(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිසියෙන් බේරිම සදහා සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ පියකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවටගත් බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය පදිංචි 28 හැවිරිදි සැකකරුවකු බව පොලිසිය කියයි.
මදුරන්කුලිය නිවසක පදිංචි කාන්තාවකට පහර දෙන බවට මදුරන්කුලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් දෙදෙනකු ගොස් සැකකරු අත් අඩංගුවට ගිය අවස්ථාවේ සැකකරුගේ ඥාතින් පොලිසියට රාජකාරියට බාධා කරමින් සැකකරුට පලා යාමට අවස්ථාව ලබාදී ඇත.
කෙසේ වෙතත් එම ස්ථානයෙ ඇතිවු උණුසුම් තත්වය මත පොලිස් නිළධාරින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව පොලිස්ථානයට ගොස් තිබුණි.
පසුව පොලිස් රාජකාරියට බාධා කිරීම මත සැකකරුගෙ පියා,හා ඥාතින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරු නැවත අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායක් ගොස් ඇති අතර ඔහු දුටු සැකකරු ඔහුගේ තුන් හැවිරිදි දරුවාව ප්‍රාණ ඇපයට ගෙන අත් අඩංගුවට ගත් තම පියා ඇතුළු ඥාතින් තිදෙනා නිදහස් කරන ලෙසත් එසේ නොකළහොත් දරුවා මරා දමන බවට පොලිසියට තර්ජනය කළේය.
ඒ සමගම පොලිසිය දරුවාගෙ ආරක්ෂාව සදහා පොලිසිය අත රදවාගෙන තිබු ආයුධ සියල්ල ඉවතට තබා නිරායුධ විමට කටයුතු කළ ද සැකකරු ඔහුගේ අත තිබු තියුණු ආයුධය එහෙ මෙහෙ වනමින් කිසිවකුට ලං නොවිමට නොහැකි වන ලෙස කටයුතු කරමින් කටයුතු කළේය.
ඒ සමගම කඩිනමින් ක්‍රියාත්මක වු සැකකරුගේ ඥාතියකු එකවර සැකකරු වෙත කඩා පැන ඔහු පෙරළා ගැනිමත් සමග පොලිසිය ක්ෂණීකව ක්‍රියාත්මක වි සැකකරු අත් අඩංගුවට ගත්තේය.
ඒ වන විටත් කැපුම් තුවාල ලබා තිබු තුන් හැවිරිදි දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා යැවිමට කටයුතු කළ බව පොලිසිය කියයි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පියා පොලිසියෙන් බේරෙන්න, දරුවා ප්‍රාණ ඇපයට ගනී
Hasith Wednesday, 19 July 2023 04:39 PM
යහපත් පරපුරක් කෙසේනම් බලාපොරොත්තු වෙන්නද?
එච්. එම් ධර්මපාල Wednesday, 19 July 2023 06:07 PM
මේ වගේ අමනයින්ට රජකාලේ හා මැද පෙරදිග රටවල දඬුවම් ලබාදිය යුතුයි...
Wickramasekara Wednesday, 19 July 2023 07:38 PM
මේ බුදුන්ගේ දේශයයි...
බද්රානි Wednesday, 19 July 2023 09:31 PM
හොඳ ශ්‍රී ලාංකික තාත්තා කෙනෙක්. ආගම ධර්මය බඩගෝස්තර ව්‍යාපාරයක් කරගත්තු අමනයින් ඉන්න රටක මේවා සුළු සිද්ධිනේ...
Perera Thursday, 20 July 2023 12:14 AM
ඔහොම අය ඡන්දෙ ඉල්ලුවොත් ලංකාවේ ඉන්න බූරුවන් ඔවුන්ට ඡන්දෙත් දෙනවා...
Bunny Preena Friday, 21 July 2023 11:18 AM
මේ වගේ උන්ට හොඳට සලකන්න ඕනේ