IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායකට ගේත් අහිමි වෙයි

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන ඔහුගේ නිවසින් එළියට දමා ඇති අතර නිවසේ බඩු මුට්ටුද ඉවත් කර ඇතැයි වාර්තාවේ.

පෞද්ගලික බැංකුවකට එම නිවස උකස් කර ණය මුදලක් ලබාගෙන ඇතත් එය නිසිලෙස ගෙවා නොමැතිවීම හේතුවෙන් පැවරූ නඩු විභාගයේදී කොළඹ දිසා අධිකරණයෙන් දුන් තීන්දුවක් අනුව මෙසේ නිවසේ බඩු මුට්ටු ඉවත් කර ඇත.

 



අදහස් (0)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායකට ගේත් අහිමි වෙයි

රසික - නාගොඩ Wednesday, 17 June 2015 03:59 AM

උදය. එහෙම කරන්න බැහැනේ. මෙයා කැප්ටන් කෙනෙක්නෙ.ලෝයර් කෙනෙකුට වඩා ඉහළයි නේද.?(නදී)

:       0       0

නිහාල් පත්මසිරි Tuesday, 16 June 2015 03:29 PM

මම නම් සිතාගෙන සිටියේ මේ පක්ෂයේ පිරිසිදු අය පමණයි ඉන්නේ කියලා. නයක් ලබාගෙන එය නොගෙවා සිටීමත් වරදක්.(නදී)

:       0       0

ලසිතා Tuesday, 16 June 2015 03:39 PM

අපේ මාමා කෙනෙකුටත් ඔහොම දෙයක් වුණා. අම්මෝ බැංකු ලෝන් අරන් සෙල්ලන් කරන්න නම් බැහැ. මාමා නම් ලෝන් අරන් ගේ හැදුවේ නොගෙවා කට්ටි පනින්න නොවෙයි. එයාට දේශපාලන හයියක් තිබුනෙම නැහැ. බාගයක් විතර ගෙවද්දී මාමා අනතුරකට පත්වෙලා එකතැන් වුනා. පුළුවන් කමක් තිබ්බා නම් මග හරින්නේ නැති ඒ මාමා හරිම අවංක කෙනෙක්. (බ)

:       0       0

නන්දලාල් -ප්‍රංශය Tuesday, 16 June 2015 03:44 PM

තවත් ඔය වගේ ණයකාරයෝ මේ රටේ ඉන්නවාද ? සත්තු වගේ මේ විදියට මනුස්සයෝ ගෙවල්වලින් ඇදල දොට්ට දාන එක පව් නැද්ද ? (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 17 June 2015 04:53 AM

පොන්සේකා මහත්තයට ලැබෙන ඩොලර් වලින් ගෙයක් අරන් දෙවි ..කට්ටිය කලබල නොවී ඉන්න..පොඩ්ඩක් ඕනනම් මෙයා ගැන ගමේ කට්ටියගෙන් අහල බලන්න..බංකලොත් වෙන හැමෝම පිරිසිදු නැහැ . (ස)

:       0       0

මාගලී Tuesday, 16 June 2015 04:47 PM

සල්ලි තියාගෙන නොගෙවා හිටියා නම් වැරදියි.එත් දේශපාලුවෝ නම් ණය අරගෙන නොගෙවා ඉන්න වාර අනන්තයි.ඒවා ඉතින් බොල් ණය තමයි.පොඩි මිනිහෙක් නොගෙව්වොත් තමයි ඔය සේරම (නි)

:       0       0

සුබා Tuesday, 16 June 2015 04:58 PM

මේ මනුස්සයට උදව්වක්, පදව්වක් කරන්න කවරුවත්ම ඉඳලා නැත්ද? (ර)

:       0       0

සහන් Wednesday, 17 June 2015 02:24 PM

අපරාදේ ජනවාරි 08 වෙනිදට කලින්නම් අපේ රජතුමාගේ එක ශක්තිමත් කරලා ගේ බේරගන්න තිබුන ,අමතරව අතට ගානකුත් ගන්න තිබුන ,මේ යහපාලනයක් ඇවිත් ඒවත් නැතිකරලා දැම්මනේ (අ)

:       0       0

ගමගේ Wednesday, 17 June 2015 05:33 AM

ජයංගනී ආරියරත්න 2015-06-17 02:44:17 ඔබතුමිය ඔය කියන නායකයා උදව්කරපු "සාධාරණ" දෙය අපි හැමෝම දැන් දන්නවා නේද ? තවත් එ්ක "සාධාරණීයකරණය" කරන ඔබ වගේ අය .....(බ)

:       0       0

ඉන්දික Tuesday, 16 June 2015 06:40 PM

මගේ ගෙවල් දොරවලුත් මෙහෙම නැතිවුණා. ව්‍යාපාර නිසා.ඒකේ වේදනාව මම තවම විඳිනවා. හතුරෙකුටවත් එහෙම නම් වෙන්න එපා. හරියට අසරණ වෙනවා. (නි)

:       0       0

රූපසිංහ Tuesday, 16 June 2015 06:54 PM

නන්දලාල්, ඔයා පොළවට ඇවිල්ලා ඉන්නේ පිටසක්වළ සත්වයෙක් විදියටනේ.මේ අය දේශපාලනයට එන්නේ තුත්තිරි ගස් අල්ලාගෙන. නමුත් මේ අය යනකොට යන්නේ මාර ගස් උස්සාගෙන. (නි)

:       0       0

ගයාන් Wednesday, 17 June 2015 05:56 AM

යහපාල උන්නාන්සේ ෆොන්සේකාගේ පුද්ගලික ලියන මහත්මයද එයාට හම්බු වෙන ඩොලර් ගැන දන්නවා වාගේ කියන්නේ .(ම)

:       0       0

අනුරාධ Wednesday, 17 June 2015 06:14 AM

ගෙවල් සඳහා උකස් ණය ගැන්මේදී අනිවාර්යයෙන් රක්ෂණයක් ගැනීමට සිදුවෙනවා. යම්කිසි හේතුවකින් උකස ගෙවන්න කලින් ගනුදෙනුකරුගේ ජීවිතයට හානියක් වුණොත් බැංකුව කරන්නේ අර රක්ෂණය මඟින් ඉතිරි ණය පියවාගෙන අදාළ නිවාස ඔහුගේ අඹුදරුවන්ට නැවත උකසින් නිදහස්කර භාරදීමයි. මතු කාලයක තමන්ගේ ආදායම් අහිමිවීම් අවදානම් වලින් ගැළවෙන්න පවා රක්ෂණ ක්‍රම තිබෙනවා. එතකොට මෙවැනි ඉතිරි වූ උකස් ණය ගැන වදවෙන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නය අපේ රටේ සාමාන්‍ය ජනතාවට උකස් මුදල් රක්ෂණ වාරික ආදී මෙකී නොකී දේවල් ගෙවන්න සාමාන්‍ය තත්ත්ව යටතේ අපහසුවීම. නමුත් හැකි කෙනෙකුට ආදයම් රක්ෂණයක් මඟින් මෙවැනි වෙලාවක සහනයක් ලබාගන්න පුළුවන්. නමුත් ඉතා කල්පනාවෙන් කොන්දේසි කියවා බලා රක්ෂණ ගතයුතුයි. (නි)

:       0       0

අමිල Wednesday, 17 June 2015 06:19 AM

ලසිත,ඇයි ලෝන් එකක් ගනිද්දී රක්ෂණයක් තිබුණේ නැද්ද? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 17 June 2015 06:39 AM

පිවිතුරු යහපාල, මහින්ද මහත්තය ගැන ඇරෙන්න අනිත් හැමෝ ගැනම දන්නවා.(ම)

:       0       0

අබ්ලින් Tuesday, 16 June 2015 11:13 PM

වැරදි කෙනාට සහය දුන්නේ. අපේ රජ තුමාට සහය දුන්න නම් ගෙවල් දෙක තුනක්ම හදා ගන්න තිබ්බා.(නදී)

:       0       0

අනුර Wednesday, 17 June 2015 07:04 AM

බැංකු ලෝන් අරන් මේ වගේ වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට පමණි කොටි ප්‍රකෝටි ගණන් වෙච්ච ලොකු දේශපාලන බලය ඇති අය කිසිම කරදරයක් නැතිව ඉන්නවා (ම)

:       0       0

ශිරන්ති Tuesday, 16 June 2015 11:49 PM

මහජන දේපල හොරකම් කලාම ඇප දෙන්න බැරි උනත් ගෙවන වාට්ටුවලට යවල සැප දීල ඇප දෙනවා. නමුත් මේ වගේ දේකට කෙලින්ම නීතිය ක්‍රියාත්මකයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 12:25 AM

පිරිසිදු නිසා නේද ගේ අහිමිවෙලා තියෙන්නේ? එතනෝල් ගෙන්නුවා නම් ,කුඩු ගෙන්නුවා නම්, මාල කැඩූවා නම්, කප්පම් ගත්තා නම් ,කොමිස් ගැහුවා නම් , මංකොල්ලකෑවා නම් මේ මනුස්සයට මෙහෙම වෙයිද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 07:21 AM

අනුන්ගේ සල්ලි ගත්තම ඔහොම තමයි.(ම)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 12:43 AM

සමහර අය අනක් ගුණක් නැතිව ඔහේ අදහස් ලියනවා. මේ ප්‍රවෘත්තියෙන් ගම්‍ය වන වැදගත්ම දෙය සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ අය දුෂණයට හසු නොවීම නිසා මෙවැනි ඉරණමකට ගොදුරු උන බවයි. ෆොන්සේකා මහතා හිරේ ගිය නිසා "හරි ගියේ" අලස් උන්නැහේට. ඉතින් එයා තමයි කපිතාන් ගයාන් විතානට මේ අවස්ථාවේ උදව් කළ යුත්තේ.(නදී)

:       0       0

දිසා Wednesday, 17 June 2015 01:21 AM

සත්‍යා , මම ඔයාගේ අදහසට ගරුකරමි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 11:33 PM

"බංකොලොත් වෙන හැමෝම පිරිසිදු නැහැ .....".! මම නම් බංකොලොත් එකට අමතරව "පරාජිත" කියන විශේෂණ පදයත් මීට ඈඳනවා . (නි)

:       0       0

විජයබාහු Wednesday, 17 June 2015 08:56 AM

රකිත් සතොසෙන් වියලි අහර අරන් බැංකුවට දෙන්නද හි හි හි (ම)

:       0       0

නිරෝෂන් Wednesday, 17 June 2015 02:42 AM

ගමේ අය නම් ඔහු ගැන හොඳට දන්නවා... (නි)

:       0       0

ජයංගනී ආරියරත්න Wednesday, 17 June 2015 02:44 AM

මේවා පක්ෂ නායකයාට කියලා ගැලවීමක් ලබා ගන්න තිබුණානේ. කොහෙද ඉතින් එහෙම උදවුවක්වත් නායකයා කරයිද.? මහින්ද මහත්තයා නම් තමන්ගේ පක්ෂයට කැපවීමෙන් වැඩකරන කෙනාට තම සෙවන බේරා දෙන්න මොකක් හෝ සාධාරණ දෙයක් කරලා උදවු කරනවා. එහෙම කරන එක මනුස්සකම. ඇඟ බේරාගෙන ඉන්න එකට මොන කම කියලද කියන්නේ කියලා මම දන්නේ නැහැ. කොහොම උනත් මේක පක්ෂෙට හොඳ නැහැ. (ස)

:       0       0

නිහාන්ත Wednesday, 17 June 2015 02:48 AM

සත්‍යාගේ ජයාගේ ඇතුළු කිහිප දෙනෙක් ගේ අදහස් වලට මමත් එකග වෙනවා . (ම) .

:       0       0

රකිත් Wednesday, 17 June 2015 02:51 AM

හිටපු ජනාධිපතිතුමාට වැඩ කලානම් ණය සතොසෙන් ගන්න තිබුණා කිසි ප්‍රශ්නයක් නැතිව.(නදී)

:       0       0

උදය Wednesday, 17 June 2015 03:01 AM

අපරාදේ මෙතුමාට අර රුපියල් සීය ගානේ එකතු කරපු මන්ත්‍රීතුමා අනුගමනය කලානම් ඔහොම වෙන්නේ නැහැ (නදී)

:       0       0

රකිත් Thursday, 18 June 2015 03:18 AM

විජයබාහු, ලක්ෂ 52 ක බඩු අරගෙන විකුණලා බැංකුවේ ණය ගෙවන්න බැරිද? හු හු හු, බාහු.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 146 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 269 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1454 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12522 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6111 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site