් ඒ ගැන ක්‍රියා කර සිංහල කම රැකිමට උත්සහ කළද කළ නොහැකි විය. එකම දුවක් ලත් මා අදත් ඒගැන දුක් වෙමි. ළමයින්ට ඒ ගැන අවබෝධ වන විට කාලය හමාර වී ඇත. ඔවුන් එවිට දුක් වනු ඇත.(නදී)

:       0       0

කසුන් Wednesday, 08 January 2014 09:03 PM

ඔය සිද්දියට සම්බන්ද අය සිංහල නොවේ.(නදී)

:       0       0

දනපාල කුමාරසිරි Thursday, 09 January 2014 12:17 PM

ඒ විදිහට පහර දෙන එක නීති විරෝධී නැද්ද (දී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 08 January 2014 10:03 PM

දුවට පසුව මාමා මාමාට පසුව තාත්තා මේ හැමෝටම කලින් මේ පුවතේ අම්මා ඉතාලියට ඇවිත් වගේ.(නදී)

:       0       0

සමන් Thursday, 09 January 2014 01:02 PM

විජේසිංහ මහත . ඔබේ ප්‍රතිචාරය අගේ කරමි.ඕක තමා ඇත්ත .. පිටරට ගිය දෙමවුපියන් තමන් ගේ පුතාල දුවල ට ලංකාවෙන් කසාද කරලා දෙන්න හදන්නේ මේ හේතුව නිසා. එක අසරණ අහිංසක උත්සහයක්. කවදාවත් ප්‍රශ්නෙට විසදුම නෙමේ. වෙන රටකට ගිහින් ඒ රටේ දී සිංහල සංස්කෘතියට ඉන්න එක ප්‍රයෝගික නෑ. මුල හැදෙන්න ඕනි පසට අල්ලල්ලා . නැතම් හරි යන්නේ නෑ. (දී)

:       0       0

රණසිංහ Thursday, 09 January 2014 01:16 PM

දෙමාපියන්ට තමා ගහන්න ඹ්නේ. මොන රටෙ ජිවත් වුනත් දරැවො නියම සංස්කෘතියට හදන්න දෙමාපියෝ දැනගන්න ඹිනේ. ටික කාලයක් ලංකා‍වට ගෙනල්ලා ග‍මකට දාලා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා දැනෙන් දෙන්න ඔනේ දරැවන්ටත්. නැත්නමි ඉදිරියේදී දරැවන්ගෙන් දෙමාපියන්ට ගුටිකන්න වෙනවා අනිවාර්යෙන්ම. (දී)

:       0       0

ශිරන්ත Thursday, 09 January 2014 01:18 PM

පිට රට ගොස් ලංකාවේ විදිහට ජිවත් වෙන්න හදන එක මෝඩ කමක් කවදාවත් කරන්න බැහැ (දී)

:       0       0

නාමල් Wednesday, 08 January 2014 10:46 PM

නරකට යොමු වෙන ළමයා, ලංකාවෙ හිටියත් නරකට යොමු වෙනවා. මම පිටරට වල ඕනෑ තරම් දැකලා තියෙනවා, ලංකාවෙ ඉන්න ළමයින්ටත් වඩා ඉතා විනීතව සංවරව හැදුනු ලාංකිකයින්ගෙ ළමයි. මේ ලඟදි ලංකාවෙ හැදුනු කෙල්ලෙක් ඇමරිකාවට ආවා, දැනටමත් සුද්දෙක් එක්ක ලිවින්-ටුගෙදර්. (නදී)

:       0       0

රන්ජිත් ඩුබායි Thursday, 09 January 2014 01:26 PM

අපි පිටරට ආවේ හොඳින් රස්සාවක් කරලා කීයක් හරි හම්බුකරගන්න. අපේ සමහරුන්ට එක අමතකවෙලා. ජීවත් වෙන්න හදන්නේ කළු සුද්දෝ වගේ.. අනේ පව් අර අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු.(දිල්)

:       0       0

රෝයි Thursday, 09 January 2014 01:29 PM

හොඳ නරක යනු සාපේක්ෂ ප්‍රපංචයක්.ලෝකේ ඉතාලියට එන්නේ ලංකාවෙන් විතරක් නොවේ.ලෝකේ රටවල් පනහකින් විතර එන මිනිස්සු තම තමන්ගේ සංස්කෘති ඒ අතරේ ඉතාලියේ රැකගන්ට ගියොත් ඉතාලියේ සංස්කෘතියට මොකෝ වෙන්නේ.(දිල්)

:       0       0

ශිලා Thursday, 09 January 2014 01:31 PM

මේ දරුවාගේ කිසිම වරදක් නැහැ. වරද දෙමාපියන්ගේ. හේතුව... දේසේ හැටියට වාසේ කරන්ට බැරිනම් එන්න එපා.අහිංසක දරුවන්ට එහෙ අධ්‍යාපනේ දීල එහෙ සංස්කෘතිය දකින්න අහන්න ඉඩ දීල දැන් කියනවා ලංකාවේ තාලෙට ඉන්න කියල. (දී)

:       0       0

මිලින්ද ප්‍රේමතිලක Thursday, 09 January 2014 01:35 PM

මෙතන අපි නොදන්නා වෙන මොකාක් හරි දෙයක් තියෙනවා (දී)

:       0       0

සමන්තිකා Thursday, 09 January 2014 01:36 PM

ලංකාවේ තාල්ට ඉන්න ඕනේ නම් මොකටද පිට රට ගියේ (දී)

:       0       0

සේන Thursday, 09 January 2014 01:38 PM

දැන් ගැහැනුන්ට ලංකාවේ තාලෙට ඉන්න කියල කියන පිරිමි ඉන්නේ ලංකාවේ තාලෙටද... මෙන්න මේකට තමා කියන්නේ ලංකාවේ කුණු ගඳගහන කුහක පුරුශාදිපතිය එලියට පැන්නා කියල. (දී)

:       0       0

රීටා Thursday, 09 January 2014 01:39 PM

දුවේ ඔබේ ධෛර්ය අගේ කරමි.ගැනියෙක් විදිහට කෙලින් හිටගන්න කතා කරන්න ලංකාවේ වගේ ඇඹරෙන්න ඕන නැහැ. හේතුව ඉතාලි නිතිය සහ ඉතාලි සංස්කෘතිය ඔබට ආශීර්වාද කරවී.ගැහැනුන්ට අදින්ට උගන්නන පිරිමි බස් එකක යන්ට දන්නේ නැති මිනිස්සු (දී)

:       0       0

ශිලා Thursday, 09 January 2014 01:42 PM

දියුණු රටවල මුහුදු වෙරල සහ තමන්ගේ ගෙදර වගේ තැන් වල හැර අන් තැන් වල පිරිමින්ට උඩුකය නිරුවත්ව ඉන්න තහනම්. එකට හේතුව ලෙස කියන්නේ ගැහැනුන්ට උඩුකය නිරුවත්ව සිටීමට නොහැකි නිසා හැකිතාක් දුරට පිරිමි සහ ගැහැණු වරප්‍රසාද සමාන කිරීමක් කියල. (දී)

:       0       0

ලසන්ත Thursday, 09 January 2014 01:45 PM

ලංකාවේ පිරිමි කීදෙනෙක් ඉතාලියේ ක්ලබ් ගානේ යනවද,බටහිර පන්නෙට අදිනවද,කනවා බොනවද.හැබැයි ගැහැණු කලාම නරකයි.ඇයි ඒ කුහක පුරුෂදිපත්තිය නොවේද. අපි උතුම් උතුම් යැයි කියන්නේ එහෙම සංස්කෘතියකටද (දී)

:       0       0

ශසී Friday, 10 January 2014 03:18 PM

ලෝකේ කොහේ ජිවත් උනත් දරුවන් දෙමව්පියන්ගේ සංස්කෘතියට අනුව හදාගන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. ගමකට ගියහම තේරෙයි යුරෝපයේ සංස්කෘතියයි මෙහේ සංස්කෘතියයි මොකක්ද කියලා. එතකොට තේරුම් ගනීවි. (නදී)

:       0       0

ප්‍රේම් Thursday, 09 January 2014 01:48 AM

ඇඳුමෙන් විතරක් සිංහල කම රකින්න හදන එක බොරු වැඩක් කියල මේ තාත්තාට තේරුම් ගිහිල්ල නැති එක පුදුමයි. මම දන්නා තරමට, පිටරට (බටහිර) හැදෙන ළමයි ප්‍රතිශතයක් හැටියට ලංකාවේ හැදෙන ළමයින්ට වඩා අවංකයි, ගුණ ගරුකයි, සහ හොඳ නරක අඳුරනවා. අපේ නගරවල ඉන්න ලංකාවේ ළමයි වැඩි හරියක් හොඳ අධ්‍යාපනයක් හා දහම් පාසල් අධ්‍යාපනය පවා ලබනවා. සමහර විට දෙමව්පියන්ගේ පසු තලයන්/හැසිරීම් රටා ළමයින් ගේ ජීවිත වලට බලපාල ඇති. මට දුවල නැහැ. නමුත්, දුවල මෝස්‌තර වලට ඇඳුම් අඳිනවා. මට නම් එකේ වරදක් පෙන්නේ නැ. ලංකාවේ වගේ, මෙහෙ පිරිමි කෑදර කමන් තරුණ ළමයින්ගේ හා කාන්තාවන්ගේ ඇඟ පසඟ දිහා බලනවා අඩුයි. ලංකාවේ සිදුවන දේවල් වල හැටියට, බටහිර රටවල ඉන්න ළමයි බටහිර පන්නයට හැදුනා කියන එක කණගාටු වෙන්න වත්, තරහ ගන්න වත් අවශ්‍ය කාරණයක් නෙමෙයි. (දී)

:       0       0

ජීවන් Thursday, 09 January 2014 01:49 PM

ලෙස්ලි විජේසිංහ ඔබ විවේචනය කරන යුරෝපේ ඔයතරම් නරක නම් මොකටද එහෙ ගියේ. යුරෝපේ සංස්කෘතිය අප නරකයි කියන්නෙත් අපි ඊට හොදයි කියන්නෙත් මොන තර්කයට අනුවද. අනික බටහිර තාලෙට පිරිමින් ඉන්න ගමන් ගැහැනුන්ට ඇගිල්ල දික් කරන්නේ කුහක කම නොවේද.(දී)

:       0       0

සැම් Wednesday, 08 January 2014 03:08 PM

මීට අවරුදු 20 කට පමණ පෙර ඔය දේම මගේ යාලුවෙකුට උනා. එයාගේ පුතාට පාරක් ගැහුවම එයා මෙහෙ ඕස්ට්‍රේලියාවේ පොලිසියට දැන්වූවා. විනාඩි ගානකින් පොලිසිය ඇවිත් තාත්තාව අත්අඩංගුවට ගන්න ගියත් අම්මා මැදිහත්වී පුතාගේ හිත වෙනස් කර තාත්තට සමාව දීමට කැමති වීම නිසා වැඩේ ගොඩින් බේරුනා.(නදී)

:       0       0

පුලස්ති Thursday, 09 January 2014 02:42 AM

මම කියන්නේ නම් මේවට මෝඩ කම කියලා (දී)

:       0       0

සේනක Thursday, 09 January 2014 02:42 AM

ඒ ළමයාට ඇතිවෙන හැඟීම කොහොමද කියල හිතා බලන්න (දී)

:       0       0

ප්‍රේමේ Wednesday, 08 January 2014 03:34 PM

මෙච්චර රටේ ලෝකේ වෙන දේවල් හැටියට මේක මොකක්ද?  (නදී)

:       0       0

හේමන්ත වර්ණකුලසූරිය Thursday, 09 January 2014 01:59 PM

ලංකාවේ සන්කෘතිය ලෝකේ අනෙකුත් සංස්කෘති එක්ක ගත්තාම ඉහල තත්වයකා තියෙනවා (දී)

:       0       0

පද්මිණි Thursday, 09 January 2014 02:00 PM

විජේතිලක,සමන්,ශිරන්තගේ අදහස් අනුමත කරනවා. යුරෝපයේ ඉගෙන ලංකාවේ විදියට හිතන්න කියල ළමයින්ට කියන්නේ කොහොමද. ඒ ළමයි හැදෙන්නේ එම රටේ පරිසරයට අනුගතව.(දී)

:       0       0

කාලිංග Wednesday, 08 January 2014 03:37 PM

ඕවා කලින් නොකළ නිසා තමයි ඔහොම උනේ (දී)

:       0       0

විජේතිලක Wednesday, 08 January 2014 03:38 PM

වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕන. මේක අපේ රටෙන් එන ගොඩක් අයට තියන වැරදි ආකල්පයක්. රට දාල යන්නත් ඕන. ළමයි ලංකාවේ විදියට හිතන්නත් ඕන. (දී)

:       0       0

සේරම් Thursday, 09 January 2014 02:04 PM

ඔය ආරක්ෂා කරගැනීමට වෙර දරන දේ ලෝකයෙන් ක්ෂය වෙමින් පවතින දෙයක් . උත්සාහය නිෂ්ඵල වේවි . (දී)

:       0       0

අනුර ගුණවර්ධන Wednesday, 08 January 2014 03:40 PM

ගොඩක් වෙලාවට අපේ ළමයින් ඔහොම වෙන්නේ ඔවුන් තමන් කවුද තමන්ගේ වටිනාකම හා වගකීම් ගැන දන්නේ නැති උනාම එහෙම වෙන්නේ දෙමාපියෝ ඔවුන්ගෙන් දුරස් වුනාම ඔහොම පහරදුන්නම වෙන්න තව දුරස් වෙන එක පමණි (දී)

:       0       0

ශානිකා Thursday, 09 January 2014 03:36 AM

මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන බව තේරෙනවා (දී)

:       0       0

රංග සමරසිංහ - ඉතාලිය කොමෝ නගරය Wednesday, 08 January 2014 03:51 PM

ගහන්ඩ ඕන දුවට නොව පියාටයි. කුඩා කල සිටම තම දරුවා හට හොද සහ නරක කියා නොදුන්නට.(නදී)

:       0       0

සංජු Wednesday, 08 January 2014 04:03 PM

ඉතාලි විතරක් නොමේ රට යන සමහර අයගේ හැදියාව ගැන කතා කරලා වැඩක් නැහැ. හැට පැන්නත් යන හැටි බලන්න එපැයි. සමහර වෙලාවට අපිටම දුකයි ලංකාවේ කියලා කියන්න.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 09 January 2014 02:41 PM

ලාකිකයි තමයි. මෙයාලා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද වෙනත් ජන වර්ගයක්ද? (දී)

:       0       0

රන් බණ්ඩා Thursday, 09 January 2014 05:59 AM

ලෙස්ලි මයා..අවංකව අදහස් පිලිබදව ප්‍රණාමය ..... (දී)

:       0       0

නුවන් Wednesday, 08 January 2014 04:20 PM

ඔහොම විලිසංග නැතුව ගිහින් කව්රු හරි පකිස්තාන් ඉන්දියන් වගේ මන්පහරන්නන්ගේ ගොදුරක් වේවි. ඒක සහතිකයි.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 09 January 2014 06:39 AM

හරියට හරි මානෙල් ගොඩ දෙනෙකුට ඔය අවබෝදය නැහැ.දිරච්ච කොටු නවන්න බැහැ (දී)

:       0       0

නාලක Thursday, 09 January 2014 06:56 AM

මේ රටේ මෙවන් විදිහට ඇද පැළඳ යාම සදාචාර විරෝදී නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 5 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 10 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 768 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 284 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3213 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2064 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 176 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site