IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පියා බලු කූඩුවට දැමූ කත යළි රිමාන්ඩ්

සිය පියා බලු කූඩුවක රදවා තැබුවැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි චමරි හේවගේ (42) නොවැම්බර දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රිනීත් විජේසේකර මහතා  අද නියෝග කළේය.

පියා බලුකූඩුවට දමා බල්ලන් ගෙට ගෙන තිබූ බව පොලිසිය කිවේය.

 



අදහස් (0)

පියා බලු කූඩුවට දැමූ කත යළි රිමාන්ඩ්

ගයාන් Monday, 19 October 2015 01:34 PM

මාගලී ෆොන්සේකා, ඔයා එහෙම කියන එක හරි නෑ. තමන්ගෙ තාත්තගෙ කැත කුනු අතගාන එක දුවකට ලැජ්ජාවක් වෙන්න බෑ. (ත)

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 19 October 2015 01:40 PM

මලිගේ තාත්තට එහෙම නම් දෙවියන්ගේ පිහිට තමා. මෙහෙමත් ගැනු.(අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 19 October 2015 01:43 PM

මගලි මනස්ගාත දොඩනවා. දුවකට බැරිනම් ඔය මහලු මඩම් ඕන තරම් තියෙන්නේ නවත්වන්න . මිනිස් කමට නිගා දෙන දේවල් නොකර.(අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 October 2015 01:50 PM

මාගලී ෆොන්සේකා......තමන්ගේ දෙමාපියන්ට සලකන්නෙත් මෙහෙමද දන්නේ නැහැ.මෙන්න ඉන්නවා අපේ කාලයේ ගැහැනියක්.!(අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 03:18 AM

දහම් පාසල් යන්නම ඕනේ නැහැ හොද නරක තේරුම් ගන්න.මම මගේ දෙමාපියන්ට සලකන විදිහ මගේ දරුවන් බලන් ඉන්නවා.කවද හරි දවසක මගේ දරුවන් මට සලකන්නෙත් මම මගේ දෙමාපියන්ට සලකපු විදිහට තමයි. (අ)

:       0       0

රකිත් Tuesday, 20 October 2015 03:23 AM

දරු දුක උහුලා...තනිව වැළපෙනා... බුදු බව ලබනා.. පියවරු වෙසෙනා... පුජා...පුජා...වේවා!! (නි)

:       0       0

අනුර අප්පු Monday, 19 October 2015 02:04 PM

අනේ මාගලි, ළදරු කාලේ නුඹේ කැතකුණු අතගෑවේ ඔය තාත්තලා නොවේද? කිසිම හිරිකිතයක් නැතුව... එතන තිබුනේ පිය සෙනෙහස පමණි (නි)

:       0       0

අරුණ Tuesday, 20 October 2015 07:47 AM

දැන්නම් හිතෙනවා ඇති මොකක්ද මම මේ කරගත්තේ කියලා (නි)

:       0       0

සමන් Tuesday, 20 October 2015 03:24 AM

අපොයි මාගලි ෆොන්සේකා.....! (නි)

:       0       0

සමීර Tuesday, 20 October 2015 07:47 AM

කළ වැරදි මෙලොවදීම විපාකදීමක් (නි)

:       0       0

අනුර යු ඒ ඊ- ඩුබායි Monday, 19 October 2015 02:04 PM

ෆොන්සේකලාත් අනේ මම දන්නේ නැහැ. කවුරුත් එකයි බැලුවහම (නි)

:       0       0

නිමලා Monday, 19 October 2015 02:05 PM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

ධනුක Tuesday, 20 October 2015 03:29 AM

බලනකොට මාගලී කියන දේත් ඇත්තක් නැත්තේ නැහැ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 03:31 AM

තම පියා බලු කූඩුවක සිරකර තැබූ ගැහැණියක වෙනුවෙන් පෙනීසිටින මාගලි හඬ නගා ප්‍රකාශ කළ මතය ,බැහැර කරන මිතුරනි. සංවේගය සහ කම්පනය එපමණටම ඔබ හැඟුම්බර බවට පත්ව ඇත. මාගලිගේ මුග්ධ බව ආඩම්බර පළඳනාවක් යැයි සිතා සියලුම ආකාරයේ අජාසත් දරුවන් එතුමිය සිප වැළඳ ගැනීමට ඉඩකඩ ඇත. මාතුපෝෂක දරුවන් වෙනුවෙන් විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කළයුතු මොහොත එළඹ ඇත. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 19 October 2015 02:16 PM

දුවෙකුට තාත්තාගේ කැතකුණු අතගාන්න වගේම පුතෙකුට අම්මාගේ කැතකුණු අතගාන්න වෙනවා නම් ඒක එයාලගෙන් ඒ දෙමාපියන්ට වෙන්න ඕනෑ යුතුකමක් (නි)

:       0       0

හසිත් Tuesday, 20 October 2015 03:37 AM

දැන් කවුද බල්ලන්ව බලාගන්නේ? (නි)

:       0       0

රංජිත් Monday, 19 October 2015 02:49 PM

අද සමාජයේ අලුත් විලාසිතාවට අනුව තම මහලු දෙමුපියන්ට සලකන එක ලැජ්ජාවක් වෙලා.කාටවත් හඳුන්වා දෙන්න කැමති නැහැ.පාටියකදී පවා මව් පියන් කුස්සියට දමා සඟවා තබන යුගයක මේ වගේ දේවල් අද සුලබ වෙලා සමාජයේ.පාසලින්ම නැවතත් පටන් ගන්න වෙනවා. දහම් පාසැල හොඳ තැනක් අද ළමයින්ට මේවා කියල දෙන්න. (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 October 2015 08:10 AM

මොන වැරදි තිබ්බත් තමන්ව හැදු වැඩු දෙමාපියන්ට ඔහොම සැලකීම වැරදියි. (රේ)

:       0       0

කුමාර Tuesday, 20 October 2015 03:45 AM

මගලි ඔයාටත් ඔය ඉරණමම අත් වේවා . (අ)

:       0       0

රාදිකා Tuesday, 20 October 2015 03:45 AM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 20 October 2015 03:54 AM

විනිසුරු තුමන්ට අපේ උත්තමාචාරය (අ)

:       0       0

රුවන් Tuesday, 20 October 2015 03:57 AM

තිලක් ඩුබායි කියන්නේ ඇත්ත (අ)

:       0       0

මනෝරි Tuesday, 20 October 2015 04:01 AM

ගැහැණු සංහතියටම ලැජ්ජයි (නි)

:       0       0

නයනජිත් Tuesday, 20 October 2015 03:59 AM

මේ ධර්මද්වීපයේ මෙහෙම දේවලුත් වෙනවනේ! (නි)

:       0       0

අමල් Tuesday, 20 October 2015 04:04 AM

මෙයාලගේ දරුවොත් මෙයාලට කවදාහරි මෙහෙමම තමයි සළකන්නේ (නි)

:       0       0

දිලාන් Tuesday, 20 October 2015 04:06 AM

දර්ෂි, මගේ තාත්ත නැති වෙලා මස 6 කි. ඔයාගේ සටහන බලල මට කඳුළු අවා.මගේ තාත්ත බුදු වෙන්න ඕනේ (ම)

:       0       0

අතපත්තු Monday, 19 October 2015 03:19 PM

හරීම නරක දුවෙක් (ත)

:       0       0

ඩිලාන් Tuesday, 20 October 2015 04:20 AM

මගේ රත්තරන් තාත්තා මාව හොඳ මිනිසෙක් කරන්න මොන තරම් මහන්සි ගත්තද? අක්කලා තුන් දෙනා සහ මම ගැන පුදුම විදිහට හොයල බැලුවා.මම ඉංජිනේරු පීඨය ට සුදුසු කම් ලබපු වෙලාවේ තාත්ත තනියමයි සතුට විද ගත්ත මට මතකයි. එයාගේ හද පතුලේ දරු කැක්කුම තද කර ගෙන තමයි හැමදාම හිටියේ. තාත්තා අම්මා කියන්නේ බුදුන්ට වගේ සලකන්න ඕනේ දෙදෙනෙක්. මේ තාත්ත තරුණ කලේ එහෙම කෙනෙක් වෙන්න ඇති. මේ දුවට එක තේරෙන්නේ කවද හරි තාත්ත නැති වුණ දවසක. මංගලි මට ඔය ගැන හරි ම හිරිකිතයි (ම)

:       0       0

අතුල Tuesday, 20 October 2015 04:26 AM

මේ දුවට බල්ලන්ට තියෙන ආදරයවත් තමන්ගේ පියාට නැද්ද? (නි)

:       0       0

රුවන්ති Monday, 19 October 2015 04:00 PM

ගෙදෙර ඇතුලේ හිටපු බලු පැටවූ කක්කා මේ දුවට හිරිකිත නැතුව ඇති (අ)

:       0       0

රූපවති Monday, 19 October 2015 04:02 PM

අපිට මේ වගේ මහා මන්දිර එදා තිබුනේ නැහැ ..අපෙ දෙමාපියන්ව අපි කවදාවත් අගු පිලේ තිබ්බෙවත් කැත කුණු ගොඩේ දැම්මේ වත් නැහැ ..අම්මව අපි අයියල අක්කල නාවල පිරිසිදු කළා ලෙඩ වෙලා ඉද්දි ..අප්පච්චි ලෙඩවෙලා ඉද්දි ඒ වගේම මගේ අක්කල දෙන්න ඒ හැම දේම කලේ..? අපේ දෙමාපියන් අපේ අතගාපු කැත කුණුවල පව් ගෙවන්න මේ ආත්මේ ලැබෙන්නේ නැහැ.. ? අපිව මෙලොවට ජීවය දුන් ඒ පියානන්ව පුජාසනයක තබා ගවුරවකල යුතු පුජනීය වස්තුවක් ..? මේ පව් කාර ගැහැණිය කරගත්තේ ආත්ම ගානක් වත් ගෙවා ගන්න බැරි පවක් ..? (අ)

:       0       0

කුමාර Tuesday, 20 October 2015 04:43 AM

මෙහෙම වැඩකරන අනෙක් අයටත් පාඩමක් වෙන්න හොඳ දඬුවමක් (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 20 October 2015 04:45 AM

තාත්තා අම්මාගෙන් පුළුවන් තරම් වැඩ අරගෙන, සේසතම හූරාගෙන කාලා අවසාන කාලේ මොකක්හරි හේතුවක් හදාගෙන තරහාවෙලා ඇහැක් ඇරලා බලන්නෙ නැති ළමයි මේ ධර්මද්විපයේ තවත් ඉන්නවා. (නි)

:       0       0

සිල්වි Monday, 19 October 2015 05:26 PM

මගලි ෆොන්සේකා , කවද හරි දවසක ඔයත් ඔය තත්වයට පත් උනොත් ඔයාගේ ළමය හෝ වෙනකෙනෙක් ඔයාව බලු කුඩුවකට දාල වැහුවොත් මොකද හිතෙන්නේ ?(රේ)

:       0       0

මාාගලි ෆොන්සේකා Monday, 19 October 2015 05:31 PM

කට්ටිය මෙතනනම් කියනවා උජාරුවනේ් අපි දනන්නවනේ කෙරුවාව.ඒ කෙනාට දරුවෝ තුන් දෙනෙක් සැමියා පිට රටක ඉන්නේ.එක දරුවෙක් අසනීප උනාලු විසබීජ නිසාම(හතිය නිසා).එක පාරක් දෙපාරක් නම් කමක් නැ.කැත කුණු අදින එක වෙන දෙයක් එත් ඇදන් මෙට්ට රෙදි එහෙම හෝදන්න පුලුවන්ද ඔය තරමට.දෙමාපියන්ට සලකන නිසා තමයි මහලු මඩන් වල සෙනග පිරිලා ඉන්නේ.සමහර අය දාන්න ඉඩ නැ.ඒ මදිවට අර ප්‍රීති ළමා නිවසේ ඉන්න දරුවෝ .ගිහිල්ල බලන්න අංග විකල නිසා මන්ද බුද්ධික නිසා දෙමාපියන් දාල ගිහිල්ලා .අපි ලංකාවට නිවාඩු ආපුවාම නිතරම යනවා.ඒ දරුවන්ට උදවු කරන්න .දැක්කාම දුකේ බැ.එතකොට මොකද ඔයාල කියන්නේ .එකයි කියන්නේ දෙපැත්තක් තියෙනවා කියල(රේ)

:       0       0

මාාගලි ෆොන්සේකා Monday, 19 October 2015 05:45 PM

කැත කුණු අතගාන එක ලජාවක්වත් බැරි කමක් වත් කියා මම ලීවේ නැ හොදේ.ඔයාල නොදන්නා දෙවල් ගොඩක් තියෙනවා.එයාට හතිය තියෙනවාලු(බල්ලෝ ඇති කරන නිසා වෙන්න ඇති.එක දරුවෙක්ට විස බීජ නිසා අසනීපෙන්ගැහැණියෙක් ගෙදරක කරනදෙවල් දන්නේ ගැහැණියෙක් විතරයි.පිරිමි දන්නේ කොහෙද ඒවා.එයාලා වැඩට යනවා කනවා බොනවා කොම්පියුටර් බලනවා.එච්චරයි.තමන්ගේ බිරිඳට ගෙදර දොර උදවුවක් වත් කරනවද පිරිමි.(රේ)

:       0       0

ගයාන් Tuesday, 20 October 2015 04:56 AM

අන්තිමට ඒ ගැහැණු කෙනා 02 දක්වා 'බලු කූඩුවේ'. දැන් එයාට තේරෙනවා ඇති බලු කූඩුවේ රහ. (නි)

:       0       0

ටෙරන්ස් Monday, 19 October 2015 06:06 PM

මාගලි ෆොන්සේකා මට දුකකි ඔබ තුමියගේ අදහස ගැන(රේ)

:       0       0

නලීන් Tuesday, 20 October 2015 05:02 AM

පියාගේ වැඩ තනියෙන් කරන්න බැරි නම් බල්ලෝ ඇති කරන්නේ මොන එහෙකටද? හතිය හැදෙන්නේ කැත කුණු නිසා නෙමෙයි බල්ලන්ගේ ලොම් නිසා. බල්ලෝත් එක්ක ඇඳේ නිදාගන්න නිසා. බලු කූඩුව ඇරෙන්න වෙන කාමරයක් තිබුනේ නැත්ද තාත්තට දෙන්න? (නි)

:       0       0

චන්දි Monday, 19 October 2015 07:31 PM

මගලි නෝනේ ඔයාගේ අදහස ගැන හරිම කණගාටුයි., දෙමව් පියන්ගේ ජරාව කැතයි බල්ලන්ගේ ඒවා හොදයි නේ (රේ)

:       0       0

එරංග Tuesday, 20 October 2015 05:27 AM

මෙහෙම අයටත් ඉර හඳ පායනවනේ (නි)

:       0       0

රුපවතී Tuesday, 20 October 2015 05:35 AM

තිලක් (ඩුබායි) හරි යටම හරි ..අපි අද අපේ දෙමාපියන්ට සලකන්නේ කොයි විදියටද අපේ දරුවන් ඒ ආභාෂය ලබාගෙන අපිට ඒ කාරයෙන් සලකනවා ..අපිව අනුකරණය කිරීම අපේ දරුවන්ගෙන් අපි සැමදාම බලාපොරොත්තුවූ වන්නකි ..!පරම්පරාවේ හොඳ නම රැකෙන්නේ ඒ ලබන අභාෂය පෙරදැරිවයි(රේ්) කරගෙනයි..!!

:       0       0

සහන් Monday, 19 October 2015 12:15 PM

පියාට නොව පිටස්තර පුද්ගලයෙකුටවත් මෙහෙම සළකන එක කොච්චර නරකද? (නි)

:       0       0

පුෂ්ප Monday, 19 October 2015 12:37 PM

වැඩේ අන්තිම නරක බව ඇත්ත. නමුත් මේ ප්‍රශ්නයේදී ඔය කියන තාත්තා ගැනත් විපරම් කර බැලීම වටිනවා (නි)

:       0       0

රෝහිත් Tuesday, 20 October 2015 06:48 AM

හොඳ තීන්දුවක් දුන් විනිසුරුතුමාට ප්‍රණාමය! (නි)

:       0       0

නාමල් Tuesday, 20 October 2015 07:00 AM

කාලෙකට මතක හිටින්න හොඳ දඬුවමක් (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 06:58 AM

මම යෝජනා කරනවා මාගලි නෝනාගේත් බලු කූඩුව පරීක්ෂා කරනලෙස (නි)

:       0       0

නිර්මාල් Tuesday, 20 October 2015 02:07 AM

පියාට අසනීප නම් කියක්හරි වියදම් කරලා සාත්තුවට කෙනෙක් අරගෙන වෙන කාමරයක තියන එකනේ කරන්න ඕනෑ. මේ බවලතියගේ සැමියත් රට නම්, අම්මාත් රට නම් ඕක කරන්න බැරි වෙන්න බැහැ. අනික බල්ලො 3ක් හදන්න යන සල්ලි වලින් වැඩට කවුරුහරි අරන් තාත්තට සළකන එක නේද දුවෙක් නරනන් ඕනෑ? බලු කූඩුවට තාත්තාව දාලා බල්ලො ටික ගෙට ගන්න එකනේ මේ දුව කරලා තියෙන්නේ? මාගලීට මේවා හරිද? (නි)

:       0       0

ශාන්ත Monday, 19 October 2015 01:08 PM

තාත්තා කෙසේවෙතත් මෙවන් දූවරුන්ව මානසික වෛද්‍යවරයෙක් හමුවට පැමිණෙවුවොත් නරකද? (නි)

:       0       0

සරත් Tuesday, 20 October 2015 02:06 AM

මාගලීටත් මේ ආනිසංසයම ලැබෙයි කවදාහරි. මේ විදියටම නොවුණත් වෙන විදියකට හරි. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 19 October 2015 01:14 PM

හොඳම වැඩේ අවවාද කරන එක.එක අතකින් ඒ තාත්තා එකතැන කැත කරගන්නවාලු .ඉතින් දුවක් කොහොමද ඒවා කරන්නේ නේද, පිරිමි කෙනෙක් නැතුව.බලු කූඩුවක දැම්මා නම් වැරදියි තමයි.ඔව්. නමුත් ඔතන දෙපැත්තක් තිබෙනවා. (නි)

:       0       0

දිසානායක Tuesday, 20 October 2015 02:12 AM

දෙපැත්තක් හිතන්න ඕනෑ. විද්‍යාත්මක දේවල් තියෙනවා මාගලී. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයි. තාත්තා වයසට ගියාම වැඩක් නැහැ. ලෙඩ නිසා කරදරයි. දැම්මා බලු කූඩුවට. ගත්තා බල්ලො 3 දෙනා ගෙට. මෙතන වෙලා තියෙන්නේ එහෙම දෙයක්. මේ වගේ දේවල් වලට දෙපැත්තක් තියෙනවා කියලා ලියන එකෙන් ඔයා සමාජයට දෙන්නෙ වැරදි පණිවුඩයක්. මොන දරුවෙකුටද පුළුවන් තමන්ගේ තාත්තා බලු කූඩුවට දාලා තමන් ගේ ඇතුළට වෙලා සැපට ඉන්න. මෙතන තියෙන්නේ හිතක් පපුවක් නැතිකම. දරුවො වෙලා ඇවිත් තියෙන්නේ පෙර වෛරක්කාරයෝ. (නි)

:       0       0

සමනන්ති Tuesday, 20 October 2015 02:22 AM

මේ දුව ඉපදුනු දා මේ තාත්තා මොන තරම් සතුටු වෙන්න ඇද්ද? දහදුක් විඳලා හම්බ කරපු සල්ලි වලින් කන්න දේන්න ඇද්ද, පත පොත අරන් දේන්න අද්ද? කළගුණ නොදත් දුව තාත්තට මොකක්ද කළේ? මෙයාට බල්ලො 3 කගේ වැඩ කැරන්න වෙලාව සල්ලි තියෙනවා. තාත්තට සළකන්න තමයි වෙලාව නැත්තේ. තියෙන පව්කාර කමට තමන්ට කරන්න හිරිකිතයි කියමුකෝ. කියක් හරි දිලා කාව හරි අරගෙන හරි කරවන්නන ඕනෙ නේද? (අ)

:       0       0

දර්ෂි Tuesday, 20 October 2015 02:29 AM

අපගේ කුස පිරවීමට ඔහු බඩගින්නේ සිටි.....අප උස් මහත් කරන්නට ඔහුගේ තරුනකම අව්වට දිය කර හැරි.........අපගේ සතුට ඔහුගේ සතුට කරගත්......එකම මිනිසා අපේ තාත්තාය...........(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 239 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 325 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 663 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 388 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 569 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 537 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 117 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site