IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පේ‍්‍රක්ෂක ආදරය ලබන්න වාසනාවක් තියෙන්න ඕනෑ

2016-09-09-ent-53

දුක, සතුට, ආදරය, වෛරය, සෙනහස, දේශපාලනික හැලහැප්පීම් තුළින් සොයා යන පේ‍්‍රමයක අපූර්ව ආමන්ත‍්‍රණය ‘‘සල්සපුනා’’ මේ දිනවල පුංචි තිරයේ ඉහළින්ම ඔසවා තබා ඇති ටෙලි වෘතාන්තයක්. එහි ඔබ බොහෝ සෙයින් ආදරය කරන අපූරු චරිතයක් අද අපේ සඳැල්ල කතාබහට එකතු කරගන්න හිතුවා.

 

රනිල් කියන්නද? සුරේන් කියන්නද?

හ්ම්... සුරේන් කියන චරිතයට මම ගොඩක් ආදරෙයි. කැමති නමක් කියන්න.

 

මේ සල්සපුනා ටෙලි වෘතාන්තයේ දේශපාලඥයකුගේ භූමිකාව නිරූපනය කරන ඔබ ආදරය කරන රංගන ශිල්පි රනිල් කුලසිංහ.

 

කොහොමද සුරේන්ට ලැබෙන ප‍්‍රතිචාර?

2016-09-09-ent-51ඉතාමත් ඉහළයි. ක්‍ෂේත‍්‍රයට ඇවිත් ඉතාම කෙටි කලකින් මේ වගේ ප‍්‍රතිචාරයක් ලබන්න ඇත්තටම මම වාසනාවන්තයි.

 

නළුවෙක් වෙන්න ලැබුණෙත් වාසනාවටද?

පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරය ලබන්න වාසනාවක් තියෙන්න ඕන. හැබැයි නළුවෙක් වුණේ නම් මගේ දක්‍ෂතාවයෙන්.

 

මේ දවස්වල මොනවද අලූත් වැඩ?

මේ දවස්වල නම් කාලය ගතවෙන්නේ සල්සපුනා ටෙලිනාට්‍යයේ රූගතකිරීම් එක්ක. ඒ අතරතුර අලූත් වැඩ කීපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

 

ඔබ ක්‍ෂේත‍්‍රයට පිවිසෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වුනු දුවිලි මල් ටෙලිනාට්‍ය හරහා තවමත් බානුගේ චරිතයට පේ‍්‍රක්‍ෂකයන් ගොඩක් ආදරෙයි?

ඇත්තටම.. බානු කියන්නේ මම රඟපාපු පළමු ප‍්‍රධාන චරිතය මම ක්‍ෂේත‍්‍රයට එන්නේ බානුගේ චරිතය හරහා. ඒ අතරතුර තමයි සුසිල ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියගෙන් ආරාධනා ලැබෙන්නේ සල්සපුනා ටෙලිනාට්‍යයට ඒත් සල්සපුනා ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් ලැබේවි කියලා නම් හිතුවේ නැහැ.

 

රංගනයට පිවිසෙන්න ආශාවක් දැක්වුවේ?

මගේගෙදර ඇතුලේ ‘‘කලාව’’ කියන දේ හුරු පුරුදු දෙයක් වුණා. මගේ තාත්තා දක්‍ෂ නර්තන ගුරුවරයෙක්. මගේ අක්කලත් නර්තනයට සම්බන්ධයි. මගේ ලොකු අයියත් නර්තන ශිල්පියෙක්. ගෙදර කවුරුත් රඟ නොපෑවට කලාව කියන දේ ගේ ඇතුලේ අලූත් දෙයක් වුනේ නැහැ. ඔය අතරතුර මගේ ලොකු අයියා හරහා මට මුණ ගැහුණා. හරි අපුරු චරිතයක්. ඒ තමයි මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. රංගනය. පිළිබඳ ඉගෙන ගන්න තිබුණ ආසාවට පණ දුන්නේ එතුමා.

 

ගෙදර අනෙක් සහෝදර සහෝදරියෝ තාත්තගේ ශාස්ත‍්‍රය ඉගෙන ගනිද්දී ඔබ විතරක් නළුවෙක් වෙන්න හිතුවෙ ඇයි?

මම පවුලේ බාලයා නිසා තාත්තාගෙන් ඒ ශාස්ත‍්‍රය ලබන්න මට කාලයක් ලැබුණේ නැහැ. වෘත්තීය මට්ටමේ කෙනෙක් වෙන්න කියලා මට ගෙදරින් බල කලෙත් නැහැ. මගේ ආසාවට ගෙදරින් ඉඩ දුන්නා. ඒත් මම යම් කිසි මට්ටමකට නර්තනය ඉගෙන ගත්තා. ඔය අතරතුර අනෝජා වීරසිංහ මහත්මිය, මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ රංගනය පිළිබඳ ඉගෙන ගත්තා. ඇත්තටම මගේ ඇෙඟ් රංගනය පිළිබඳ පොඩි හරි දක්‍ෂකමක් තිබුණානම් ඒක එළියට දැම්මේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. මහේන්ද්‍ර අයියා මට කියපු එක දෙයක් තමයි ‘‘රඟපෑම කියන්නේ බුද්ධිමය කාරණාවක් කියන එක’’ ඒක මගේ හිතට තදින් වැදුනා. මගේ ජීවිතේ හැමදාම ගරු කරන චරිතය මගේ තාත්තාගෙන් පස්සේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයට.

 

සල්සපුනා ටෙලිනාට්‍යයේ ‘‘සුරේන්’’ ගැනත් කතා කරමු.

සුරේන් කියන්නේ දේශපාලන ගැටවලට බිල්ලක් වෙලා ජීවිතයේ ආදරය, දෙමාපියෝ, නිදහස මේ හැම දෙයක්ම නැති කරගත්ත චරිතයක්.

 

එක පැත්තකින් ඇමැති දුව, අනෙක් පැත්තෙන් පත්තරකාරියක්. මේ හදවත් දෙකට හිර වෙච්ච සුරේන්ට මොකද වෙන්නේ.?

බැලූ බැල්මට මාව විවිධ විදිහට පෙනේවි. හැබැයි ඇතුලාන්තය එහෙම නැහැ. ඇත්තටම සුරේන්ට මොකද වෙන්නේ කියලා බලන්න සල්සපුනා එක්ක ඉදිරියටත් ඉන්න කියලා ආරාධනා කරනවා.

 

නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ චරිතයත් අලූත් අද්දැකීමක් එහෙම නේද?

ඇත්තටම මේ පිටපත ලැබෙද්දී මට හිතුණේ නැහැ චරිතය සාර්ථක වේවි කියලා. අපි මන්තී‍්‍ර කෙනෙක් විදිහට හුරුවෙලා තියෙන්නේ බඩ මහත ශරීරයෙන් මහත රූපයකටනේ. ඒ පෙනුම මට නෑනේ. ඒ නිසා මම චරිතයට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මට හොඳ අත්දැකීමක් වුණා. වර්තමානයේ තරුණ දේශපාලනඥයකුව තෝරාගෙන ඔහු පිළිබඳ හොඳට අධ්‍යයනය කළා. ඒ දේවල් මට ලොකු රුකුලක් වුණා චරිතය නිරූපණය කරන්න.

 

කවුද ඒ අධ්‍යයනය කරපු මන්තී‍්‍ර?

අම්මෝ නම කියන එක හොඳ නෑනේ. මම කළේ චරිතයට අදාළව අධ්‍යයනයත් විතරයි.

 

චරිත අධ්‍යයනය කරලා ඇත්තටම දේශාපාලනයට එන්න හිතුවේ නැද්ද?

චරිතයෙන් දේශපාලනය කරන්න ලේසියි. ඇත්ත දේශපාලනය පිටපතකින් දේශපාලනය කරනවා වගේ සුන්දර නෑනේ. දැනටනම් හිතිලා නෑ. මගේ ගමෙන් නම් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වුණත් ඇත්ත දේශපාලනය ගොඩක් තිත්තයි.

 

තවම සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනාවක් ලැබිලා තියෙනවා. තවම සාකච්ඡුා මට්ටමේ. ඇත්තටම සිනමා නළුවෙක්වීම සහ මම ඉගෙන ගත්ත දෙයින් සිනමා අධ්‍යක්‍ෂවරයෙක්වීම තමයි එකම බලාපොරොත්තුව. ඒක තව අවුරුදු දහයකින්වෙන්න පුළුවන්. මගේ අරමුණ අතාරින්නේ නැහැ. වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තියෙනවා. මොකද හැම දේකටම වඩා රංගන හැකියාව ප‍්‍රගුණ කරගන්න තියෙන එකම තැන වේදිකාව.

 

වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ප‍්‍රමාද ඇයි?

මෙගා නාට්‍ය එක්ක වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න කාලය කළමනාකරන කර ගන්න ටිකක් අමාරුයි. ඉදිරියේදී හොඳ වේදිකා නාට්‍යයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

සල්සපුනා රූගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීමක් මතක් කලොත්?

රූගත කිරීම් කරපු පළමු දවස, ඒ පළමු දර්ශන එදා පිටපත හොඳට බලලා හැම දෙයක්ම ඔළුවේ තියන් ගිය දවස. හදවතේ ගැස්ම වැඩි දවස එදා. තව සිදුවීමක් වුණා. සුරේන් ජීවිතේ ප‍්‍රශ්න එක්ක මනසින් බිඳ වැටිලා ඉන්නකොට දුක කියන්න යනවා. අම්මා ළඟට එදා රම්‍යා වනිගසේකර මහත්මිය මගේ අම්මා විදිහට ඒ දෙබස කියනකොට ඇත්තටම ඇඬුවා. රම්‍යා අම්මා අඬනකොට මටත් ඇඬුණා. ඒ දර්ශනය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා මේ රඟපෑමක් නේද කියලා අමතක වුණා. ඒ වගේ හරි සංවේදී සුන්දර සිදුවීම් තියෙනවා. ඇත්තටම මෙහි අධ්‍යක්‍ෂ නාලන් මෙන්ඩිස් මහත්මයා ගෞරවයෙන් මතක් කරනවා. ඔහු මට මුණ ගැහුන සරල සුහද පුද්ගලයෙක්

 

පවුලේ විස්තර ටිකකුත් කියමු.?

මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඔහු දක්‍ෂ නර්තන කලා ශිල්පියෙක්. මගේ අම්මා සහෝදර සහෝදරියෝ ආදරයෙන් මතක් කරනවා. සුරේන් කියන චරිතයට ලංකාවෙන්ම ප‍්‍රතිචාර ලැබුණත් මගේ ගෙදර පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තවම හොඳක් අහන්න ලැබිලා නැහැ. මම හිතන්නේ මගේ හොඳම පේ‍්‍රක්‍ෂකයෝ ගෙදර අය. මට උවමනා කරන්නේ ජනපි‍්‍රය නළුවෙක් වෙන්න නෙමෙයි. දක්‍ෂ නළුවෙක් වෙන්න. මම කඩවත සාමාන්‍ය පොඩි ගමක හැදිච්ච සරල කොල්ලෙක්. ලංකාවෙන්ම ඉහල ප‍්‍රතිචාර ලැබුවත් ගමෙන් මට ලැබෙන පුංචි ප‍්‍රතිචාරය ගොඩක් වටිනවා.

 

පේ‍්‍රක්‍ෂක ආදරය වගේම විශේෂයෙන් ආදරය කරන කෙනෙකුත් ඇති නේද?

ඕනම දේකට වෙලාව තියෙව. ආදරේකරලා තියෙනවා. ආදරේ ලැබිලා තියෙනවා. මම නෑ කියන්නේ නෑ. එත් මම හිතනවා ඒවට තව කල් තියෙනවා. ඊට කලින් මට දිනා ගන්න දේවල් මගේ ජීවිතේ තියෙනවා.

 

නදීෂා අතුකෝරළ

 

2016-09-09-ent-52



අදහස් (0)

පේ‍්‍රක්ෂක ආදරය ලබන්න වාසනාවක් තියෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 117 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 575 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 522 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1388 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7472 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 127 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1162 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site