IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පරිගණකයෙන් පරතෙරට යන මගක් ග්‍රේරු කියයි

මුලික පරිගණක අධ්‍යාපනයෙන් එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ දැනුම් ආර්ථිකයක් ගොඩනැගිය හැකි පරිගණක හා තොරතුරු තාක්‍ෂණ විෂයය මාලාවක් ඉතා ඉක්මනින් හඳුන්වා දිය යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශූර තරඟයේ ජය සංකේත ප්‍රදානෝත්සවය‍ට  සහභාගී වෙමින් ග්‍රේරු මහතා මේ බව කීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සන්නිවේදන ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත කරුවන්ගේ එකමුතුව හා ශ්‍රී ලංකා පරිගණක සමාජය පස්වන වරටත් මෙය සංවිධානය කළේය. කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේදී පාසල් සිසුන් 210 ක් සඳහා මෙහිදී ජය සංකේත ද මෙහිදී  ප්‍රදානය කෙරිණි.

අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා,

‘වර්තමාන ඉන්දියාවේ බැංගලෝරය වැනි ප්‍රදේශයක පවා පරිගණක හා තොරතුරු තාක්‍ෂණය ප්‍රයෝජනයට ගෙන මුලු ලෝකයම දිනා  ගන්න සමත් වෙලා තිබෙනවා. ඒ හරහා ඩොලර් මිලියන ගණන් විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්දියාවට උපයා ගැනීමට ප්‍රදේශයේ පරිගණක සමාගම් වලට හැකි වෙලා තිබෙනවා. ඒ අතින් බලන කොට අප රටේ තොරතුරු තාක්‍ෂණ දියුණුව තව බොහෝ දුර යා යුතුයි.

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාවය 2005 වන විට සියයට තිස් පහක් වුනත් ප්‍රමාණයක් වුනත් අද වන විට එය 75% දක්වා සමීපයට පැමිණ තිබෙනවා.

සියලු උපාධිධාරී ගුරුවරුන් නගරයේ පාසල් වලට එන්න උත්සාහා කරනවා. එයින් මේ ඈත ගම්මාන වල අහිංසක දරුවන් අසරණ වෙලා. නිදහස් අධ්‍යාපනයට ගරු කිරීමක් වශයෙන් අඩුම වශයෙන් වසර පහක් වත් ඈත ගම්මාන වලටත් ගිහින් ඒ දරුවන්ටත් තොරතුරු තාක්‍ෂණය පරිගණක, දැනුම බෙදා දෙන්න ධෛර්යමත්ව ඉදිරිපත් වන්නැයි මා උපාධිධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 



අදහස් (0)

පරිගණකයෙන් පරතෙරට යන මගක් ග්‍රේරු කියයි

සංජය පෙරේරා Thursday, 02 January 2014 03:54 PM

ඔබ වැන්නෙකු අධ්‍යාපනයට එකතු වීම දරුවන්ගේ සුබ සිහින සැබෑවීමක පෙර සලකුණකි.(නදී)

:       0       0

හේමාල් වෙරෝනා Thursday, 02 January 2014 04:42 PM

කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය ඔබ තුමාවත් අවම කරන්න.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 02 January 2014 04:58 PM

අධ්‍යාපන ඇමතිතුමා විය යුත්තේ ඔබයි.(නදී)

:       0       0

කමල් Thursday, 02 January 2014 11:36 PM

තොරතුරු තාක්‍ෂණය ලංකාවේ දියුණු කරන්න හදන විදිහ ගැන කතිකාවක් ඇති කරන්න. දැන් යන විදිහට ඉංග්‍රීසි භාෂාව බැරි කලා වාගේ මේකත් බැරි කරන්න තමයි හදන්නේ. මාෆියාව තේරුම් ගන්න. මවා ගෙන ඉන්න නිලධාරීන් ගැන සොයා බලන්න. මෙය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් නොවේ. (නදී)

:       0       0

බානුක Friday, 03 January 2014 01:54 AM

ඔයාගෙත් කතාව විතරයි වැඩ නැහැනේ. පුලුවන්නම් අඩුතරමින් එකක්හරි කරලා පෙන්වන්න. (අ)

:       0       0

ශ්‍යාමලී Friday, 03 January 2014 07:27 AM

ඔබතුමාගෙන් රටට වැඩක් වෙයි වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 364 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 334 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 449 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 940 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 413 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 16 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site