IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පරණ කෑල්ලක් උඩුගුවනින් ඉන්දීය සයුරට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් ඈත මුහුදට අභ්‍යාවකාශ වස්තුවක් ලබන 13 වැනිදා පතිතවීමට නියමිත බව ඇමෙරිකාවේ තාරකා භෞතික විද්‍යාව සඳහා වූ ‘හාවර්ඩ්-ස්මිත්සෝනියන්’ මධ්‍යස්ථානයේ ආචාර්ය භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් කියයි. 

අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව කුමක් දැයි මේ වනතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර, එය මෙය 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ පවසති.

එය පසුගිය වසර 40ක කාලය පුරාවට අභ්‍යාවකාශයේ සැරිසරන්නට ඇතැයි විශ්වාස කරන බවත් මැක්ඩොවෙල් කියයි.

මෙය අභ්‍යාවකාශ ඉතිහාසයේ නැති වූ කොටසක් බවත් එය නැවත අප බියට පත් කරන්නට පැමිණෙන බවත් ආචාර්ය මැක්ඩොවෙල් පවසයි.

මෙම අභ්‍යාවකාශ වස්තුව මුලින්ම නිරීක්‍ෂණය කර ඇත්තේ ඇමෙරිකාවේ ඇරිසෝනා සරසවියේ කැටලීනා අහස් නිරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂක පිරිසකි. ඉන් අනතුරුව තාරකා විද්‍යාඥයෝ පෙර දුරේක්ෂ ඡායාරූප පරීක්ෂා කර බලා ඇති අතර මෙම අභ්‍යාවකාෂ වස්තුව 2012 වසරේ සිට දුරේක්ෂ ඡායාරූපවල සටහන් වී ඇතැයි සඳහන් වේ.

මෙම වස්තුව පෘථවියේ වටා කැරකෙමින් තිබෙන අතර එහි කක්ෂය චන්ද්‍රයාගේ කක්ෂයට වඩා දිගු යැයි ද පර්යේෂකයෝ පවසති. මෙම වස්තුව චන්ද්‍ර මෙහෙයුම්වල සමරු තිළිණයක් වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. අනෙක් අභ්‍යාවකාශ වස්තූ මෙන් මෙයද වායුගෝලයට ඇතුළුවන වනවිට විනාශ වනු ඇත්දැයි යන්න නිශ්චිතව පවසා නැතැයි වාර්තා වේ.

මෙම වස්තුව ඉතා වේගයෙන් ගමන් කරන බවත් එහි උෂ්ණත්වය වැඩි වනු ඇති බවත් වස්තුව පතිත වනු ඇතැයි පවසන ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිතර වීම සුදුසු නොවන බවත් ආචාර්ය මැක්ඩොවෙල් පවසා ඇත.

පරීක්ෂණාගාර නිලධාරීන් හා පර්යේෂකයෝ වස්තුව කඩා වැටීමේ අවස්ථාවට සූදානම් යැයි ද එහි දී සැලසුම් කර හමුදාමය ආරක්ෂක පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.

‘අපි සැලැසුම් කළ දේවල් හරියාවි. තවමත් වස්තුව පැමිණෙන්න සති තුනක් තිබෙනවා.’ යනුවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ පෘථිවිය ආසන්නයේ වස්තූ නිරීක්ෂණය කරන කණ්ඩායමේ කළමනාකරු ආචාර්ය ගර්හාඞ් ඩ්‍රොල්ෂේගන් පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය දක්වා තිබේ..

මේ පිළිබඳව අප කළ විමසුමක දී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙම අභ්‍යාවකාශ යානා කොටස ශ්‍රී ලංකාව ආසන්න මුහුදට පතිත වුවහොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵල පිළිබඳව තවමත් ගවේෂණය කරමින් සිටින බවයි.

එය පතිත වන බවට විද්‍යාඥයින් පවසන්නේ නොවැම්බර් මස 13 වැනිදා බැවින් තවත් දින කිහිපයක් ගත වන තුරු එයින් ඇතිවිය හැකි තත්ත්වය ප‍්‍රකාශ කළ නොහැකි බව ද ජයරත්න මහතා පැවසීය.

 

 

 

 



අදහස් (0)

පරණ කෑල්ලක් උඩුගුවනින් ඉන්දීය සයුරට

ඉසුරන්දි Wednesday, 28 October 2015 04:27 AM

මේක අඩි හතක කැල්ලක් නිසා මොකට බිය වෙනවද.මේ හෙට අනිද්දා පොලව කිට්ටුවෙන් මහා විශාල උල්කාපාතයක් ගමන් කරනවයි කියන්නේ.බැරිවෙලාවත් එක අපේ ගුරුත්වෙට අහුවෙලා පොළොවට සේන්දු වුනොත් මොනවගේ විනාශයක් වෙයිද එහෙම බැලුවොත්.(ම)

:       0       0

කුමාර Wednesday, 28 October 2015 05:20 AM

අපි මේ ආකාශ වස්තුවට මේතරම් බයවෙන්නේ මොකටද? (නි)

:       0       0

අහමඩ් Wednesday, 28 October 2015 05:33 AM

කොයි එකටත් උඩ බලාගෙන ඉන්න එක නුවණට හුරුයි (නි)

:       0       0

චන්ද්‍රිකා Wednesday, 28 October 2015 06:14 AM

අර අපි යවපු රොකට් චන්ද්‍රිකාවද දන්නෙ නැහැ (නි)

:       0       0

කුරුවිට Wednesday, 28 October 2015 06:30 AM

දියවන්නාවට වත් වැටුනොත් අපේ බඩ තඩියන්ට දැනෙන්න (ම)

:       0       0

කුමාර Wednesday, 28 October 2015 06:41 AM

ඒ වුණාට කුරුවිට මේක වැටෙන්නේ ගොඩබිමට නෙමෙයිනේ (නි)

:       0       0

දුල්මි Wednesday, 28 October 2015 06:44 AM

දැන් ඉතින් අපේ අයට මේක තමයි තිබෙන ලොකුම ප්‍රශ්නය (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 October 2015 06:42 AM

මොහාන්, මම සඳහන් කළේ ඔහු ගැන නොවේ (නි)

:       0       0

ජනක Wednesday, 28 October 2015 06:43 AM

අර චීන වලින් යවපු එක වෙන්ට ඇති ලංකාවට එන්නේ දැන් ආණ්ඩුවත් වෙනස් නිසා නඩත්තු කරගන්ට බැරිව (බ)

:       0       0

විශ්ව Tuesday, 27 October 2015 04:30 PM

මට මතකයි දෙයියා, කියනවා ආලෝකේ වේගයෙන් ගඩොලක් ඇමෙරිකාවට විසි කලොත් මුළු අමෙරිකවම විනාස කරන්න පුළුවන් කියලා. මේකේ ප්‍රමාණය වගේම එන වේගයත් සැහෙන වැඩි වගෙයි.... කොළඹ A / L කෙමිස්ට්‍රි කරපු ගොඩක් අය දයියාව දන්නවා....(රේ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 27 October 2015 04:42 PM

ඕක යාපනය පැත්තට වැටුනොත් පරණ යකඩ කඩේ කට යනවා, ඉක්මනින් වගකිව යුතු අය සොයා නොබැලුවොත් ...(රේ)

:       0       0

උපසේන Wednesday, 28 October 2015 07:20 AM

මේවත් එන්නේ අපේ රට පැත්තටමනේ! (නි)

:       0       0

ගාමිණී විජේගුනවර්දන Tuesday, 27 October 2015 05:05 PM

විශ්ව ඔයා මානසික රෝහලක සිටියද ? ගඩොල් එකක් ගහල ඇමරිකාව විනාශ කරන්න යන්නේ ? (රේ)

:       0       0

රුචිර Wednesday, 28 October 2015 07:58 AM

මේක වැටෙන්නේ ඉන්දියන් සාගරයේ ලංකාවට අයිති ලංකා සයුරට මිසක් ඉන්දියාවට අයිති ඉන්දීය සයුරට නෙමෙයි නේද? (බ)

:       0       0

තිස්ස Tuesday, 27 October 2015 06:17 PM

විශ්ව හරි කියලයි මමත් කියන්නේ (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 27 October 2015 06:14 PM

ගාමිණී, මෝඩයෙක් වගේ කතානොකර විශ්ව කියන දේ තේරුම්ගන්න බලන්න (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 27 October 2015 06:54 PM

විශ්වගේ ඔලුව නරක්වේගෙන එනවා වගෙයි (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 28 October 2015 08:04 AM

පිට රටින් නිකන් දෙන ඕනෙම දෙයක් , පැනලා ගන්න ඉන්න ලංකාවට ඔය උඩුගුවනින් වැටෙන පරණ යකඩ හෝ ඕනෙම දෙයක් හොඳය , ඕවයින් සල්ලි හොයන්න අපේ ලාංකිකයෝ දක්ෂයි (බ)

:       0       0

යොහාන් Tuesday, 27 October 2015 08:21 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

විපුල Tuesday, 27 October 2015 10:03 PM

මටත් බය සාගර ජීවිතයට හානියක් වෙයි කියලයි (නි)

:       0       0

සුනිල් Tuesday, 27 October 2015 10:01 PM

මේක සයුරට නොවැටී ගොඩබිමට වැටුණා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

බුද්ධි Tuesday, 27 October 2015 10:17 PM

සාගරයට වැටීමෙන් සාගර ජීවීන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

සම්පත් Wednesday, 28 October 2015 08:09 AM

උඩ තිබෙන සමහර අදහස් කියවපු මට දැන් පිස්සු වගේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 27 October 2015 11:30 PM

ලංකාවේ අර අහවල් මන්දිරයේ කලක් සිටි අපේ අර රොකට් විද්‍යාව පිළිබඳ දැනුම තිබෙන කෙනා මේ ගැන මොනවාද කිවුවේ? (නි)

:       0       0

රොහාන් Wednesday, 28 October 2015 12:32 AM

ඩයිනසෝර් යුගයේත් ලොකු උල්කාපාතයක් වැටිලා එයාලා විනාශ වුණාලු නේද? (නි)

:       0       0

කමල් Wednesday, 28 October 2015 12:35 AM

අපිට අනතුරක් නොවෙනවා නම් කමක් නැහැ (නි)

:       0       0

හේමන්ත Wednesday, 28 October 2015 12:53 AM

මොකද මේ ආකාශ වස්තු කඩාවැටෙන්න පටන්ගෙන තියෙන්නේ ඒ ගමන? (නි)

:       0       0

ගමගේ Wednesday, 28 October 2015 12:56 AM

විශ්ව, ප්‍රායෝගිකව කාටවත් ආලෝකයේ වේගයෙන් ගඩොල් විසිකරන්න නොහැකියි (නි)

:       0       0

මොහාන් Wednesday, 28 October 2015 01:29 AM

පිටිගල මිලානෝ ඔයාට කිසිම දේකට මහින්දව ගාවාගන්නේ නැතිව අදහසක් ප්‍රකාශ කරන්න බැරිද?....(රේ)

:       0       0

ඩේවිඩ් Wednesday, 28 October 2015 01:52 AM

අනේ මන්දා මොනවද කියලා මේ ආකාශ වස්තු (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 October 2015 01:54 AM

ඉස්සර විශාල ප්‍රසිද්ධියක් දීලා, කෝටි ගානක් වියදම් කරලා, අර අපේ රටෙන් යැවුවා කියපු රොකට් එකට මොකද වුණේ? (නි)

:       0       0

කිත්සිරි Wednesday, 28 October 2015 01:55 AM

මේක වැටෙනවා පියවි ඇසින් දැකගන්න පුළුවන්ද? (නි)

:       0       0

සොපී Wednesday, 28 October 2015 02:30 AM

ඒ පාර ආකාශ වස්තුත් කඩා වැටෙන්නෙ අපිටමද? (නි)

:       0       0

වසන්ජය Wednesday, 28 October 2015 04:22 PM

කෙසේ වෙතත් ලංකාවේ නම නැවතවරක් ජාත්‍යන්තර අවධානයට යොමු වෙනවා (බ)

:       0       0

බිමල් Wednesday, 28 October 2015 03:00 AM

කාටවත් හානියක් නොවෙනවා නම් කමක් නැහැ (නි)

:       0       0

අනූපම Wednesday, 28 October 2015 02:58 AM

මම නම් හිතන්නෙ මේක උඩු ගුවනේදි විනාශ වේවි (නි)

:       0       0

රුවන් Wednesday, 28 October 2015 03:02 AM

මුහුදු ජීවීන් ගැන කියන අයටයි. අඩි 7ක් ලොකු ග්‍රහයෙක් ලංකාව ආසන්න මුහුදට වැටුනොත් සුනාමියක් වගේ ගොඩබිම මුහුදට යටවෙලා මිනිස් ජීවිත හානිවෙන්න පුළුවන්. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 03:09 AM

පෘථිවිය මතට අනන්තවත් ආකාශ වස්තු පතිතව ඇත. ඉන් යම් බලපෑමක් නොවුනා නොවේ. අපි බලමු මොකද විය හැකි කියා. (ම)

:       0       0

ඇන්ටන් Wednesday, 28 October 2015 03:13 AM

විශ්ව කියන්නේ කළොත් කියලා මිස කරනවා කියලා නෙමෙයි. එයාගේ කතාව න්‍යායාත්මකව හරි. (නි)

:       0       0

වජිරපාල Wednesday, 28 October 2015 03:16 AM

මේ ගණනය කර තිබෙන දත්ත වල ආකාරයටම මෙය සිදුවුණොත් හොඳයි. නමුත් අංශකයක හෝ වෙනසක් වුණොත්? (නි)

:       0       0

චුල - කුවේට් Wednesday, 28 October 2015 03:30 AM

වස්තුවේ ප්‍රමාණයත්, වේගයත් සහ වායුගෝලයේ ඝර්ෂණයත් සැළකූවිට මෙයින් ලොකු කොටසක් විනාශවීමට පුළුවන්. (නි)

:       0       0

ගමගේ Wednesday, 28 October 2015 03:29 AM

කෝකටත් අභ්‍යවකාශය දිහාම බලා ඉන්න එපා. ළඟ සිදුවෙන දේවල් ගැනත් අවධානයෙන් ඉන්න කට්ටියම. බඩු මිල නඟින්නෙත් ඔය වගේ කාලේදී. පාර්ලිමේන්තුවේ එන පනත් වල වෙනස්කම් කරන්නෙත් ඔය වගේ වෙලාවට. (නි)

:       0       0

කමල් Wednesday, 28 October 2015 10:16 AM

ලබන 31 වෙනිදාට ඇස්ටරොයිඩයක් අපේ ලෝකය ලඟින් යනවා. මේ රෝකෙට් කැබැල්ල වැටෙන එකට අපි මෙච්චර බයනම් ඇස්ටරොයිඩයක් වැටුනොත් මොනවා කතා කරයිද..? (ර)

:       0       0

බණ්ඩාර Wednesday, 28 October 2015 03:34 AM

අර අපි යවපු රොකට් එකට මොකද දන්නෙ නැහැ නේද වුණේ? (නි)

:       0       0

උමේශ් Wednesday, 28 October 2015 03:39 AM

බලන්නකෝ අපේ අයට තියෙන ප්‍රශ්න ගොඩ (නි)

:       0       0

තුෂාර Wednesday, 28 October 2015 03:40 AM

මේ ප්‍රදේශයේ ධීවරයින්ට විශේෂයෙන් මේ ගැන සැළකිළිමත් වෙන්න වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3126 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 45 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 183 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 216 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site