IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘පෝර්ඩ් රියට බෙන්ස් ඇන්ජිමකින් වැඩක් නෑ‘

පසුගියදා ශ්‍රී ලාංකික සමාජය   ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බොහෝ සෙයින් කථා බහට ලක්වු ප්‍රසිද්ධ නගරයකි. ශ්‍රී ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර යනුවෙන් ලාංකික පුරවැසි මතකයට පැමිනෙන වේගයට වඩා වැඩි වේගයක් ගන්නා තරමට ජිනීවා නුවර ලාංකික මතකය ආක්‍රමනය කොට තිබුණේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ විවිධ ජාත්‍යයන්තර අනු සංවිධාන ස්ථාන ගත කොට එහි පරිපාලනය සිදුවන ජිනීවා නුවර ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත නොහොත් කැන්ටෙනා විසි හයකට අයත් එක් පරිපාලන පළාතක ප්‍රධාන නගරයවේ.

ලෝක දේශපාලනයේ ආන්දෝලනාත්මක තීන්දු තීරණ බිහි කරන හා ශූන්‍ය කරන විසිතුරු වර්ණ පතාක ධජයන්හී සෙවනැළි අතරට එක්වූ කොන්ක්‍රීට් රාජ්‍ය ගොඩනැගිලි පිහිටි මෙම නගරයේ ලෝකයේ කතා බහට ලක්වෙන බොහෝ දැ සිදුවෙයි.  පසුගියදා ජිනීවා නුවරදි ලෝක බලවතුන් සමහරකුගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් හා වෙනත් චෝදනා ඇතුළත්ව ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාවට අවාසි ලෙස සභා සම්මත වුයේය.

 එම සැසි වාරයේදි එවැනි චෝදනා පත්‍ර හිමි එකම රට ශ්‍රී ලංකාවද නොවීය. ජිනිවා කොමිසමෙන්  අනතුරුව විවිධ විද්වතුහු, දේශපාලකයෝ විවිධ මත පළ කරමින් ජිනීවාහි අතුරුපල විග්‍රහා කිරීමට යුහුසුළු වුවෝය. ඒ අතරින් කෙනෙක් 13වැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ඒ සදහා සුදුසු යැයි කීවේය.

එම චෝදනා ඉදිරියේ රාජ්‍ය පාලකයන් හා පුරවැසියන්ප්‍රඥාගෝචර නොවුනොත් ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළ නැව් නොඑන වරාය  හා ගොන් කරත්ත පමණක් ධාවනය වන අධිවේගි ඉතුරු වන බව කීවේය.   ඉල්ලන් කෑ බව ඇතැමෙක් කීවේය. ආරක්ෂක ගිවිසුම් ගැසිය යුතු බව කීවේය.

  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා සමග ඉහත ජිනීවා කථා පුවතේ අතුරු පල ගැන පැවැති කතා බහයි.

ප්‍රශ්නය -  විදේශ සේවයට පැමිනෙන තනාපති වරයෙකුගේ ප්‍රධාන රාජකාරිය කුමක්ද?

පිළිතුර -     රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කිරීම, තම රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීම, තානාපතිවරයෙකුගේ ප්‍රධාන රාජකාරියයි. ප්‍රංශයේ පමණක් නොව ස්පාඤ්ඤ පෘතුගාලය යන රටවල් සදහාද මම තානාපති ලෙස කටයුතු කරනවා. එම නිසා රටවල් තුනක් සමග අපේ රට රාජ්‍ය තාන්ත්‍රික ලෙස ඉහළට ගැනීම සදහා විශාල වැඩ කොටසක් සිදු කිරීමට මට පැවරී තිබෙනවා.

 ඒවා දේශපාලන,  සංස්කෘතික, අධ්‍යාපනික,  ආර්ථීක ආදි ලෙස බෙදා වෙන් කළ හැකි වෙනවා. අදවන විට අපේ රට සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරන රටක් බැවින් ඒ සදහා අවශ්‍ය  විශේෂ ආර්ථීක සම්බන්ධතා වැඩි දියුණු කිරීම උදෙසා මගේ විශේෂ අවධානය යොමුවී තිඛෙනවා ඒ අතරම මෙම රටවල ජීවත්වන › ලාංකික ජනතාවගේ සහයද මට අවශ්‍ය  වෙනවා.

අනවශ්‍ය අර්බූද, ප්‍රශ්න ඇති නොකර යහපත් අරමුනු කරා පිය නැගීමට මට සහාය ලබාදීම ඔවුන්ගේ යුතුකමක් යැයි මම සිතමි. එසේ වුවොත් තානාපති වරයෙකුට පිරිසිදු මනසකින් ශක්ති සම්පන්නව තම රාජකාරිය රට වෙනුවෙන් ඉටුකිරීමට ඛෙහෙවින් උපකාරි වේවි.

 ප්‍රශ්නය -  ප්‍රංශයේ › ලංකා තානාපති ලෙස වසරකට ආසන්න කාලයක් ඔබ  සේවය කර තිබෙනවා.  ඔබට යුනේස්කෝ ආයතනයේ ලෝක පෞරා‚ක වස්තූ රැක ගැනීමේ විශේෂ සභාවේ සභාපතිකම ලැබුණා. මෙතෙක් ගුණාගුණ සමාලෝචනය කරන්නේ කෙසේද?

පිළිතුර -   එය පළමු වතාවට › ලංකාවට ලැබුණු හොද අවස්ථාවක්. එයද ඒකමතික ඡන්දයෙන් එම තනතුරට පත්කළ ප්‍රථම අවස්ථාවයි  . ඊට සමගාමිව එම ආයතනයේ විවිධ ව්‍යාපෘති සදහා ප්‍රජාතන්ත්‍රවාදි ලෙස සාධරණ තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය  පරිසරයක් නිර්මාණය කිරීමට මගේ සභාපති ධුරය ලැබුණු මේ කාලයේ කිරීමට ලැබුණු   ඉදිරියටත් එලෙස පවත්වා ගැනීමට උත්සහා ගන්නවා. යුනේස්කෝවේ තනතුර මගින් අපේ රටේ සංස්කෘතික හා දේශපාලන කටයුතු වර්ධනය කිරීමට  කටයුතු කරනවා.

ආර්ථීක හා සංස්කෘතික කටයුතු සදහා මෙහි ජීවත්වන අපේ ලාංකිකයන් එකමුතු කොට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට උත්සහා ගෙන තිඛෙනවා. සමහර  අවස්ථාවල ඒවා අසාර්ථක වී තිඛෙනවා. නමුත් මම එම උත්සහාය  අත හැර  නැහැ. ඉදිරියටත් එලෙසම අපේ රටට යහපතක් වන කාර්යන් සාර්ථක කර ගැනීමට උත්සහා ගනිමින් ඉන්නවා. සමහරුන් හිතනවා තානාපති කාර්යාලයක් යනු ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් කියලා.

එම නිසා ලංකාවේ සෑම දෙපාර්තමේන්තුවකම සිදුවන වැඩ තානාපති කාර්යාලයෙන් ඉටුකර ගැනීමට හැකි යැයි සිතනවා නම් එය වැරදි මතයක් බව මම පැහැදිලිව සදහන් කල යුතුයි. අපට කළ හැකි සීමා සහිත ප්‍රමාණයක් තිඛෙනවා. අපි එය නිවැරදි ලෙස කිරීමට උත්සහා ගන්නවා.

 ප්‍රශ්නය -  පසුගිය දිනක   ඉන්ටර්පෝල් වරෙන්තුවක් යටතේ දුටු තැන අල්ලා අදාල රටට භාරදිය යුතු › ලාංකික එල්ටිටිඊ ත්‍රස්තවාදි නායකයෙකු වූ ජෙයනාතන් ධර්මලිංගම් පැරීසියට නුදුරු නගරයකදි අත් අඩංගුවට ගෙන   › ලංකාවට පිටුවහල් කරනවා වෙනුවට ඉන් දින කිහිපයකට පසු නිදහස් කර තිඛෙනවා.

ඒ සමගම පසුගියදා › ලංකාවට විරුද්ධව කැලම් මැක්රේ  විසින් නිපැයුණු ‘නෝ ෆයර් සොන්‘ චිත්‍රපටය ප්‍රංශ පාර්ලිමේන්තු සංකිර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදි ප්‍රංශ මන්ත්‍රී වරුන්ට හා නිලධාරීන්ට ප්‍රදර්ශනය කළා.  මෙම සියලූදේ සදහා නිදහස ඇති රටක් ප්‍රංශය. එනමුදු ඉහත කරුණු අරභයා තානාපති සේවයෙන් හෝ ඔබ තුමාගේ රාජ්‍ය ත්‍රාන්තික ප්‍රතික්‍රියාව කෙසේවීද?

පිළිතුර -   ඔහුට ජාත්‍යන්තර වරෙන්තුවක් තිබුණත් අත් අඩංගුවට ගෙන තිඛෙන්නේ ප්‍රංශ පොලීසියෙන්. ප්‍රංශයේ අභ්‍යන්තර නීතිය අනුව ඔහු  අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට ඇප මත නිදහස් කර තිඛෙනවා. ඒ සියලූදේ ප්‍රංශ නීතියට අනුව සිදුවූ දේ.

 

නමුත් ඔහු › ලංකාවට පිටුවහල් කිරීමට හා රටට අවශ්‍ය  පුද්ගලයකු ලෙස › ලංකාවේ අදාල අංශ වලින් ප්‍රංශයේ උසාවියට ඉල්ලීමක් කලයුතු වෙන අතර එයයි නීත්‍යනුකූල නිවැරදි ක්‍රමය . ඒ අනුව එම සිද්ධිය සම්බන්ධව › ලංකාවේ නීතිගත ආයතන ප්‍රංශයේ අදාල ආයතන සමග නීතිමය ලිපි හුවමාරු කර ගනිමින් සිටිනවා. ඊළගට ඔබ සදහන් කළ චිත්‍රපටිය ගැන තානාපති කාර්යාලය දැනුවත් වුණා. ඊට විරුද්ධව පෙළපාලි උද්ඝෝෂණ කරන ලෙසත් සමහරු මට කීවා.

 නමුත් මම ක්‍රියා කරන්නේ ඊට වෙනස් ක්‍රමයකට.  ප්‍රංශ රජයට හා විදේශ අමාත්‍යාංශයට අපේ විරුද්ධත්වය ලිඛිතව දන්වා තිඛෙනවා. අනෙක් කරුන දා එම චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියේ 33 දෙනයි. ඔවුන් අතර මන්ත්‍රීවරුන් තුන්දෙනයි. එයින් එක් අයෙක් ඛෙදුම්වාදි දෙමළ සංවිධානවල ආශිර්වාද ලබන කෙනෙක්. ප්‍රංශ ජාතිකයෝ පස් දෙනයි. අනෙක් අය දෙමළ ජාතිකයෝ.

එතැනම ඔවුන්ගේ අසාර්ථක බව පෙන්වා තිඛෙනවා. අපි ඊට විරුද්ධව කෑකෝ ගහලා ඔවුන්ට වෙනත් ආකාරයක ප්‍රචාරයක් ලබා දෙන්නේ ඇයි ? අපි ඒවට කලබල වියයුතු නැහැ. අනෙක් කරුණ එදින එම චිත්‍රපටයෙන් පසු ප්‍රශ්න අහන්න කාලයක් දී තිඛෙනවා.

නමුත් එක් අයකු හැර වෙන කිසිම කෙනකු ප්‍රශ්න අසා නැති අතර එම චිත්‍රපටිය වෙනත් ස්ථාන වල පෙන්වීමට කටයුතු කරන ලෙසත් එයට තමන් මුදල් වියදම් කරන බවත් මැක්රේ  කියා තිඛෙනවා. එහෙම මුදල් වියදම් කිරීමට ඔහුට මුදල් දෙන්නේ කවුද ? එහෙම කරන්න ඔහුට මුදල් කොහෙන්ද ? එතකොට ඔහු සාධාරණ මාධ්‍ය වේදියෙක්ද ?

 ප්‍රශ්නය -   පසුගියදා › ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා අතර ඇති යුද අපරාධ, මානව හිමිකම්, වගේ කරුණු සම්බන්ධව එම චෝදනා ඉදිරිපත් කරන බලවතුන්ද එවැනි වැරදි වැඩ කර තිඛෙනවා. ඔවුන්ට විරුද්ධව ජීනිවා වලදි චෝදනා පත්‍රයක් ඉදිරිපත්  නොවන්නේ මන්ද?

පිළිතුර -  ප්‍රංශයට, ඇමෙරිකාවට විරුද්ධවත් යෝජනා ගෙන එනවා. එහෙම කරන්නත් පුළුවන්. හැබැයි අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරන යෝජනා ගැන මහා ඝෝෂාවක් ඇති කරනවා. ඒකත් කරන්නේ අපේම අයයි. ඒ වගේම එහෙම යෝජනා ඉදිරිපත් කළා කියා අපිට විරුද්ධව තනි මතයට ක්‍රියා කිරීමේ කිසිම නෛතික අයිතියක් ඔවුන්ට නැහැ. එයට වෙනම ක්‍රියා මාර්ග තිඛෙනවා.

අපි ඒවට අවශ්‍යය පිළියම් යොදනවා. මම එල්.එල්.ආර්.සී සංහිඳියා කොමිසමේ හිටපු නියෝජිතයෙක් ලෙස දන්නවා ¦ ඔය කියන තරම් මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බව. උතුරේ දෙමළ ජනතාව සමග මම කථා කර  තියෙනවා. එම ජනතාවට අවශ්‍ය  කරන්නේ හා ඔවුන් ඉල්ලා සිටින්නේ නැවත යුද්ධයක් නොමැතිව  සාමකාමි ලෙස ඒකීය රට  තුළ හොඳට ජීවත්වීමට අවශ්‍ය  පරිසරය හදා දෙන ලෙසයි. වර්තමාන රජය එම වගකීම දැඩි අභියෝග ඉදිරියේ දැනටමත් සිදුකරමින් සිටිනවා. ඒ බව අපි එම රටවල් දැනුවත් කළයුතු වෙනවා.

ඒ දේ දැන් සිදුවෙමින් පවතිනවා. දැන් බලන්න ප්‍රංශය¦ විප්ලවය ජයගෙන මේ තත්ත්වය ලබා ගන්න අවුරුදු හැට ගණනක් ගියා. ඇමෙරිකාවට කොච්චර කල් ගියාද?  මේ තත්ත්වයට එන්න. අපට කියනවා අවුරුදු හතරින් කරන්න කියලා. ලෝකයේ කොහේවත් එහෙම වෙලා නැහැ. දැන් බලන්න ¦ යුද්ධය තිබුණු කාලයයි වර්තමානයි අතර උතුරේ වෙනසක් වෙලා නැද්ද ? සංහිදියාව පැත්තෙන් වුණත් එහෙමයි. සියලූම දේවල් සර්ව සම්පූර්ණයි කියලා මම කියන්නේ නැහැ.

නමුත් සත්‍ය තත්ත්වය දැන් උතුරේ යහපත් වෙනසක් වෙලා තිඛෙනවනේ. අපි ඒක ලෝකයාට ඕනෑ ඒ වගේම කියා දෙන්නත් ඕනෑ.

ප්‍රශ්නය -  ගුවන් තොටුපොළ, වරාය  මහාමාර්ග, අධිවේග , අගනුවර ප්‍රතිසංස්කරණය ආදි ලෙස අපේ රටේ භෞතික වශයෙන්  දියුණුවක් දකින්න ලැඛෙනවා . නමුත් පිරිත් අසමින් අවදිවෙන පිරිත් අසමින් නිදි යහනට යන ප්‍රධාන ලෙස බෞද්ධ රටක් වන අප රටේ සමාජය අධ්‍යාත්මික හා සÞාචාරාත්මක ලෙස විශාල පරිහානියකට පත්වී ඇති බවක් දකින්න ලැඛෙනවා. එසේ වන්නේ කෙසේද?

පිළිතුර -    ඒ ගැන මම හිතන්නේ වෙනස් විදියකට. අද වන විට ලෝකයේත් අපේ රටෙත් භෞතික ලෙස යම් වර්ධනයක් ඇතිවී තිඛෙන අතරම ඊට සාපේක්ෂව සෑම දෙනෙකුගේම විවිධ ආශාද වැඩිවී තිඛෙනවා. සමහර ආශා  නීතිය අනුව ඉෂ්ඨ කර ගැනීමේ හැකියාව තිඛෙනවා.

සමහර ඒවා එසේ නොවෙනවා. මේ සෑම දෙයම එක් එක් අයගේ සමාජ තත්ත්වයන් මත තීරණය වෙනවා. සමහර විට ඔවුන්ගේ වැරදි නිසා සිදුවීමට ඉඩ තිඛෙනවා. මෙම කරුණු හේතු කොට මිනිසා අසහනයට පත්වෙනවා. එසේ වූ විට සමාජය කලහාකාරි තත්වයට පත්වීමයි සත්‍ය තත්ත්වය. අතීතයේදි බටහිර රටවල් කාර්මික දියුණුවත් සමග කාර්මිකකරණය ලබන විට එක් එක් අයගේ අවශ්‍යතාවයන් වැඩි වුණා.

 එය ලබා ගැනීමට නොහැකිවූ විට තමා තමන් කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමට පෙළඹෙන අතරම තමන් වෙනත් අය කෙරෙහිද වෛරය මුÞාහැරීම නිසා, සමාජයේ  අසම්මත කලහාකාරි බවක් ඇතිවීම න්‍යායාත්මකව පර්යේෂණ මට්ටමින් නිවැරදි බව ලෝකයාට පෙන්වාදී තිඛෙනවා. ඒ අනුව සියදිවි හානිකර ගැනීම හෝ ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත සිදුවිය හැකිය.

 මෙය අපට පමණක් ආවේනික දෙයක් නොවෙයි. දියුණු ලෝකේ හැම රටකම ඔය තත්ත්වය දකින්න පුළුවන්. නමුත් අපේ රටේ එහෙම නැහැනේ. අපේ රටේ එම තත්ත්වයන් නැතුවා නොවේ. නමුත් අනෙක් රටවලට සාපේක්ෂව එය ඉතාම සුළු සංඛයාවක්. අපරාධ සම්බන්ධ සංඛ්‍යා ලේඛන ආශ්‍රිතව වුවත් අනෙක් රටවලට වඩා අපේ රටේ එහෙම වර්ධනයක් නැහැ. නමුත් අපරාධ අඩු වුණා කියලා අපරාධ හොද දෙයක් බව මම කියන්නේ නැහැ. එයට අපි පිළියම් යෙදිය යුතුයි.

 ප්‍රශ්නය -  පසුගිය දා › ලංකාවේ පළාත් සභා දෙකකට සුදුස්සන් තේරිම සදහා අති විශාල ධනස්කන්ධයක් වැය කළ මැතිවරණයක් අවසන් වුණා. ඡන්ද නීති කඩ කිරීම් 1000 කට වඩා පැමිණිලි ලෙස මැතිවරණයට පෙර ලැබී ඇති බව මාධ්‍ය වාර්තා වල සටහන්වී තිබුණා.  ප්‍රංශයේත්  පාලක සමාජවාදි පක්ෂයට යම් පරාජයක් අත්කර දුන් නගර සභා මැතිවරණයක් අවසන් වුණා. පැරිස් නගර සභාව එහි විශේෂ වෙනවා. නමුත් ඡන්ද පැමිණිලි බින්දුවයි. මෙම අවස්ථා දෙක ඔබතුමා පැහැදිලි කරන්නේ කෙසේද?

පිළිතුර -  පළමුවෙන්ම කියන්න ඕනෑ¦ ප්‍රංශයයි › ලංකාවයි සංසන්දනය කරන්න බැහැ. මෙම රටවල් දෙකේ දේශපාලන රටාව ක්‍රම දෙකක්. අනෙක ඉස්සර වුවත් ඡන්ද පැමි‚ලි නොතිබුණා නොවෙයි. ඒ වනවිට නීතිරීති මේ තරම් තදබල වුණේ නැහැ. අද වනවිට දැඩි නීතිරීති පනවා තිබෙනවා.

නීති තද වන විට කඩවීම්ද වැඩි වෙනවා. අනෙක මුදල් නොමැතිව ඡන්ද ජය ගැනීමට නොහැකි මනාප පොරයක් නේ දැන් අපේ රටේ තියෙන්නේ. අද සල්ලි නැත්නම් ඡන්ද දිනන්න බැරි තත්ත්වයක් නේ අපේ රටේ තියෙන්නේ. ඒක නේ ඇත්ත තත්ත්වය. ප්‍රංශයෙත් ඡන්ද වැරදි නැතුවාම නොවේ. මේ ළගදි ප්‍රංශයේ බොහෝම ප්‍රබල කෙනෙක් එවැනි චෝදනාවකට වැරදි කරුවෙක් වුණා. එම නිසා රටේ ඡන්ද දායකයන් සිහි බුද්ධියෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීම වඩාත්ම යෝග්‍ය වෙනවා.

ප්‍රශ්නය -  › ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රංශ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික ගති ලක්ෂණද උපයෝගි කරගෙන ඇත . ඒ අනුව ප්‍රංශයේ ජනාධිපතිට  ඔහුගේ නිල කාලයෙන් පසු වරදක් කර ඇත්නම් නඩු පැවරිය හැකි ක්‍රමවේදයක් ප්‍රංශයේ තිඛෙනවා. උදාහරණයක් ලෙස මේවන විටත් හිටපු ජනාධිපති ජැක් සිරාක්  අත්හිටවූ සිර දඩුවමකට යටත් කර තිඛෙනවා. එවැනි ක්‍රමයක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ දකින්න ලැඛෙන්නේ නැහැ. මෙම තත්වය ගැන ඔබේ විග්‍රාහය කුමක්ද?

පිළිතුර -  අපේ රටේ තියෙන්නේ ප්‍රංශයේ හා එංගලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල යම් යම් කොටස් වල එකතුවක්. ඔය ක්‍රමයට මම එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

 එම නිසා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලදී සම්පාදනය වනවිට පක්ෂ බේදයකින් තොරව එහි නොගැලපෙන කොටස් ගැන කරුණු පැහැදිලි කර  මම ලංකාදීපයට පවා ඒ දිනවල ලිපි සපයා තිඛෙනවා. උදාහරණයක් ලෙස ෆෝඩ් කාරයකට ඛෙන්ස් ඇන්ඡිමක් සවිකළා වගේ. ඒ දෙක ගැලපෙන්නේ නැහැනේ.

 ඔය ක්‍රමයෙන් පස්සේ තමයි අපිට බොහෝ ප්‍රශ්න ඇතිවුණේ. ඉතින් ඒක නැති කළ යුත්තේ කවුද? පාර්ලිමේන්තුවේම අය කථා කර එකඟත්වයකින් එය වෙනස් කර ගත යුතු දෙයක්. දැන් බලන්න¦ පළාත් සභා ක්‍රමය, සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් නේ. බැලූ බැල්මට න්‍යායාත්මකව හොද බව පෙනෙනවා. නමුත් ක්‍රියාත්මක තලයේදි සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා නේ තියෙන්නේ . හරි හතැරැස් රාමුවකට රවුම් මුරිච්චියක් ගැහැව්වා වගේ . ඒ දෙක ගැලපෙන්නේ නැහැ.

 

 

 

 



අදහස් (0)

‘පෝර්ඩ් රියට බෙන්ස් ඇන්ජිමකින් වැඩක් නෑ‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 671 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 134 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3135 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1083 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2105 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30607 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23707 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site