IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පරීක්ෂණයට සාධාරණ කමිටුවක් ඉල්ලයි

ස්වාධින හා අපක්ෂපාත විනිශ්චය සභාවක් පත් කරන තුරු ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අත්හිටුවන්නැයි නීලකන්දන් නීතිඥ සමාගම චමල් රාජපක්ෂ කතානායකට අද ලිඛිතව දැනුම් දුන්නේය. අගවිනිසුරුවරියගේ නීතිඥවරුන් වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරන බවත් ඇය පාර්ලිමේන්තු තේරීම් කාරක සභවෙන් ඉවත් වූ බවත් ඊට හේතු ද දක්වා ඇති බවත් එම සමාගමේ ලිපියේ සඳහන් වේ. අග විනිසුරුවරියට එරෙහි චෝදනා පදනම් විරහිත බව ද පහසුවෙන් ම ඇයට තම නිර්දෝෂි බව ඔප්පු කළ හැකි බව ද නීතිඥ සමාගම කියයි. මෙම ප්‍රශ්නයේ බලපෑම අග විනිසුරුවරියට වඩා ශ්‍රී ලංකාවේ අධිකරණයට හා රටවැසියන්ට බලපාන්නේ යැයි ද එහි දැක්වෙයි. ඇයට එරෙහි චෝදනා  සාධාරණ හා අපක්ෂපාත විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් පර්මාධිපත්‍යය හිමි ජනතාවට ඇතැයි ද එහි සඳහන් වෙයි.



අදහස් (0)

පරීක්ෂණයට සාධාරණ කමිටුවක් ඉල්ලයි

ජීව Saturday, 08 December 2012 01:02 AM

මේකෙන් අධිකරණයටවත්,ජනතාවටවත්,කිසිම බලපෑමක් නැහැ. මේ අය හදන්නෙ ජනතාවට මේකෙන් අනිසි බලපෑමක් ඇතිකරන්න. විනිශ්‍ය සභාව පක්ෂ ද අපක්ෂපාත ද කියල දැනගන්න මේකට සහභාගි වෙලා ඉන්න ඕනෑ නේද? උසාවියෙන් අපට දෙන තීන්දුව වැරදියි කියලා අපට උසාවි නොගිහින් ඉන්න පුළුවන්ද? (නි)

:       0       0

පෙරේරා Saturday, 08 December 2012 03:25 AM

ඇය නිර්භීත ගැහැණියක්. සියලු ලාංකිකයින් එක්විය යුතුයි. (නි)

:       0       0

කේ.හේමසර Saturday, 08 December 2012 06:18 AM

ස්වාධීන කමිටුවක් පත් කරන්න බල කරමු.!

:       0       0

වසනා Sunday, 09 December 2012 12:11 AM

මමත් කියන්නේ ඒක තමයි සාධාරණ විසදුමක් දෙන්න (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 08 December 2012 06:35 AM

පෙරකදෝරු මහත්තයාලාටත් හිතට අමාරුයි වගේ.. අපිටත් ඕවගේ තමයි නඩු කල් යද්දි මේ වගේ තීරණ දෙද්දි..!(නු)

:       0       0

නිමල් Saturday, 08 December 2012 08:25 AM

ලංකාවේ නීතියත් එකයි. අපිත් එකයි. දුප්පත් මිනිහෙකුට නඩුවක් වැටුන නම් මාධ්‍යවලත් නෑ නීතිවේදියොත් නෑ, දේශපාලකයොත් නෑ, අන්තිමට ඇපත් නෑ ... ඒ උනාට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය නම් ගහක් ගලක් ගානේ ...(ස)

:       0       0

නිර්මාල් Saturday, 08 December 2012 08:43 AM

බුදු සරණයි ඔබ සියල්ලන්ටම (දී)

:       0       0

සරත් Saturday, 08 December 2012 08:47 AM

තව ඉදිරියට යමුකෝ (ස)

:       0       0

කුමාර Saturday, 08 December 2012 09:10 AM

ජයවේවා

:       0       0

රන්ජන් Saturday, 08 December 2012 09:10 AM

ජීව- අදාල දෙයක් කරන් පාඩුවේ හිටියනම් නේද හොඳ (ස)

:       0       0

කාලිංග Saturday, 08 December 2012 09:25 AM

කමිටුවක තියෙන්න ඕන පළවෙන් එක තමයි සාධාරණත්වය (දී)

:       0       0

අසංක Saturday, 08 December 2012 09:26 AM

මමත් ඒ ඉල්ලීම නම් පිලි ගන්නවා (දී)

:       0       0

සරත් Saturday, 08 December 2012 09:31 AM

ජීවා නීතිය දැනගෙන කතා කරන්න (ස)

:       0       0

රෝහිත Friday, 07 December 2012 06:19 PM

කාගේත් පොදු මතය එකම තමයි

:       0       0

සදුන් නවසීලන්තය Friday, 07 December 2012 06:32 PM

රටට ගිය කලක්... (ස)

:       0       0

පෙරේරා Saturday, 08 December 2012 10:12 AM

ඒ ඉල්ලීමත් සාධාරණයි

:       0       0

ප්‍රසන්න Saturday, 08 December 2012 10:19 AM

අනේ හැමෝටම ඔය විදියට නඩු වලින් ඉවත් වෙන්න පුලුවන් නම්... (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 08 December 2012 10:31 AM

කවුරු කවුරුත් දැනගන්න ඕනෑ නඩු අහන එක නඩු කියන එක වගේ ලේසි නැහැ කියලා. (නි)

:       0       0

ශාන්ත Friday, 07 December 2012 06:56 PM

පාර්ලිමේන්තුවට පත්වු පමණින් මෙම සභා කමිටු සාමාජිකයිනට ඕනැම විදියට හැසිරෙන්නට බැහැ. ඔවුන් රටේ උගත් විශේෂයෙන් රටේ අග විනිසුරුතුමියට ගරුසරු කර මහත්මා ගති පැවැතුම් ඇති අයලෙස උගත් සභාවේ හැසිරිය යුතුයි. මේවා ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ බලපාන බව උගත් මැතිවරුන් දැනගත් යුතුයි. කරුණාකර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ටිවි චැනලයවත් මොවුනට පෙන්වන්න. ඔවුන් හැසිරෙන හැටි බලාගන්න. මා උගත් කථානායකතුමා ගෙන් මෙය ඉල්ලා සිටිනවා. මෙම කමිටු හැසිරීම ජාත්‍යන්තර ප්‍රජාව විමසිල්ලෙන් බලාසිටින බව හැම විටම මතක තබා ගත යුතුයි. (නි)

:       0       0

නුවන් Saturday, 08 December 2012 10:45 AM

දැන් තරහ වුණාට ගොඩක් අය එකම මල්ලේ බළල්ලු බව අපි දන්නවා. (නි)

:       0       0

අජිත් Friday, 07 December 2012 07:20 PM

දැන් ඉන්න අයත් අපක්ෂපාතී හා සාධාරණ අය නේද ? (ස)

:       0       0

හිල්ම් Friday, 07 December 2012 07:34 PM

සාධාරණයි

:       0       0

පාලිත Friday, 07 December 2012 07:55 PM

නැතුව්ව මහන්සි වෙන්න ඕනේද යන්න ඕනේ (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 December 2012 08:00 PM

"ඇයට එරෙහි චෝදනා සාධාරණ හා අපක්ෂපාත විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් පර්මාධිපත්‍යය හිමි ජනතාවට ඇතැයි ද එහි සඳහන් වෙයි" මේ රටේ දැනට නම් පරමාධිපත්‍යය හිමි ජනතාව ඉන්නේ මට හිතෙන හැටියට කැලණිය පැත්තේ විතරයි. මොළයක් තියෙන ජනතාව පරමාධිපත්‍යය ගැන ආසාව ටිකකට අත ඇරලයි දැන් ඉන්නේ. (නි)

:       0       0

චමිල Friday, 07 December 2012 08:12 PM

ලේසි නෑ වගේ (ස)

:       0       0

පාලින්ද Friday, 07 December 2012 08:31 PM

නැතුව ....නැතුව .... (දී)

:       0       0

සදුන් Friday, 07 December 2012 09:03 PM

මමත් කියනවා ඒ කතාවනම්

:       0       0

මදිරා Friday, 07 December 2012 09:21 PM

මේ වතාවේ පාඩමක් උගන්වමු.......(ස)

:       0       0

හේමසාර හිමි Friday, 07 December 2012 09:19 PM

ස්වාධීන කමිටුක් පත් කරන්න ආණ්ඩුවට බල කරමු (ස)

:       0       0

සම්පත් Friday, 07 December 2012 09:26 PM

ජයවෙවා ඔබතුමියට (ස)

:       0       0

මොහොමඩ් Friday, 07 December 2012 09:44 PM

කතාව ඇත්ත

:       0       0

ජීනා Friday, 07 December 2012 09:46 PM

ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න එපා. (ස)

:       0       0

චන්දිම Friday, 07 December 2012 10:12 PM

අනේ මන්දා ඔය කමිටුව සාධාරණ වෙන්න නම් අඩුම තරමින් ආණ්ඩු පැත්තෙයි විපක්සෙයි ගාන සමාන වෙන්න එපැයි. නැතුව එක පැත්තක් හරි වැඩි වුණොත් මොන සක්කරයා කිව්වත් තීන්දුව යන්නෙ ඒ පැත්තට. ඔන්න ඔතනයි පොයින්ට් එක තියෙන්නෙ. ඕක තේරුම් ගන්න ඔය නීති සාස්තරේ දැනගන ඉන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඩයස් Friday, 07 December 2012 10:46 PM

කතාව ඇත්ත

:       0       0

හේරත් Friday, 07 December 2012 10:56 PM

කුමබලා මාළු කෑවනම් විදවපන් බළලෝ (ස)

:       0       0

හේරත් Saturday, 08 December 2012 02:09 PM

ඉස්සන් හාල්මැස්සන් වැනි තෙවැනි පිළේ ලොකු තල්මසුන් පැටළේවිද මාලු දැලේ... (නි)

:       0       0

නන්දන Saturday, 08 December 2012 09:08 PM

හා... කොහොමද සාධාරණ අය හොයන්නේ ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 298 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1335 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 959 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1542 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 603 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2004 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39312 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site