IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පරීක්ෂණවලට උපරිම සහාය දෙනවා - විජයකලා ඉල්ලා අස්වෙමින් කියයි

එෆ් අස්ලම්
 
තමා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහයෝගය දැක්වීමක් ලෙස විමර්ශන අවසන් වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති, අගමැති සහ කතානායකට යොමු කළ බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

 
‘‘අද හවස 5.30ට පමණ මම ඉල්ලා අස්වීම අගමැති ජනාධිපති සහ කතානායක වෙත යොමු කළා. කතානායකවරයා පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිට දැනුම් දී තිබුණා. පරීක්ෂණ අවසන් වන තෙක් පරීක්ෂණවලට සහාය දැක්වීමක් ලෙස මම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා.  එම විමර්ශනවලට මම පූර්ණ සහාය ලබා දෙනවා.
 
මම යාපනයේ කළ කතාව ඇතැම් මාධ්‍ය පරිවර්ථනයේ දී විකෘති කර තිබුණා. නමුත් ලංකාදීපයේ එසේ විකෘති කර තිබුණේ නෑ. පරිවර්තනය කරද්දී සුලු අතපසුවීමකින් පවා අර්ථය විශාල වශයෙන් වෙනස් වෙනවා. මේ කතාවත් එලෙස තමයි වෙලා තිබුණේ.
 
ජාතිවාදය වැපිරීම හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මට උවමනාවක් තිබුණේ නෑ. මට උවහනාව තිබ්බේ එදා සහ අද වෙනස පෙන්වීමට පමණයි. අද උතුරේ අපරාධ වැඩි වෙලා.   එය  පෙන්වන්නයි අවශ්‍ය වෙලා තිබුණේ. එමගින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව අත්කරදීමයි මට අවශ්‍ය වෙලා තිබුණේ.   ඉදිරියේදී හෝ උතුරේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. 
 
යහපාලන ආණ්ඩුව හරහා ඉදිරියටත් උතුරේ නතාවට සේවයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවේ නීතිමය තත්ත්වය කුමක්දැයි විමර්ශකයක් තීරණය කළ පසු වැඩි යමක් කිව හැකියි. ‘‘ යැයි ද ඇමැතිවරිය කීවාය.



අදහස් (20)

පරීක්ෂණවලට උපරිම සහාය දෙනවා - විජයකලා ඉල්ලා අස්වෙමින් කියයි

jayatissa Thursday, 05 July 2018 03:37 PM

උතුරේ අපරාද වැඩියි කියලයි එයත් ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්ද? නිකන් බේගල් ඇද බානවා දැන් ඇඟ බේරගන්න

:       172       460

Bamunuarachchi Thursday, 05 July 2018 04:29 PM

මෙතැන් ඇත්ත වශයෙන් මැයගෙන් කියවුනේ එල්ටීටීඊ ය බලවත්ව පැවතී කාලයේ යාපනයේ මැරවර කල්ලි විසින් කරන ලද අපරාද නොතිබුණු බවයි. දැන් කල්ලි විසින් කරන අපරාද දෙමල වැසියන්ට දරා ගන්නට බැරි තරමට ඉහල ගොස් තිබීම ඇයගේ ප්‍රකාශයට හේතුවයි

:       534       385

BamunuarachchiFriday, 06 July 2018 12:07 AM

1988/ 89 ජවිපය බලවත්ව සිටි කාලෙත් ගම්වල දූෂණ, හොරකම් වැනි දේශපාලන නොවන අපරාධ සිදුවුනේ නැහැ. අපිත් විජයකලා වගේ ජවිපය ගැන ඔහොම කියනවාය. හාමුදුරුවන්ගේ හිට්ලර් කතාවත්, විජයකලාගේ එල්.ටී.ටී.ඊ. කතාවත්, බන්දුලගේ 2500 කතාවත් විකෘති වී ඇත.

:       0       0

RNG Thursday, 05 July 2018 04:45 PM

අනේ මේ දැන් නිකන් බොරු සෝබන කතා නොකර ඉන්නවද? රටේ බහුතරයක් ජනතාව නම් දැන් දැනගෙන ඉවරයි තමන් සහ තමන් නියෝජනය කරන පක්ෂයෙ හැටි. ඔය වෙනස පහදන්න ඕන නම් කොටි සංවිධානය තිබුණු කාලෙයි වර්තමානයයි විතරක් සංසන්දනය කරන්න තිබුණා. ඒත් කොටි සංවිධානය නැවත බිහි කරන එක අපේ මූලික අරමුණක් කිව්වෙ වෙනස ක්‍රියාත්මක කරන්න කියලා මොළේ ඇති ජනතාවට නම් තේරිලා තියෙන්නෙ දැනටමත් ...

:       299       523

BamunuarachchiFriday, 06 July 2018 04:54 AM

ජනතාවට මොලේ තිබෙනවාද? මට නම් විශ්වාසයි මේ රටේ ලක්ෂ 62 කට මොලේ නැහැ කියලා.

:       0       0

RNG Thursday, 05 July 2018 04:48 PM

දැන් ඔය මොනවා කිව්වත් ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමයි කියලා මොළේ ඇති ජනතාවට නම් තේරෙනවා...

:       126       304

SL Thursday, 05 July 2018 05:34 PM

ත්‍රස්තවාදීන්ට කඩේ යන සියලු දෙනා නෛතිකව සිරගත කල හැක.

:       38       115

ratnamalala Thursday, 05 July 2018 06:45 PM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් මෙයා දැනටමත් ඉන්න ඕනේ හිරේ.

:       229       373

BamunuarachchiFriday, 06 July 2018 04:51 AM

එතකොට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය?

:       0       0

BamunuarachchiFriday, 06 July 2018 10:40 AM

මෙයා කරපු වැරැද්ද මොකක්ද? තම අදහස් ප්‍රකාශ කිරීමද?

:       0       0

pathiraja Thursday, 05 July 2018 07:13 PM

කොහොම උනත් එල්ටීටීඊ කාලයක් කොටසක් පාලනය කරා. එහිදී රැක උනත් එම පලන කොටස තුල ගැහැනියකට උනත් රාත්‍රී කාලයේ යා හැකිව තිබුණා. නමුත් සීමා ප්‍රදේශ වල තිබුනේ අරාජිකත්වයක්. තම ජාතිය හැරෙන්න අනිත් ජාතීන්ට ගරුකලේ නැහැ. ඒ තුලින් විනාශය ළගා උනා.

:       5       241

peduruFriday, 06 July 2018 12:27 AM

ඔයා යාපනේද උන්නේ එයාලා හරියට පාලනය කල හැටි බලන්න? ඔයාල වගේ අය හින්ද තමයි ලංකාවට හරි යන්නේ නැත්තේ.

:       0       0

BamunuarachchiFriday, 06 July 2018 10:24 AM

මෙහිදීද විජයකලා කතාකලේ තම ජාතිය ගැනයි. තම ජාතියට තම ජාතියේම අපරාධ කල්ලිවලින් සිදුවන අපරාද ඉවසා ගන්න බැරිවයි. අපේ රටේ මේ අපරාද රැල්ල නැතිකරන්න නවගුණවැල අතට ගත් පූජකයින්ට හෝ පඹයින්ට බැරිය. හිට්ලර් කෙනෙක්ම අවශ්‍යයි. බළලා මැටියෙන් වුනත් කමක් නැහැ මීයෝ අල්ලනවා නම්... හිට්ලර් නොවෙයි ස්ටාලින් වුනත් කමක් නැත. රට හදනවා නම්. අපි රටේ නීතිරාමුව තුළ ජීවත් වෙන නිසා රට හදන්න මොන එකාධිපති ආවත් අපිට කමක් නැත. කවුරු හෝ රට හදනවා නම් කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි කමක් නැත.

:       14       0

lalithsjm Friday, 06 July 2018 01:21 AM

උතුරේ වුනත්, දකුණේ වුනත් ලංකාව කන්න ආපු දේශපාලකයෝනේ... දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියනවා.

:       0       0

dhammika perera Friday, 06 July 2018 01:27 AM

රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම්, මෙයාව හිරේ දාන්න තදින් බුරන බහුතරයක් මෙලහට ඉන්න ඕනෙත් හිරේ හරි එල්ලුම්ගහේ හරි. අලුත් ආණ්ඩුවක් ඇවිත් අවුරුදු හතරකට කිට්ටු වුණා. තවම මේ කාන්තාවගේ මනුස්සයා මහා දවල් වෙඩි තියලා මරපු අය නිදැල්ලේ. කොටින්ට කෝටි ගණන් පගාව දීලා ඡන්ද දිනපු අයට නීතිය ක්‍රියාත්මක වෙන හැටි හොඳට පේන්න තියෙනවා.

:       0       0

Chaminda Friday, 06 July 2018 02:39 AM

මේක‍ට ප්‍රධාන හේතුව රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම, දේසපාලුවන්ට වෙනම නීතියක් සහ නීතියේ සහන ලබා ගැනීමට දීර්ග කාලයක් ගැනීමයි. රටේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීමයි. මේ ටික හරියට උනානම් මෙව්වා වෙන්නෙත් නැහැ මේවගේ කතා අහන්න වෙන්නෙත් නැහැ

:       0       0

Pradeep Friday, 06 July 2018 03:35 AM

උතුරේ ඉතුරු හමුදා කදවුරු ටිකත් අයින් කරමු. එතකොට අපරාධ අඩුවෙයි. හමුදා කදවුරු අයින් කරන්න කියලනේ ඔය කට්ටියම කිව්වේ. දැන් පේනවනේ වෙනස. ලෝකේ හිටපු දරුණුම ත්‍රස්තවාදී කල්ලිය මෙල්ල කරපු අපේ හමුදාවේ කොල්ලන්ට ඔය ආවා වගේ කල්ලි මොනාද...

:       0       0

එර්දි Friday, 06 July 2018 05:55 AM

ඇය ද්‍රවිඩ වූවත් කල වැරද්ද පිලිගෙන ඉල්ලා අස්වී ඉදිරි පරික්ෂණ ඉදිරියට කරගෙන යෑමට සහායෝගය දෙන බව ප්‍රකාශ කර ඇත.අපේ සිංහල මැති ඇමතිවරුත් එසේද?මිනිමැරුම් හොරකම් දූෂණය පෙනි පෙනී කරද්දිත් ඇමතිවරු ඉල්ලා අස්වී තිබේද?

:       22       110

RNG Friday, 06 July 2018 09:54 AM

ඔබ හිතන්නෙ මේ ඉල්ලා අස්වීම තම කැමැත්තෙන් කළ දෙයක් ලෙසද ..? මේක උප්පරවැට්ටියක්.. දන්නෝ දනිති

:       0       0

Krish Friday, 06 July 2018 11:48 AM

අාවා ගියා කියන කල්ලි ඒ අයගේම අයනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 19 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 99 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 206 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 159 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 214 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site