IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පෝය දවසෙ ගෙදරටම එන හතරදෙනා

2016-06-19-ent-184

ස්වර්ණවාහිනිය - හරේන්ද්‍ර ජයලාල්

2016-06-19-ent-189ස්වර්ණවාහිනියේ බෞද්ධ වැඩසටහන්වලට මම සම්බන්ධ වුණේ 2002 වසරේදී. එතන ඉඳන් අද දක්වාම ප්‍රධාන ආගමික වැඩසටහන් නිවේදකයා විදියට කටයුතු කිරීමේ භාග්‍ය මට ලැබිලා තියෙනවා.

ඊට පස්සෙ 2009 දෙසැම්බර් අපි ආරම්භ කළා පෝය දවසට විකාශය වන අමාදහර වැඩසටහන. ඒ සඳහා මට අවස්ථා දෙකකදි සහභාගි වෙන්න බැරි වුණා. අමාදහර වැඩසටහන වෙසක්, පොසොන් කියන ප්‍රධාන පෝය දෙකෙහි වෙනස් වෙනවා. ඒ ස්වර්ණ වර්ණ වෙසක් සහ ස්වර්ණ වර්ණ පොසොන් ලෙස.

මෙවර ස්වර්ණ වර්ණ පොසොන් වැඩසටහනට ඓතිහාසික සෝමාවති පුද බිමේ සිට පැවැත්වෙනවා. බුදු හාමුදුරුවන්ගේ දකුණු දළඳා වහන්සේ තැන්පත් කරලා තියෙනවා කියලා කියන්නේ. ත්‍රස්තවාදි ග්‍රහණය තිබෙන කාලයේදී 2002 සටන් විරාම අවස්ථාවේදී ජනාවාසයෙන් තොර වූ සෝමාවතියට පළමු වතාවට පෙරහැරක් වැඩම කරවීම සහ පෝය වැඩසටහනක් සිදුකිරීම අපි කළා. එදා ඉඳන් අද දක්වාම පුළුවන් නම් අවසථාවලදීම පොසොන් පෝයට අපි සෝමාවතියට ගිහින් වැඩසටහන් ඉදිරිපත් කරනවා.

අමතක නොවන සිදුවීම තමයි මම 2008දී විවාහ වුණේ. විවාහ උත්සවය තිබුණේ මහනුවර. ඒ සැරේ අමාදහර තිබුණෙත් ලංකාතිලක විහාරයේ. ඇසල පෙරහැර දවසේ. මම දිගටම ඒ වැඩසටහන කරපු නිසා අනිවාර්ය පැමිණීමක් නෙවෙයි නමුත් පැමිණීමේ අත්‍යවශ්‍යතාවක් තිබුණා.

ඉතිං විවාහ වෙලා දෙවන දවසේ බිරිය හෝටලයේ තියලා මම ආවා වැඩසටහන කරන්න. ඒ වගේ ඉවසන බිරියක් ලැබුණු නිසා අදටත් සාර්ථකව විවාහ ජීවිතය තියෙනවා. ඉතිං මේ සිද්ධිය මට අමතක වෙන්නේ නැහැ.

 

 

2016-06-19-ent-185

CSN - අසේල බණ්ඩාරනායක

2016-06-19-ent-190මගේ පෝය වැඩසටහන් ගැන මතකය වෙනස්. මම ජාතික රූපවාහිනියේ ඉන්න කාලය පුරාම පෝය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළා. ඔය අතරතුර එකල ජනාධිපතිතුමා අරලිය ගහ මන්දිරේ අමාදම් සිසිලස වැසටහන කරන්න වුණා. 

ඒ වැඩසටහන නිසා රටපුරා යන පෝය වැඩසටහන්වලට මට යන්න බැරිවුණා. යුද්ධය දිනපු කාලය වෙද්දී ඉතා හැඟීම්බර වැඩසටහනක් වුණා. නමුත් 2015 ජනාධිපතිවරණය වෙනකම්ම මම ඒ වැඩසටහන කළා. අදටත් මම කරන්නේ ඒ වැඩසටහන. මම ජාතික රූපවාහිනියේ දැන් නැතිවෙන්න හේතුවත් මේක. ජනාධිපතිවරණය ජනවාරි 8 පැවතිලා ඊට පසු ජනවාරි මස යෙදෙන පෝයටත් අමාදම් සිසිලස වැඩසටහන කරනවා.

ඔයා තමයි මෙච්චර කාලයක් කළේ. රැකියාවේ ප්‍රශ්නයක් ඒවිද ඔයාට එන්න පුළුවන්ද කියලා මහින්ද මහතාම මට කතා කරලා ඇහුවා. මට ඒක ඉතා සංවේදී කතාවක් වුණා. යුද්ධය ඉවර කළ නායකයා. බෞද්ධාගමික බොහෝ දේවල්වලට මැදිහත් වුණ නායකයා ඔහු. ඒ ගෞරවය මට තිබුණා. මමත් වසර 8ක් තිස්සේ කරපු වැඩසටහන මට ප්‍රතික්ෂේප කරන්න බැහැ.

 

 

abathel

සියත TV - ඉන්දික අසන්ත

 

2016-06-19-ent-192මගේ මාධ්‍ය ජීවිතයට දැන් වසර 13ක් වෙනවා. මම මූලිකවෙලා ඉදිරිපත් කරලා තියෙන්නේ පෝය වැඩසටහන්. මාධ්‍ය ජීවිතය ආරම්භ කරමින් TNL රූපවාහිනිය හරහා ධර්ම ප්‍රදීප සදහම් චාරිකා වැඩසටහන වසර 8ක් පුරා මම ඉදිරිපත් කළා. එතැනින් පසු දැන් සියත TV හා එක්ව වසර 3කට වැඩිකාලයක් උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළුව දේශියත්වට මුල්තැන දෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා.

දැනට ඉතාම ජන ප්‍රසාදය ලබාගෙන තියෙන මාපිය වන්දනා සහ අඹතෙල් පහන් පූජාව පළමු වරට රූපවාහිනි නාලිකාවක් හරහා ඉදිරිපත් කළේ මම. ඒ ගැන අද නිහතමානීව සතුටු වෙනවා. මොකද බොහෝ දෙනෙක් දැන් ඒ මඟ යනවා. මේ කාලය තුළ අමතක නොවන දේවල් අතර එයත් ප්‍රමුඛයි.

ඒ වගේම දැනට ජනප්‍රසාදය ලබාගෙන දහම් සාකච්ඡා ධර්ම දේශනා ඉදිරිපත් කරන බහුතරයක් ස්වාමින්වහන්සේලා මාධ්‍යට මුල්වරට හඳුන්වා දෙන්න මට පුළුවන් වුණා. අපි මේ කරන වැඩසටහන් අන්තර්ජාලය හරහාත් නරඹන්නට පුළුවන්. දම්සක් TV සහ රාවණා TV කියන Web TV හරහා.

 

 

2016-06-19-ent-188

ජාතික රෑපවාහිනිය - වජිර ජයවර්ධන

 

2016-06-19-ent-191දැන් වසර 7කටත් වැඩි කාලයක් තිස්සේ ජාතික රූපවාහිනියේ පෝදා විකාශය ඉදිරිපත් කරන්න තරම් මම භාග්‍ය වූ කෙනෙක්. මේ වනවිට ලංකාව වටේම තියෙන සිද්ධස්ථානවලට මම ගිහින් තියෙනවා. පෝය වැඩසටහනකට ලංකාවේ නොගිය දිස්ත්‍රික්කයක් නැහැ. ඒ විශේෂත්වය තමයි ජාතික රූපවාහිනියේ ඕන දුරක සිට සජීවි වැසටහන් කිරීම. යාපනය නාගදීපයටත් අපි ගියා.

ලංකාපටුනේ එකම සජීවි වැඩසටහන කළෙත් ජාතික රූපවාහිනිය. ඉන්දියාවේ දඹදිව සිට පවා මම සජීවි වැඩසටහන් ඉදිරිපත් කළා පෝදා විකාශය තුළින්. ඉතිං ජීවිතයට ලද අත්දැකීම් වගේම අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ අතර සිරිපාදේ සිට සහ බුද්ධගයාවේ සිට කරපු වැඩසටහන් විශේෂයි.

මෙවර පොසොන් වැඩසටහන ජාතික රූපවාහිනිය සිදු කරන්නේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථාන පුදබිමේ සිට. අමතක නොවන සිදුවීම් ගත්තොත් හැබැයි ඒ සිදුවීම් තනි මට සිදුවූ සිදුවීම් නෙවෙයි. බොහොමයක් පොදු සිදුවීම්. ඒ නිසා ඒ කීම කොයි තරම් සාධාරණද කියලා මට හිතාගන්න අමාරුයි. ඒ නිසා සිදුවීම් කියන්න අමාරුයි.

 

අනූෂා රණසිංහ

 

DESHAYA



අදහස් (0)

පෝය දවසෙ ගෙදරටම එන හතරදෙනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 589 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1148 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1142 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2103 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site