IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාරුකරු ජීවිත හතරක් එගොඩ කරයි

බෙන්තර ගඟ හරහා මගීන් එහා මෙහා ප්‍රවාහනය කිරීමට යොදවා ඇති බෙන්තොට හොරවල පාලම් පාරුව අද (13) දින සවස සිමෙන්ති කොට්ට 30 පටවා ගත් ලොරි රථයක්, ත්‍රිරොද රථයක්, යතුරු පැදියක්  හා පා පැදියක් ද සමග බෙන්තර ගඟට වැටී ඇතැයි පොලිසිය  කියයි.

ඒ අවස්ථාවේ පාලම් පාරුවේ  ක්‍රියකරු ඇතුළු පුදගලයින් හය දෙනකු ගමන් කර ඇති අතර ගඟට වැටුණු සිවු දෙනකු පාලම් පාරුවේ ක්‍රියාකරු විසින් බේරා ගනු ලැබ ඇත.  

එම පාලම් පාරුවේ ගමන් ගත් අවුරුදු 13 සිසුවකු ගඟට පැන දිවි බේරාගෙන ඇත.

DSC_8173paru613 DSC_8173paru6132 DSC_8173paru61323 DSC_8177613

ඡායාරූප - බන්දු තඹවිට



අදහස් (0)

පාරුකරු ජීවිත හතරක් එගොඩ කරයි

උපේක Tuesday, 14 June 2016 06:30 AM

දැන් මේ පාරුව නැවත ගොඩට ගන්න විශාල වෙහෙසක් දරන්න සිදුවෙයි නේද? (නි)

:       0       0

උපාලි Monday, 13 June 2016 03:56 PM

තොටියා පලපුරුද්දෙන් කියන්න දන්නවනේ එයාගේ පාරුවට පටවන්න පුළුවන් බර ප්‍රමාණය කොපමණද කියලා. නොසැලකිල්ල කියලයි මට නම් හිතෙන්නේ. (ර)

:       0       0

විපුල Monday, 13 June 2016 04:18 PM

පාලම් හදන්න ආණ්ඩුවට සල්ලි නැනේ. (අ)

:       0       0

ගොඩ්ෆ්‍රී Monday, 13 June 2016 04:15 PM

මේ අය මෙතරම් සැප වාහන ද පාවිච්චි කරන්නේ ගඟ එහා මෙහා මාරුවෙන්න. බලන්න රටේ ජනතාවගේ කොපමණ බදු මුදල් මේ මිනිස්සු නාස්ති කරනවද කියල. අනේ කරුණාකරලා පාර්ලිමේන්තුවේ ඉන්න දුප්පත් මැති ඇමතියන්ට ඉල්ලපු කොටි 7, 8, ... ගණන් දෙන්න මොකද ඒ අය ජනතාව සේවය කරන්න යන්නෙත් බයිසිකලෙන් නිසා. (අ)

:       0       0

සුනිමල් Monday, 13 June 2016 04:36 PM

එගොඩ මෙගොඩ යන්න පාලමක් නැති නැතිව දුක් විදින මිනිස්සු ඉන්න මේ රටේ එහෙ මෙහෙ යන්න සැප කාර් නැතිව හඩාවැටෙන දේසපාලුවන් කොටසකුත් ඉන්නවා දෙවියනි ඔබ කොහිද? (අ).

:       0       0

ගජන් Monday, 13 June 2016 05:11 PM

බලන්න අපේ මිනිස්සු විදින දුක. (ර)

:       0       0

රෝෂන් Monday, 13 June 2016 05:21 PM

මේ පාරුවේ මමද ගමන්කර ඇත්තෙමි. මෙම පාරුවට බොහෝ බර පටවා ගමන්කළ හැකිය යම් අත පසුවීමකින් හෝ නොසැලකිල්ල නිසා මෙය සිදුවූ බව සිතිය හැක. මාගේ අදහසනම් මෙහි පාලමක් සදා මෙම සුන්දරත්වය විනාශ නොකරන ලෙසයි. මෙම චායාරූප දෙස බලන්න කොතරම් සුන්දර දසුනක්ද පසුබිමින් පෙනෙන්නේ කඩොලාන හා වෙනත් ජීවීන් පාලමක් සාදා විනාශ කරන්න එපා. (ර)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 13 June 2016 07:19 PM

අපේ රොෂාන් සුන්දරත්වය රස විඳින්න, අනිත් අය අවදානම් ගන්න ඕනෑද? මමත් ඊට එහා ගමේ මීගම-ඉත්තෑපාන තොටුපල පාවිච්චි කළ ගම්වැසියෙක්. පිස්සු කතා කියන්න එපා. මම ඉත්තෑපාන රෝහලට යන්න වින්ඳ දුක් තාම මතකයි. (නි)

:       0       0

රජිත් Monday, 13 June 2016 08:07 PM

ජීවන බර, පාරුවට කියලා වුණත් වෙනසක් නැහැ වගෙයි (නි)

:       0       0

ඔෂාන් Tuesday, 14 June 2016 12:44 AM

පාරුකරු කළ මෙම වීර ක්‍රියාව ඇගයීමට ලක්විය යුතුයි (නි)

:       0       0

ශශිකා Tuesday, 14 June 2016 01:35 AM

අනේ! අපේ කාර් ඉල්ලන ඇමතිවරුන්ට එහෙම මොකුත් කියන්න එපා. පාලම හදන්න බැරිවුණාට එයාලා හරි අහිංසකයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 14 June 2016 09:36 AM

ආණ්ඩුව මිනිස්සුන්ගෙන් අහයි මොනවටද ගඟෙන් එගොඩ ගෙවල් හැදුවේ කියලා .(හේ)

:       0       0

දිලන්ක Wednesday, 15 June 2016 10:34 AM

පාරුකරුගේ නොදැනුවත්කම මෙයට හේතුවක්. (නි)

:       0       0

අරවින්ද Tuesday, 14 June 2016 03:15 AM

බක්කි කරත්ත වලින් ගමන්ගිය අය අද දවසේ යන්න හදන්නේ කෝටි 7-8ක් වටිනා පිටරටවල හදන කාර් වලින්. අනේ මේ මිනිස්සුත් බදු ඔක්කොම ගෙවලා මේ වගේ පාලම් පාරුවල ගිහින් ඔහේ අනතුරු වලට පත්වෙනවනේ. (නි)

:       0       0

රාමන් Tuesday, 14 June 2016 03:22 AM

මේ ගඟ බටහිර දකුණ වෙන්කරන ගඟ නිසා කවුරුවත් හදන්නේ නැහැ. අපේ නොවේ කියලා බලා ඉන්නවා (නි)

:       0       0

කලන Tuesday, 14 June 2016 03:21 AM

අපේ රටට මදිවෙලා තිබුණ ගුවන් තොටුපොළයි, වරායයි, අධිවේගයයි හැදුවා. ඒත් මේතරම් කල් ගිහිල්ලත් මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවත් ඉටුකරලා නැහැ. ජාතියක් හැටියට අපි ලැජ්ජා වියයුතුයි. (නි)

:       0       0

නුවන් Tuesday, 14 June 2016 03:46 AM

සියල්ලටම පෙර පොදු ප්‍රවාහනය විධිමත් කරන්න බලන්න (නි)

:       0       0

පියුමික Tuesday, 14 June 2016 04:35 AM

මෙතන තියෙන්නේ මිනිසුන් පහසුවට හදාගත් පාරු සේවයක්.මෙම ගම යා කිරීමට මාර්ගයක් ඇති අතර මිනිසුන් එදිනෙදා වැඩ කටයුතු සඳහා ගමන් දුර අඩු කර ගැනීමට මෙම පාරු සේවය පාවිච්චි කරන්නේ...(ම)

:       0       0

චමල් Tuesday, 14 June 2016 04:56 AM

මිනිස්සු ලේසියට කෙටි පාරවල් හදා ගන්නවා පාලම් පාරු වලින් යන්න, කේබල් දිගේ යන්න. මේ විදියට ෂොට් කට හදා ගන්න හදා ගන්න පාරට ආණ්ඩුව එතනින් පාලම් දාන ගියොත් වෙන වැඩක් කරන්න බැරි වෙයි. (ම)

:       0       0

නුවන් Tuesday, 14 June 2016 05:26 AM

මේකට තව පටවන්න අඩුවකට තිබුනේ කන්ටේනර් එකකුයි, බැකෝ එකකුයි, පුද්ගලික බස් එකකුයි විතරයි. (නි)

:       0       0

නිශාන්ත ප්‍රදීප් ලියනගේ Tuesday, 14 June 2016 05:27 AM

මේ වගේ අහිංසක මිනිසු කොච්චර මේ රටේ ඉන්නවද? මෙයාලා තමයි මේ රටේ නියම අයිතිකාරයෝ. ඉංග්‍රීසි වචන කෑලි සිංහල වචන අස්සට දාලා කතාකරන කොළඹ මහත්වරු නෝනලාට රටේ මුළු ජාතික අාදායමෙන් 80% කට වැඩිය වියදම් කරන රටක් මේක. පොඩ්ඩක් හිතලා බලන්න කරුණාකරලා (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 14 June 2016 06:09 AM

මෙවන් උත්සාහවන්ත පුද්ගලයින් රටටම වාසනාවක් (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 14 June 2016 06:06 AM

ගඟ මැදදී නොවුණ එක වාසනාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 216 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 425 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 382 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 574 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1753 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site