IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පෝරකේට නියම වූ දුමින්ද මාංචු පිටින් වැලිකඩට: භාරත නඩුවේ පහක් ගස්

මරණිය දණ්ඩයණයට නියම වූ හිටපු පාර්පලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්නාව ශ්‍රිලනිප සංවිධායක වූ දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙක් අළුත්කඩේ උසාවියේ සිට බන්ධනාගාර රියෙන් වැලිකඩ බන්ධනාගාරයට දැඩි ආරක්ෂාව මැද්දේ ගෙන යනු ලැබූහ.

පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුවත් එක් විත්තිකරුවෙක් අධිකරණය මඟ හැර සිටියේය.

ප්‍රියන්ත ජානක බණ්ඩාර අධිකරණයට පැමිණ සිටියේ නැත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය  කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව වසර දෙක හමාරක් තිස්සේ විභාග විය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන්ගේ  තීරණය වූයේ දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකු වැරදිකරුවන් බවයි.

සභාපති විනිසුරු  ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කළ යුතු බව ප්‍රකාශ කළේය.

නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ  සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවෝය.

චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව විනිෂ්චය මණ්ඩලයේ බහුතර තීන්දුව විය. මනුෂ්‍ය ඝාතන චෝදනාවට එම පස් දෙනාට මරණ දඬුවම නියම කළ අධිකරණය අයුතු ජන රාශිය, ගිනි අවි භාවිතය ඇතුළු චෝදනාවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කළේය.

මෙම තීන්දුට එරෙහිව කියමින් ඇපෑලක් ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥයා කීවේය.

විත්තිකරුවන්ගේ ඉල්ලීම අනුව ජූරි සභාවක් නැතිව නඩුව විභාග විය.

(ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)

IMG_5008 IMG_5141 IMG_5155 IMG_5175

IMG_5180 IMG_5203 IMG_5217

IMG_5215 IMG_5175 IMG_5141

 

 

 

(වෙඩි තැබීම වූ දා ඡායාරූප)

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

 

 



අදහස් (0)

පෝරකේට නියම වූ දුමින්ද මාංචු පිටින් වැලිකඩට: භාරත නඩුවේ පහක් ගස්

සුජීව Thursday, 08 September 2016 07:51 AM

සුනිල් ගීකියනගේ, ඔබේ අදහස මා අනුමත කරනවා. ඇප පිට එළියට ඇවිල්ලා අවුරුදු ගානක් ඇද, ඇද ඉඳීවි. "බලන් කඩතුරා හැර දෑසේ" කිව්වා වාගේ බලාගෙනම ඉන්න තියෙන්නේ. (නි)

:       0       0

සේන Thursday, 08 September 2016 07:51 AM

මේ අදහස් දාන බොහේ දෙනෙකුගේ මොළේ විකල්වෙලාද? යහපාලනය නීතිය කරනහැටි ඔයාලට හොඳද? ටිකක් ඇස් ඇරලා බලන්න (නි)

:       0       0

දිලිප් Friday, 09 September 2016 04:44 AM

නිතිය ක්‍රියාත්මක වන බව ඔප්පු වීම තුළ නිතිය පිළිබද ජන විශ්වාසය වර්ධනයටත් අනාගතයේදී නීති විරෝධී කටයුතු වලින් විතැන් වීමටත් හේතු වනු ඇත. නීති ප්‍රකාරව ඇපෑලක් ඉදිරිපත් කිරීම මගින් නීතියට අනුව ඉදිරි නඩු කටයුතු පවත්වා ගත හැකි වුවත්, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නිතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ලක්වාසී ජනතාව විමසිල්ලෙන් බල සිටිනු බවනම් නොකිවයුතු මනාය.(ම)

:       0       0

මනූෂ Thursday, 08 September 2016 07:58 AM

දුමින්ද ගැන දැන්නම් දුකත් හිතෙනවා (නි)

:       0       0

දුමින්ද Thursday, 08 September 2016 07:53 AM

නීතිය අන්ධ නැත (නි)

:       0       0

ටෙනිසන් Thursday, 08 September 2016 08:00 AM

එක විනිසුරුවරයෙක් මොකද වෙනස් මතයක් දැරුවේ? (නි)

:       0       0

කොස්වත්ත Thursday, 08 September 2016 07:54 AM

මේක යහපාලන ආණ්ඩුවේ වරදක්. මොකද මහින්ද හිටියා නම් මේක වෙන්නේ නැහැ (නි)

:       0       0

චලනි තිරංගා Friday, 09 September 2016 05:18 AM

බලන්නකෝ අරගොල්ලො කව්රුවත් දැන්නැහැ මෙතන මොකද ඒ ? හරිම පුදුමයි දුකේදී ඉන්න ඕනෙනේ එකට (බ)

:       0       0

රූපවතී Thursday, 08 September 2016 08:05 AM

මොන බොරුද අනේ! බලන්න අද රෑම මෙයාව සිංගප්පුරු ඉස්පිරිතාලෙට ගෙනියන්නේ නැද්ද කියලා. එ්ක තමයි දේශපාලනය කරන්නේ මිනිසුන් තියෙන දේපල සතේ පවා වියදම් කරමින. ඔවුන් දන්නවා නැතිවුණුදේට වඩා පරම්පරා 7 කට ඇතිවෙන්න හම්බකරගන්න පුළුවන් බව. ඔන්න බලන්න මෙයා හිරගෙටද, ගෙවන ප්‍රභූ කුටියටද යන්නේ කියලා. මම ලංකාවේ ජනාධිපති නම් එල්ලුම් ගහට සුභ නැකතින් අත්සන් කරන්නේ අදයි (නි)

:       0       0

සහන Thursday, 08 September 2016 07:59 AM

දැන් අපේ රාජපක්ෂලා ටිකක් සැළෙන්න ඇති. මොකද නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්. දැන් ඔය කොයි අයත් බයවෙලා ඇත්තේ. හොරකම් කරපුවා ගැන පසුතැවෙනවා ඇති (නි)

:       0       0

යමුනා Thursday, 08 September 2016 07:59 AM

ඉතා සතුටුයි. මහින්දගේ ආණ්ඩුව තිබුනානම් මෙයා නිදහස්. මේ රජය යටතේ ජනතාව නිදහස්. මෙම ක්‍රමය ඉදිරියට ගෙනයාම මේ රජයට බාරයි. (නි)

:       0       0

නිශ්ශංක Friday, 09 September 2016 05:32 AM

භාරත ලක්ෂ්මන් යනු කවුරු කතා කළත් නොකළත් වැරදිකළ අයෙකි. දුමින්ද සිල්වාද එසේය. අපේ ගොඩක් පිරිසට එ්ක අමතකය. තමන් කළ ක්‍රියාකරකම් නිසා ඔහු බල්ලෙක් සේ මැරුම් කෑවේය. එය නීතියට පිටු පා සිදුවුවකි. දුමින්ද සිල්වාට නිතියෙන් දඩුවම් ලැබුනේය. දඩුවම් ලැබුණු ක්‍රමය වෙනස් වුවත් දෙදෙනාටම දඩුවම්ලැබුනේය. මේක යහපාලනයේ ප්‍රෝඩාවක් නොවුනොත් මිට වඩා ගොඩක් හොදය. (බ)

:       0       0

සුසිල් Sunday, 11 September 2016 03:21 AM

අලුත් ව්‍යවස්ථාව හදන අය කරුණකරලා වගන්තියක් දාන්න මරණ දඬුවම ලැබුනු අයට, රටේ නායකයාට සමාව දීමට නොහැකිවන ලෙසට (නි)

:       0       0

චන්දු‍ Thursday, 08 September 2016 07:59 AM

හිරුණිකාගේ උත්සාහය මල්ඵල ගැන්වුණා. තම පියාගේ මරණය සිදුකර බේරී සිටීමට උත්සාහ කළ අපරාධකාරයන්ට නිසි දඩුවම් ලැබුනා. (නි)

:       0       0

චන්න Thursday, 08 September 2016 08:09 AM

පොඩ්ඩක් කට්ටියම ඔලුව පාවිච්චි කරලා බලන්න ඔය සිද්ධියට යටින් දැන් රටේ වෙන්නේ මොකද්ද කියල. බුද්ධියෙන් වැඩ කරන්න. රැල්ලට අහුවෙන්න එපා. (නි)

:       0       0

ගයාන් Friday, 09 September 2016 05:34 AM

රටේ නීතිය නම් ක්‍රියාත්මක වෙනවා ඇති ? නමුත් රට ඇමරිකාවට හා දෙමල අයට පාවාදීම ගැන කණගාටු යි . සිංහල මෝඩයා දඟලන්නේ 2020 වන තුරු පමණය (බ)

:       0       0

ලංකා Thursday, 08 September 2016 08:04 AM

දැන් දුමින්ද ඉන්නේ හිරේද? ඉස්පිරිතාලෙද? (නි)

:       0       0

පුෂ්පකුමාර Thursday, 08 September 2016 08:05 AM

"මට මතක නැහැ" කතා දැන් ඔට්ටු නැහැ වගෙයි. ළඟදීම තාජුඩීන්ගේ මිනීමරුවන්ටත් ඉක්මනින්ම අධිකරණය වෙත පියනගන්න අවස්ථාව උදාවෙයි. (නි)

:       0       0

සුරේකා Thursday, 08 September 2016 08:06 AM

මටත් අදහාගන්න බැහැ මේක (නි)

:       0       0

ලසන්ත Thursday, 08 September 2016 08:12 AM

මෙහි අදහස් දක්වා ඇති අයගෙන් 99% ක්ම මෙම තීන්දුව ගැන සතුටුවන බව හා එකඟවන බව පෙනේ. මෙවන් තීරණයක් දීම ගැන ඔවුන් පුදුමයට පත්වන බව හා මෙවන් තීරණයක් දෙනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවද පැවසේ. වඩාත්ම වැදගත් වන්නේ පෙර පාලනයන් මඟින් අප රටේ නීතිය ක්‍රියත්මකවීම හා අධිකරණ තීන්දු කෙරෙහි මහජනතාව තුළ ඇතිකර තිබෙන ආකල්පයයි. (නි)

:       0       0

නිවන්තක Thursday, 08 September 2016 08:14 AM

නියමයි. මේක තමයි අපේ යහපාලනයේ අරුමය (නි)

:       0       0

ලසන්ත Saturday, 10 September 2016 08:38 AM

හර්ෂලගේ නිර්භීත ජනාධිපති සිටියදී පැන පැන හිටිය අය, අද කරපු වැරදි වලට දඬුවම් ලබද්දී රිදෙන අය වැඩියි. (නි)

:       0       0

ජෝර්ජ් Thursday, 08 September 2016 08:09 AM

හොඳයි. ජයවේවා! හැමදේම හොඳින් සිදුවේවි (නි)

:       0       0

රොමේෂ් Thursday, 08 September 2016 08:12 AM

"මතකය ඇසුරින් සිහියට ගන්න නිතරම වෙහෙසුනෙමි, මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි" නඩු තීන්දුව දීලා තියෙනවා මතකය අලුත් වෙන්නම. මේ අය සැකකාර ලැයිස්තුවට අැතුලුකළේ පොලිසියවත්, නීතිපතිවත් නෙමෙයි. මේ රටේ ජනතාව. හිටපු පාලකයෝ එයාලව හුරතල් කර කර ආරක්ෂා කළබවත් අමතක නැහැ. දැන් මේගොල්ලෝ අභියාචනයක් ඉදිරිපත් කරයි අනිවාර්යෙන්ම. සියල්ල කෙසේ සිදුවුවත්, ජනතාව තවම අවදියෙන්. (නි)

:       0       0

කමල් Thursday, 08 September 2016 08:20 AM

මේක මහින්ද මහත්තයට එරෙහි කුමන්ත්‍රණයක් කියලා කියන්න නැද්ද කෙනෙක්? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 08 September 2016 08:23 AM

සමහරු කළ අපරාධ ගණන ඔවුන්වත් දන්නේ නැතුව ඇති (නි)

:       0       0

රොකී‍ Thursday, 08 September 2016 08:20 AM

කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැහැ. දෙතිස් වද දී මරාදැමිය යුතුයි. මෙබඳු ජන හතුරන්ගෙන් සමාජයට තවදුරටත් හානිවීමට ඉඩ තැබීම නුසුදුසුයි. (නි)

:       0       0

තිලක් Thursday, 08 September 2016 02:55 PM

සෝමදාස.ඔබගේ අදහස 100% කට වඩා සත්‍යයි.(හේ)

:       0       0

පාලිත Thursday, 08 September 2016 08:30 AM

බොහොම නිවැරදි තීන්දුවක්. රටේ නීතිය අකුරටම ඉටුකරන්න නම්, මොවුන්ව අනිවාර්යෙන් එල්ලා මැරිය යුතුයි. මොවුන් ජීවත්වෙලා හිටියොත් ඝාතනය කරන්නේ මිනිස් ජීවිත පමණක් නොවෙයි. මේ රටේ හැමදෙයක්ම. (නි)

:       0       0

සුදත් Thursday, 08 September 2016 08:24 AM

රටක නීතිය සියල්ලන්ටම පොදු විය යුතුය. සියලු දෙනාට සමසේ නීතිය ක්‍රියාත්මක වියයුතුය. නමුත් අප රටේ නීතිය ක්‍රියාත්මකවන්නේ පාලකයන්ට රුචි අයුරිනි. පාලක පක්ෂයට කඩේ යන්නේ නම් සියල්ලන්ම නිදහස් වේ. සිරගත වියයුතු බොහෝ පිරිස් පාලකයන්ගේ පිහිටින් නිදැල්ලේය. මේ අයුරින් සියල්ලන්ටම පොදුවේ නීතිය ක්‍රියාත්මක වියයුතුය. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 September 2016 08:33 AM

ශ්‍රී ලංකාවේ නීතියේ උත්තරීතර භාවයට මාගේ ගෞරවණිය ප්‍රණාමය පුද කරමි.(ම)

:       0       0

තිලක් Thursday, 08 September 2016 03:04 PM

නීතිය දැන් හරියට ක්‍රියාත්මක වෙනවා..(හේ)

:       0       0

නිශාන්ත Thursday, 08 September 2016 03:17 PM

වැරැද්දට නිසි දඬුවන් ලැබීම හරිම සතුටු කාරණයක් (හේ)

:       0       0

කුමාර Thursday, 08 September 2016 03:17 PM

තව ටික කාලෙකින් එලියට එයි මොනවත් නොවුනු ගානට ඔක්කොම නිති මහජනතාවට විතරයි (හේ)

:       0       0

කුමාර Thursday, 08 September 2016 03:10 PM

තව ටික කාලෙකින් එලියට එයි (හේ)

:       0       0

ගයාන් Thursday, 08 September 2016 08:41 AM

අපගේ සිංහල ජාතිය, බුද්ධාගම හා මගේ ආදරණීය මව්බිම පාවාදෙන්නට වෙරදරන හීන මිනිසුන්ටත් මරණීය දණ්ඩනය දිය යුතුය (නි)

:       0       0

රන්දික Thursday, 08 September 2016 03:24 PM

මේ අයට හරියට සම්මාන ලැබිලා වගේ හිනා වේවි යන්නේ .(හේ)

:       0       0

රවීන්ද්‍ර Thursday, 08 September 2016 08:50 AM

එල්ලුම් ගහ මොවුන්ගෙන් ආරම්භ කරනවා නම් වඩාත් හොඳයි. යහපාලන ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක් (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 08 September 2016 08:43 AM

බැරිවෙලාවත් නීතියෙන් බේරුනත් කර්මය කොයිවෙලාවේ හරි පළදෙනවාමයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 08 September 2016 03:31 PM

කිසිම දෙයක් මතක නැද්ද?(හේ)

:       0       0

රුවන් Thursday, 08 September 2016 03:31 PM

එල්ලුම ගහ ගේන්න දැන්වත්...(හේ)

:       0       0

රොහාන් Thursday, 08 September 2016 08:45 AM

යුක්තියට සාදාරනයට ජයවේවා ! (ම)

:       0       0

අසංග Thursday, 08 September 2016 08:47 AM

ජයවේව! මගේ ජීවිතේ පළමු වතාවට මෙවැනි නඩු තීන්දුවක් දැක්කේ. ඉතුරු ටිකත් බලාපොරොත්තු වෙනවා. (ම).

:       0       0

රන්ජිත් Thursday, 08 September 2016 04:05 PM

රටේ නීතිය ක්‍රියාත්මක වීම සතුටට කරුණක් (හේ)

:       0       0

නිහාල් Friday, 09 September 2016 06:32 AM

ශිරාන් ගුණරත්න තමුන්ගේ වෘත්තියටත් වංචා කරන්න හැදුවා නේද .....පද්මිණි රණවක ....එම්.බී එස් මොරායස් අති විශිෂ්ට ව්නිසුරුවරුන්ය (බ)

:       0       0

කපිල Thursday, 08 September 2016 08:57 AM

මරණ දඬුවම? කොයි වෙලාවේද දුන්නේ? මට මතක නැහැ කිසිදෙයක් (නි)

:       0       0

ධම්ම Thursday, 08 September 2016 04:10 PM

පිරිත් නූල් බැඳි අත්වලට මාංචු වැටිලා.(හේ)

:       0       0

එන්රි Thursday, 08 September 2016 08:55 AM

ඔය කෙනා යහපාලනේ කෙනෙක්නම් මීට වෙනස් වෙයිද? කැමරා වැඩකළේ නැතිවෙන්නත්, සාක්ෂි ප්‍රමාණවත් මදි වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

අරුණ Thursday, 08 September 2016 08:57 AM

යහපාලනය දෝරේ ගලනවා. හැබැයි එක පැත්තකට විතරයි තීන්දු ලැබෙන්නේ. කෝ පාඨලිගේ සීසීටීවී දර්ශන? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 08 September 2016 09:04 AM

යහපාලනයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය! (නි)

:       0       0

කහවලගේ Thursday, 08 September 2016 09:09 AM

හොඳම වැඩේ. දැන් කාලා එන්නකෝ (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 09 September 2016 07:06 AM

තව දින කීපයකින් නිදෙස් කොට නිදහස් සභාපතිගේ තීන්දුව මතකද ? (ම)

:       0       0

චන්දන Thursday, 08 September 2016 05:29 PM

මෙයාලට සෙත් පතල බෝධි පූජා තිබ්බ මතකද කොලොන්නාව පැත්තේ.ඉදිරියටක් තියේවි (ම)

:       0       0

සත්‍යයා Friday, 09 September 2016 11:11 PM

දුමින්ද නිවැරදියි කියා පසුගිය ආණ්ඩුව තීරණය කරලා එයා සිංගප්පුරුවට වෙලා ඉන්නකොට මහජන මුදලින් එයාට පඩි ගෙවන්න තීරණය කළෙත් පාර්ලිමේන්තුවම නේද? එසේ අත උස්සපු අයගෙන් දුමින්දට ගෙවූ පඩි සල්ලි කපාගන්න ඕනෑ ආයෙත් ඔය වගේ වැඩ නොකරන්න. (නි)

:       0       0

පද්මසිරි Thursday, 08 September 2016 05:27 PM

මරණ දඬුවම ලැබුනත් හිරගෙදරදී එළියේ හිටිය ඉන්නවා වගේ රජ සැප තමයි (ම)

:       0       0

සඳරුවන් Thursday, 08 September 2016 09:04 AM

මේවා විභාගවෙන්න පටන්ගත්තේ පසුගිය රජය යටතේ නේද? (නි)

:       0       0

අනුර Friday, 09 September 2016 07:25 AM

කුඩුවල නිර්මාතෘවරු හිටියේ 1977 පසුවය. සිරිකොත නම් බිල්ඩිමේ බිම් මහලේ සාක්ෂි ඇති ආරම්භය එතනය (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 08 September 2016 09:11 AM

මහින්ද මහත්තයා දඬුවම් නොකළ තවත් වරදකරුවෙක් වැරදිකරුවෙකු වූ වගයි. මරාදැමුණු මිනිසුන්ට යුක්තිය ඉටුවුණා. යහපාලනයට ජය වේවා! (නි)

:       0       0

ජනිත් Saturday, 10 September 2016 10:24 AM

නියම වැඩේ වුණේ. හොඳ දඬුවම! (නි)

:       0       0

සංජීව Thursday, 08 September 2016 09:19 AM

ඔක්කොම උඩ පනිනවා. හැබැයි මැරුන කෙනා ගැන කතාවක් නැහැ. දෝණිත් එයාගේ වැඩ පෙන්නුවේ මේ ළඟදි. එ්ක නිසා වැඩිය උඩ පනින්න එපා (නි)

:       0       0

රාමන් Thursday, 08 September 2016 09:27 AM

අපට දුක මේ නීති වෙන අයට නැත්තෙ අැයි කියලා (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 08 September 2016 07:18 PM

ලංකාවේ බොහොමයක් නඩු තීන්දු අපලකින් පසු තීන්දු වෙනස් වෙනවා , එමෙන්ම රජයවල් වෙනස් වුණාමත් තීන්දු වෙනස් වෙනවා , සල්ලි වලට නඩු තීන්දු වෙනස් වන රටක් ලංකාව , දුප්පත් අපිට වගේ නෙමෙයි , සල්ලි කාරයන්ට , දේශපාලකයන්ට වුවමනා විදියට සියල්ල සිදු වන්නේ (ම)

:       0       0

රන්ජිත් Thursday, 08 September 2016 09:26 AM

මෙයා ඇතුළට ගියාට හොඳට සුරසැප විඳීවි. (නි)

:       0       0

චමින්ද කුමාර Thursday, 08 September 2016 09:26 AM

දැන්වත් මතක් වුණාද දන්නේ නැහැ මෙහෙම මිනීමැරුමක් කළා කියලා. තරුණ පරපුරට කළ විනාශයටත් එක්කම ප්‍රතිඵල ලැබිලා තියන එක ගැන සතුටුයි. එ්ත් නීතියේ හිලකින් රිංගයි කියලා සැකයක් තියනවා. (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 08 September 2016 09:37 AM

ලංකාවේ මරණ දඬුවම් ලැබුවත්, කවදාවත් එල්ලා නොමරන නිසා මේ අයට නොබියව සිටිය හැකිය. කලකට පසු ජනාධිපති පොදු සමාවකින් එළියටද එනු ඇත. තවද මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත්කොට මොවුන්ට දිනීමටද ඉඩ තිබේ (නි)

:       0       0

සචිත් Thursday, 08 September 2016 09:32 AM

අැපෑලක් දාලා ලස්සනට නිදහස් වෙයි. එතකන් ඉතින් දේශපාලුවන්ගේ බන්ධනාගාරය ඒ කිවුවේ කොළඹ මහා ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවේ තමා. (නි)

:       0       0

කුමාර Thursday, 08 September 2016 09:37 AM

නීතිය ක්‍රියාත්මක කිරිම පොදු වියයුතුය. (ම)

:       0       0

දිනිදු Thursday, 08 September 2016 09:53 AM

අධිකරණයේ වැඩේ හරියට වෙලා තියෙන්නේ. ඒත් මනුෂ්‍යයෙකුට කරදරයක් වුණාම අපි ඒ ගැන සතුටුවිය යුතුද (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 08 September 2016 09:54 AM

මට නම් අද පුදුම සතුටක් තියෙන්නේ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 08 September 2016 09:54 AM

ලසන්තගේ, තාජුඩීන්ගේ ඝාතන තීන්දුත් ඉක්මන් කරන්න. උසාවිය නිවැරදියි. හැමදාම නත්තල් නැහැ (නි)

:       0       0

අසංග Thursday, 08 September 2016 09:59 AM

මහින්දගේ කාලේ වුණා නම් අසාධාරණයට උසස්වීම්, සාධාරණ අය අද ගෙදර. (නි)

:       0       0

දර්ශන Thursday, 08 September 2016 10:03 AM

බැසිල් වගේ ගහක් ගලක් වගේ ඉන්න මනුස්සයත් උසාවි තීන්දු ඉදිරියේ ලෙඩෙක් වෙනකොට, මොළයේ සැත්කමක් කළ දුමින්ද අසනීප නොවී ඉඳීද? දැන් අසනීපවෙලා රෝහල්ගත වෙයි අැපෑලක් ගන්නකම් (නි)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Thursday, 08 September 2016 10:04 AM

අධිකරණ විනිසුරුවන් ඒකමතිකව තීරණයක් නොගත් නිසා මේ තීන්දුවට අහියෝග කරන්න පුළුවන්. ජූරියක් නොතිබීම අවාසියක්. තව ගොඩක් දේවල් තියනවා (නි)

:       0       0

කරුණාරත්න Thursday, 08 September 2016 10:12 AM

මේ ලැබුණු සාධාරණ තීන්දුව ගැන සතුටුයි (නි)

:       0       0

ප්‍රදිප් Thursday, 08 September 2016 06:40 AM

රටේ නීතිය ක්‍රියාත්මක වීම සතුටට කරුණක් (ම)

:       0       0

හර්ෂ Thursday, 08 September 2016 06:42 AM

දඬුවම් දුන්නට වැඩක් නෑ ක්‍රියාත්මක කරන්න බැරිනම්. නිර්භීත ජනපති කෙනෙක් කවදාහරි පත්වෙනකන් බලන් ඉන්න වෙනවා (බ)

:       0       0

වීරවර්ධන Thursday, 08 September 2016 06:36 AM

හොඳ තීන්දුවක්. අපක්ෂපාතී තීරණයක්. පසුගිය රජයෙන් කොච්චර උත්සහ කළාද මේක යට ගහන්න. (බ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Thursday, 08 September 2016 06:36 AM

දඬුවම් දුන්නට ක්‍රියාත්මක වෙන්නේ කවදද? (බ)

:       0       0

තුසිත සම්පත් Thursday, 08 September 2016 06:37 AM

ඇපිල් එකක් දාල දුමිය ගොඩ යයි. අපි නොදන්නා ලංකාවේ පොලිටික්ස්. (බ)

:       0       0

බුද්ධික Thursday, 08 September 2016 10:24 AM

මේ තීන්දුව ගැන අධිකරණයට ස්තූතියි! (නි)

:       0       0

සරත් උඩුගම Thursday, 08 September 2016 06:44 AM

නීතිය සාධාරණත්වය ඔප්පු කළ ඉතිහාසගත නඩු තීන්දුවක් (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 08 September 2016 06:40 AM

හැමෝම බලන් හිටිය දෙයක්. රටේ නිතිය තියෙනවා කියල සතුටු වෙන්න පුළුවන්. (බ)

:       0       0

චමල් Thursday, 08 September 2016 06:41 AM

මෙන්න රණ විරුවන්ගෙන් පළිගන්නවෝ... ආ වැරදුනා. (බ)

:       0       0

යසපාල Thursday, 08 September 2016 10:26 AM

මුදලට සියල්ල යටවුණ සමාජයක ඉතිහාසගත වන තීන්දුවක් (නි)

:       0       0

බුද්ධික Thursday, 08 September 2016 06:44 AM

ඉතාම සාධාරණ තීන්දුවක්.මේකත් යහපාලනයේ වැඩක් කියා කියාවිද දන්නේ නෑ..මේ රජය නොතිබුණා නම් දුමින්ද නිදහස් (බ).

:       0       0

ඩිලාන් ද සිල්වා Thursday, 08 September 2016 06:52 AM

මෙවන් බලවත් වරදකරුවන්ට දඩුවම් ලැබෙනවා යන්න ඇසිමට සතුටක්. නිති ගරුක සමාජයක් ගොඩ නැගේවා!! (ම)

:       0       0

වසන්ජය Thursday, 08 September 2016 10:33 AM

මේ ප්‍රවෘත්තිය අහලා සතුටක් ඇතිවුණා. පසුව දුකක් ඇතිවුණා. දුක ඇතිවුණේ මරණ දණ්ඩනය නියම කළාට එය ක්‍රියාත්මක නොවන නිසයි (නි)

:       0       0

මනෝජ් Thursday, 08 September 2016 10:46 AM

දුමින්දට වෙඩි තියපු අයට දඬුවම් දෙන්නේ නැද්ද. දෙගොල්ලොම වැරදිකරුවන්. (නි)

:       0       0

රසික Thursday, 08 September 2016 06:53 AM

උසාවියෙන් දඩුවම නියම වුණාට ඒක ලැබෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ (ම)

:       0       0

ඉන්දික Thursday, 08 September 2016 10:44 AM

පක්ෂය මාරු කරලා ආණ්ඩුවට ආවොත් මොනවා වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

බමුණු Thursday, 08 September 2016 06:55 AM

තව බලා ඉන්න වෙනවා. (ම)

:       0       0

අල්විස් Thursday, 08 September 2016 06:56 AM

මෙම මිනීමැරීමට අනුබල දුන් යටිතල පහසු කම් සැපයු අයට මොකද කරන්නේ ඒගැන රටම දනී රටම බලා සිටියි (බ)

:       0       0

සමන්ත Thursday, 08 September 2016 10:48 AM

ඉතා හොඳ නඩු තීන්දුවක්.ඒ අස්සේ එක්කෙනෙක් ඊට එරෙහි තීන්දු දෙනවා. මරණ දඩුවම ලැබුනහම අැප දෙන්න බැහැ. එයා ඇපීල් දැම්මත් ඇතුළේ ඉන්න ඕනෑ. එ්ත් හිනාවෙලා ඉන්නේ. නැවත අහවලා බලයට ආවොත් නිදොස්කොට නිදහස් වෙන්න බලාගෙන වෙන්න ඇති. ඒ අනුව මිනිසුන්ගේ සැකය සාධාරණයි. ඇති හැකි අයට තවම පුළුවන්. (නි)

:       0       0

ශානක Saturday, 10 September 2016 03:17 AM

ඔබට ජය සහෝදරයා!

:       0       0

ගමගේ Thursday, 08 September 2016 06:50 AM

පලවෙනි කෙනා (ශිරාන් ගුණරත්න) සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළා කියන එකේ තේරුම මොකක් වෙන්න ඇතිද. ඒක මොකක් හරි නීති සම්ප්‍රදායක් වගේ දෙයක් ද..? නැත්නම් එයාගේ පෞද්ගලික තීන්දුව ද..? (බ)

:       0       0

මනෝජ් Thursday, 08 September 2016 06:51 AM

සභාපති තුමා කොහොමද නිදොස් කර නිදහස් කරන්නේ... අනෙක් දෙන්නට වැරදි කරුවන් වෙලා. (බ)

:       0       0

රනිල් Thursday, 08 September 2016 06:59 AM

දුමින්ද මහත්තයා ඔබට ජය වේවා.. සියලු කරදර වලින් ඔබට ජය ලැබේවා (බ)

:       0       0

නාමල් Thursday, 08 September 2016 11:01 AM

බලමු දැන් මේකට ඒකාබද්ධ විපක්ෂය මොනවා කියයිද කියලා? (නි)

:       0       0

කේෂලා අමන්දා Thursday, 08 September 2016 06:53 AM

සතුටදායක කරුණක්. (බ)

:       0       0

ගයාන් Thursday, 08 September 2016 06:53 AM

නීතිය සාධාරණත්වය ඔප්පු කළ ඉතිහාසගත නඩු තීන්දුවක් (බ)

:       0       0

දිල්හානි Thursday, 08 September 2016 06:55 AM

මිනීමරුවන් ආරක්ෂා කළා අයට මොකද කරන්නේ .(බ)

:       0       0

සිසිර Thursday, 08 September 2016 07:02 AM

හොඳයි අපරාධයට දඬුවමක් ලැබුණා (බ)

:       0       0

දසුනි Thursday, 08 September 2016 11:10 AM

සිද්ධිය දැන් මතකයට එනවා ඇති, දඬුවම කන් දෙකට ඇහුනා නම්. (නි)

:       0       0

ශිහාන් Thursday, 08 September 2016 11:11 AM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

බුද්ධික Thursday, 08 September 2016 11:19 AM

මේ තීන්දුව ගැන ලොකු සතුටක් තියනවා. එ්ත් නැවත විභාග කරලා මේවා වෙනස් වේවිද? (නි)

:       0       0

ගාමිණි Thursday, 08 September 2016 07:05 AM

පිටරට වල ඉන්න කඩේ යන කට්ටිය පෙත්සන් අත්සන් කරන්නේ නැද්ද .(බ)

:       0       0

යොහාන් Thursday, 08 September 2016 11:12 AM

මේ ආකාරයටම වැරදි කරලා නීතියෙන් බේරිලා ඉන්න හැමෝටම නීතිය ක්‍රියාත්මක කළයුතුයි. (නි)

:       0       0

නිමල්ක Thursday, 08 September 2016 11:31 PM

නීතිය ප්‍රදර්ශන භාණ්ඩයක් වියයුතු නැහැ. ප්‍රදර්ශන භාණ්ඩය සහ අනිත් භාණ්ඩ සමාන වෙන්නෙත් නැහැ.(ම)

:       0       0

තුසිත Thursday, 08 September 2016 11:14 AM

මේ ප්‍රවෘත්තිය අර පැත්ත ගියත් ඇත්ත කියන තරු මාධ්‍ය ජාලයේ තාම කිව්වේ නැහැනේ. මම හිතන්නේ මතක නැතුව ඇති. (නි)

:       0       0

පියල් Thursday, 08 September 2016 07:08 AM

මොනවා? මට නම් මේක හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 08 September 2016 07:02 AM

පස්සේ අභියාචනා කරලා, නඩුව අවුරුදු පහක් විතර අහන්න ගනියිද දන්නෙ නැහැ. එහෙම වුණොත් එතෙක් ඇප පිට ඉඳියි. අවසානයේ රටවැසියාට මෙය අමතක වෙනවා. බලවන්තයෝ සියලු චෝදනා වලින් නිදහස්කොට නිදහස් වෙනවා. මෙහෙම වෙන්න බැරිද? (නි)

:       0       0

බන්දුල. Thursday, 08 September 2016 07:09 AM

සාදාරණය වීම ගැන සතුටක්..............එත්.. මේ එල්ලා මරණ දඩුවම නැවත්තත් බලාත්මක කරනවානම් මීට වැඩ අපරාද රැල්ල අඩුවේවි. (ම)

:       0       0

රම්‍යා Thursday, 08 September 2016 11:27 AM

තරාතිරම නොබලා දුන් එකම තීන්දුව. ගොඩක් හොඳයි. හිරුනිකා ගොඩක් මහන්සි වුණා මෙතනට එන්න. ඇත්ත ජය ගත්තා. සාධාරනය ඉෂ්ට වුණා (නි)

:       0       0

සුප්‍රා Thursday, 08 September 2016 07:10 AM

අපිට නම් මේවා අර පාර්ලිමන්ට් ජෝක්ස් වගෙයි (නි)

:       0       0

රත්නායක Thursday, 08 September 2016 11:31 AM

රට හදන්න නම් නීතිය හරියටම තිබිය යුතුයි (නි)

:       0       0

සංජීව Thursday, 08 September 2016 11:24 AM

ලංකාවේ දේශපාලනයක් නැහැ, එන ඔක්කොම එකයි. මෙයාට දැන් මොකද වෙන්නේ කියලා බලමු (නි)

:       0       0

රම්‍යා Thursday, 08 September 2016 11:25 AM

අනේ මම දන්නේ නැති හින්දයි අහන්නේ. දැන් දුමින්ද බන්ධනාගාරයේද? සමහරවිට අදම අසනීප වෙයි නේද (නි)

:       0       0

රන්දික Thursday, 08 September 2016 07:10 AM

දැන්වත් ලංකාවට හොඳ කාලයක් උදාවෙයිද මන්දා (නි)

:       0       0

ලුම්බිණි Friday, 09 September 2016 12:38 AM

මරණ දඬුවම ලැබුනම සිනහ වෙවී එය පිළිගෙන සිර ගෙයට යන අය ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති. (ම)

:       0       0

නිශාන්ත Friday, 09 September 2016 12:46 AM

හිනාවෙන් කියන්න පුළුවන් ඇපීල් කරයි කියල. (ම)

:       0       0

සෝමදාස Thursday, 08 September 2016 11:39 AM

ඇත්තටම හිර දඬුවම් විඳින්නේ කව්ද කියන එක හොඳට පේනවා මල්ලක බත්මුල දාගෙන බසයෙන් බැහැලා හිරකරුවන් බලන්න එන පිරිස දැක්කහම. (නි)

:       0       0

සිරි Thursday, 08 September 2016 11:52 AM

බොහොම කාලයකට පසු හෝදන පංතියක් දකින්න අපි පින් කර ඇති බව දැනේ (බ)

:       0       0

රම්‍යා Thursday, 08 September 2016 11:47 AM

ආදරණිය හිරුනිකා තාත්ත වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වුනා නේද (බ)

:       0       0

චමින්ද Thursday, 08 September 2016 07:15 AM

තරුණ පරපුරට කරන අපරාද පලදෙනවා. කියන විදිහට ලබුණොත් හොදයි. \"මට මතක නැති\" ගොඩක් දේවල් මහා ගෙදරදී මතක්වයි. වැරදුනා මහා ගෙදරදී නෙමෙයි බන්ධනාගාර රෝහලේදී.(ම)

:       0       0

බීනු Thursday, 08 September 2016 07:15 AM

හොඳ තීන්දුව.(ම)

:       0       0

නිමල් Friday, 09 September 2016 02:25 AM

දැන් ප්‍රේමචන්ද්‍ර නඩුව, ඊලගට ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ සහ අනිත් අය. දැන් ඕවට සම්බන්ධ අයගේ බඩවල් කරනම් ගහනවා ඇති (බ)

:       0       0

බාලසුරිය - ජගත් Thursday, 08 September 2016 07:09 AM

ඇත්තටම ලංකාවේ නීතියක් තියනවා කියල දැන් අපිට පොඩි සැනසිල්ලක් තියනවා . නමුත් අපි ඉස්සරහට බලමු සියට සියක් නීතිය ක්‍රියාත්මක වේද කියල.නීති ගරුක සමාජයක් බිහි වේවා ### (ම)

:       0       0

සංජීව Thursday, 08 September 2016 12:08 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (බ)

:       0       0

නලින් Thursday, 08 September 2016 07:20 AM

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි. (නි)

:       0       0

සරත් අතාවුද Thursday, 08 September 2016 12:02 PM

ඔන්න මහින්ද යහපාලනේ සහ සිරිසේන යහපාලනේ වෙනස. අධිකරණයේ ස්වාධීනත්වය මැනවින් පෙනුනනේ මගේ සුබ පැතුම් අධිකරණයට (බ)

:       0       0

අසංක Thursday, 08 September 2016 07:14 AM

"මෙන්න අපේ රට බටහිර අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය විදිහට නඩු තීන්දු දෙනවෝ" කියලා කෑගහන කට්ටිය දැන් කෝ? (නි)

:       0       0

රෝහණ Friday, 09 September 2016 02:43 AM

මිනීමැරුවට නෙවෙයි කුඩු ගෙන්වීම සහ බෙදා හැරිම ඒ දෙකට මෙයාව එල්ලලා මරන්න ඕන.ටිකක් මතක් කරලා බලන්න ඡන්ද කාලේ මෙයා වියදම් කරපු හැටි ඒ අපේ දරුවෝ කුඩු වලට ඇබ්බැහි කරලා ඒ කළු සල්ලි නෙවෙයිද මිනිසුනේ දරුවෝ ඉන්න අම්මලා සහ තාත්තලා නම් මෙයාට ශාප කරනවා. (බ)

:       0       0

සමන් Thursday, 08 September 2016 07:14 AM

හා හා, වැඩිය සන්තෝස වෙන්න එපා, ඡන්දයක් ළග ළගම එනවා, එ්ක ඉවර වුනහම මේ කට්ටිය එළියේ, මොකද අපේ ඡන්ද දායකයොත් ඡන්දෙ දෙන්නේ කාව හරි ඇතුලට දැම්මොත් විතරනේ (බ)

:       0       0

සොපි Thursday, 08 September 2016 12:05 PM

ආණ්ඩු පක්ෂයේ - විපක්ෂයේ හැමෝටම එක ලෙස නිතිය ක්‍රියාත්මක වෙනවා දකින්න ලැබුනොත් විතරයි පොදු ජනතාවට සතුටු විය හැක්කේ ... (ර)

:       0       0

ගාමිණී ප්‍රියන්ත Friday, 09 September 2016 02:46 AM

ඔය ගැන දැන් මිනිස්සු කතා කරනකොට දන්නෙම නැතුව බඩු මිල වැඩි වෙලා තියෙයි (බ)

:       0       0

මාලක Thursday, 08 September 2016 12:12 PM

විනිසුරුවරුන්ට මාගේ උත්තමාචාරය. අවසානයේ නීතියේ සාදාරණය ඉටුවීම ගැන සන්තෝසයි. (ර)

:       0       0

කරුණාපාල Thursday, 08 September 2016 07:21 AM

පහුගිය කාලේ මිනීමරුවන් ආරක්ෂා කළ පාලකයින්ට හොඳ කනේ පාරක්. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය!!!! අධිකරණ තීන්දුවලට බලපෑම් නොකළ යහපාලන ආණ්ඩුවට ජයවේවා!!!! (බ)

:       0       0

දුමින්ද අල්විස් Friday, 09 September 2016 02:49 AM

දුමින්ද කියන්නේ කාටවත් බය නැති ගහනවා කිව්වොත් ගහන වීරවරයෙක්. මේ අයගෙන් වැඩක් ගන්නේ නැතිව හිරේ දාන එක මෝඩකම. (බ)

:       0       0

ආසිරි Thursday, 08 September 2016 07:22 AM

කවුරුත් බලාසිටි දෙයක්. නියමයි (නි)

:       0       0

චන්දන Thursday, 08 September 2016 12:18 PM

එකම නඩු නිමිත්තට පරස්පර වෙරෝදී තීන්දු දෙකක් ලැබුනේ කෙසේද ? (ර)

:       0       0

සීමන් Thursday, 08 September 2016 07:15 AM

අර කට්ටිය තවම හිටියා නම් ඔය පස් දෙනාම අද සුර සැප විඳිනවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 08 September 2016 07:17 AM

මහජනයා සියැසින් දුටුදේ අද නීතිය ඉදිරියේ පිළිගත්තා. යහපාලනය මෙයයි (නි)

:       0       0

වසන්ත Thursday, 08 September 2016 07:19 AM

වැරදි කර ඇත්නම් දඬුවම් විඳිය යුතුමය. (නි)

:       0       0

වල්පොල Thursday, 08 September 2016 07:26 AM

එක විනිසුරුවරයෙක් ගැන දේශපාලන මතවාදයන්ගෙන් තොරව ඇත්තටම මට නම් ‍ලැජ්ජයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 08 September 2016 12:24 PM

මැරුන මිනිසුන්ගේ ආත්මවලට සහනයක් වගේම ඒ ඒ පවුල්වලට කල සාධාරණයක් ලෙසයි මේ දඬුවම මම දකින්නේ. (ර)

:       0       0

ඉමාක් Thursday, 08 September 2016 07:20 AM

ඔන්න ඕන තමයි යහපාලනය කියන්නේ. නීතිය සැමට පොදුයි (නි)

:       0       0

නිවන්තක Thursday, 08 September 2016 07:28 AM

මේ තීන්දුව ගැන අපිට හරිම සතුටුයි (නි)

:       0       0

සෙනෙවිරත්න Sunday, 11 September 2016 12:39 AM

ඇමරිකාවට රට පාවාදෙනවා කිව්වට, එහෙම කෑගහන මහින්දගේ සහෝදරයොත් සමහරු ඇමරිකන් පුරවැසියන්නෙ. අනිත් එක ඇමරිකාව අපේ රට පාවාගන්නේ මොකටද? මීටවඩා ඇමරිකන් ගැති දකුණු කොරියාවෙ රැකියා කරන්නෙ ලංකාවෙ අය, ඇමරිකාව ඒ රටවල් දියුණු කරපු නිසා නොවෙයිද? (නි)

:       0       0

අහමඩ් Thursday, 08 September 2016 07:23 AM

එල්ලා මරා දැමීමේ ක්‍රියාපිළිවෙළ මොවුන්ගෙන් ආරම්භ කළා නම් හොඳයි (නි)

:       0       0

ධම්මි Thursday, 08 September 2016 12:31 PM

තීන්දුව සාධාරණයි නමුත් ක්‍රියාත්මකවීම ???? (ම)

:       0       0

සෙනරත් Sunday, 11 September 2016 12:47 AM

ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය, නාමල්, ගෝඨා එහෙම ආවේ නැද්ද උසාවියේ යාලුවා බලන්න? (නි)

:       0       0

රොෂාන් Thursday, 08 September 2016 07:26 AM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

සෙනෙවි Sunday, 11 September 2016 12:42 AM

දුමින්ද නම් ආවෙ ගෙදර යන්න බලාගෙන මිසක් හිරගෙදර යන්න නොවෙයි වෙන්න ඇති (නි)

:       0       0

දුමින්ද Thursday, 08 September 2016 07:27 AM

නීතියට ඍජු තීරණ ගැනීමට හැකිවීම සතුටට කරුණක් (නි)

:       0       0

පද්මිණී Thursday, 08 September 2016 07:36 AM

සිංගප්පූරු රෝහලෙන් ලංකාවට අා ගමන් මල්මාලයක් දාලා රජගෙදරකදී පිළිගත්තා කිවුවෙත් මෙයාම නේද. (නි)

:       0       0

පද්මිණී Thursday, 08 September 2016 07:37 AM

ඔන්න කට්ටියට නෑදෑයෝ, යාළුවෝ බලන්න යන්න අවස්ථාවක් (නි)

:       0       0

ශාන සෞදි Thursday, 08 September 2016 07:37 AM

රටේ නීතිය ක්‍රියාත්මකවීම සතුටට කරුණක්. පහුගිය කාලේ මිනීමරුවන් ආරක්ෂා කළ පාලකයින්ට හොඳ කණේ පාරක්. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! අධිකරණ තීන්දුවලට බලපෑම් නොකළ යහපාලන ආණ්ඩුවට ජයවේවා! මහින්දගේ කාලේ වුණා නම් විනිසුරු මඩුල්ලම අද ගෙදර. මිනීමරුවෝ පාර්ලිමේන්තුවේ (නි)

:       0       0

ධම්මික ප්‍රසන්න Friday, 09 September 2016 03:30 AM

කලු ඩිෆෙන්ඩර් නංගිගේ පැහැර ගැනීමේ සිද්ධිය පිළිබද නඩු විභාගයේ තීන්දුව ගැනද අපි ආසාවෙන් බලා සිටිමු. (බ)

:       0       0

අසින්ත Thursday, 08 September 2016 07:38 AM

මරණ දඬුවම නියම කළා කියල වැඩක් තියනවද? මරණ දඬුවමට දිනයකුත් නියම කරන්න එපැයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 08 September 2016 07:38 AM

දැන් දඬුවම නියම කළාට, ක්‍රියාත්මක කරනවාද? (නි)

:       0       0

ටාක්ෂා Friday, 09 September 2016 03:55 AM

තාජුදීන්ටත් ලසන්තටත් මේ නීතිය ක්‍රියාත්මක වුනොත් රටේ වාසනාව (බ)

:       0       0

රූපවතී Thursday, 08 September 2016 07:33 AM

මොන බොරුද අනේ! අපිව උන්මාද කරවන තීන්දු ඕවා. බලන්නකෝ ඔය ලොකු ලොක්කන්ට නීතිය කොතනද අපේ ලංකාවේ සමාන්තරව පිහිටියේ කියලා..? බලන්න අද සිට මෙයා ලෙඩවෙලා සිංගප්පූරුවේ රෝහලට යන්නේ නැද්ද කියලා. ඒක තමයි ලංකාවේ අද වෙනකොට මහජන මුදලින් යැපෙන දේශපාලකයෝ කරන විශාලම ප්‍රෝඩාව. ඒ ක්‍රමය දැන් රැල්ලක් බවට පත්වෙලා. අපිට මේවා විශ්වාස කරන්න පුළුවන් අදම එල්ලුම්ගහත් ක්‍රියාවට නැංවුවොත් පමණයි (නි)

:       0       0

ශාන් සෞදි Thursday, 08 September 2016 01:01 PM

අද මේ වැටෙන කදුළු එදත් මේ වගේම වැටුන එකත් ජනතාව නිහඩව බලා උන්න මෙය එසේම වේවි " කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ‘ කියල මේවා අනෙක් අයටත් හොද පාඩම් (බ)

:       0       0

චරිත් Thursday, 08 September 2016 07:39 AM

ඊළඟ ගැටලුව..., කවදාද එල්ලන්නේ? (නි)

:       0       0

රංජිත් Friday, 09 September 2016 01:30 PM

රටේ දැන් නීතිය ක්‍රියාත්මක වෙන එක සතුටක් තක්කඩි තුවක්කු දේසපාලනය කරන මන්ත්‍රිවරු කියල වැජෙබෙන අයට හොද පාඩමක් (අ)

:       0       0

රන්දික Thursday, 08 September 2016 07:34 AM

අධිකරණයට ජයවේවා! (නි)

:       0       0

සංජීව Thursday, 08 September 2016 07:34 AM

අම්මෝ! මම වෙව්ලනවා තාමත්. මොනවද මේ අහන්න ලැබුනේ? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 08 September 2016 01:12 PM

එක රුප රාමු පෙළක දඬුවම් නියම වුන අයගේ පවුලේ උදවිය අඩනවා දැක්කම හිතට දුකක් දැනෙනවා. මොනවා කරන්නද නිතිය සැමට පොදුයිනේ.අද මෙයාලා මේ විදිහට වැලපෙනවා වගේ දහස්ගුනයක් එදා ඒ මැරුන මිනිසුන්ගේ පවුලේ උදවිය වැළපෙන්න ඇතිනේ නේද? (බ)

:       0       0

වීරවර්ධන Thursday, 08 September 2016 07:35 AM

අැපීල් කරනතුරු රෝහල් ගතවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු Thursday, 08 September 2016 01:12 PM

ඒකමතික තීන්දුවක් නොවෙයි. ඒ නිසා අපරාදේ නිදහස් වීමට ඉඩ තිබෙනවා (බ)

:       0       0

මහේෂ් ඩුබායි Thursday, 08 September 2016 01:07 PM

මෙන්න නාට්‍යයේ මංගල දර්ශනය... මෙයා තව ටික දවසකින් නිදහස් වුන දවසට යහපාලානේ තරම දැනගන්න පුළුවන් වෙයි හැමෝටම. ඉවසල බලන් ඉමු. (බ)

:       0       0

සමන් Friday, 09 September 2016 04:09 AM

නීතිය බල්ලට දාල තිබුන වෙලාවක ... මේක හරියට සිදු වීම හොඳම සිදුවීමක් ...(බ)

:       0       0

සෝමේ Thursday, 08 September 2016 07:35 AM

අධිකරණය මඟින් ක්‍රියාත්මක කළනොහැකි නඩු තීන්දු ලබාදීම නීතිය සමච්චලයට ලක්කිරීමක් ලෙසයි අපට වැටහෙන්නේ (නි)

:       0       0

බමුණු Thursday, 08 September 2016 01:15 PM

දඬුවම් ලැබූ අය හිනාවෙනවා අහක ඉන්න මිනිස්සු අඬනවා හරිම විහිළුවක් (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 08 September 2016 07:43 AM

සල්ලි තියන යමක් කමක් කරගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට කාලයක් හරි නඩු කියලා සාධාරණයක් ඉෂ්ට කරගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. එ්ත් අසරණ අය මොනතරම් නම් ඉන්නවද නීතියේ පිළිසරණක් නොලැබුන. මම දන්නා නිසයි බය නැතුව මෙය ප්‍රකාශ කරන්නේ. (නි)

:       0       0

බමුණු Thursday, 08 September 2016 01:17 PM

රත්නායක නීතිය හරියට තිබිලා වැඩක් නැත නීතිය හරියට ක්‍රියාත්මක වීමයි විය යුත්තේ (බ)

:       0       0

බමුණු Thursday, 08 September 2016 01:11 PM

ඔබට සතුටුයිද දැන්? කියලා ගිහින් අහන්න දැන් මාර සතුටුයි (බ)

:       0       0

ශිරෝමා Thursday, 08 September 2016 07:38 AM

නීතියේ සාධාරණ තීන්දුවට සතුටක් ඇතිවුණා (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 08 September 2016 01:36 PM

අර නඩේට නැවතත් ඔන්න වැඩක් තියෙනවා, පෝලිමේ හිරගෙදරට එන්න පුළුවන්, පළිගන්නවා කියමින්,...(බ)

:       0       0

සමන් Friday, 09 September 2016 04:27 AM

මම යුක්තියයි අනුකම්පාවයි අතර මැදි වෙලා. දුමින්දට හා පිරිසට මරණ දඩුවම ලැබීම ගැන දුකයි. රටේ නිතිය ස්ථාපිත වෙලා තියෙන බව දැක්කම සතුටුයි. (ම)

:       0       0

සිරිල් Thursday, 08 September 2016 07:44 AM

පරණ ආණ්ඩුවේ අයට දඩුවන් දෙනවා වගේම අලුත් ආණ්ඩුවේ යටත් දෙන්න හොදේ (ම)

:       0       0

චන්ද්‍රා Thursday, 08 September 2016 01:47 PM

ගරු අධිකරණය සාධාරණ තීන්දුවක් දී ඇතිබව පෙනේ, දිගටම අධිකරණය මෙසේම පවතීවා ජනතා පැතුම !...(බ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 08 September 2016 01:48 PM

ප්‍රධානම කරුණ මනාපේ ක්‍රමය. දැන්වත් ඉවත් කළ හැකිද ? (බ)

:       0       0

වසන්ත Thursday, 08 September 2016 07:45 AM

හොඳ තීන්දුවක්. එසේම අනෙක් අයටත් මේ විදියට නීතිය ක්‍රියාත්මකවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

සිරි Friday, 09 September 2016 04:38 AM

සියලුම දෙන නිදහස් කරන්න කියපු විනිසුරු නම් හිතල තියෙන්නේ මේක මිනී මැරුමක් නොවිච්ච නඩුවක් කියල වෙන්නැති... (ම)

:       0       0

එෂිකා Thursday, 08 September 2016 01:58 PM

අයියෝ අපේ හිටපු අධීක්ෂණ ආරක්ෂක ඇමතිතුමා බේරගන්න රජතුමා ඇතුළු පවුලෙන් උදවු ලැබී විනිසොරෙක්ගෙන් ලගදීම නිදහස් වෙයි (බ)

:       0       0

ගයාන් Thursday, 08 September 2016 07:47 AM

කෙසේ හෝ වේවා දුමින්දගේ ඔලුව පැලුනේ කෙසේද? එය කළේ කවුද? මෙය පැහැදිලි කළයුතුය. අපට කිසිවකුට පක්ෂග්‍රාහී වීමට අවශ්‍ය නැත (නි)

:       0       0

ද සිල්වා Thursday, 08 September 2016 07:54 AM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 0 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 577 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1211 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2792 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3164 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site