(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ලවූහ.
පසුගිය වසරේ පැවැති අරගලයේදී අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගයත් ඔහුගේ ආරක්ෂක නිළධාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ නමින් බිසෝබණ්ඩාර පාසල් මාර්ගයත් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමි විය.
ඒ අනුව මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගය අමරකීර්ති අතුකෝල නමින් ද බිසෝබණ්ඩාර මාර්ගය ජයන්ත ගුණවර්ධන නමින් නම් කර ඊට අදාල පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු දේශපාලඥයෝ පිරිසක් එක් වූහ.
අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය ඒල්ල කර සිටියහ.
ඒහිදී ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ ප්‍රදේශයේ අබලන් මාර්ග කොතෙකුත් තිබියදී සුදු ඇදගෙනවිත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම්වලින් විවෘත කිරීම ලජ්ජාසහගත බවයි.
තවද අලි මිනිස් ගැටුම්වලින් දිනෙන්දින මිනිස් ජීවිත අහිමිවන කාලෙක ජනජීවිතයට බාදා නොවන ලෙස අලි ගැටළුවලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට උසුළුවිසිලු නොකරය යන්නැයි ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට පැවැසූහ.
මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වය ඇති විය. පැය භාගයක් පමණ පැවැති මෙම විරෝධයෙන් පසු ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගියහ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාරකට නමක් දාන්න ගිය ඇමැති සිරිපාලට විරෝධයක්
namal Thursday, 03 August 2023 02:42 PM
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
SAMANThursday, 03 August 2023 05:00 PM
මේ දේශපාලකයින්ට/ ඇමැති සිරිපාලට පානීය ජලය ඇත. ඡන්දය ලබාදුන් පළාත්වල මිනිස්සුන්ට පානීය ජලය නෑ. අලි, මිනිස් ගැටුම්වලින් දිනෙන්දින මිනිස් ජීවිත අහිමි වෙනවා. නමුත් ඒවා ගැන බලන්න කවුරුත් නෑ. අපි නැවත සුපුරුදු පරිදි උතුරු මැද පළාතේ ඉන්න දේශපාලකයින් නැවත පත්කර ගනිමු...
ගමේ එකාලා Thursday, 03 August 2023 02:54 PM
පාරට නම දැම්මම හරි.ගමට හෙන ගැහුවත් කමක් නැහැ.
Nimal Thursday, 03 August 2023 02:56 PM
මේගොල්ලන්ට කරන්න පුළුවන් මේ වගේ ගොන් වැඩ විතරයි .අර්ථවත් වැඩක් කරන්න බැහැ
ravin Thursday, 03 August 2023 03:41 PM
දේශපාලකයෝ හැමදාම කලේ අපිව ගොනාට ඇන්දීම මිස වෙන කිසිවක් නොවේ.නිදහසට පෙර හා පසු කාල පරිච්චේද ගැන පොඩ්ඩක් විමසිලිමත්වූවොත් මෙය වඩාත්ම හොඳට වැටහේවි
රට කන යක්කු Thursday, 03 August 2023 04:03 PM
මැදිරිගිරිය කවුඩුලු වැව මාර්ගය කිව්වම එම මාර්ගයේ යන්න පුළුවන් කොහේටද කියලා පැටතින් ගමට පැමිණෙන කෙනෙකුට පැහැදිලි වෙනවා ඒත් මිනිහෙකුගේ හරි ගැහැනියකගේ නැත්නම් හරකෙකුගේ නමක් යෙදීමෙන් එය නොමැති වෙනවා ඇත්තටම මාර්ගයක් නම් කරනවා නම් තමන්ගෙ පුද්ගලික නැත්නම් අම්මගෙ අප්පගෙ බූදලයකින් සකස්කල මාර්ගයක් එහෙම නම් කලාට වරදක් නැහැ ජනතාව විරෝධතා දැක්වීම සාධාරණයි
අරවින්ද මොනරවිල Thursday, 03 August 2023 04:10 PM
තවම මෙවුන්ගේ අවස්ථාවාදි කාබාසිනියා දේශපාලනය නතර කර ගන්න බැරි උනා. එයා මැරුණේ රට වෙනුවෙන් සටන් කරලා නොවේ, රට වැනසුව රාජපක්ෂලා වෙනුවන් පෙනී සිටලා අරගලය මර්ධනය කරන්න දැරුව නීච නිදිත උත්සහයට ලැබුණු ප්රතිපහරයේ ප්‍රතිථලයක් විදිහටයි. ඒ නිසා එයා වෙනුවෙන් සිහිවටන සැමරුම් උත්සව පොහොට්ටු මූලථානයට පමණක් සීමාකර ගත යුතුයි.
Laksitha from France Thursday, 03 August 2023 11:24 PM
මම ඹබ සමග එකඟයි.
NuwanSunday, 06 August 2023 03:11 PM
ගෝත්‍රික ගැටුමකින් මියගිය අයට නාමපූවරු අනවශ්‍යයි.
සෙනෙවිරත්න Thursday, 03 August 2023 06:08 PM
ඔය පුවරු ගලවනඑක තමයි සුවහසක් දනන්ගේ ප්‍රාර්ථනය. කා අතින්හෝ එය ඉටුවේවා! අරගලය කලේ ඔය වගේ පුහු වැඩ තවදුරටත් නොකරන්න. මේ වගේ දේවල් කරල අරගලයට සමච්චල් කරල ඊලඟ අරගලයෙදි මුහුදට පනින්න තමයි වෙන්නෙ ඔය නාකි සෙට් එකටත් පොහොට්ටු බයිසන්ලටත්.
සෙනෙවිරත්න Thursday, 03 August 2023 06:13 PM
විසුරුවා හැර ඇති..., ප්‍රාදේශීය සභාවක් කොහොමද මෙහෙම තීරණ ගන්නේ? ඕවා හිටපු හොර නඩේටම දෙන්න හදපු අර කපුටු ගෝලයගේ යෝජනාව අහකට දැම්මා නේද? ඒක නිසා ඔය බෝඩ් නීත්‍යානුකූල නැහැ. ඒවායේ තාර ගෑවාට නඩු දාන්න බැහැ...
බණ්ඩාර Thursday, 03 August 2023 06:44 PM
දැන් කියයිද දන්නැහැ ගමේ මිනිස්සුත් අරගලකාරයින් කියලා...
Anil Thursday, 03 August 2023 08:04 PM
මුන්දැලාට පුළුවන් මෙහෙම විහිළු වැඩ තමයි...
de silva Thursday, 03 August 2023 08:54 PM
අපේ බත්පතෙන් සූරාකන සහල් මුදලාලිලා...
සෞභාග්‍යයේ දැක්ම Thursday, 03 August 2023 08:58 PM
මාර්ගයේ නම පුද්ගලික නමක් කියමුකෝ... එහෙම නම් ජීවත්ව සිටින හා උපදින්නට සිටින සැමටම ගෙවීමට ණයට අරගෙන හදපු අධිවේගී මාර්ගයක්, මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ගය කිව්වොත් ඒක ගමන් පහසුව දෙන්නේ කොතැනටද කියලා හිතන්න බැහැ වගේ තමයි... ඔය කරපු මෝඩ වැඩෙත් ඇත්තටම පුද්ගලික නම් යෙදීම පුද්ගලයා හිටපු ලේන් එකකට නැත්නම් ගෙවල් කීපයක් සඳහා තියෙන අතුරු මාර්ග සඳහා ගැලපුණත් එම මාර්ගයේ එම ගමෙන් බැහැර අයත් ගමන් කරනවා නම් පුද්ගලික නම් යෙදීම ඉතාමත් අශෝභනයි...
Rana Thursday, 03 August 2023 11:14 PM
jvp කාරයින් සංවිධානය කරලා වැඩ අවුල් කරනවා. නීතිය හා සාමය ස්ථාපිත කළ යුතුයි...!
රුචිර Friday, 04 August 2023 12:24 AM
පාරවල් වලට නම් නැති... නිසා දැන් මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ? මේවා තමයි රටේ තියෙන ලොකුම ප්‍රශ්න... අනේ මෙහෙම පාලකයෝ...!
LGP. JATHUNARACHCHI. Friday, 04 August 2023 06:16 AM
ප්‍රමාණවත් නැහැ.
Rata Perata Friday, 04 August 2023 11:53 AM
රට කාපු එකඑක දේශපාලුවන්ගේ නම්, දාලා තියෙන සියලුම පොදු දේපළවල නම් අයින් කළ යුතුයි. මේවා මොවුන්ගේ හීනමානයට කරන වැඩ...