IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෙරටුගාමියෝ අයවැය පට්ට ගසති

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (24) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අයවැයට එරෙහිව උද්ඝෝෂණය කළේය.

2016 වර්ෂය සඳහාවු අයවැය ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වූ අයවැයක් බව එම පක්ෂය කියයි.

‘එම නිසා මෙම අයවැය පරාජය කරන සටන දිගටම ක්‍රියාත්මක කරනවා‘ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික දුමින්ද නාගමුව අදහස් කීවේය.

peratugami_2015112496 peratugami_2015112496-2 peratugami_2015112496-3

 



අදහස් (0)

පෙරටුගාමියෝ අයවැය පට්ට ගසති

පෙරේරා Tuesday, 24 November 2015 10:01 PM

මේ ආණ්ඩුව පත්කරන්න මෙයාලා උදවු දුන්නේ නැද්ද එතකොට? (නි)

:       0       0

පබෝදා Tuesday, 24 November 2015 10:06 PM

ඔබට ස්තූතියි! ඉදිරියටම යමු (නි)

:       0       0

කුමාර Tuesday, 24 November 2015 11:01 PM

ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 November 2015 11:03 PM

ඉදිරියට වීමට තිබෙන සමහර අනතුරු තේරුණ පිරිසක් කියා සිතෙනවා. මෙවන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටීම සතුටක් (නි)

:       0       0

රෙක්ස් Wednesday, 25 November 2015 01:41 AM

අප්පට සිරි ජන ගඟ....!.(රේ)

:       0       0

ලක්විදු Wednesday, 25 November 2015 01:43 AM

JVP එක කියනවට වැඩ වැඩි දෙයක් කියනවද මෙයාලා?.(රේ)

:       0       0

බිමල් Wednesday, 25 November 2015 02:43 AM

මේගොල්ලන් සරසවිෙයදි කලේ අනෙක් ළමයින්ගේ ඉගෙනීම කඩා කප්පල් කල ඒක විතරයි. දන්නේ අයිතිවාසිකම් ගැන විතරයි . යුතු කම් නැහැ. රස්සාවක් කරන්නේ නැහැ ආදායමක් හරි හම්බ කර ගන්න මහන්සි වෙන්නේ නැහැ.. රටේම තරුණ පිරිස කුලප්පු කරකර ඇවිදිනවා. .(රේ)

:       0       0

නිලංග Wednesday, 25 November 2015 02:45 AM

අපි කැම්පස් ඉන්දැද්දී පන්ති වර්ජන කෝලාහල සංවිධානය කරලා ළමයින්ට වැඩ වරද්දපු කට්ටියක් ව පට්ට ගහන්න අපි මේ බලන් ඉන්නේ. .(රේ)

:       0       0

සමීර Wednesday, 25 November 2015 03:49 AM

ගාලු පාර , බේස්ලයින් පාර , හයිලෙවල් පාර එහෙම වහන්ඩ වෙන්න ඇති නේද මේ සෙනග පාලනය කරන්න. පුදුම සෙනගක්නේ අප්පා. කොහොම උනත් මීට වඩා විශාල ලෙස අය වැයෙන් බඩු මිල අඩු වීමක් ජනතාව අපේක්ෂා කළා. .(රේ)

:       0       0

සප්නා Wednesday, 25 November 2015 05:14 AM

ජනතාවට දැනෙන සහනයක් දෙන්ටම බැරි නම්, අඩුම ගානේ තිබුන සහන ටිකවත් පවත්වාගෙන යන්ට තිබුන. එජාප රජයන් කෙරෙහි ජනතාවගේ තිබු මිත්‍යා මතයන් මේ අයවැයෙන් බිඳ වැටුණා (බ)

:       0       0

රමසි Wednesday, 25 November 2015 07:14 AM

පක්ෂේ පෙරටුගාමී වුණාට ඉදලක තියෙන ඉරටු ගානටවත් සෙනග නැහැ. (ම)

:       0       0

දිසා - අම්බලන්ගොඩ Wednesday, 25 November 2015 07:20 AM

බදු ගෙවන්නන් ගේ මුදලින් නඩත්තුවන නිදහස් අධ්‍යාපනය විනාස කරන්නේ මෙයාල තමයි. මෙහෙම කාලය නාස්තිකරල​,ඉන් පස්සේ දියවු දියවු කියලා රැකියා ඉල්ලනවා (ම)

:       0       0

සේන Wednesday, 25 November 2015 08:24 AM

මේ රටේ අහිංසක ජනතාවගේ රැවුල් ගස් විතරක් නෙමේ කොන්ඩ ගසුත් ගිනි අරන් තියන වෙලාවේ ජෙප්පල සළු පිලි ඔතාගෙන සුරුට්ටු පත්තු කරන එක තමයි කරන්නේ. ඇත්තටම දැන් ජෙප්පල ට ජෙප්පලටම එපා වෙලා හති අරිනවා ඇරෙන්න වෙන මොනවාද කරන්නේ. (බ)

:       0       0

තිලක් Tuesday, 24 November 2015 04:26 PM

මෙයාලා කොහොමද "අයවැය පට්ට ගසන්නේ "? අපි බලමුකෝ (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 24 November 2015 04:46 PM

මෙම යෝජනා ගැන කලබල නොවිය යුතු මුත් ජනයා දැන් බුක්තිවිඳින සහන අඩුකිරීමට කළ යෝජනා ගැන විරෝධය දැක්වීම හොඳය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 418 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 461 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10161 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3059 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3825 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6133 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19459 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site