IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැය 23යි : ලක්ෂ 51යි

පසුගිය 23 පැයේ දී කටුනායක අධිවේගී මාර්ගයයේ වාහන 19000ක් ගමන් කළ බවත්, ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 51ක් බවත් වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.

වාහන වැඩි ප්‍රමාණයක් පෑලියගොඩ සිට කටුනායක දක්වා ගිය බවත්, විදේශ සංචාරකයන් වැඩි පිරිසක් ඒවායේ ගමන් කළ බවත් ඇමැති පවසයි.

 

 



අදහස් (0)

පැය 23යි : ලක්ෂ 51යි

සුරංග Tuesday, 29 October 2013 10:15 AM

අපේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් වෙන්නත් ඕනේ මේ වගේ වැඩක් කරන්න. (ස)

:       0       0

සම්පත් Tuesday, 29 October 2013 10:35 AM

මාගරි, ඔයා හිතන්නේ ඔයා හරි කියල නේද. හරි තමයි. ඒත් අපි ගේ හදන්න ණය ගන්නේ අපේ ඉඩම උකස් කරලා නම් මොකද වෙන්නේ. අනික අපිට බැංකුව ණය දෙන්නේ අපට ආදරේට නෙවෙයි නේද. අපි එක පාරක් හිනා වෙද්දී එයාලා 10 පාරක් හිනා වෙනවා. රටක් සංවර්ධනය වෙනකොට අධිවේගී මාර්ග ඕන තමයි. ඒත් ඒවා හදන්න ගන්න ණය කොහොමද ගෙවන්නේ. කටුනායක හයිවේ එක නම් කමක් නෑ කියමුකෝ. අනිත් හදපුවා, හදන්න හදන ඒවා ලංකාවට ඇත්තටම දැනට ඕනද. අනික මොකද අප්පා මෙයාල මේ පාරවල්ම හදන්නේ රට වටේට. වෙන ලංකාවේ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 29 October 2013 04:08 PM

පළමු අවුරුදු 10යෙහි අදායම චීනයට නේද? (නි)

:       0       0

රොෂාන් Monday, 28 October 2013 10:44 PM

එතරම් සංචාරකයෝ පිරිසක් ඊයේ පසූවුණ පැය 21 තුල ලංකාවෙන් පිටවෙලාද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 29 October 2013 10:46 AM

මගරී, නිවැරදි කතාවක් තමයි කියල තියෙන්නේ. (ස)

:       0       0

නිපුන Monday, 28 October 2013 10:53 PM

මේ ණය මුදල කෝටි 5000ක් පොළිය සමග චීනෙට ගෙවන්න වෙනවා (නි)

:       0       0

නිශාන්ත Monday, 28 October 2013 11:19 PM

හොදයි. අපිට ඉක්මනට ගෙදර යන්න පුළුවන් (නි)

:       0       0

බුද්දික Monday, 28 October 2013 11:33 PM

ජනතාව මුලකරලා තියෙන්නේ.පරම්පරා 100ක් ගියත් මේ අරන් තිබෙන ණය මුදල සහ පොළිය ගෙවලා අවසන් කරන්න බැහැ. (නි)

:       0       0

ඩෙනම් Tuesday, 29 October 2013 11:04 AM

අපිට නම් ආඩම්බරයි පුතේ, නමුත් චීනුන් තව තව ඉදිරියට යයි කියලයි හිතේ ! (ස)

:       0       0

සිල්වා Monday, 28 October 2013 11:47 PM

ආසියාවේ ආශ්චර්යයේ තරම පෙනෙයි ඉදිරියට (නි)

:       0       0

චරිත් Tuesday, 29 October 2013 12:00 AM

ණය අරන් හරි හදපු එක ගැන සතුටු වෙන්න. මෙච්චර කල් කවුරුහරු එහෙමවත් කරන්න උත්සාහ කළේ නැහැනේ. (නි)

:       0       0

ලාල් Tuesday, 29 October 2013 12:20 AM

කමක් නැහැ''කලන '' ණය අවසන් වුණහම වුණහම ඔය ගාන අඩුකරයි. පාර හදපු එකනම් ගොඩක් හොදයි (නි)

:       0       0

පියල් Tuesday, 29 October 2013 12:28 AM

මොකද මේ මිනිස්සු කරන හොද දේවල් වලටත් බනින්නේ? (නි)

:       0       0

උදයංග Tuesday, 29 October 2013 12:35 AM

ජය වේවා ජනපතිතුමනි! (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 29 October 2013 11:45 AM

ලාල්, ණය ගෙවල ඉවර වෙනකොට ලංකාවේ ඔය පාරවල් වල ප්‍රතිසංස්කරණ එනකොට තවත් ඔය අය කරන ගාන වගේ 2 ගුණයක් අය කරවී. එතකොට නඩත්තු ඇමති කෙනකුත් පත් කරවී. එතකොට දෙවියන්ගේ පිහිටෙ බැරුව ....... අධිවේගි මාර්ගයට බුදු සරණයි රටේ ජනතාවටත් බුදු සරණයි. (ස)

:       0       0

මධු Tuesday, 29 October 2013 01:24 AM

ඒත් දුප්පත් අයට කිසිම සරණක් නැහැ. (නි)

:       0       0

ඉන්දිකා Tuesday, 29 October 2013 11:56 AM

මිනිසුන්ගේ අදහස් එකිනෙකාට වෙනස්. (ස)

:       0       0

තෙන්නකෝන් Tuesday, 29 October 2013 12:02 PM

බොහොම හොඳයි. (ස)

:       0       0

උදිත Tuesday, 29 October 2013 12:07 PM

ඕකේ ගාන අඩු කරොත් ඕකත් පරණ පාර වගේම වාහන තද බදයක් එනවනේ පොඩි දුර නිසා .... එකයි ගාන වැඩි.... (ස)

:       0       0

පෙරේරා Tuesday, 29 October 2013 02:04 AM

මුළු වියදම කීයද? (නි)

:       0       0

තාරකා Tuesday, 29 October 2013 12:34 PM

අනේ මන්දා ! මගෙ හිත දන්නවා මේක හොඳ දෙයක් කියලා. නමුත් ඒක ප්‍රසිද්ධියෙ හොඳයි කියල කියන්න දිව නැමෙන්නෙම නැහැ. (ස)

:       0       0

ධනු Tuesday, 29 October 2013 12:40 PM

සම්පත් ඔයා හිතන්නෙ මේ රටේ මිනිස්සු හැමොම ගෙවල් හදන්නෙ එයලගෙ අතේ තියෙන සල්ලි වලින් කියලද ? මාසෙ පඩියෙන් ටික ටික ගෙවන්න තමයි අපෙ තාත්තායි අම්මයි අද අපි ඉන්න ගෙදර හැදුවෙ. (ස)

:       0       0

කළණ Monday, 28 October 2013 05:52 PM

ඇත්තටම ගාන වැඩියි. පිට රටවලත් මෙච්චර ගණන් නැහැ.පොඩි දුරකට මේ ගාන අසාධාරනයි. අනික මේ සල්ලි ඔක්කොම චීනෙට යන්නේ. (නි)

:       0       0

ලසිත් Tuesday, 29 October 2013 03:55 AM

හොද මාර්ග පද්ධතියක් රටට අවශ්‍යයි. එහෙත් අයකරන ගණන නම් සාධාරන නැහැ. කොතනින් නැග්ගත් කොතනින් බැස්සත් රු. 100 කළා නම් ඒක තමයි වඩාත්ම සාධාරන ක්‍රමය. අපේ රටේ ඉන්නේ අඩු අදායම් ලබන අය, එනිසා හැමදෙනාටම මෙම මාර්ගය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මේවා රටේ ජනතාවගේ සම්පත්. කව්රුවත් පෞද්ගලික බුදලයකින් හැදු දේවල් නොවෙයි. (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 29 October 2013 04:24 AM

මගේ අදහසන් පරණ පාරෙන් ගිහින් තෙල් පුච්චාගන්නවට වඩා ඉතා ඉක්මනින් අධිවේගී මාර්ගයේ ගොස් තමන්ගේ කාලයත් වටිනා තෙල් ටිකත් ඉතුරු කරගන්න කියලා.. ඒ ඉතුරු කරගන්නා තෙල් ටික බලද්දී ඔය ගාන මොකද්ද අප්පා. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 29 October 2013 05:05 AM

මට හිත ගන්න බැරි මේක නිකම්ම චීන ණයක් නම් මොකටද එදා අර තොරණේ ලොකු චීන අකුරු වලින් මොකද්ද ලියලා තිබුනේ කියලා. බැංකුවෙන් ණයක් අරගෙන අපි වැඩක් කළොත් බැංකුවට ණය ගෙවන එක විතරයිනේ තියෙන්නේ. (නි)

:       0       0

දසුනි Monday, 28 October 2013 06:11 PM

අපි චීන්නු නොවෙන නිසා සතුටු වෙන්නේ කොහොමද?මේ වගේ දේවල් අහලා. (නි)

:       0       0

ගුණරත්න Monday, 28 October 2013 06:15 PM

සල්ලි වැඩි කියල කාට හරි හිතෙනවනම් ඔය පාරෙන් නොගිහින් පරණ පාරේ යන්ට පුළුවන්.කාටවත් බල කරන්නේ නැහැ මේ පාරෙන්ම යන්ට කියල.(දිල්)

:       0       0

මගරී Monday, 28 October 2013 06:16 PM

ඔබ බැංකුවෙන් ණයක් අරන් ගෙයක් හැදුවොත් ඔබ සතුටු වෙන්නේ නැද්ද .බැංකුවද සතුටුවෙන්නේ ?.(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 29 October 2013 01:18 PM

සෑම සංවර්ධන ක්‍රියා මාර්ගයක්ම රජය ගැන තියෙන දේසපාලන වෛරය මත විවේචනය කරන පිරිසක් මේ රටේ ඉන්නවා...මේ විදියටම මහවැලි ව්‍යාපාරය, උදා ගම් වගේ සංකල්ප අතීතයේදී විවේචනය වුනු හැටි අපිට මතකයි..එදා විවේචනය කල කට්ටිය අද ඒවායින් පල ප්‍රයෝජන ලබනවා වගේ අනාගතයේදී මේ බනින අයත් මේවයින් පල ප්‍රයෝජන හදපු අයටත් වඩා ගනීවි.පාට කන්නාඩි දැක්මවල් වෙනස් කරන්න යනවට වඩා තමන්ගේ අවංක අදහස දාල සතුටක් ලබන්න උත්සහ ගන්න එක වැදගත්... (ස)

:       0       0

සුනෙත් Monday, 28 October 2013 06:26 PM

මේක චීනෙන් දීපු ණය ආධාරයක් නේද?අපි ගෙවන්න ඕනෑ ණය වාරිකය පමණි. ඔක්කොම සල්ලි චීනෙට දෙනවා නම් ණයක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

කමල්ජිත් Monday, 28 October 2013 06:31 PM

කලින් පාරේ ගිය කෙනෙක් කවදාවත් මේ පාරට බනින්නේ නැතිවෙයි. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 28 October 2013 06:37 PM

සුනෙත්ගේ අදහස හරි. මේක ණයක් විදිහට ගෙවන්න තියෙන්නේ. කිසිම පදනමක් නැතුව එක එක අය කියන කට කතා වලට මිනිස්සු නොමග යනවා. (නි)

:       0       0

මාගරී Tuesday, 29 October 2013 01:36 PM

සමහරු කියනවා මේකේ අයකරන ගාන වැඩියි කියලා. එහෙත් මෙච්චර ආදායමක් ලැබීම තුලින් පේන්නේ සෑහෙන වාහන තොගයක් මේ පාරේ යනවා කියලා. (නි)

:       0       0

සේනාදීර Monday, 28 October 2013 06:39 PM

සමහරු හිතේ අමාරුවට එක එක කතා කියනවා. මේවා ණයක් අරන් හරි කෙරෙන්න ඕනෑ වැඩ. (නි)

:       0       0

සනත් Monday, 28 October 2013 06:40 PM

ඔච්චරම අාදායමක් එනවා නම් පාර හදන්න ගත් ණය මුදල ඒකෙන්ම ගෙවන්න පුළුවන්. එතකොට රටේ අනෙක් සාමාන්‍ය ජනතාවට බරක් නැහැනේ (නි)

:       0       0

නිර්මල Tuesday, 29 October 2013 06:29 AM

ණය ආධාර ක්‍රමයෙත් අලුත් විදියකට තමයි චීනය මේක දීලා තියෙන්නෙ.අර කොළඹ වරාය මේ ළඟදි හැදුවා වගේ.වරායෙ අවුරුදු 45කට එන සම්පූර්ණ ආදායමෙන් 90%ක් යන්නෙ චීනෙට.මේකෙත් ඒ වගේ තමයි.අපිට තිබෙන එකම සැපත රුපියල් 300ක් හරි ගෙවලා යන්න පාරක් හැදිච්ච එකයි. (නි)

:       0       0

මාධවී Tuesday, 29 October 2013 06:33 AM

ගිය වියදම උපයාගත් පසු සාධාරන ගණනක් අයක‍ළොත් නරකද?සංවර්ධිත රටවල අයකරන්නේ ඉතාම සුළු මුදලක්. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 28 October 2013 06:46 PM

කලණ ගේ කතාව හරි. මේක පොඩි දුරක්. ගොඩක් මුදල් අය කරන එක අසාධාරණයි (නි)

:       0       0

ප්‍රසන්න Monday, 28 October 2013 06:58 PM

අවශ්‍යතාවය තියන කෙනෙක්ට මේ පාරේ යන්න පුළුවන්.එකට පක්ෂය බලන්නෙත් නෑ ජාතිය බලන්තෙත් නෑ ,අගම බලන්නෙත් නේ. (දිල්)

:       0       0

ජෙරාඩ් Tuesday, 29 October 2013 06:57 AM

බුද්ධික, ඔයාගේ අදහසුත් අර අපේ රට කන අන්තවාදී අයගේ වගේම තමා... (නි)

:       0       0

ගාමිණී Tuesday, 29 October 2013 07:38 AM

මැද පෙරදිග ඔය ඕන තරම් අදිවේගී මාර්ග තියෙන්නේ කිලෝ මීටර් 500,800,1000.සමහර ඒවා ඊටත් වැඩයි නමුත් කිසිම මුදලක් අය කරන්නේ නැහැ නිකන් යන්න පලුවන් !! ඒ වගේ ලොකු පාරවල් හදල වීවෘත කරන්න පාලකයෝ එන්නේ නැහැ. කොන්ත්‍රාත් සමාගමේ කම්කරුවෝ පාර ඇරලා සාමාන්‍ය විදියට යන්නකියනවා. ලංකාවේ වීවෘරත කරන දවසටත් කෝටී ගානක් විනාස කරනවා ඉතින් ණයබර කොහොමද ඉවර කරන්නේ ජනතාවට සහන දීම රජයේ වගකීමක් මේ නාස්ති කරන මුදල් රටේ අද්‍යාපනය වෙනුවෙන් වැය කරානම් මොකද ? (නදී)

:       0       0

ලසන්ත Tuesday, 29 October 2013 07:46 AM

දැන් වෙන්නේ රටම නය වෙන එක විතරයි. මසකට ගෙවන පොලිය විතරක් කෝටී 97000ක් සැම පුද්ගලයෙක්ම ලක්ෂ 32ක් නයයි.බඩු මිල කිසිම පාලනයක් නැහැ. දවසින් දවස හැමදෙයක්ම ගනන් යනවා. රටේ කිසිම නිෂ්පාදනයක් නැහැ හැමදේම විකුණගෙන කෑම තමයි සිදුවෙන්නේ රටට ගිය කලක් ? (නදී)

:       0       0

දිලංක Tuesday, 29 October 2013 07:47 AM

අනේ ඉතිං පවට පිං දෙන්න බැහැ කියලා කියන්නේ ඕකට තමා. මම නම් ඔය කිසිම අධිවේගි මාර්ගයක යන්නේ නැහැ. මොකද අපි ඕනෑතරම් ඔය පාරවල ගිහින් තියෙනවා. අනික මම දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. ඒවයේ වටිනාකම දන්නේ මම විතරක් නිසා (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 28 October 2013 07:21 PM

වැඩේ ඉතාමත් හොඳා එත් ගැන නම් අදහ ගන්න බැහැ. (දිල්)

:       0       0

නිරෝසන් Tuesday, 29 October 2013 08:08 AM

දැන් වෙන්නේ සංදර්සන සංවර්දනයක් ජනතාව මුලා කරලා කොමිස් ගහනවා කටුනායක පාරේ 1කිලෝ මීටරයක් හදන්න කෝටි 250ක් ගිහින්. බරපතල විදියට මුදල් ගසා කනවා ඔතන කියන සංවර්දනයක් නැහැ පාලකයන්ගේ සාක්කුවට සල්ලි යනවා හොදට.(නදී)

:       0       0

කුමාර Tuesday, 29 October 2013 08:16 AM

1994 රේ එක පුරවැසියෙක් රුපියල් 92000ක් ණයවෙලා හිටිය එත් දැන් හිතාගන්න බැරි විදියට වැඩි වෙලා මෙවන් නයබරක් කොහොමද ඔඅසවාගෙන ඉන්නේ ජනතාව කබලෙන් ලිපට. (නදී)

:       0       0

කීර්ති Monday, 28 October 2013 07:39 PM

මාගරි, ඔයා දුන්නේ නියම පිළිතුරක්..... (නි)

:       0       0

සනා Tuesday, 29 October 2013 08:17 AM

ඒ කියන්නේ රුියල් 2685/= වාහනයකට ගෙවන්න වෙනවද? (නදී)

:       0       0

විමලා Tuesday, 29 October 2013 08:18 AM

චින්තනයෙන් කාටද හරි ගියේ .(නදී)

:       0       0

බණ්ඩා Monday, 28 October 2013 07:50 PM

වැඩේ ගොඩක් හොදයි.ගාන පොඩ්ඩක් අඩු වුණා නම් තවත් හොදයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 29 October 2013 08:26 AM

මෙහි අදහස් දුටුවහම පුදුම හිතෙනවා.බොහෝ දෙනෙක් කතා කරන්නේ ණය ගැන.පොලිය ගැන. ඔය කවුරුත් හිතුවද පරණ පාරේ ගියාම තිබුණ තදබදය නිසා නාස්ති කරන කාලය, වාතාශ්‍රයට මුසුවන නරක මනුස්ස ජීවිතයට නුසුදුසු වාතය පිළිබද ,නාස්ති කරන ඉන්ධන නිසා පිටට ඇදීයන ධනස්කන්දය ගැන, හදිසි රෝගියෙක් රෝහලක් කරා ගෙනයාමේදී වන ප්‍රමාදය නිසා රටට නැතිවන ජීවිත ගැන? (නි)

:       0       0

අකිල Monday, 28 October 2013 07:55 PM

මේ මාර්ගයේ අදායම ලැබෙන්නේ ලංකාවට. ලකාවෙන් කරන්නේ ණය වාරිකය ගෙවීමයි. ඔක්කොම සල්ලි චීනෙට යන්නේ නැහැ. (නි)

:       0       0

අනුර Tuesday, 29 October 2013 08:30 AM

ලසන්ත, ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි වලින් මේවා කරන්න පුළුවන්නේ (නි)

:       0       0

අජිත් Tuesday, 29 October 2013 08:33 AM

ඔය කතාවලට සතුටු වෙන්න අපි කොන්ඩය බැඳපු චීන්නු නොවෙයිනේ? (නි)

:       0       0

අනුර Tuesday, 29 October 2013 08:34 AM

මගේ අදහස පරණ පාරෙන් ගිහින් තෙල් පුච්චාගන්නවට වඩා ඉතා ඉක්මනින් අධිවේගී මාර්ගයේ ගොස් තමන්ගේ කාලයත් වටිනා තෙල් ටිකත් ඉතුරු කරගන්න කියලායි. ඒ ඉතුරු කරගන්නා තෙල් ටික බලද්දී ඔය ගාන මොකද්ද? මෙම අදහස හරි (නි)

:       0       0

අනුර Tuesday, 29 October 2013 08:38 AM

දිලංක, කුහකයෙක් වෙන්න එපා (නි)

:       0       0

ආරියසේන Monday, 28 October 2013 08:17 PM

අපේ රටේ මහා මාර්ග පද්ධතිය සහ රට සංවර්ධනයට ආධාර ලබා දෙන චීන ජන රජයට සහ ශ්‍රී ලංකාවකට ජය වේවා! (නි)

:       0       0

හර්ෂ Tuesday, 29 October 2013 09:41 AM

හොදයි සල්ලිකරයින්ට. පව් අසරණ අහිංසක මිනිස්සුන්ගේ පිටෙත් මේ බර නොදැනීම හරි වැටෙන එක ගැන දුකයි. බලමු බලමු ලංකාවේ අාශ්චර්යනේ (නි)

:       0       0

බොනී Monday, 28 October 2013 08:58 PM

මගේ රට පෞඪ ඉතිහාසයක් තිබෙන ශ්‍රේෂ්ඨ රටක්. (නි)

:       0       0

ද සිල්වා බෙරලි Tuesday, 29 October 2013 03:20 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අය කරන්නේ 100 km සඳහාම රුපියල් 400, මේකේ 29km සඳහා රුපියල් 300 අය කිරීම අසාධාරණයි. රුපියල් 150 අය කරා නම් සාධාරණයි. ඉතාලියේත් අධිවේගී මාර්ගවල දුරට සාපේක්ෂව අය කරන මුදල මෙයට වඩා අඩුයි. (ස)

:       0       0

විරාජ් කාලිංග Monday, 28 October 2013 09:21 PM

කලනගේ අදහස හරියටම හරි,පාරේ ඇද කුද කියනවා නෙමෙයි. පාර හදපු එක හොද දෙයක්,අයකරන ගාණ වැඩියි (නි)

:       0       0

වජිර Monday, 28 October 2013 09:26 PM

ඇත්තටම ගණන වැඩියි,අසාධාරණයි (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 29 October 2013 03:24 PM

මාසෙට රු 20, 000 ක් 18, 000 ගන්න රජයේ සේවකයෙක් ඔය පාරේ වැඩට ගියොත් කොහොම හිටීද? මාසේ අන්තිමට හුලං තමයි. (ස)

:       0       0

ඉන්දික Monday, 28 October 2013 09:29 PM

ලංකාවේ මිනිසුන්ගේ ගතිය තමයි හැම දෙයක්ම දෙස පාට කණ්ණාඩි වලින් බැලීම හා අඩු පාඩු සෙවීම. මෙහෙවූ මිනිසුන් ඉන්න රටකට දියුණුවක් නම් කොයින්ද? හොඳ දේ කවුරු කළත් හොඳයි. (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 29 October 2013 10:03 AM

මගේ ජීවිතෙන් පැය දාස් ගණනක් කොළඹ කටුනායක මාර්ගයේ ගෙවී ඇත.මන්ද මා සතියකට දින පහක් නොකඩවා අවරුදු විස්සක් මගේ වාහනයකින් මෙම මාර්ගයේ ගමන් කර ඇති හෙයිනි.මෙම මාර්ගය නිසා ඉතිරවන කාලය සහ ඉන්ධන වල වටිනාකම මුදලින් මිල කළ නොහැක (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 29 October 2013 10:04 AM

අධිවේගී මාර්ග වල ගමන් කරන රථ වල කාර්මික තත්ත්ව සහතික ලංකාවේ තිබෙනවාද? යම්හෙයකින් කාර්මික දෝෂයකින් වාහනයක් නැවතුනොත් රිය ගැටුම් පෙළක් සිදු වෙන නිසා එය අන්තරාකාරී තත්වයක්. (නි)

:       0       0

ආසිරි Tuesday, 29 October 2013 10:10 AM

ඇත්තටම සතුටුයි ...සුබ අනාගතයක් .... (ස)

:       0       0

ශාන්තලාල් Monday, 28 October 2013 09:52 PM

ඉක්මණට ණය ටික ගෙවන්න බලමු (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 29 October 2013 10:11 AM

චින්තනයෙන් යුද්ධය දිනුවා, බිය නැති කලා, සංවර්ධනයත් මේ විදියට සිදු වෙනවා!! අනේ විමලෝ !! පෙන්නේ නැත්තේ කණ්ණාඩියේ පාට වෙනස් හින්ද නේද ? (ස)

:       0       0

නිෂානි Tuesday, 29 October 2013 10:13 AM

ආදායම චීනෙට වුනාට අන්තිමට පාර හම්බෙන්නේ අපේ රටට. අනික ඒකේ වාසිය බුක්ති විඳින්නෙත් අපේ රටේ ජනතාව. (ස)

:       0       0

චන්දි Monday, 28 October 2013 10:05 PM

ලොකු දෙයක්. කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4228 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහරගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 14 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 16 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 45 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 81 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site