IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘පරීක්ෂණයට පෙර මහ බැංකු අධිපති යන්න ඕනෑ‘ - ජවිපෙ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන දස දහසක බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර එය හිටි ගමන් මිලියන දස දහස් හතළිස් පහක් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට එම බැඳුම්කර 12.5%ක පොළියක් යටතේ ලබාගැනීමට ක්‍රියා කිරීමත් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම පරීක්ෂණය පැවැත්වීම සඳහා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තාවකාලිකව එම තනතුරින් ඉවත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.

පරීක්ෂණයේ විනිවිද භාවය සුරැකීම සඳහා ඔහු සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් ජවිපෙ මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු කැමැත්තෙන් ඉල්ලා අස්නොවුණහොත් ඔහු ඉවත් කළ යුතු බවද ජවිපෙ කියයි.

මෙම සිදුවූ බව කියන අක්‍රමිකතා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.



අදහස් (0)

‘පරීක්ෂණයට පෙර මහ බැංකු අධිපති යන්න ඕනෑ‘ - ජවිපෙ කියයි

රණසිංහ Tuesday, 10 March 2015 09:53 AM

ඉන්දික,කබ්රාල් නම් කැමතියි වගේ ඒ වගේ දේවල් වලට. මැදමුලනින් කරන කොට හොඳ නැහැ කොළඹ හත අය කරන කොට හොඳයි (දිල්)

:       0       0

ගැමුණු Tuesday, 10 March 2015 11:18 AM

මෙච්චර වේලාසනින්ම යහපාලනය පටන්ගන්නට බය හිතුනේවත් නැද්ද (දිල්)

:       0       0

දිනේෂා Tuesday, 10 March 2015 11:21 AM

දින සීයයෙන් තාම කරපු දෙයක් නෑ (දිල්)

:       0       0

පෙරේරා Tuesday, 10 March 2015 11:27 AM

අනේ ඇත්තට රටකට ගිය කාලයක් (දිල්)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 March 2015 12:25 PM

පුදනකොටම කාපි යකා කිවුවලු. (නි)

:       0       0

බන්දුල ‍ Tuesday, 10 March 2015 02:21 PM

ලංකාවේ තැන්පතු සඳහා පොළිය තීරණය කරන්නෙත් දැන් මහබැංකුව. දැන් ලංකාවේ තියෙන්නේ කෘතීමව සකස්කරන ලද මුදල් වෙළදපලක්. ඒ නිසා තමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනම පොළී අනුපාත තීරණය කරන්න වෙලා තියෙන්නේ. තවද ණය පොළී අනුපාත අඩුවුණා කියලා ණය සැපයුම වැඩිවෙලා කර්මාන්ත දියණුවෙලා ආර්ථිකය වර්ධනය වෙලා තියනවද? දැන් හරි නිවැරදි දේ කරන්න (නි)

:       0       0

බන්දුල Tuesday, 10 March 2015 02:26 PM

ලංකාවේ තැන්පත් සදහා පොලිය තීරණය කරන්නෙත් දැන් මහ බැංකුව. ඒ නිසා තමා ජෙෂ්ට පුරවැසියන්ට වෙනම පොලි අනුපාත තීරණය කරන්න වෙලා තියෙන්නේ. තවද ණය පොලි අනුපාත අඩුවුණා කියලා ණය සැපයුම වැඩිවෙලා කර්මාන්ත දියණුවෙලා ආර්ථිකය වර්ධනය වෙලා තියනවද.? දැන් හරි නිවැරදි දේ කරන්න. (ර)

:       0       0

බන්දුල Tuesday, 10 March 2015 02:57 PM

ලංකාවේ තැන්පත් සදහා පොලිය තීරණය කරන්නෙත් දැන් මහබැංකුව.වෙළඳපල බලවේග අනුව එය තීරනය වීම කෘතීමව නවත්වල තැන්පත්කරුවන්ට අඩු පොලියක් ගෙවල තමන්ගේ ධනය සදහා පමණක් කෘතීමව වැඩි පොලියක් ගන්න ක්ර්ම හදාගෙන. මේ විදියට මුදල් වෙළදපල පාලනය කරන්න පටන්ගත්තේ ගිය ආණ්ඩුව කාලේ ඒක නිසා දැන් ලංකාවේ තියෙන්නේ කෘතීමව සකස්කරන ලද මුදල් වෙළදපලක්. ඒ නිසා තමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනම පොලි අනුපාත තීරණය කරන්ට වෙලා තියෙන්නේ. තවද ණය පොලි අනුපාත අඩුවුණා කියල ණය සැපයුම වැඩිවෙලා කර්මාන්ත දියනුවෙල ආර්ථිකය වර්ධනය වෙලා තියනවද. දැන් හරි නිවැරදි දේ කරන්න. (බ)

:       0       0

අබේකෝන් Tuesday, 10 March 2015 03:03 PM

පුදන කොටම කාපි යකා කියන්නේ ඕවට තමා. මේක පුදුම රටක් . වෙන රටක නම් මුදල් ඇමති ඉල්ලලා අස්වෙලා. (බ)

:       0       0

තුෂාරී ලංකා Tuesday, 10 March 2015 03:39 PM

මුල ඉදලම හදන්න වෙනවා. වැරදි කරන සියලු දෙනාව නීතියේ ඉදිරියට ගෙන්න ඕන. (ර)

:       0       0

සෑම් Tuesday, 10 March 2015 07:24 PM

ජය වේවා! (නි)

:       0       0

කළණි Tuesday, 10 March 2015 09:18 PM

මේකට තමයි වෙනස කියන්නේ. (නි)

:       0       0

ඉන්දික Tuesday, 10 March 2015 11:05 PM

එක් එක් පුද්ගලයාට විවිධාකාරයේ චෝදනා... යහපාලනය නේද මේ? (නි)

:       0       0

සමන්ති Wednesday, 11 March 2015 01:21 AM

බන්දුල, කවදත් බැංකු පොළී අනුපාත තීරණය කරන්නේ මහා බැංකුව. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් විශේෂ පොළී අනුපාත තීරණය කළේ පසුගිය රජය. එය වෙනසක් පමණයි කළේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 11 March 2015 02:42 AM

පසුගිය පාලන කාලයේ නම් මේවා වුණේ නැහැනේ. කෝ ඉතින් තිබුනා නම් අල්ලාගන්න එපායැ (නි)

:       0       0

චන්න Wednesday, 11 March 2015 03:25 AM

මේවා කොච්චර කිව්වත් වැඩක් නෑ. හොර බොරු නැති ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න ඕන. (ර)

:       0       0

පෙරේරා Wednesday, 11 March 2015 03:34 AM

දැන් ගොඩක් අයට තේරේවි යහපාලනය කොහොමද කියලා (ධිල්)

:       0       0

පෙරේරා Wednesday, 11 March 2015 03:48 AM

මේක තමා යහ පාලනය කියන්නේ .දැන් තේරේනවා නේද හිටපු නායකයා කොයිතරම් හොදයිද කියලා  (දිල්) 

:       0       0

සුනිල් Wednesday, 11 March 2015 04:58 AM

මෙය ඉතා වැරදි පූර්වාදර්ශයක්. මහ බැංකුවේ අධිපති තුමා නිදොස් නම් ඔහු මේ පරීක්ෂණය නිම වෙන තෙක් තනතුරින් ඉවත් විය යුතුයි. එයයි යහ පාලනය.. (ම)

:       0       0

නාසා Tuesday, 10 March 2015 07:07 AM

යහ පාලනේ මන් සලකුණු ... දැන්ම දඩුවම් දෙන්න ඕනේ ..(නදී)

:       0       0

චාමර Tuesday, 10 March 2015 07:13 AM

මිනිසුන් කිරලා මැනලා අායෙත් වෙනසක් ගේනවා. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 10 March 2015 07:33 AM

මෙයාලා මහා බැංකුවෙන් පටන් අරන් තියෙන්නේ සැබෑ වෙනස (නදී)

:       0       0

අනුරශාන්ත Tuesday, 10 March 2015 07:38 AM

දුෂිත වැඩක් නම් කරලා තියන්නේ කල් බලන්න දෙයක් නැහැ ඉවත් කල යුතුමයි. (ර)

:       0       0

සම්පත් Tuesday, 10 March 2015 07:53 AM

අනේ රටකට ගිය කලක් (නදී)

:       0       0

කබ්රාල් Tuesday, 10 March 2015 08:05 AM

ඉන්දික යෝජනා කොරන්නේ හම්බන්තොට මැද මුලන ගමේ බයියන්ගෙන් වැඩේ පටන් ගන්න කියල වෙන්නැති. මහා බැංකුවේ සල්ලි මුළු රටේම සල්ලි උපයන්නේ රටේ පුරවැසියෝ නැතුව පුටු රත් කර කරා තරබාරු වෙන දේශ පාලුවෝ නෙමේ (බ)

:       0       0

ජයසේන Tuesday, 10 March 2015 08:05 AM

දැන් පරණ වංචා සොයන්නේ කොහොමද පෝලිමේ අලුත් වංචාවන් එනවිට. 2015.01.08 දිනට පසුව සිදුවෙන දුෂණ සෙවීමට වෙනම අල්ලස් කොමිසමක් පිහිටුවොත් වටිනවා. (බ)

:       0       0

දුමින්ද Tuesday, 10 March 2015 08:20 AM

එදා සහෝදර සමාගම-අද බෑණා සමාගම -ජනතා සමාගම -සිහිනයක් පමණක්ද ? (නදී)

:       0       0

කරු ජයතුංග Tuesday, 10 March 2015 08:24 AM

මෙයාට ලංකාවේ පුරවැසි බවත් නැහැ. අපේ ලංකාවේ පුරවැසියෙක් නැද්ද මහා බැංකුවේ අධිපති කමට සුදුසු? (නදී)

:       0       0

වීරසේකර Tuesday, 10 March 2015 08:24 AM

මහින්ද හොරු රැක්කා වගේ ඉන්න එපා. වැරදි නම් වහාම දඩුවම් දෙන්න. නැත්නම් යහපාලනයෙන් ඇති වැඩක් නැහැ. (නදී)

:       0       0

ගුණසේකර Tuesday, 10 March 2015 08:31 AM

මුණ දිහා බලල හොරු කව්ද කියල හොයා ගන්න අද රටේ පාලකයන්ට බැරි උනාට අපිටනම් හොයාගන්න පුළුවන්. (නදී)

:       0       0

විජයබාහු Tuesday, 10 March 2015 08:36 AM

වැඩක් නැ මෙයාල බොරුවට කැගහනවා කඩේ යනවා විතරයි. විජයදාස මහත්තයත් කිව්වේ. අමු බොරු කාරයෝ ටිකක් මිනිස්සුන්ව රවට්ටනවා. (බ)

:       0       0

දයා Tuesday, 10 March 2015 08:37 AM

මේ යහපාලනයේ පෙරනිමිතිද , කියන්නේ එකක් කරන්නේ එකක් (බ)

:       0       0

රෝයි Tuesday, 10 March 2015 08:42 AM

පවුල් වාදය ලංකා දේශපාලනයේ මෙන්ම පරිපාලන අංශයේද මුල්බැසගෙන තියෙන්නේ. තාත්තලා පුතාලා නැන්දලා, මාමලා, යෙලිලා බැනලා පමණයි ලංකාවේ දේශපාලනය කරන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම එකයි. රාජ්‍ය නිලධාරීන්ද අද එම ක්‍රමය අනුගමනය කරනවා.(දිල්)

:       0       0

කරූ Tuesday, 10 March 2015 08:53 AM

ඉන්දික යෝජනා කරන්නේ හම්බන්තොට මැද මුලන ගමේ අයගේ වැඩ පටන් ගන්න කියලා වෙන්නැති නේද?(දිල්)

:       0       0

සුජිත් Tuesday, 10 March 2015 09:27 AM

ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියන එක වෙනස් කරලා මහින්ද යවලා මෛත්‍රී ගත්තා වගේ කියන්න වෙයි වගේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 155 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 524 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 474 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 506 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1194 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 459 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site