IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාස නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අද වන විට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බරපතළ ලෙස  ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමනම බවත් හෙතෙම පැවසීය.

හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපති වරයෙකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ කිසිවක් කොට අත්තනෝමතික ලෙස හැසිරෙනු නොහැකි බව ද විපක්ෂ නායකවරයා කීවේය.

පත්කරගත් ඒකාධිපතිත්වයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුබවත් පාලකයින් එකමුතු බවේත් සාධාරණත්වයේත් ආදර්ශය ලබා දියයුතු බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක,  පී දිගම්බරම්, හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (15)

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි

kamal Tuesday, 26 July 2022 01:55 PM

මම කැමතියි කියපුවෙලාවේ ගණන් උස්සලා මම කලපනා කරලා බලන්නම් කිව්වනේද? දැන් ඉතින් අනුන්ගේ මගුල් මේසවල ඇද හොයපන්.

:       3       31

sisilTuesday, 26 July 2022 04:05 PM

සජිත් වගකීම් බාරගන්නෙත් නැත, තනතුරුවලට තිබෙන කෑදරකම ඉරිසියාව, කුහකකම නිසා වෙනකෙනෙකුට කරන්න දෙන්නෙත් නැත. මෙවැනි දේශපාලකයින් රටේ වගකිවයුතු තනතුරු සඳහා ජනතාව පත් කරාවිද?

:       0       9

Lalith M Tuesday, 26 July 2022 01:56 PM

දුන්නම බලය නොගෙන දැන් විරිත්තල වැඩක් නෑ. කරන එවුන්ට ඒක කරන්න දීල කාලයක් බලා ඉන්න ඕන.

:       3       35

Hira Tuesday, 26 July 2022 02:03 PM

නැවත ජනාධිපති හෝ අගමති හීනය බොඳවන්නට පසුව මුන් හැසිරෙන්නෙ වයිරක්කාරයො විදියට.

:       2       30

Chinthaka Tuesday, 26 July 2022 02:10 PM

මෙවා කියනකොට අපට ඔයාගෙ තාත්තා මතක් වෙනවා

:       3       29

BTTuesday, 26 July 2022 04:55 PM

ඒ කාලේ වෙච්චි දේවල් දන්නේ නැතුව ඇති. හිටියේ ලන්ඩන්වලනේ...

:       0       8

nimalTuesday, 26 July 2022 05:19 PM

අම්මවත් මතක් කරනවා.

:       0       6

චන්දන Tuesday, 26 July 2022 07:16 PM

සහතික ඇත්ත... තාත්තා කියනවා ඇති ඕවා කියන්නේ මටද කියලා...?

:       0       6

BTTuesday, 26 July 2022 07:35 PM

එයා නම් ඒ කාලේ වෙච්චි දේවල් දන්නේ නැතුව ඇති. හිටියේ ලන්ඩන්වලනේ....!

:       0       4

dhamneth Tuesday, 26 July 2022 02:26 PM

රටෙ උගත්තු මොන තරම් කිවුවත් හොර තක්කඩි දේසපලුවො බොරුවෙන් රට ගෙනියනව

:       8       9

පුතාණෝ... Tuesday, 26 July 2022 02:39 PM

පියාගේ අනුපාරේ යන පුතාණෝ... වාසියට කියන කතා... එතකොට ඔය අරගල අයට ලෝයර්ලා 200 නොමිලේ ලබා දුන්නේ රට බේරගන්නද.. නැතිනම් ප්‍රචණ්ඩත්වයට මුක්කු ගහන්නද?

:       3       30

fairoos Tuesday, 26 July 2022 02:42 PM

වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ...?

:       3       0

demin Tuesday, 26 July 2022 03:54 PM

මහත්තයෝ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ඉහළින්ම තිබ්බේ ඔහේගේ පියාණෝගේ කාලේ. වස්කඩුවේ පුච්චලා තිබ්බ මිනියේ කකුලේ ඇඟිල්ලකින් මගේ අයියා කියලා හොයාගත්තේ... අපි චන්ද්‍රිකාට ජවිපෙට, මහින්දට මෛත්‍රීට දීලා බැලුවත් ඒ ඔක්කොම අපතේ... කාටවත් මේ රට ගැන හැඟීමක් නැහැ. දැන් මේ ඉන්න රටේම ඉන්නවා එන්නෙම නැහැ...!

:       0       6

චින්තක Tuesday, 26 July 2022 07:49 PM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසනු කියලා මම පාසැල් යන කාලයේ අහලා තියෙනවා තමුන්නැහැලා කවදා හෝ ජනාධිපති වෙන්න ඉන්න අයනේ... එදාට ඔහොම අරගල ඇතිවුණොත් හිතන්න කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා.. හැබැයි උන්නැහේ එදාට ඔහොම කියන්න බැරිවේවි..

:       0       5

Lelwala Wednesday, 27 July 2022 07:41 AM

බලය නැති අයට මේක රාජ්ජ ප්‍රචන්ඩයක් වෙන්න පුලුවනි. වුගත් මහජනතාව මේව අනුමත නොකරති. මේක අරගලයක් නොව. මේක රාජ්‍ය කුමන්ත්‍රනයක්. මහජන චන්දයෙන් බලය ලබා ගන්න බැරි නිසා කුමක් හෝ මාර්ගයකින් බලය ලබා ගැනිම ඔවුන් ගේ අරමුණයි. මෙය කුමක් හෝ ක්‍රමයකින් මර්දනය කර යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1577 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 305 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 609 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3969 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 557 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2988 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site